ජිනීවා සමුළුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නායකයන්ගෙන් පෞද්ගලිකව ඉල්ලීම් කිරීමට පටන්ගෙන ඇතැයි ඊයේ වාර්තා විය. ඒ අතර යුද අපරාධ චෝදනා නගමින් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව තවත් අසත්‍ය වීඩියෝ පටයක් නිකුත් කර ඇතැයිද පැවසේ.
වසර තිහක යුද්ධයක් සඳහා කොටි ත්රස්තවාදීන්ට කවා පොවා ඇතිදැඩි කළ කැමරන්ලා අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කලබල වී ඇත්තේ මුල අමතක උන්මත්තකයින් සේය. කොටි සංවිධානයේ ජාත්‍යන්තර මූලස්ථානය ආරම්භ වන්නේද ලන්ඩන් නුවරය. ඒ අනුව ලොව දරුණුතම ත්රස්තවාදීන් උසිගන්වා රටක් ලේ විලක් කරන තුරු බලා සිට එම මිලේච්ඡයන් දණ ගැස්වීම වරදක් යැයි දැන් අපට ඇඟිලි දිගු කිරීම කැමරන්ලාගේ සුපුරුදු කුහක වත හෙළිදරව් වීමක් මිස අනෙකක් නොවේ. එසේ වුවත් ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී සිවිල් වැසියන් මිය යෑම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් නොවේ යැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන නිලධාරියකු ජිනීවා සමුළුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද අනාවරණය වෙයි.
මේ අතර මෙරට බස්නාහිර හා දකුණු පළාත් ඡන්දය නිරික්ෂණය කිරීමේ මෙහෙයුමක් සඳහා ඇමෙරිකාව අරඅඳිමින් සිටින බව පසුගිය ඉරිදා ‘රිවිර’ මුල් පුවතින් වාර්තා විය. කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒ සඳහා අධි තාක්ෂණික කැමරා 1500ක් හා ජංගම දුරකථන 1500 ක් ගෙන්වා ඇතැයි අනාවරණය වී ඇත. මෙම සන්නිවේදන උපකරණ මැතිවරණයට පෙර සිය සබඳතා ජාලය වෙත බෙදා හැර මැතිවරණ වකවානුවේ ඡන්ද නිරීක්ෂණය මුවාවෙන් විවිධ ඔත්තු බැලීමේ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බවද පැවසේ. මෙම ඉතා කුඩා සූක්ෂ්ම සන්නිවේදන උපකරණ මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ක්ෂණිකව ජාත්‍යන්තරයට තොරතුරු යැවීම මෙහි අරමුණ බැවින් ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙසේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම බෙහෙවින් පිළිකුල් සහගතය. ඇමෙරිකාව සිය යෝජනාවට පක්ෂපාතීත්වය ලබාගැනීම අරමුණු කොටගෙන ඉන්දියාවට ආර්ථික සම්බාධක පැනවීමට පවා ගත් උත්සහයක් පසුගියදා වාර්තා විය.
තමන් සිදුකළ යුද අපරාධ ගැන වගේ වගක් නැති ඇමෙරිකාවද අනුන්ගේ වස්තරවල කැත කුණු සෙවීමට මහත් කැමැත්තක් දක්වන්නේ තමන්ගේ වස්තරයේ ඇති ගන්දස්කාරයේ තරම නොදන්නා සේය. 2012 වසරේදී නිරායුද කළු ජාතිකයන් සිය ගණනක් වෙඩි තබා මරා දමමින් එම වසර තුළ පුද්ගල ඝාතන දහස් ගණනක් සිදු කළ බවද දැන් ඔවුන්ට අමතකව ගොසිනි. පාකිස්තානයට හා ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ඇමෙරිකානු ඩේරා්න් ප්‍රහාරවලින් ඝාතනය වන්නේ සිවිල් පුරවැසියන් නොවේ යැයි ඇමෙරිකාවට සහතික විය හැකිද? ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය සේ පිළිගත් කුරිරු කොටි මෙරටට කළ අප්‍රමාණ විනාශය ගැන අල්පමාත්‍ර හැඟීමක් නැති යුදවාදීන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් නැවතත් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය ඇවිළවීමට ගිනි පිඹින්නේ ඔවුන්ගේ යුද අවි ජාවාරමටද එයින් ලැබෙන පිටිවහල සිත තබාගෙන බවට සැක නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ යුද අපරාධ යෝජනාව ශ්‍රී ලංකාව විසින් දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පසුගියදා නිවේදනය කිරීමද බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව මෙසේ නන් දෙඩවීමට තවත් හේතුවක් බව පෙනේ. දෙවතාවක්ම බටහිර නඩය ජිනීවා සමුළුවේදී අපට නැගූ චෝදනා තෙවැනි වරටද එල්ල කිරීමට කැස කවන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන සාමය හා සංවර්ධනය පිළිබඳ කිසියම් ද්වේශ සහගත හැඟීමක්ද පෙරදැරිවය. මේ ආදී වශයෙන් බ්‍රිතාන්‍ය ඇමෙරිකාව ඇමෙරිකාව ශ්‍රී ලංකාව තුළ තානාපති කාර්යාල මගින් මෙරට අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට ගෙන යන කූට උප්පරවැට්ටි ගැන අදාළ බලධාරීන් මනා අවධානයෙන් සිටීමේ අවශ්‍යතාව අපි අවධාරණය කරමු.

0 comments:
Post a Comment