මාතර මුහුදු වෙරළේ පෙම්සුව විඳින පෙම්වතුන්ට පොලිස් පාට් දමා තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කරන වෛද්‍යවරියකගේ සැමියෙක් මාතර ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනියකගේ සැමියා වන බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙකි. තරුණියන් පැහැරගෙන යෑමට යොදාගන්නා වෛද්‍යවරියට අයත් මෝටර් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාතර, කැකනදුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් හා අකුරැස්ස පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි තරුණියක් මාතර තානායම පිටුපස මුහුදු වෙරළේ පෙම්සුව විඳිමින් සිට ඇත.
මෙම අවස්ථාවේ ඉහත කී සැකකරු එම ස්ථානයට පැමිණ ඔහු පොලිස් පරීක්ෂකවරයකු බව පවසා මේ ස්ථානවල අශෝභන ලෙස හැසිරීම වරදක් බව පවසා මාතර පොලිසියට ගෙනයෑමට ඔහුගේ මෝටර් රථයට නඟින ලෙස දන්වා ඇත.
ඒ අනුව මේ පෙම් යුවළ මෝටර් රථයට ගොඩවූ පසු දුම්රිය පොළ අසලට පදවාගෙන පැමිණ ඇති සැකකරු තරුණයාට මෝටර් රථයෙන් බැස පිටුපස නොබලා දුවන ලෙස දන්වා තරුණිය රැගෙන තංගල්ල ප්‍රදේශයේ පාළු ස්ථානයකට ගෙන ගොස් දූෂණය කර ඇත. තරුණිය මාතර රෝහලට ඇතුළත් කර ඇත.
ඒ අනුව පොලිස් පරීක්ෂකවරිය මාතර සිට තංගල්ල දක්වා ව්‍යාපාරික ස්ථානවල ඇති සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී මාතර හැටන් නැෂනල් බැංකුවේ කැමරා පද්ධතියේ මේ වාහනය රූගතවී තිබීම නිසා ඒ අනුව වාහනය සොයා මෙහෙයුමක් දියත්කර ඇතත් එය අසාර්ථකවී ඇත.
පසුව පුද්ගලයකු මාතර වෙරළ තීරයේ මේ මෝටර් රථය තිබෙන බව දැන්වීමෙන් පසු මේ වාහනය සොයා මාතර වෙරළ පාරට පිවිසෙන විට එම වාහනය ගමන් කරනවා දැක වාහනය පසුපස හඹාගොස් මෝටර් රථය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අවස්ථාවේ සැකකරු වෛද්‍යවරයකු බව පවසමින් පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධාවෙන ලෙස හැසිරී ඇත. වාහනය පරීක්ෂා කිරීමේදී වාහනයේ කොන්ඩම්, කෑම බීම, ඇඳුම් පැලඳුම් ද තිබී සොයාගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු බරවකුඹුක ප්‍රදේශයේ සිට ලොතරැයියක් ගැනීමට මාතරට පැමිණි බව පවසා ඇත. ඔහුගේ බිරිය වන වෛද්‍යවරිය පවසා ඇත්තේ මේ ගැන කිසිවක් නොදන්නා බවත්, සැමියා මාතර යන බව පවසමින් නිවෙසින් පිටත්වන බවයි.
0 comments:
Post a Comment