කුමාරතුංග මුනිදාසයන් නාමශේෂභාවෝපගත වී මාර්තු 02 වැනිදාට 70 වසරක් සපිරීම නිමිත්තෙනි.
විවිධ හේතු නිසා පරිහානිය කරා යමින් සිටි සිංහල භාෂාවට නව පණක් දී එය ඔසොවාලීමට දිවි දෙවැනි කොට මහ සටනක් කළ කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් 1944 මාර්තු මස දෙවන දා මෙලොව හැර පියා ගොස් මේ වසරේ මාර්තු මස දෙවන දාට සැත්තා වසක් සපිරෙයි. අවුලින් අවුලට පත් ව අන්ත දූෂිත බසක් බවට පත් ව අතිශය ශෝචනීය ඉරණමකට බඳුන් වෙමින් පැවැති පරිහානිය තව දුරටත් සිදු වන්නට ඉඩ හැරියොත් එය බසේ පමණක් නො ව ඒ බස වහරන රැසේත් පරිහානිය බව ඉඳුරා වටහා ගත් ඔවුනට පෙනුණේ එය වළකා ලනු වස් මුලින් ම කළ යුත්තේ ඒ වන විට අවුල් ජාලයක් බවට පත් ව තිබූ හෙළබස් වියරණ නය යළි මතුකොට එය සවිමත් පදනමෙකින් පෙරට ගත යුතු බව ය.
භාෂාවෙක ස්වරූපය විශ්ලේෂණය කිරීමේ දී වාක්‍යයට ප්‍රමුඛස්ථානය හිමි විය යුතු බවත් ඒ සඳහා ක්‍රියා කාරක පද සම්බන්ධය කෙරෙහි බලපාන නීති රීති අකුරට ම පිළිපැදීම ඒ බස නිරවුල් ව වහරන්නවුන් ගේ පරම වගකීම බවත් පෙන්නා දී ඊට මඟ පෙන්වීම එතුමන් ගේ භාෂා කාර්යයේ මූලික පදනම වූ බව පෙනේ. මෙය කුමරතුඟුන් ගේ මතු නො ව ඊට පෙර වුසූ සකු බස් ඇදුරන් ගේ ද ආදර්ශ පාඨය බවට පත් ව තිබූ සිද්ධාන්තයක් බව
“ක්‍රියාකාරක සම්බන්ධං - න ජානානි මානවාඞ
පශුභිඞ සහ තුල්‍යා - ක්ෂූර ශෘංග විවර්ජතෙ”
යනුවෙන් පැවැසූ “ක්‍රියා කාරක පද සම්බන්ධය මැනැවින් නොදන්නා පුද්ගලයා කුර හා අං නැති තිරිසනකු වැන්නැයි” කී අරුත් සහිත ශ්ලෝකයෙන් ද පැහැදිලි වෙයි. භාෂාවේ නාම ක්‍රියා නිපාත යන මූලිකාංග විශ්ලේෂණයේ දී ක්‍රියා පදය පිළිබඳ විග්‍රහය අන් භාෂාංග දෙක හා සසඳන විට ඉතා දුෂ්කර කාර්යයක් බව ප්‍රකට කරුණෙකි. ඒ නිසා දෝ සිංහලයේ ක්‍රියා පදය පිළිබඳ විද්‍යානුකූල පුළුල් විග්‍රහයක් කිරීමට තරම් සවියක් ඇති ව්‍යාකරණඥයකු කුමරතුඟුන් දක්වා බිහි වූ ව්‍යාකරණඥයන් අතුරෙන් බිහි නො වීම විමසිය යුතු ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. මේ අතිශය දුෂ්කර කාර්යයට නො බිය ව අත ගැසීමට තරම් සවියක් ඇති කුමාරතුංගයෝ ඒ පිළිබඳ එ තෙක් නො පළ ඉතා වැදගත් කරුණු රැසක් හෙළි කැර ඒවා විමැසුමට ලක් කරමින් පළ කළ මුල් ම ව්‍යාකරණ ග්‍රන්ථය වූ “ක්‍රියා විවරණය” අබිබවා යා හැකි තරම් හවත් අගනා කෘතියක් ඒ වන තුරුත් කිසිවකුට බිහි කරන්නට නො හැකි වීම එහි අගය වඩ වඩාත් ඔප් නංවන්නට හේතුවෙක් විය. ක්‍රියා පදය පිළිබඳ එතෙක් පැවැති ඇතැම් පිළිගත් මත දෙදරවමින් කිසි දු ගුරු ඇසුරෙකින් තොර ව එහි ඉදිරිපත් කළ නවමු මත නිසා වියතුන් අතුරෙන් තමනට මහත් ගහට එල්ල විය හැකි යයි සිතූ එතුමන් ඒ බව තමන් දැන දැන ම මේ භාරදූර කාර්යයට අත ගැසු බව එහි හැඳින්වීමේ මුල් ම වැකි කීපය කියවන්නකුට පසක් වනු ඇතැයි සිතමි.
