පසුගියදා අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය ගැන පැහැදිලි තොරතුරක් තවම හමුවී නැත. එහෙත් ඉන්දියාවේ අධ්‍යාත්මික බලයෙන් විස්කම් පෙන්වන රාමචන්ද්‍ර ගුරුජී රූපවාහිනී වැඩසටහනකට එක්ව ඉදිරිපත් කළ පුද්ගලයින් දෙදෙනෙකුගේ ආත්ම ආවේශන කථන මගින් මෙම විපත සිදුවූ ආකාරය එළිදරව් කර ඇත.
ඔවුන් කියන්නේ මගියෙකු විසින් පාලනය අතට ගත් මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති බවත් එහි සිටි සියලුම මගීන් මියගොස් ඇති බවත්ය. යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෝහන නිද්‍රාවෙන් ආත්ම ආවේශනයට පත්වන කාන්තාවක විසින් විස්තර කර තිඛෙනවා.
සජීවී රූපවාහිනී වැඩසටහනකදී දෙදෙනෙකු මෝහන නිද්‍රාවට පත්කර මැලේසියානු යානයේ සිදුවීම මේ ආකාරයට ගෙනහැරපාන්නට රාමචන්ද්‍ර ගුරුජී උත්සාහ කර තිඛෙනවා.
මතකයන් කැඳවීම ගැන දේශන පවත්වමින් ඉන්දියාවේ ප්‍රකට නමක් දිනා සිටින රාමචන්ද්‍ර ගුරුජි මතකයන් තුළට යාමට හැකි ප්‍රවීණයෙකු ලෙස පිළිගැනීමක් ඇති කෙනෙකි.
සුවර්ණ නිවුස් නමැති නාලිකාවේ විකාශයවූ මේ වැඩසටහන සඳහා පැමිණි රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට උත්සාහ කර තිබුණා.
එම කාන්තාව සිදුකරන විස්තරයේ හැටියට යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයට ඇය ඇතුළුවූ පසු දැකගත් දේ විස්තර කර තිබුණා. ඇය කියන ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු බව කිව්වා. පසුව භයංකර ලෙස යානය හරවා වෙනත් ගමන් පථයක ගෙනගිය බවත් අවසානයේ යානය මුහුදට පතිතවූ බවත් ඇය කිව්වා.
යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී තිබුණ බවත් යානයේ එක් දොරකින් ජලය ඇතුළට එන ආකාරයද මෙම කාන්තාව දැක ඇතැයි විස්තර කර තිබුණා.
පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාළ ආත්මය මියගිය ආකාරය ඇය විස්තර කරනවා.
මෙම විස්තර සඳහන් ගුරුජිගේ රූපවාහිනී වැඩසටහන

0 comments:
Post a Comment