ප්‍රවීන චිත්‍රපට, ටෙලිනාට්‍යය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දීර්ඝ කාලයක සිට මර්සි එදිරිසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලැබුවා. 1964 වසරේ නවක මඩල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරඹූ මර්සි එදිරිසිංහ 1967 වසරේදී වේදිකා නාට්‍යය කලාවට අවතීර්ණ වුණා.මිය ගිය මර්සි එදිරිසිංහ ගේ අවසන් පුවත්පත් සාකච්ඡාවන් දෙකක්.....
'මට වූ දේ සිතා ගන්නට බැහැ..'
- ප්‍රවීණ කලා ශිල්පිනී මර්සි එදිරිසිංහ
මර්සි සුව වී යළි රඟන්න
"මර්සි අක්කට අසනීපයි. අනේ... ටිකක් කතා කරලා බලන්න" ඒ කවදත් කලාකරුවන්ට ලෙන්ගතු ඔවුන්ගේ කටයුතු පිළිබඳව නිතර සෙවිල්ලෙන් පසුවන අපේ ප්‍රධාන කතුතුමන් සහ සිනමා කලා සංස්කාරකවරයාද වන නාරද නිශ්ශංක මහතාගේ හඬය. එසැණින්ම දුරකථනය වෙතට ගිය මා ආදරණීය ප්‍රවීණ කලා ශිල්පිනී මර්සි එදිරිසිංහ මහත්මියට ඇමතුමක් ගතිමි. වෙනදාට සිනහව පිරුණු හඬින් ඉතාමත් ලෙන්ගතුව අප අමතමින්, "කොහොමද මල්ලියේ... මොනවද බං මේ දවස්වල විස්තර, විවේකයක් ලැබුණු ගමන් උඹලව බලන්න එනවා" ආදී පැවසූ ඇගේ රටක් වසඟයට ගත් ලෙන්ගතු දයාබරිත හඬ අද කිසියම් අයුරකින් දුබලව ඇතැයි වටහා ගැනීමට මට එතරම් අපහසු වූයේ නැත. වෙනදාමෙන් ප්‍රශ්න අසමින් ඇය විඩාවට පත් නොකොට "මගේ අක්කේ... මොකද වුණේ" යෑයි මා සෙමින් විමසීමි. මේ.. මගෙත්, ඔබෙත් නෙතු කඳුළින් තෙත් කරමින්, ඇය පැවසූ ඇගේ කඳුළු කතාවයි.
"අනේ ඇත්තටම මට වෙච්ච දේ සිතා ගැනීමට බැහැ... මට හුඟාක් අමාරු වුණා. මීට මාස හයකට ඉස්සරදී තමයි මට මේ ලෙඩේ හැදුණේ. එතකොට මට ශල්‍යකර්මයකුත් කළා. ඒකෙන් පසුව කොන්දේ අමාරුවක් ආවා. කොටින්ම මට ඇවිදින්නත්, ඉඳගන්නත් බැරිව ගියා. ඒක ලොකු වේදනාවක්. මගේ අසනීපයට ප්‍රයිවෙට් දොස්තර මහත්වරුන්ගෙන් බෙහෙත් ගනිමින් ප්‍රතිකාර ගත්තා. සල්ලි ගෙවන රෝහල්වල නතර වී ප්‍රතිකාර ගත්තා."