“අලුත් ගතෙකි, අලුත් පිළිවෙළෙකි, අලුත් මත බෙහෙවි, මත අලුත් වුව ද පෙරැ යෙදුම් මත නැඟිණ. ඒ කෙසේ වුවත් මත බෙයට බොහෝ ඉඩ ඇත” යනුවෙන්
මෙහි අවසන් වැකියෙන් පැතූ පරිදි මත භේද බොහෝ එල්ල විය හැකි යයි බලාපොරොත්තු වුව ද එවැන්නකට සවියක් ඇත්තකු මහ වියතුන් නමින් නම පතළ සරසවි පැත්තේ අය අතුරෙන් වත් ඉදිරිපත් වූ බවෙක් නො පෙනිණි.
එතෙක් සිංහලයේ පැවැති ක්‍රියා හෙවත් ධාතු අතුරෙන් වැඩි හරියක් එහි විමැසුමට ලක් වුවද තවත් ඇතුළු විය යුතු ධාතු ඇති බවත් ඒ සියල්ල ද ඇතුළු කොට මේ කාරිය ඉටුකැරලීමේ පැතුම සපුරා ඉටු කැරැ ගත නො හැකි වූයේ එයට අත් සිත් දෙමින් සිටියදී ඔවුනට දිවි මඟ අවසන් කිරීමට සිදු වූ නිසා බවත් එහි දෙවන සැකැස්මට අත දුන් අමරසිරි ගුණවඩුවෝ සඳහන් කරති.
සිංහලයේ ඇති ක්‍රියා පද සියල්ල වර නැඟෙන ආකාරය අනුව ගණ හයකට බෙදා ඒ එක එක ගණයෙක ඇති විශේෂත්වය හා ඒවා හා යෙදෙන ප්‍රත්‍යයන් ද ආධුනිකයකුට වුවද මැනැවින් වටහා ගත හැකි අයුරින් විග්‍රහ කොට එහි දක්වා කැර ඇති අපූර්ව විග්‍රහය ම කුමාරතුංගයන් ගේ ව්‍යාකරණ ඥානයේ සුවිශේෂත්වය වටහා ගැනීමට ප්‍රමාණවත් බවට සැකයෙක් නැත. එහෙත් මේ සා විශාල ප්‍රයත්නයෙක අගය හෝ අඩුව හෝ පෙන්නා දී සරසවි සිසුන් ගේ අවධානය ඒ කෙරේ යොමු කිරීමට සරසවි පැත්තෙන් මහ මෙහෙයක් කළ හැකි වුව ද ඒ පිළිබඳ උනන්දු වූ බවක් දක්නට ලැබේ ද? එපමණෙක් නො ව ඉන් අනතුරුව කුමරතුඟුන් පළ කළ ව්‍යාකරණ විවරණයේ නාම විභක්ති පිළිබඳ කැර ඇති නව වර්ගීකරණය කො තෙක් විදුහුරු ද කො තෙක් සරල ද යන්න ගැන වත් සරසවි ගුරු කුලයේ ඇත්තන් කී දෙනකු හරි හැටි වටහා ගෙන ඇත් ද යන්න පවා විමැසිල්ලට ලක් කළ යුතු කරුණු බවට පත්වී තිබේ. එපමණක් ද නොව එතෙක් පැවැත ගෙන ආ සාම්ප්‍රදායික මතවලට පටහැනිව කුමරතුඟුන් ගෙන හැර පෑ “මහා ප්‍රාණය ඇත්තේ සප්‍රාණ ශබ්දවල පමණි” අනුනාසික වියැ හැක්කේ සප්‍රාණ ශබ්ද පමණි. සන්ධි ක්‍රම දොළොසෙකි ආදි වශයෙන් වියතුන් විසින් විමසා බැලිය යුතු එහි ඇති සවිස්සක් වූ වෙසෙසි කරුණු පිළිබඳ සැලැකිය යුතු සංවාදයක් වත් සරසවි පැත්තෙන් අසන්නට ලැබී තිබේ ද?
