පිටිදූවේ සිරිධම්ම හදිසියේ රහත්වීමත් සමඟ උත්වහන්සේ අභියෝග කළේ ඕනෑම කෙනෙකු තමන් සමඟ වාදයට පැමිණ තමන් පරාද කරන ලෙසයි.
වාද කිරීමට කිහිප දෙනෙක්ම ඉදිරිපත්වූවත් සිරිධම්ම කිසිම වාදයකට සහභාගී වූ බවක් වාර්තා නොවිණි.
සිරිධම්ම දැන් අලුතින් මහණ වන තරුණයන් අවුරුදු තුනෙන් රහත්කිරීමට පටන්ගන තිබේ. තවත් අයට රහත්වීමට අවුරුදු හයක් වත් අවශ්‍ය බව පවසන්නේ මුහුණ බලාය.
පසුගියදා සිරිධම්මගේ උපන්දිනය සැමරූ අතර ඒ සඳහා පෙර පරිදිම විශාල කේක් ගෙඩියක් කපන ලදි. ඒ සඳහා සෝමා එදිරිසිංහ, දුමින්ද සිල්වා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාද සහභාගී තිබුණි.
මෙවර උපන්දින උත්සවයේ විශේෂය නම් ඊට සමගාමීව තරුණයන් කිහිපදෙනෙක් මුලා කරමින්, ඔවුන්ගේ දෙමාපිය අවසරයද නොමැතිව මහණ කිරීමයි
පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් තරුණයන් මහණ කිරීමට පෙර එයින් එක් තරුණයෙකුගේ පියෙක් මෙම සිද්ධීන් පිළිබඳව රිවිර පුවත්පතට පසුගියදා පවසා තිබුණේ මෙවැන්නක්.
"අද අපේ ගෙදරම මල ගෙයක් වගේ. හොඳට ඉගනගෙන හොඳ රැකියාවක් කරගන හිටපු අපේ පුතා හරි මඟය යනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතිව අපිට මේ දරුවාට ආශිර්වාදය ලබාදෙන්න අපිට පුළුවන්
නමුත් මේ දරුවා මහා පුදුම විදිහට මුලා කරලා. ඒ දරුවාගේ අනාගතය අඳුරු කරන්න හදන වැඩක් විදිහටයි අපි මේක දකින්නේ. මේ ගැන කතා බහ කරන්න අපේ පුතා ආශ්රමයට ගිය වෙලාවේ සමන්ත භද්‍ර හිමියන්ගේ ගෝලබාලයින් එයාට ගහන්න ගිහින් තියනවා
රහත් භාවයට පත්වුණු අය ලඟ එහෙම මැරයෝ ඉන්න පුළුවන්ද? මගේ පුතාට අවුරුදු 3කින් රහත්භාවය ලබාදෙනවා කිව්වලු. ලොකු පුතාට නම් අවුරුදු 6ක් වත් යයි කිව්වලු.
මොනවද මේ කතා? හරියට නිකන් රියදුරු පුහුණුව ලබාදීලා මෙච්චර කාලෙකින් බලපත්‍රයක් ලබාදෙනවා වගේ රහත් භාවය ලබාදෙන්න පුළුවන්ද?
මේ හාමුදුරුවෝ මොකක්ද මේ අපේ තරුණ පරපුරට කරන්න යන අපරාදේ? අපි තාමත් ලොකු උත්සාහයක යෙදෙනවා අපේ දරුවා මේ තත්ත්වයෙන් බේරාගන්න. ඒ නිසයි අනන්‍යතාවය හෙළි නොකර මේ විදිහට අපේ අදහස් කියන්නේ. මේ දරුවා බේරාගන්න අපිට හැකි වුණොත් එතැනින් පසු නැවත ඒ දරුවා සමාජගත වෙන්න ඕනේ."
පිටිදුවේ සිරිධම්ම "රහතන් වහන්සේ" මෙවර උපන්දිනය සැමරූ අයුරු පහතින්.

0 comments:
Post a Comment