ඉතාලියේ සිසිලි දුපතේ මෙස්සිනා නගරයේදී සිදු කල විශේෂ මෙහෙයුමකින් ශ්‍රීලාංකික දාමරික කල්ලියක් අත් අඩංගුවට ගැනීමට අද උදෑසන පොලිසිය සමත් විය .
ශ්‍රී ලාංකිකයන්ගෙන් , කප්පම් ගැනීම වටිනා දෑ සහ මුදල් පැහැර ගැනීම , බරපතළ තුවාල සිදු කිරීම සහ කල්ලි ගැසී භීතිය පැතිරවීම යන වැරදි සඳහා අධිකරණයෙන් ලත් විශේෂ අවසරයක් පරිදි , පොලිස් කණ්ඩායමක් අලුයම නිවෙස් කිහිපයක් වටලා මෙසේ 8 දෙනෙකු අත් අඩංගුවට ගැනිණි
මෝටර් සයිකල් සහ මෝටර් රථ වල නැගී බිහිසුණු අපරාධ කල්ලියක් ලෙස හැසිරුණු ඔවුන් සතුව , පිහි , කිණිසි ,දම් වැල් , පහර දීමට භාවිත කළ මිටි , සහ යකඩ පොලු සොයා ගනු ලැබිණි
අදු උදෑසන අත් අඩංගුවට පත් පුද්ගලයින් මෙසේය
වර්ණකුලසුරිය නලින් ප්‍රසන්න ප්‍රනාන්දු 27-04-74
වර්ණකුලසුරිය නාලක් සංජිව ප්‍රනාන්දු 07-12-77
වර්ණකුලසුරිය අසංක දමිත තමෙල් 12-06-83
වර්ණකුලසුරිය සුදත් ජයන්ත ලෝව් 05-30-81
වර්ණකුලසුරිය රෝයි මැල්කම් 20-11-68
පොරුතොට මොරිස් ප්‍රසන්න ප්‍රනාන්දු 11-14-81
හෙට්ටිආරච්චිගේ රන්දීප සුදීම 03-11-83
කෝරලේ ධනුෂ්ක ගයාන් ගමගේ 24-01-86
මොවුන් පිළිබඳව 2011 වසරේ සිට රහසි ගතව පරීක්ෂණ ඇරඹු ඉතාලි පොලිසිය එකිනෙකා වෙන වෙනම කරනු ලැබූ සියලු වැරදිද , ගමන් බිමන් , නිවාස ආදී සියල්ල පිළිබඳව හැදෑරීමකින් අනතුරුව පලායාමට නොහැකි වන ලෙස සුක්ෂමව කොටුකරගෙන ඇත
මෙම කල්ලියේ නායකයා ලෙස කටයුතු කර ඇත්තේ වර්ණකුලසුරිය නලින් ප්‍රසන්න් ප්‍රනාන්දු නමැත්තෙකි
මුලින්ම 2011 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයෙකු වටකර පහර දී දරුණු ලෙස තුවාල සිදු කර ,ඔහු සතුව තිබු රු ලක්ෂයක් පමණ වටිනා රන් මාලයක් පැහැරගෙන ඇත ;
අනතුරුව 2012 ඔක්තෝබර් මාසයේදී කල්ලියේ තිදෙනෙකු විසින් එම පුද්ගලයාටම යකඩ පොලු වලින් සහ බයිසිකල් දම්වැලකින් පහර දී තුවාල සිදුකර බෝතලයකින්ද ඇණ ඇත. එවර යුරෝ 400 ක් , ලියකියවිලි පැහැර ගෙන තිබේ
පසු ගිය මැයි මාසයේදී තවත් පුද්ගලයෙකුගේ නිවසකට පැමිණ පහරදී , කොල්ලකෑම යටතේ මෙම කල්ලියේ පෝල් ලාසරස් සහ චමින්ද බණ්ඩාර යන
දෙදෙනා අත්අඩංගුවට පත් විය
ශ්‍රී ලාංකිකයන් බිය කර ,තර්ජනය කර , නිවාස කොල්ල කමින් , අපරාධ රැසක් සිදුකල මේ කල්ලියේ තවත් කිහිප දෙනෙකුම ඉදිරියේදී අත් අඩංගුවට ගෙන නඩු පවරා , සිර දඬුවම් ලබා දෙන බව "කැරබිනේරි " පොලිසිය පවසයි
0 comments:
Post a Comment