සිංහල භාෂාව පිළිබඳ විශේෂඥයන් බිහි කරන, ඒ හා සම්බන්ධ පර්යේෂණ කරන සරසවිවල භාෂා අංශයෙන් ඒ පිළිබඳ පළ වී ඇති සියලු පත පොත පිළිබඳ හා ඒ පිළිබඳ විවිධ මත වාද පළ කළවුන් කළ කී දෑ පිළිබඳව ද පිරිපුන් දැනුමක් ලබා දිය යුතු වුව ද කුමරතුඟුනට හෝ ඔවුන්ගේ පොතට පතට හෝ නිසි තැන් මේ දක්වා ඉන් ලබා දී තිබේ ද යන්න ද බලවත් ප්‍රශ්නයක් බවට පත් වී තිබේ.
මේ තත්ත්වය විමැසිල්ලට හසු කරන වි. ජ. මු. ලොකු බණ්ඩාරයන් කුමරතුඟු සමරු උලෙළකදී කළ දේශනයකින් පළ කළ අදහස් කීපයක් “විශ්වවිද්‍යාල සම්ප්‍රදායෙන් වැඩක් තියෙනව ද?” යන මැයෙන් 2006. 08. 08 වන දා පළ වූ ජාතික පුවත් පතෙක වාර්තාවෙක සඳහන් වූ පරිද්දෙන් ම උපුටා දක්වනු කැමැත්තෙමි.
“අද කුමාරතුංග මුනිදාසයන් නැති වී වසර හැටක් විතර වෙලා තියෙනවා. ඒත් අපේ රටේ කිසි ම විශ්වවිද්‍යාලයක් එතුමාට තව ම නිසි සැලැකිල්ලක් දක්වලා නැහැ. කවි ශික්ෂාව වැනි පොතක් ගැන හරි විරිත් වැකිය වැනි පොතක් ගැන හරි කිසි ම හැදෑරීමකින් තොර ව සිංහල ගෞරව උපාධි දෙනවා. සිංහල මහාචාර්යවරු ඉන්නවා විරිත් වැකිය දැකලා වත් නැහැ. කුමාරතුංගයන්ට අපේ විශ්ව විද්‍යාල තාම බයයි. ඇතැම් උගත්තු කුමාරතුංග නමවත් කියන්නේ නැහැ” කුමාරතුංගයන් පිළිබඳ හා ඔවුන් ලියූ පොත පත සියල්ල ම පාහේ මැනැවින් අධ්‍යයන කළ වියතකු මෙන් ම අධ්‍යාපන ඇමැතිවරයකු වශයෙන් සිටිය දී සරසවි හා එහි ඇදුරන් පිළිබඳව ද මනා අත්දැකීම් ලද්දකු වන ලොකු බණ්ඩාරයන් කියන දේ කිසිවකුට බැහැර කළ හැකි යයි නො සිතමි.
