728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 19 March 2014

මැලේසියන් නියමුවා ලංකාවේ ට්‍රයල් ගිහින්

අතුරුදන්ව ඇති එම්.එච්.370 මගීන් ගුවන් යානයේ ගුවන් නියමුවා විසින් ශ්‍රී ලංකාව ඇතුළු ගුවන් පථ 5ක පුහුණුවීම් කළ බව තහවුරු වන මෘදුකාංගයක්, ඔහුගේ නිවසේ තිබූ එම යානයේ අනුකාරකය (සිමියුලේටරය) මගින් සොයාගැනේ.



මැලේසියානු ආරක්ෂක අංශ විසින් අතුරුදන් යානයේ ගුවන් නියමු සහාරි අහමඞ් ෂාහ්ගේ නිවසේ තිබී මෙම අනුකාරකය සොයාගත් අතර, කොටස් වශයෙන් තිබූ එය පිළිසකර කිරීමෙන් පසු මෙය සොයාගැනිණ.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව රටවල ගුවන්තොටුපළ 3ක්, මාලදිවයිනේ ගුවන්තොටුපළක් හා ඇමෙරිකානු හමුදා රඳවා සිටින ඩියේගෝ ගාර්ෂියාහි ගුවන් පථ සම්බන්ධයෙන් පුහුණුවීම් සිදුකළ බවට තහවුරු කරගෙන තිබේ.

මෙම ගුවන් පථවල මුළු දිග වශයෙන් සඳහන්ව තිබුණේ මීටර් දහසකි.

මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 239 දෙනකු සමඟ ගුවන් යානය අතුරුදන් වී දින 10කට පසු එහි ගුවන් නියමුවා, සහයක නියමුවා සහ මගීන්ගේ පසුබිම සම්බන්ධ තොරතුරු සෙවීමේදී මේ බව අනාවරණය වී තිබේ.

මීට පෙර ත්‍රස්ත ක‍්‍රියා, පැහැරගැනීම්, අතුරදන්වීම, පිපිරීම්, කඩාවැටීම වැනි කරුණු ඔස්සේ මෙම ගුවන් යානයේ පර්යේෂණ සිදුකළ ද මෙම සාක්ෂි මගින් මෙහි පර්යේෂණ වෙනත් දිශාවක් ඔස්සේ සිදුකෙරෙනු ඇත.

අතුරුදහන්වූ ගුවන් යානයේ සේවක පිරිස  එම ගුවන් යානයට ගොඩවීමට  පැමිණි අවසන් මොහොත  සටහන්ව  තිබූ අයුරු...




The pilots of a missing Malaysian jet breezed through a security check-point shortly before they disappeared with a plane full of people, new video shows.
Zaharie Ahmad Shah, a committed supporter of Malaysia’s main opposition leader, stepped through the metal detector first. After a quick pat down, he was on his way.

The probe has focused on Shah’s political ties after the veteran pilot was tied to opposition leader Anwar Ibrahim.
Ibrahim was sentenced on March 7 to five years in prison for sodomy. The Malaysia Airlines Boeing 777-200ER bound for Beijing disappeared the next day with 239 passengers and crew aboard.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මැලේසියන් නියමුවා ලංකාවේ ට්‍රයල් ගිහින් Rating: 5 Reviewed By: Unknown