728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 15 March 2014

දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධිය...


ටිකට් නැතිව දුම්රියේ ගිය මගියාට දඩ ගෙවන්න සල්ලි නෑ කොටුව විනිසුරු නඩුවත් අසා දඩයත් ගෙවයි
මහෙස්ත්‍රාත්වරයා විසින් දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධියක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.

ටිකට් නොමැතිව දුම්රියේ ගමන් කළ පුද්ගලයකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා රුපියල් දෙදහසක දඩ මුදලක් ගෙවීමට නියම කෙළේය. එම දඩ මුදල ගෙවීමට නොහැකි නම් මාස තුනක් සිරගතවීමටද නියම කෙළේය.

බදුල්ල, තල්දෙන පදිංචි මුදයන්සේලාගේ ප්‍රෙමරත්න නමැති සැකකරුවකුට මේ දඩ මුදල නියම විය.
දඩ මුදල ගෙවීමට තමන් අත ප්‍රමාණවත් මුදල් නොමැති බව සැකකරු පවසා සිටි අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය භාර පොලිස් නිලධාරියාට රුපියල් දෙදහසක් ලබාදී දඩ මුදල ගෙවන ලෙස නියෝග කෙළේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධිය... Rating: 5 Reviewed By: Unknown