728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 14 March 2014

මලයාසියානු ගුවන්යානයේ අතුරුදහන්වීම තවමත් අභිරහසක්...!

 අතුරුදහන් වූ මලයාසියානු ගුවන්සේවයට අයත් MH370 ගුවන්යානය සෙවීම සඳහා මේ වනවිට ගුවන්යානා 34ක් සහ නැව් 40ක් යොදවා තිබේ. නමුත් යානය අතුරුදහන්වීමට හේතුව තවමත් අභිරහසකි.

එම යානයේ ගමන් ගත් ඇතැම් මඟින්ගේ ජංගම දුරකථනයක් තවමත් නාද වන අතර ඒවාට කිසිවෙකුත් පිළිතුරුදීමක් සිදුවන්නේ නැති බවද වාර්තාවේ. චීන රූපවාහිනී නාලිකවක් විසින් එලෙස දුරකථනය නාදවන අයුරු ඇසෙන වීඩියෝවක්ද විකාශය කර තිබේ.



ගුවන් යානයේ ගමන් ගත් මඟීන් හතර දෙනෙකු භවිතා කර ඇත්තේ මීට පෙර තායිලන්තයේදී පැහැරගත් බලපත්‍ර නිසා ත්‍රස්ත ක්‍රියාවක් නිසා මෙම අනතුර සිදුවූ බවටද බලධාරීන් සැක කරයි.

ඔවුන්ගෙන් දෙදෙනෙකු තම ගුවන් ටිකට්පත් මිලදීගෙන ඇත්තේද එකම වේලාවක වීම මෙම සැකය තවත් වර්ධනය කරන්නක් වී තිබේ. නමුත් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් තවමත් එය තමන් කළ බවට පිළිගෙන නැහැ.

කෙසේ වුවද යානය අනතුරට පත්වීමට පෙර ආපසු ක්වාලාලම්පූර් වෙත හැරවූ බවට අවසානයේ රේඩාර් තිරයේ සටහන්ව තිබීම නිසා එසේ වන්නට ඇත්තේ ඇයි කියාත්, එවැන්නක් නියමුවා විසින් පාලක මධ්‍යස්ථානයට නොදැන්වීයේ ඇයිද යන්නත් තවමත් අභිරහසක්.

මේ අතර ගුවන් යානය අතුරුදහන් වූ බවට සැක කෙරෙන ප්‍රදේශයේ සැතපුම් 12ක් පමණ ප්‍රදේශයක පුරා විහිදී ඇති තෙල් පැල්ලමක් වියට්නාම නාවික හමුදාව විසින් සොයාගනු ලැබුණි. නමුත් මෙම තෙල් අතුරුදහන් වූ එම බෝයිං ගුවන් යානාවේ තෙල් ම ද යන්න පරීක්ෂා කිරීමට මේ වනවිට තෙල් සාම්පල ලබාගන තිබේ.

එමෙන්ම ගුවන්යානයේ දොරක් හා වල්ගයේ කොටසක බවට සැක කෙරෙන කොටස දෙකක් පාවෙමින් තිබියදී ඊයේ ජායාරූපයකට හසුකරගන තිබේ. නමුත් එම කොටස ගුවන්යානයේම කොටසක්දැයි තවමත් මලයාසියානු ගුවන් සමාගම විසින් තහවුරු කළ නොමැත.

යානය පිළිබඳව සොයාබැලීමට යොදවා ඇති නෞකා 40 ට අමතරව චීනය විසින් South China Sea Rescue 101 නම් මීටර් 110ක් දිග තවත් නෞකාවක් එම ප්‍රදේශයට පිටත් කර ඇති අතර චීනයේ සන්‍යා වරායේ සිට ගුවන් යානයට අතුරුදහන් වූ ස්ථානයට ඇති දුර නාවික සැතපුම් 700ක් නිසා එය ලඟාවීමට නියමිතව ඇත්තේ අද සවසයි.

අනතුරට පත් යානයේ සිටි මගීන්ගේ ඥාතීන් තවමත් බීජිං ගුවන් තොටුපළේ රැඳී සිටින අතර ඔවුන් ගුවන්තොටුපළ බලධාරීන් සමඟ කලහකාරී ලෙසයි හැසිරෙන්නේ.

සාමාන්‍යයෙන් ගුවන් යානයක් අනතුරට පත්වීමට හැකි වන්නේ එය ගුවන්ගතවීමේදී හා නැවත ගොඩබෑමේදීය. ඉහල අහසේ ගමන් කිරීමේදී අනතුරක් සිදුවීමේ ඉඩකඩ බොහෝ අඩුය. එසේ අනතුරකට පත්වන්නේ නම් සිදුවිය හැක්කේ පහත ක්‍රියාවන් නිසාය.

