පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව ඇතැම් දේශපාලකයන්ගේ නම් භාවිත කරමින් ඓතිහාසික සේරුවිල ෙචෙත්‍යයේ ශෙලමය පාදම සම්පූර්ණයෙන්ම ගලවා එහි කොන්ක්‍රීට් ඇතිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව වාර්තා විය.
බුදුන් වහන්සේගේ ලලාට ධාතුව හා කේශ ධාතුව තැන්පත් කොට කාවන්තිස්ස රජු සමයේ ඉදි කර ඇතැයි පැවසෙන මෙම සුපතල ෙචෙත්‍ය රාජයා නවවැනි ලෝක උරුමය ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් නම් කිරීමට ද නියමිත බව කියති. එවන් ඓතිහාසික වටිනාකමක් සහිත නමුත් පුරාවිද්‍යා ආඥා පනතේ නියමයන්ටද පයින් ගසා මෙම සිද්ධස්ථානය විනාශ කරන පල් හොරුන් කවුරුන්දැයි සේරුවිල ෙචෙත්‍ය සංවර්ධන සමිතිය හොඳින්ම දන්නා බව පැහැදිලිය. එබැවින් පොලිසියට හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ඕනෑතරම් අවස්ථා මෙන්ම සාක්ෂි ද තිබෙන නමුත් ඔවුන් මේ පිළිබඳ වගේ වගක් නැතිව සිටීම නියත වශයෙන්ම ඒ සඳහා ඊට ඉහළින් අනුග්‍රහයක් ලැබෙන බවට සාධකයකි.
සේරුවිල ෙචෙත්‍ය සංවර්ධන සමිතියේ සභාපති මුංහේනේ මෙත්තාරාම හිමියන් පවසන්නේ මේ පිළිබඳ හය වතාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට ඇතත් පාදම සම්පූර්ණයෙන් ගලවා ඉවත් කරන තුරුම ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවය. සේරුවිල පොලිසිය ද මේ සම්බන්ධයෙන් මර නින්දේය. එසේ නම් මෙය කිසියම් දේශපාලන මැරයකුගේ හෝ මැරයන්ගේ වුවමනාවට සිදුවන්නක් බවට කවර සැකයක්ද?
ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පුරාවස්තු විනාශ කිරීමේ වසංගතය දැන් රට හමුවේ ඇති බරපතළ ජාතික ප්‍රශ්නයක් බවට පත්වී හමාරය. ශ්‍රී ලංකාව කුඩා භූමි ප්‍රමාණයකින් යුතු නමුත් ඉපැරණි ශිෂ්ඨාචාරයක් ඇති ලොව අන් කිසිදු රටකට නොදවෛනි ඓතිහාසික උරුමයන්ගෙන් පොහොසත් යැයි ප්‍රචලිතය. එහෙත් මේ වන විට මෙම ඓතිහාසික උරුමයන් දිගින් දිගටම කාබාසිනියා කිරීමේ සාහසික ක්‍රියාවන් ගැන තවදුරටත් ඇස් කන් පියාගෙන සිටීමෙන් නුදුරු අනාගතය වන විට ඒ අපේ අතීත දායාදවලින් කිහිපයක්වත් ඉතිරිවනු ඇත්දැයි සැක සහිතය. පොළොන්නරුවේ ස්වස්තික පොකුණ මැදට යකුළු පහර එල්ලකොට එය වැනසූ පුවතක් පසුගිය වසරේ වාර්තා විය. එසේම පොළොන්නරුවේ නයිපෙන විහාරයත් ඊට පෙර එහි ශිව දේවාලයත් මංකොල්ලකරුවන්ගේ කුරිරු වද හිංසාවලින් වැනසිණි. ගිරිතලේ අග්බෝපුර ඉපැරණි වෙහෙර විහාර ආරාම සංකීර්ණයකින් යුත් රක්ෂිතයකට ගිනි තබා ඓතිහාසික ගල්කණු, පාදම් රැසකට හානි සිදුවූ පුවතක් පසුගිය සමයේ වාර්තා විය. ජාතික නාමල් උයනේ සුදු තිරුවානා නිධියට ගල් බෝර දැමීමට කළ උත්සාහයක් ගැන අසන්නට ලැබුණේ ඊයේ පෙරේදාය. මේ ආදී ඕනෑ තරම් පුරාවස්තු විනාශයන් පිළිබඳ ඉදිරිපත් කළ හැකි වුවත් මේ කිසිවකට වැරදිකරුවකු දඬුවම් ලැබිමක් ගැන නම් තොරතුරු වාර්තා වන්නේම නැති තරම්ය. පුරාවස්තු සංහාරය වර්ධනය වීමට එයද පිටිවහලක් නොවේද?
රටේ සංස්කෘතිමය අනන්‍යතාව හඳුනා ගැනීමේ ජාතික උරුමයන් අනාගත පරපුරට රැකදීම වෙනුවට අද රටේ එකදු විහාරස්ථානයක්වත් ඉතිරි නොකර බුදු පිළිමයේ, වෛත්‍යයේ පටන් එහි අත්තිවාරම දක්වාම සොර සතුරන්ගේ ග්‍රහණයට නතු වීම තුළ දෙදරා විනාශ වන්නේ ජාතික පෞඩ අධ්‍යාත්මය බව මේවා සිදුකරන්නන්ට නොතේරුණත් ඒවාට උඩගෙඩි දෙන බවට බොහෝවිට ඇඟිල්ල දිගුවන දේශපාලන, ආරක්ෂක ඇතුළු අදාළ වෙනත් අංශවල ඇතැම් නිලධාරිනට නොවැටහීම ඉතා භායනකය.
සේරුවිල ෙචෙත්‍ය රාජයාණන් මෑතකදී රුපියල් ලක්ෂ 400 ගණනක් වැයකොට පිළියම් කොට තිබියදී නැවත එහි පාදම ගැන කලබල වන්නට කිසිවකුට ඇති වුවමනාව කුමක්ද? එහි සත්මහල් ප්‍රාසාදයේ පිටිපස තිබූ පෞරාණික නයි පෙන 9ක්ද ගලවාගෙන ගොස් ඇති බව කියති. එසේ නම් මේ පිටුපස ඇත්තේද නිදන් සෙවීමක් හෝ අන් කවර හෝ “වෙළෙඳාමක්” බව අම්පාර පොලිසියට හෝ පුරාවිද්‍යා නිලධාරින්ට නොවැටහීම පුදුමය. එළිපිට සිදුවන මෙවැනි පුරාවස්තු මගඩි පිළිබඳව, නම් කියවෙන දේශපාලනඥයන් හෝ අන් කවර පුද්ගලයන් හෝ අත්අඩංගුවට ගත නොහැකි නම් හොර රහසේ නිදන් හාරා පැනයන සොර දෙටුවන් අල්ලා ගැනීම ගැන කවර කතාද?

0 comments:
Post a Comment