"ඒත් සිතූ තරම් සුවයක් ලැබුණේ නැහැ. මගේ සන්තකයේ තිබුණු සියලු දේත් නැතිවුණා. රත්තරන් බඩු උකසට තබා බිල් ගෙවන්න සිදු වුණා. ඊට පසුව මම රාගම රජයේ රෝහලේ නැවතී ප්‍රතිකාර ලබා ගත්තා. ඒ දොස්තර මහත්වරුන්ගේ ප්‍රතිකාර නිසා තරමක් සුවය ලබා ගෙදර ආවා. ඒත් මට ඇවිදින්න, ඇඳෙන් බහින්න බැරිව ගියා. ඉකුත් දෙසැම්බර් මස 18 වැනිදා මගේ උපන්දිනය. එදා මට සුබපතන්න අපේ ජනාධිපතිතුමා කතා කළා. ඒ වෙලාවේ මට කතා කරගත නොහැකිව හැඬුම් ආවා. සර් මට හුඟක් අමාරුයි. මම ඉන්නේ ලෙඩ ඇඳේ. මගේ සේසතම නැතිවූ බවත්, ඒත් සිතූ තරම් සනීපයක් නොමැති බවත්, මට උපකාර කරන ලෙසත් එතුමන්ගෙන් ඉල්ලා සිටියා. එතුමන්ට මේ ගැන දැන්වූයේ නැත්තේ ඇයි කියා අසා මට උදව් කරන්න වැඩ පිළිවෙළක් යොදන බවට පොරොන්දු වුණා. ඊට පසු සංස්කෘතික සහ කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ මැදිහත් වීමෙන් මට ගමන් කරන්නට සුදුසු රථයක් වරකාපොල මගේ නිවසට එව්වා. ඒකෙන් කොළඹ ඇවිත්, ජනාධිපතිතුමාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට මා යොමුකළා. ඒ මහත්මයා මාව පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදී මගේ කඩාවැටී තිබුණු මානසිකත්වයත් නඟාසිටුවීමට පියවර ගත්තා. ඇත්තටම මට වූ දේ තවමත් සිහිනයක් වගේ. ඉකුත් නත්තල් සමයේදීත් මා නත්තල් වැඩසටහන්වලටත් එක්ව ගීතිකා ගයමින් වෙනත් කලා කටයුතුවලත් නියෑළී සිටියා. හැබැයි මගේ කෑම ගැනීම අඩු වුණා. දැන් කකුල ඉදිමිලා. සීනි පාලනය කරන්න විදිහක් නැහැ. ඒත් දැන් මට ප්‍රතිකාර කරන කාන්ති පෙරේරා දොස්තර නෝනා නිසා තරමක් සුවයි. ඇය හැඟුම්බරව වේදනාවෙන් පැවසීය.
කොළඹ ඇවිත් බෙහෙත් අරන් ගියාට පසුව ඔබ පිළිබඳව කිසිවකු නැවත සොයා බැලුවේ නැතිද...?
සංස්කෘතික කටයුතු අධ්යක්ෂ විජිත් කණුගල මහතා මගේ නිවසට පැමිණ මගේ ප්‍රතිකාර වෙනුවෙන් මෙතෙක් කරන්නට සිදුවුණු සෑම විය පැහැදමක් ගැනම විස්තර ලබා ගත්තා. ඉදිරියේදී කුමන හෝ උපකාරයක් ලැබෙතැයි බලා සිටිනවා. මීට අමතරව මගේ පවුලේ අය තමයි මට උපකාර කරන්නේ. ගර්ටී, රංජනී, රාජී සහ ලතිකා කියන මගේ සහෝදරියන් මේ මොහොතේ මා අසල සිටින ශක්තිය බව සිහිපත් කළ යුතුයි. ලබන මාර්තු මාසයේ 3 වැනිදා මා වෙනුවෙන් ගීත ප්‍රසංගයක් පවත්වන්නට ජාතික රූපවාහිනියේ අතුල රන්සිරිලාල් මහතා ප්රමුඛ හඬ කැවීම් මඬුල්ල සූදානමින් පසුවෙනවා. දැන් මගේ කලා දිවියට දශක පහක්. මේ ප්‍රසංගයට එයත් නිමිත්තක්. "සකුරා බෑන්ඩ්" සංගීත කණ්ඩායම එදාට සංගීතය සපයන්නේ නොමිලේ. මේ ප්‍රසංගය වෙනුවෙන් නිකුත් කරන ටිකට්පත මිලදී ගැනීමත් මට කරන උපකාරයක්. මට ආදරය කරන විශාල රසික පිරිසක් මේ රටේ ඉන්නා බව මම දන්නවා. මේ මොහොතෙත් ඔවුන් මා වෙනුවෙන් ආශිර්වාද පූජා පවත්වන බවත්, මා දන්නවා. ඒ හැමෝටම පින්. අනේ ඒත් ඔවුන්ට කෘතගුණ සැලකීමට මට නැවත රඟන්නට හැකිවේදැයි සැක සහිතයි.
දුරකථනයෙන් ඇසෙන ඇගේ හැඟුම්බර වූ වදන් නවතාලන්නට මට කිසිවක් කළ නොහැකිය. කළ හැක්කේ එයට නිසොල්මනේ සවන්දීම පමණි. අද ඇය කලාවේ දශක පහක් පසුකොට තිබුණද ඉන් හරි හම්බකරගත් දෙයක් නැත. ඉතිරිව ඇති දෙයක් වේ නම් ඒ උතුරා යන ප්‍රේක්ෂක ආදරයම පමණි. කලාවට ඈ තුළ ඇත්තේ තවකෙකුට සමාන කළ නොහැකි ආදරයකි. මීට වසර කිහිපයකට ඉහතදී මා සමග "දිවයින සිනමා කලා" වෙනුවෙන් පැවැත්වුණු සංවාදයකදී ඇය පැවසූ බොහෝ තොරතුරු තවමත් මගේ මතකයේ නොමියව පවතී. මේ ඉන් බිඳක් පමණි.