කුමරතුඟු සමරු දින වෙනුවෙන් පමණක් බොහෝ විට ඇතැම් සරසවි ඇදුරන් වැඩි දෙනකු කරන්නේ එතුමන් ගේ ගැඹුරු භාෂා ඥානයෙන් හෙළි පෙහෙළි කළ ශාස්ත්‍රීය කරුණු ඇගැයීමකට ලක් කරනු වෙනුවට තමන් බටහිරින් උගත් නූතන වාග් විද්‍යාවේ ඉංගිරිසි වදන්වලට නව සිංහල වදන් ආරෝපනය කරමින් ‘කුමාරතුංගයෝ ශුද්ධාත්මවාදියෙකි’ භාෂා සංස්කරණ වාදියෙකි වැනි වදන්වලින් මෙන් ම නූතනයේ පහළ වූ පැරැන්නෙකි, භාෂා පරිණාමය නො ඉවසූවෙකි මළ බසකට පණ දෙන්නට වෑයම් කරන්නෙකි. වැනි පරිහාසාත්මක අරුතක් යටින් සැඟවී ඇති වදන්වලින් හඳුන්වා දෙමින් එවැන්නකු කළ කී දැයින් නව පරපුරට උගත යුතු යමක් නැතැයි යන ආකල්පයක් මවා පා සදහට ම ඒ නම අමතක කිරීමට මං පෑදීම ය.
කෙසේ වුවද සරසවිය කුමරතුඟු නම පිළිකෙව් කිරීමට ප්‍රධාන හේතු දෙකක් විය. එකක් නම් බොහෝ සරසවි ඇදුරන් ගේ බස් වහරෙනි පෙනුණු දොස් එළියේ ලා ප්‍රකාශ කරමින් ඔවුන් ගේ සැබෑ තතු රටට හෙළි කිරීමය. අනෙක නම් විවිධ නම්වලින් හැඳින්වෙන උපාධි නාම තම නම්වලට මුලින් හා අගින් යොදා ගනිමින් සරසවියේ කථිකාචාර්ය, මහාචාර්ය වැනි ගරු ගාම්භීර තනතුරු හොබවන බොහෝ දෙනකුට කුමරතුඟුන් ගේ ප්‍රඥා මහිමය හමුවේ පෙනී සිටීමට තරම් සවියක් නැති වීම ය.
වෙන ලෙසකින් කියතොත් වි. ජ. මු. ලොකු බණ්ඩාරයන් කී පරිදි කුමාරතුංගයන් ගේ නම වත් කීමට දිරියක් නැති වීම ය. මුල් කරුණෙහි ලා කදිම නිදසුනක් දා. දු. න. වීරකෝනුන් 2003. 02. 09 වන දා “සිළුමිණ” පුවත් පතෙහි පළ කළ ලිපියෙකින් උපුටා දැක්වීමට කැමැත්තෙමි.
විශ්වවිද්‍යාලයයෙන් පළ කළ ශෝක ප්‍රකාශයෙක සඳහන් වූ “මින් පසු අපේ සාහිතයට කපුටො කොටයි, විශ්ව විදුහලේ සිසු කැල සොහොනෙ හැපේ” වැනි වැකි නිදසුන් කොට උපුටා දක්වමින් “සරසවි සිංහලයේ හැටි ද මේ” යනුවෙන් එළියේ ලා විමසමින් 1941 අපි‍්‍රයෙල් දෙ වන දා සුබස සඟරාවෙහි කුමරතුඟුන් විසින් ලිපියක් පළ කැරුණු තැන් පටන් සුබසින් ද හෙළ හවුළු මුළුවලින් ද සරසවි සිංහලය බසට වින කරන හැටි හෙළි පෙහෙළි කරමින් කළ කී දෑ නිසා කුමරතුඟුවනට මෙන් ම හෙළ හවුලට ද සරසවි ඇදුරන් ගෙන් ගැරහුම් විනා පැසසුම් නොවූ බව එහි සඳහන් විය. ඒ පමණෙක් නො ව කුමරතුඟුන් ගේ පොත පත පවා සරසවි සිසුනට තහනම් වූ බව සඳහන් කරන ඔහු ව්‍යාකරණ විවරණය ආදි කුමරතුඟුන් ගේ පොතක් අත් පොතක් හැටියට වත් සරසවියට දුන්නහු ද යනුවෙන් ද ප්‍රශ්න කරති. ඊටත් වඩා මළ කුමාරතුංගයන් ගෙන් පවා පලි ගත් බව කියන කතාවෙක්ද එහි සඳහන් වෙයි.
