මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට දකුණුකොරියාවේ සෝල් නුවර දක්වා පියාසර කරමින් තිබූ මැලේසියා ගුවන් සමාගමට අයත් තවත් යානයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හොංකොං ගුවන් තොටුපොළකට හදිසියේ ගොඩ බස්වා තිබේ.
කාර්මික දෝෂය හේතුවෙන් අතරමගදී හොංකොං වෙත ගොඩ බස්වා ඇත්තේ,MH066 දරන මැලේසියානු යානය යි. යානය කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේ එහි මගීන් 271 දෙනෙක් සිටි බව පැවැසේ. A330-300 වර්ගයේ යානයක් වූ එහි විදුලි ජනක යන්ත්රයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ක්රියා විරහිත වී ඇති බව අනාවරණය වී තිබේ.අතිරේක විදුලි උත්පාදක යන්ත්රය යොදා ගනිමින් යානාව වහා ගොඩ බස්වා ඇත.
ගොඩ බැස්සවීත් සමග ක්රියාත්මක වූ ගිනි නිවන ඒකකය ගින්නක් හට ගැනීම වලක්වා තිබේ. යානයේ ගමන් කළ මගීන් වෙනත් ගුවන් යානා හරහා ඔවුන්ගේ ගමනාන්ත වෙත පිටත් කර යවා ඇත.
0 comments:
Post a Comment