"එයා මගේ ජීවිතය පුරාවට ශක්තියක්ව සිටියා. අපි ආදරය කළා. විවාහ වුණා. ඔහු ලලිත් කොතලාවල. මේ සිද්ධිය වුණේ මා ඔහුගේ අතගත් දිනයේ. එදා හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේ "මුතු කුමාරි" ප්‍රදර්ශනය වූ දිනය. අපි මධුසමය ගත කරන්න පිටත්ව යන මොහොත. ඒත් අප රැගත් රථයට එදා ලුම්බිණි රඟහල පසුකොට යන්නට මා ඉඩ දුන්නේ නැහැ. මගේ සැමියා රිය තුළ සිටියදී ඉන් බැසගත් මා රඟහල තුළට ගොස් "මුතු කුමාරි" නාට්‍යයේ රංගනයට එකතු වුණා. එදා මගේ පැමිණීමට ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් නැගුවත්, රියෙහි තනිව සිටි සැමියා ගැන මට මහා දුකක් ඇතිවුණා. කොහොම වුණත් 2002 වසරේදී හදිසියේ ඇතිවූ අසනීපයකින් ලලිත් මට සදහටම නැතිව ගියා. මේ වගේ තවත් සිදුවීමක් තියනවා. ඒ මගේ පියා නැතිවුණු දවස. එදත් වරකාපොල නාට්‍යයක් ප්‍රදර්ශනය කරන්නට නියමිතව තිබුණා. නමුත් මම කිසිවිටක කිසිවකුගේ සිත රිදවා පොරොන්දු කඩ නොකළ ගැහැනියක්. එදා පියාගේ දේහය නිවසේ තිබියදී මම ගිහින් නාට්‍යයේ රඟපෑවා. මේ වගේ අවස්ථා මගේ කලා දිවියේ එමටයි. ඇය නැවතත් කඳුළු සලයි. කලාව වෙනුවෙන් මෙතරම් කැපකිරීම් කර ඇත්තෙක් තවත් ඇත්දැයි කල්පනා කරන්නට මගේ සිත තැන තැන දිව ගියත් ඒ මතකයන් අතරට තවකෙකු පැමිණියේ නැත. කවුරුන් හෝ පැමිණියේ නම් ඒ මර්සි අක්කා ම පමණය.
මර්සි මාලනී එදිරිසිංහ කලාවට ප්‍රවිෂ්ඨ වන්නේ මෙරටට රූපවාහිනිය පවා පැමිණීමට පෙරාතුවය. "මුවන්පැලැස්ස", "හන්දියේ ගෙදර" (මිස් ඩූ ලිට්ල්), "විනෝද සමය" වැනි අපට සදාතනික මතකයන් ජනිත කළ ගුවන් විදුලි නාටකයන් සමග එක්ව ඈ කළ හඬ නිරූපණයන් මෙරට ප්‍රේaක්ෂක මතකයන් තුළ සදාතනිකය. කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවත්, කැලණියේ පමුණුවිල ශාන්ත ජෝශප් විද්‍යාලයත්, රඹුක්කන පරාක්‍රම විදුහල් මාතාවනුත් ඇයට සිප්සතර හදාරන්නට සෙවණ සැපයූවාය. සය හැවිරිදි වියේදීම රංගනයටද එක්වූ ඇය එවකට "මරියා ගොරෙන්ති" නම්වූ කතෝලික නාටකය හා එක්ව රංගනයට විත් 14 හැවිරිදි වියේදී තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය සංවිධානය වෙනුවෙන් ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාගේ උපදෙස් මත දෙහියගහ මීසම නිෂ්පාදනය කළ "ඇල්දියෙන් මිදි රසට" නම් නාටකයේ රඟපෑවාය. ගායනයටද දක්ෂතා දැක්වූ මර්සි 1964 දී එවකට පැවති එකම ගුවන්විදුලි නාලිකාව වූ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ "නවක මඬල" සංගීත මණ්ඩලයටද එක්වූවාය. 1966 දී වැලිකල රත්නයන් නිපැයූ "උගුරට හොරා බෙහෙත්" නාටකයට එක්ව ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වූ ඇය මේ වන විට වේදිකා නාටක 60කට වැඩි ප්‍රමාණයකදී සිය නිසඟ රංගන