කොළඹ සරසවිය ඉදිරියෙන් යන මාවත “කුමාරතුංග මුනිදාස මාවත” යයි නම් කිරීමට සරසවි ඇදුරු මහ ඇදුරු කීප දෙනෙක් පුරපති හමුව හරස් වූ බවත් සිසුන් කුමරතුඟුවනට නොකැමැති බැවින් නාම පුවරුව විනාශ කළ හැකි යැයි ද ඒ ඔවුනට නිහරසරයක් විය හැකි යයි ද ඔවුන් හේතු දැක්වූවද අසිංහල පුරපති මේ සරසවි ඇදුරන් ගේ හැටි දැ’යි මුව‘ඟට සිනා නඟමින් එය පිළිකෙව් කළ බවත් සඳහන් කැර කිසිවකු ගෙන් කිසිදු ගහටක් නොලබා ඒ නාම පුවරුව අද ද දිස් වන බව ද එහි සඳහන් විය.
ඇතැම් කුහු සරසවි ඇදුරන් ගේ තත්ත්වය මෙ පරිදි ජුගුප්සාජනක වුවද කුමරතුඟුන් ගේ අගය ඉඳුරා වටහා ගැනීමට තරම් පුබුදු මනසක් මෙන් ම භාෂා ශාස්ත්‍ර විෂයයෙහි හසළ දැනුමක් ඇති මහ ඇදුරන් එක් කෙනෙකු දෙදෙනකු වත් අප අතර සිටිමින් මේ පිළිබඳ සැබෑ තතු හෙළි කිරීම ඔවුන් කෙරේ මහත් හරසරින් සිහිපත් කරමි. එවන් මහා ශාබ්දිකයකු වන මහාචාර්ය සුචරිත ගම්ලතුන් කුමරතුඟුන් හා සරසවි පැත්තේ අයගේ සැබෑ තත්ත්වය හෙළි කරමින් “කුමරතුඟු මඟ මගවු” යන මැයෙන් 2000. 08. 06 වන දා ඉරිදා ජාතික පුවත් පතෙක පළ කළ ලිපියෙක් වැකි කීපයක් ද මේ ලිපියට එක් කිරීම යෝග්‍ය යයි සිතුවෙමි.
“මුනිදසුන් සිය මුළු මහත් ජීවිතය කැප කළේ වත්මන් සිංහලය අද නැති නොවැනෙන බල සම්පන්න ඔද තෙද සපිරි බසක් බවට පත් කිරීමට ය. අද හොඳ සිංහලය කොහි ද? පාසලේ පිරුවනේ හා සරසවියේ හඩු සිංහලය ම උගැන්වේ. සරසවිවල කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ආදී බොරු වෙස් ගත්තෝ කුණු ම කුණු හඩු ම හඩු කානු පල්ලේ සිංහලයෙන් ලියති. කුමරතුඟු මුනිදසුන් ගේ උරුමකරු වෙමැ’යි දැපෙන හෙළ හවුල කුමක් කරයි ද? කිසිවක් කරන සෙයක් නම් මට නො පෙනේ. එය මා හද කවයි. දවයි. ආචාර්ය, මහාචාර්ය ආදී ගරු ගම්භීර පට්ටම්වලට බියෙන් මේ පට්ටම් දරුවන් බස මරනු බලා මුවින් නො බැණ සිටීම නො සරි ය. වරක් අභියෝග කළ කල්හි ඒ පට්ටම් කඩු කස්තාන බොරු බරවා කකුල් බව පෙනෙනු ඇත... හෙළ හවුල තමාට සුජාත ලෙස අයත් මේ ඓතිහාසික මෙහෙවරට උර දිය යුතු ය. කුමාරතුංග නාමය අමරණීය කිරීමට මහ මේය අන් මං නොමං ය.”