1) ගුවන්යානයේ බඳට හානිවීම- මෙමඟින් ගුවන්යානයේ එන්ජින් වලටද හානි වී ගුවන්යානය කඩාවැටිය හැකිය. නමුත් එසේ සිදුවීමේ අවදානම ඉතා අඩුය.

2) කාලගුණික අනතුරු: කුණාටු ඇතිවීම ආදී අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා ගුවන්යානයක් අනතුරට පතිවිය හැකිය. නමුත් මෙම ආනතුර සිදුවන අවස්ථාවේදී පැහැදිළි අහසක් තිබී ඇති අතර එවැනි අයහපත් කාලගුණික තත්ත්වයක් තිබී නැත.

3) ගුවන් නියමුවා මංමුලාවීම: සාමාන්‍යයෙන් ගුවන්ගතවීමෙන් පසසුව යානය ස්වයංක්‍රීය අවස්ථාවේ පවතින අතර එය වෙනස් කර ගුවන් නියමුවා ගුවන් යානය පහතට හැරවීමෙන් අනතුරකට පත්විය හැකිය.

4) යානයේ එන්ජින් දෙකම එකවර අක්‍රියවීම: මෙසේ සිදුවීමේ සම්භාවිතාවද ඉතාමත් අඩුය. නමුත් 2008 වසරේ බ්‍රිතාන්‍ය ගුවන්යානයක් හීත්‍රෝ ගුවන්තොටුපලට ගොඩබෑමට ආසන්න වෙත්ම එන්ජින් දෙකම අක්‍රියවී තිබුණි. නමුත් එවන් අවස්ථාවක ඉහල අහසේ සිට ඒ වනවිට යානය ලබාගන තිබූ වේගයත් සමඟ ගොඩබිමක් වෙත විනාඩි 20ක් පියාසර කිරීමේ හැකියාව ගුවන් යානයකට තිබේ. එම කාලය තුළ ගුවන් නියමුවාට ඒ බව පාලක මධ්‍යස්ථානයක් වෙත දැන්වීමේ ඉඩකඩද තිබේ.


5) බෝම්බයක් පිපිරීම: ගුවන්යානයේ තිබූ බෝම්බයක් පුපුරායාම නිසා යානය එක්වරම කැබලිවී ගිනිගෙන දැවීයා හැකිය.

6) යානය පැහැරගැනීම: සාමාන්‍යයෙන් යානයක් පැහැරගැනීමේදී කොල්ලකරුවන් විසින් තම ඉල්ලීම් උදෙසා එය වෙනත් ගුවන් තොටුපලක් වෙත රැගෙන යයි. නමුත් 9/11 වැනි සිද්ධීන් සැලකීමේදී ගුවන්යානයේ නියමු කුටියේ පොරබැදීම නිසා එය කඩා වැටිය හැකිය

7) ගුවන් නියමුවා සියදිවි හානි කරගැනීම: 1990 වසරේ ගුවන්යානා දෙකක අනතුරට පත්වී ඇති අතර ඒවාට හේතුවී තිබුණේ ගුවන් නියමුවා විසින් සියදිවි හානිකරගැනීමයි.

8) අත්වැරදීමකින් පහරදීම: සතුරු ගුවන්යානයක් යැයි සිතා යම් රටක හමුදාවක් විසින් වෙඩි තබා හෝ මිසයිල ප්‍රහාරයකින් ගුවන්යානයක් බිම දැමීම නිසා ආනතුරකට පත්විය හැකිය
.

ගුවන් යානයේ සිටි මඟියෙකුගේ ජංගම දුරකථනය තවමත් නාද වන වීඩියෝව පහතින්.






 වියට්නාම මුහුදේ දක්නට ලැබෙන තෙල් පැල්ලමේ ජායාරූප පහතින්.

 වියට්නාම මුහුදේ පාවෙමින් තිබූ ගුවන්යානයේ බවට සැක කෙරෙන කොටස් පහතින්.

 සොරාගත් ගුවන් බලපත්‍රයේ මුල් අයිතිකරු තමාගේ නව බලපත්‍රය මාධ්‍යයට පෙන්වමින්.

 සර්ව ආගමික පූජකයන් විසින් අනතුරට පත් ගුවන් යානයේ මඟීන් වෙනුවෙන් පැවැත්වූ ආගමික වතාවත් සිදුකළ අයුරු පහතින්.



 සෝදිසි මෙහෙයුම් හා ගලවාගැනීමේ කටයුතු සඳහා චීනය යෙදවූ නෞකාව පහතින්.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මලයාසියානු ගුවන්යානයේ අතුරුදහන්වීම තවමත් අභිරහසක්...! Rating: 5 Reviewed By: Unknown