ප්‍රතිභාව ගෙනහැර දැක්වූවාය. වේදිකාවේ පෙළහැර පෑ මර්සි එදිරිසිංහ ප්‍රවීණ කලා ශිල්පිනිය "දියමන්තී" චිත්‍රපටයේ රංගනයන් සමගින් සිනමාවටද ප්රවිශ්ට වන්නීය. පසුව "පළඟැටියෝ", "නුවන් රේණු", "හොඳින් නැත්නම් නරකින්" ඇතුළු සිනමාපට රැසකදීම ඇය සිය රංගන දක්ෂතා ගෙනහැර පෑවාය. 1983 දී ආරම්භ වුණු "විනෝද සමය" හා එක්වුණු ඇය එහිදී හාස්‍ය රංගනයේ රජ තුන් කට්ටුව වූ ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු සහ බර්ටි ගුණතිලකයන්ට මැදිවූ එකම කාන්තා චරිතය ලෙස සිනහව පතුරුවමින් රටම හාස්‍ය ගඟුලක ගිල්වමින් ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත්කම් පෑවාය. "සෝමාගේ සිහිනය" ඇය පුංචි තිරයට කැන්දවූ සිහිනයක් නොවූ අවස්ථාවය. අද ඇය ටෙලි නාටක 35 කට වැඩි ප්‍රමාණයක රඟපා හමාරය. වේදික නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස දොරට වැඩිය මර්සි කලා ශිල්පිනිය 1986 දී සිය ප්‍රථම නාට්‍ය නිර්මාණය වූ "මෝහිණී" වේදිකාවට රැගෙන එන්නීය. අනතුරුව "විශ්ව සුන්දරී", "රංකඳ", "තාරවෝ ඉගිලෙති" නාට්‍ය නව නිෂ්පාදනය ලෙසින්ද ඇය විසින් වේදිකාවට ගෙන ආවාය. නැසීගිය ප්‍රවීණ කලා ශිල්පී ටයිටස් තොටවත්ත යන්ගේ මුණගැසීමත් සමග හඬ කැවීමට එක්ව සුරංගනා කතා පෙළ, වලස් මාමා, ඔෂින් වැනි බොහෝ නිර්මාණයන්ට දායක වුණු ඇය වලස් මාමා හි "වලස් නැන්දා" ට සහ "බගලවතී ඉස්කෝලේ හාමිනේ" චරිතයන්ට හඬ කවමින් මෙරට දුවා දරුවන්ගේ සිත් තුළ සදාතනික වූ මතකයන් ශේෂ කෙරුමට සමත් වූවාය.
ඇය කලාවේ නාමයෙන් රැකගත යුතු මාහැඟි සම්පතකි. එදා රටක් සිනහ ගැන්වූ ඇය අද ඔත්පලව එක්තැන්ව සිටියද ඇය වටා රැඳී සිටි ආදරණීය රසික ප්‍රජාව කිසි දිනක ඇය හැර නොයනු ඇති බව අපේ ඒකායන විශ්වාසයයි. ඇගේ දශක පහ ඉක්මවූ කලා දිවිය තුළදී මෙරට කලා කෙත අස්වැද්දීම උදෙසා කළ මෙහෙවරයන් එමටය. ගුවන්විදුලිය, වේදිකාව, පුංචි තිරය සහ සිනමාව ඒ පරිපූර්ණ වූ කලා ශිල්පිනියගේ රංගන කෞෂල්‍යයන් ගෙන් වර්ණවත්ව ඇතුවාට කිසිදු සැකයක් නැත. ඇය වෙනුවෙන් කළ හැකි යම් උපකාරයක් වේ නම් එය කළ යුතු මොහොත මේ දැන්ය. ඒ වෙනුවෙන් ඇගේ සහෝදර කලා ශිල්ප ශිල්පිනියන්ටත්, ඇයගේ සුවහසක් වූ රසික ජනතාවටත්, කළ හැකි දේ බොහෝය. මෙතෙක්a ඇය කලාවෙන් ඉතිරිකොට ගෙන ඇත්තේ ඔබෙත්, අපෙත් "ආදරය" පමණක් බව මෙහිලා ඔබට නැවත සිහි කැඳවමු. අංක 451, නුවර පාර, අඹේපුස්ස, වරකාපොළ ඇගේ ලිපිනයයි. 071-8275098 දුරකථන අංකයයි. මර්සි මාලනී එදිරිසිංහ, ප්‍රවීණ කලා ශිල්පිනියනි, 'දෙව්ලොව දොaණියක' විලසින් සුව වී ඔබ යළි රඟන්න. එය ඔබට ආදරය කරන සැමගේ ප්‍රාර්ථනාව වනු නිසැකය. අපි ඔබට ඉක්මන් සුවයත්, චිර ජීවනයත් හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරමු.