බස නැසෙනු දැක්මේ වේදනාව නිසා ම හෙළ හවුල දිරි ගන්වනු වස් එහි ඇතුළතුනට ද මඳක් රිදුම් දෙන වැකි කීපයක් ඇතුළු වුව ද ඒ ප්‍රකාශයෙන් කැර ඇත්තේ බස මරන්නෝ කවුරු ද, එය වළකා ලීමේ වගකීම වැඩියෙන් ම පැවැරී ඇත්තේ කාට ද? යන්න රටට ම හෙළි කිරීමෙකැයි සිතමි.
කෙසේ වුවද රජයේ හෝ බරපැන් දරන වෙනත් ආයතනයෙක හෝ කිසිදු හවුහරණක් මෙ තෙක් නො ලැබ බස මරන්නවුන් දකින හැම තන්හි දී ම පාහේ ඔවුනගේ උස් මිටිකම් නොබලා පත් මඟින් හෝ පොත් මඟින් හෝ සුබස වැනි සගනු මඟින් හෝ ඉඩ ලැබෙන පරිදි දෙසුම් මඟින් හෝ පහර දිය යුතු තැනට පහර දීමට හෙළ හවුල පසුබට වී නැති බව මෙහිදී මතක් කළ යුත්තෙකි.
ඊට නිදසුන් වශයෙන් මහාචාර්ය ජේ. බී. දිසානායකයන් පළ කළ “සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය” නමැති ග්‍රන්ථයේ සංඥාපනයෙහි තමා පළ කළ වියරණ පොතෙක එන මතිමතාන්තරවලට හෙළ හවුලෙන් පහර එල්ල වුණු අන්දම දක්වා ඇති අන්දම එහි සඳහන් වන ආකාරයෙන් ම උපුටා දැක්වීමට කැමැත්තෙමි.
“අනික් අතට කුමාරතුංග මහතා ගේ අනුගාමිකයෝ ද මගේ පිළිවෙත දැඩිව හෙළා දුට හ. ඔවුහු මගේ පොත මුල් කොට සමුළු කීපයක් ම පැවැත් වූ හ. වෙන් වෙන් වශයෙන් කමිටු පත් කොට එහි දොස් එක් රැස් කළ හ. මගේ පොත හෙළා දුටුවන්ට උළොලු කීපයක දී සම්මාන ද පිදූ හ. හෙළ බස ඔසොවුව පිණිසැ පැවැත්වෙන “සුබස” නම් සගනුවේ බොහෝ ලිපිවලින් මගේ පොතට පහර පිට පහර වැදිණ.
මේ හෙළ හවුලින් පහර වැදුණු මහ ඇදුරකු ගේ එක් අඳෙීනාවක් පමණි. මේ කාලයේ වුණ ද නිවැරැදි බස් වහරට එරෙහිව මත පළ වන කවර අවස්ථාවෙක වුව ද ඊට එරෙහිව පුවත් පත්වල පළ වන ලිපිවලින් පවා පහර එල්ල කරන්නන් ගෙන් වැඩි දෙනා හෙළ හවුලේ ඇතුළතුන් බව බොහෝ දෙනා නො දන්නා කරුණක් විය හැකි ය. එ මතුදු නොව කට බස් වහර සිය විෂයය බවට පත් කැර ගත් නූතන වාග් විද්‍යාඥයන් අතුරෙන් ඇතැමකු තමනට අයිති නැති ලේඛන ව්‍යාකරණයට අත ගසමින් මෑතෙක සිට කැර ගෙන යන භාෂා අවුල පිළිබඳ සැබෑ මුහුණුවර රටට හෙළි කළේ හෙළ හවුලේ වියතුන් විසින් බව ද අමතක නො කළ යුත්තෙකි.
මේ නිසාම දෝ ලේඛන ව්‍යාකරණය හෑල්ලු කිරීමට නං උපා මං යොදමින් ඒ පිළිබඳ ඉදු මඟින් මෙන් ම වක් මඟින් ද හඬ නඟන නූතන වාග් විද්‍යාඥයන් කීප දෙනකු ම එ දාට වඩා අද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ හා කිය යුතු දෙය වුවද ඉතා පරිස්සමින් කියන්නට පෙලැඹී ඇති සැටියක් පෙනෙන්නේ ද හෙළ හවුලෙන් එල්ල විය හැකි ප්‍රතිචාර කෙරේ විමැසිලිමත් වීම නිසා යයි සිතිය හැකි ය.
කුමරතුඟුන් සිහි කරන මෙ වන් අවස්ථාවෙක හෙළ හවුල ගැන යමක් වෙසෙසා මෙසේ සඳහන් කරන්නට පෙලඹුණේ මහ ඇදුරු සුචරිත ගම්ලතුන් වැනි වියතුන් හෙළ හවුල කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉතා ඉහළ මට්ටමකින් පවත්නා බව පෙනෙන නිසාත් කුමාරතුඟු නම රැක ගනිමින් ඔවුන් ගත් මඟ ඉදිරියට අඛණ්ඩව පවත්වා ගෙන යාමට තරම් සවිමත් පදනමක් වශයෙන් හෙළ හවුල ඇරැඹීමට තරම් කුමරතුඟුන් සතුව පැවැති දූරදර්ශී ඥානය කොතෙක් ද යන්න මතු කැර දැක්වීම සඳහාත් ය.
කෙ සේ වුව ද බස කෙළෙසුවනට පහර එල්ල කිරීමෙන් පමණක් කුමරතුඟු මඟ ඉදිරියට ගෙන යා නො හැකි ය. එමඟින් එවැන්නන් මැඬැලීමට පියවර ගත යුතු අතර ම නව පරපුරට ඒ මඟ හඳුන්වා දීමට ද තිර සර මඟක් සැකැසිය යුතු ව ඇත. මේ අරමුණ සරසවිවලින් වත් ඉන් පිට වන අය ගෙන් වත් ඉටු නොවන බව පසක් වී හමාර ය. මේ බව එවක පැවැති සරසවි හතර සලකා මින් තිස් එක් වසරකට පෙර සිය සම්ප්‍රදාය හා විචාරය නම් පොතින් මාර්ටින් වික්‍රමසිංහයන් පළ කළ අදහසක් උපුටා දක්වමි. “සරසවි හතරෙන් උපාධි ලබන්නන් අතර කට බසත් ගත් බසත් දෙක ම මරමින් ලියන්නෝ වැඩි වෙති. න, ණ, ල, ළ නොසලකමින් ලියන ලේඛකයන් අතර බොරු මහප්පරාණ අකුරු හා වුවමනා නැති තැන්වල ශ, ෂ, අකුරු මා යමි, අපි යමි, ඔවුන් ගියෝ ය, ආදී වහරින් බස මරන තුප්පහි පණ්ඩිතයෝ ද කෙමෙන් බහුල වෙති”
වික්‍රමසිංහයන් එදා දුටු තත්ත්වයෙහි අද ද කිසිදු වෙනසක් වී නැත. එහෙත් බස මරන්නන්, තුප්පහි පණ්ඩිතයන් ආදී වශයෙන් අහිංසක සිසුනට වික්‍රමසිංහයන් එල්ල කරන චෝදනාව පව්කාරයන්ට ගල් ගැසීමක් වැන්න. මෙ වන් අපවාද ඇසීමට තරම් ඒ සිසුන් අසරණ බවට පත් කළ සැබෑ වරදකරුවෝ කවුරු ද යන්න ඉඳුරා කීමට තරම් දිරියක් එදා වික්‍රමසිංහයනට තිබිණි නම් එය තමනට එල්ල වන පහරක් වශයෙන් වටහා ගැනීමට සරසවි ඇදුරනට මං පෑදීමක් වන්නට ඉඩ තිබිණි. වරද කරුවන් දැක දැකත් ඒ දෙසට ඇඟිල්ල දිගු කිරීමට තරම් සවියක් වික්‍රමසිංහයනට පවා නො තිබූ බව මින් නො පෙනේ ද?