සුජීව තත්සර
ශ්‍රී ලංකාවේ වේදිකාවේ, සිනමාවේ හා රූපවාහිනියේ අතිදක්ෂ රංග ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය දැඩි ලෙස රෝගාතුර වී ශාරීරික හා මානසික වේදනාවන්ට භාජනය වෙමින් වරකාපොළ පිහිටි සිය නිවසේ පසුවන බව බදාදා (15) උදේ අපට දැන ගන්නට ලැබිණ. පසුගිය දිනවල ඇය කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවාය. ඇගේ පිට කොන්දේ හටගෙන තිබෙන දැඩි වේදනාවක් සුවකර ගැනීම සඳහා ඇය රෝහල්ගත වී සිටියාය.
දෙවසරක පමණ කාලයක සිට මර්සි අක්කා විවිධ රෝගාබාධයන්ගෙන් වේදනා විඳින බව අප සමග පවසා සිටියේ ඇගේ බාල සොහොයුරියක් වන රාජි එදිරිසිංහ මහත්මියයි.
පසුගිය වසරේ මර්සි එදිරිසිංහ මහ්තමියගේ ගර්භාශයේ ශල්‍යකර්මයක්ද සිදු කර තිබේ. විටින් විට හට ගන්නා තවත් රෝග හේතුවෙන් ඇය මේ වනවිට දැඩි ලෙස රෝගාතුර වී සිටී.ආහාර ගැනීමට ප්‍රියක් නැත. ඒ නිසා ශරීරය බොහෝ දුර්වලය. සිරුරේ ලේ හිඟකම නිසා පසුගිය දා ලේ පයින්ට් දෙකක් ලබා දී ඇත. වෛද්‍ය උපදෙස් මත ස්කෑන් පරීක්ෂණ රැසක් සිදුකර තිබේ. පිට කොන්දේ වේදනාව සඳහා අධි මාත්‍රාවෙන් යුක්ත වේදනා නාශක පෙති වර්ග ලබා දී ඇmarsi4ති අතර ඉන් මර්ධනය නොවන වේදනාවකින් මධ්‍යම රාත්‍රියේ අවදි වන මර්සි අක්කා හඬමින් රැය පහන් වනතුරු වේදනා විඳින බව රාජි එදිරිසිංහ මහත්මිය පැවසුවාය.
වැඩිදුරටත් ඇය පැවසුවේ පසුගිය දෙවසරක් තිස්සේ මර්සි අක්කා පුද්ගලික රෝහල්වල නවතා ප්‍රතිකාර ලබා දීමට හා බාහිර පරීක්ෂණ සිදු කිරීමට තමා ඇතුළු ස්වාමි පුරුෂයා වන රෝහාන් වීරසිංහ සහ වැඩිමහල් සොහොයුරී ගර්ටි එදිරිසිංහ මහත්මිය කැප වූ බවයි.
“දැන් අපිට එහෙම කරන්න වත්කමක් නැති හින්දයි මර්සි අක්කා රජයේ රෝහලට රැගෙන ගියේ. කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් මර්සි අක්කාට හොඳින් ප්‍රතිකාර කළා. මර්සි අක්කාට තවත් ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගන්න තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දී එම පරීක්ෂණය සිදුකර ගන්න පොරොත්තු ලේඛණයේ සෑහෙන කාලයක් බලා සිටින්නට සිදු වෙනවා. පුද්ගලික අංශයෙන් එම පරීක්ෂණය සිදු කර ගන්න රුපියල් එක්ලක්ෂ තිස් දහසක් පමණ වැය වෙනවා. මර්සි එදිරිසිංහ අක්කාගේ රංගනයට ආදරය කළ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඇයට මේ අවස්ථාවේ කළ හැකි උපකාරයක් ලබා දෙන ලෙස.ඇගේ ගිනුම් අංකය මෙසේය.