දැන් වත් සරසවි ඇදුරන් තම සිසුනට මෙවන් අපවාදවලින් නිග්‍රහ විඳීමට ඉඩක් නො තබා නිසි මඟ පෙන්වීමට පියවර ගන්නේ නම් ඒ කෙ තරම් අගනේ ද?
කුමරතුඟු මඟ හඳුනන, එමෙන් ම වියත් බස් මඟ අගය කරන සරසවි ඇදුරන් හැම සරසවියෙක ම පාහේ කීප දෙනෙක් හෝ සිටිති. එහෙත් ඊට එරෙහි මත දරන බලවත් අය අතරේ ඔවුන් උකටලී බවට පත් ව ඇති සැටියෙක් පෙනේ. එ නමුත් සමාජයේ බහුතරය ඔවුන් ගේ පැත්තේ සිටුනා බව අමතක නො කළ යුතු ය.
කෙසේ වුව ද අද භාෂාව උගන්වන ආකාරයට නම් සරසවිවලින් කුමරතුඟුන් මතු කළ නිවැරැදි බස් මඟ ඉදිරියට ගෙන යා හැකි යයි බලාපොරොත්තුවක් ඇති කැරගත නො හැකි ය. ඒ වෙනුවෙන් කැප වූ භාෂා ආයතනයෙක අවශ්‍යතාව කැපී පෙනෙන්නේ එ හෙයිනි. කුමරතුඟු මඟ හා නිවැරැදි බස් වහර වෙනුවෙන් ම කැපවූ හෙළ හවුලට ඒ වෙනුවෙන් කළ හැකි දේ ඉමහත් ය.
රජයේ නීතිගත ආයතනයක් වශයෙන් තිරසර බවක් ඇති අයට ඒ සඳහා නිසි පහසුකම් සලසා දිරි දිය හැකි නම් ඉතා කෙටි කලෙකින් අද සිංහල භාෂාව මුහුණ පා ඇති ශෝචනීය තත්ත්වයෙන් මුදා ගැනීමට එ මඟින් සාර්ථක පියවරක් ගත හැකි බවට සැකයෙක් නැත. අධ්‍යාපනය හා සංස්කෘතිය පිළිබඳ වගකීමක් ඇති රාජ්‍ය ආයතන භාර මැති ඇමැතිතුමන් ගේ අවධානය මේ කෙරේ යොමු වන්නේ නම් මැනැවි.
කෙසේ වුවද බස රැක ගැනීමට සිය දිවි නොතකා මහ මෙහෙයක් කළ මෑත භාගයේ පහළ වූ අග්‍ර ගණ්‍ය ශබ්දිකයාණන් වශයෙන් හැඳින්වෙන කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් සිහි කරන මේ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් කළ හැකි ඉහළ ම උපහාරය නිවැරැදි බස් වහර රැක ගැනීම වෙනුවෙන් භාෂා ආයතනයක් පිහිටුවීමට පියවර ගැනීම බව අවධාරණයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.
එවැනි සද් කාර්යයක් සඳහා වගකිය යුත්තන් දිරි ගන්වනු වස් කුමරතුඟුන් ගේ අගේ හා ඔවුන් පෑ මඟ මහ ඉහළින් අගය කළ වුන් අතුරෙන් එක් වියතකු වන මහ ඇදුරු සුචරිත ගම්ලත් සූරීන් පළ කළ අදහසක් යට කී ඔවුන් ගේ ලිපියෙන් උපුටා දැක්වීම යෝග්‍ය යයි සිතුවෙමි.

“කුමරතුඟු සමරු උලෙළ වසරකට එක් වරක් වත් නො ව දොළොස් වරක් ම පැවැත්විය යුතු මහඟු උලෙළකි. දවසකට වරක් වත් පැවැත් විය හැකි නම් වඩාත් මහත් පල මහානිශංස දායක ය. මම කුමක් හෙයින් මෙ සේ කියම් ද? මුනිදාසයන් තරම් අද දින සිංහලයට අදාළ ව මහා උතුමකු මෑත අතීත දර්ශන පථයෙහි මට නො දිස් වන බැවිනි”
ජයත් පියදසුන්
0 comments:
Post a Comment