මර්සිඑදිරිසිංහ. ගිනුම් අංක : 0700 -010 20486 – 101 සෙලාන් බැංකු ශාඛාව වරකාපොළ.
මර්සි එදිරිසිංහ මහත්මියගේ කලා ජීවිතයට මෙම වසරේ දී 50 වසරක් සම්පූර්ණ වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මර්සි එදිරිසිංහ මහත්මියගේ උපන් දිනයදා, එනම් ඉකුත් වසරේ දෙසැම්බර් මස 18 වැනිදා ඇයට කතා කර සුබ පැතූ අවස්ථාවේ මර්සි අක්කා අසනීපයෙන් පසුවන බව දැන ගත්තේය. අනතුරුව එම අවස්ථාවේ හැටියට කළ හැකි උපරිම උදව් උපකාර ජනාධිපතිවරයා විසින් ලබා දුන් බව අපට පැවසුවේ රාජි එදිරිසිංහ මහත්මියයි. මර්සි අක්කා නැවතී සිටි පෞද්ගලික රෝහලට ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක් ගෙවා දැමීමට සංස්කෘතික අමාත්‍යංශය පසුගිය වසරේ පොරොන්දු වී තිබේ.එහෙත් අමතක වීමකින් හෝ වේවා, වෙනත් කාරණාවක් නිසා හෝ වේවා එම පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බැවින් එය ඉටු කර දෙන ලෙස අප ඉල්ලා සිටිමු.
මෙහි ඉතා ශෝකජනක පැත්තක් තිබේ. එනම් පනස් වසරක් මුළුල්ලේ වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනියේ නිර්මාණ විශාල ප්‍රමාණයකට දායක වූ රංගන ශිල්පිනියක හා දක්ෂ ගායිකාවක වන මර්සි එදිරිසිංහ මහත්මිය දකින්නට, සුවදුක් විමසා අතීත රසබර,දුක්බර මතකයන් ඔස්සේ සිනහවක් කඳුලක් නඟන්නට සමකාලීනයන් කිසිවකු ඇය හමුවට මෙතෙක් marsi5නොපැමිණීමයි. වරකාපොළ හන්දිය පසුකර ගෙන පසුගිය කාලයේ ෂූටින් හෝ වෙනත් ප්‍රසංග සඳහා මර්සි අක්කාගේ සමකාලිනයන් බොහෝ දෙනා නුවර දෙසට ගමන් කරන්නට ඇත. ඒ වගේම වරකාපොළ හන්දියෙන් කුරුණෑගල දෙසට හැරෙන්නට ඇත. එහෙත් ඒ කිසිවකු වරකාපොළ හන්දියේ සිට මීටර් 100ක් නුදුරින් නුවර පාරේ පිහිටි මර්සි අක්කාගේ ගෙදරට ගොඩ නොවැදුනේ මොන හේතුවක් නිසාදැයි කියන්න මම නොදනිමි. එම නිවස පිහිටි ඉඩමේ මර්සි අක්කාට අයත් ‘හෙළ බොජුන්’ හල ඉදිරිපිට තිබෙන මර්සි අක්කාගේ විශාල ප්‍රමාණයේ කටවුට් එක ඇය සිටින තැන හඳුනා ගන්නට හොඳ පිටුවහලකි.
දිනක් ජාතික රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ ප්‍රධානි අතුල රන්සිරිලාල් මහතා ඔහුගේ හඬ නළු ශිල්පි, ශිල්පිනියන් සමග වරකාපොල, අඹේපුස්ස, නුවර පාරේ 451 දරන නවාතැනට පැමිණ මුළු සවස් වරුවම මර්සි අක්කා සමග විනෝද වෙමින් ගත කළ කාලය අදටත් මර්සි අක්කා හැඟීම් බරව සිහිපත් කරන බව රාජි එදිරිසිංහ මහත්මිය පැවසුවාය. මිනිසත්කම සෝදාපාලු වී නැතැයි සතුටක් හිතට දැනෙන්නේ එවැනි විටකදී ය.
අනුර හොරේෂස්
ඡායාරූප – බන්දුල ධර්මතිලක(කෑගල්ල)

ලක්බිම 16 01 2014
ගතේ නැගෙන වේදනාවට වඩා හදවතේ නැගෙන වේදනාවෙන් පීඩා විඳින මර්සි......

0 comments:
Post a Comment