ප්‍රංශ ලේඛක ගුස්ටාව් ෆ්ලෝබෙයා (1821 – 1880) විසින් රචිත ‘මැඩම් බොවාරි’ නවකතාවට ලෝක සාහිත්‍යයෙහි හිමිවන්නේ අති විශේෂ තැනකි. ප්‍රංශ සාහිත්‍යයෙහි වඩාත්ම ප්‍රසිද්ධ නවකතාව විය හැකි එය, ලෝකයේ ශ්‍රේෂ්ඨතම නවකතා දහය අතරින් එකක් ලෙස ඉංග්‍රීසි ලේඛක සමර්සෙට් මෝම් විසින් තෝරනු ලැබිණි.
එහි කථා නායිකාව වන එමා බොවාරි, මුළු මහත් ලෝක සාහිත්‍යයේ ම එන වඩාත් ම පරිපූර්ණ ගැහැනු චරිතය හැටියට එමිල් ෆේගුවේ නම් විචාරකයා විසින් හඳුන්වනු ලැබ ඇත.
එවන් සාර්ථක ගැහැනු චරිතයක් නිර්මාණය කළ ෆ්ලෝබෙයා ඔහුගේ සමකාලීන ලේඛකයන් ලෙස ගත හැකි බැල්සැක් (1799 – 1850), ජ්‍යේෂ්ඨ ඩූමා (1802 – 1870), වික්ටර් හියුගෝ (1802 – 1885) සහ කලක් ඔහුගේ ගෝලයෙකු වූ ගී ද මෝපසාන් (1850 – 1893) වැන්නන් මෙන් ගැහැනු ඇසුරට එතරම් ලොල් කළ අයෙක් නොවීය.
වයස අවුරුදු 15 දී ඔහු 26 හැවිරිදි විවාහක ළඳකට පෙම් බැන්දේය. එල්සා ෂ්ලෙසිංගර් නම් වූ ඇය තුළ ඇගේ සැමියා කෙරෙහි වූ දැඩි පක්ෂපාතී බව නිසා ෆ්ලෝබෙයාගේ සිහිනය හුදු ඒකපාක්ෂික ප්‍රේමයකට සීමා විය.
35 වසරක් තිස්සේ එල්සාට ප්‍රේම කළ ඔහු ඇයට මුල්ම ආදර හසුන ලියුවේ, ඇගේ සැමියා 1871 දී මියයාමෙන් පසුවය. ඒ වනවිට ෆ්ලෝබෙයාගේ එකම සැබෑ පෙම්වතිය 61 වැනි වියේ පසු වුවත්; එය වෙනම කතාවකි.
ෆ්ලෝබෙයා උපත ලද්දේ සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබුණ වැදගත් පවුලක සාමාජිකයකු හැටියටය. පියා, රුවෙන් ප්‍රදේශයේ ආරෝග්‍යශාලාවේ ප්‍රධාන වෛද්‍යවරයා වූයේය. නීතිය හැදෑරීම සඳහා ෆ්ලෝබෙයා ගැටවර වියේදී පැරිසියට ගියේ නීතිඥයෙකු වීමේ බලාපොරොත්තුවෙන්ම නොව, කිසියම් වෘත්තියක පුහුණුවක් ලබා ගැනීමේ අදහසිනි.
එහෙත්, වැඩිකල් යන්නට පෙර ඔහුට එය නීරස විය. මීමැස්මොරය හෝ එවැනි ආබාධයකින් 1844 සිට වරින් වර පෙළෙන්නට වූ බැවින්, ඊට පිළියම් වශයෙන් මුලදී ක්විනීන් සල්ෆේට් ද, ඉන්පසු ජීවිතයේ අවසාන කාලය දක්වාම පොටෑසියම් බ්‍රෝමයිඩ් ද බහුල වශයෙන් පාවිච්චි කිරීමට ඔහුට සිදුවිය. රෝගී බව නිසා තමාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපහසු වනු ඇතැයි සිතූ ඔහු අන්තිමේදී මුළු ජීවිතයම සාහිත්‍ය කලාවට කැප කරන්නට තීරණය කළේය.
ෆ්ලෝබෙයාගේ පියා 1845 දී මිය ගියේය. ඔහු විසින් ඉන් ටික කලකට පෙර, සේන් ගඟ බඩ පිහිටි ‘ක්රුවාසේ’ නම් වූ පුරාණ මන්දිරයක් සහිත දේපළක් මිලට ගනු ලැබ තිබුණි. ෆ්ලෝබෙයා වඩාත්ම ආදරය කළ සොයුරිය ද පියාගේ අභාවයෙන් මාස කිහිපයක් ඇතුළත – දරු ප්‍රසූතියකදී මළාය.
වෛද්‍යවරයකු වූ වැඩිමහල් සොහොයුරා, පියාගේ මරණයෙන් හිස් වූ රෝහල් පුරප්පාඩුවට පත්වූයේය. ඉන් පසු පවුලේ පදිංචිය ‘ක්රුවාසේ’ මැදුර වෙත මාරු කෙරිණ. සේන් ගඟ පැත්තට මුහුණ ලා පිහිටි කවුළු සහිත සුවිසල් කාමරයක තැන්පත් වූ ෆ්ලෝබෙයා එහි සිට දවසට පැය හය බැගින් අවුරුද්දේ මාස නවයක් ලිවීමෙහි යෙදුණේය. ඉතිරි මාස තුන ඔහු පැරිසියේ ගත කළේ අත්දැකීම් ලබා ගනු පිණිසය.
’LaTentation de St. Antoine’ නම් කෘතිය ඔහු විසින් ලියන ලද්දේ එපරිද්දෙනි. කතාව ලියා අවසන් කළ ෆ්ලෝබෙයාට, ඒ සම්බන්ධයෙන් ඔහුගේ සමීප ‘සාහිත්‍ය සගයන්’ වූ මැක්සිම් ඩු කූම් සහ ලුවී බුවිලේගේ අදහස් දැන ගැනීමට අවශ්‍ය විය.
ඉන් පළමුවැන්නා, ඔහු පැරිසියෙහි නීතිය හදාළ සමයේ පටන් ඇසුරු කළ අයෙක් වූ අතර දෙවැන්නා රුවෙන් ප්‍රදේශයේ ලතින් සහ ප්‍රංශ ඉගැන්වීමෙන් යන්තමින් ජීවිකාව කරගත් ගැමි කවියෙක් වූයේය.
මිත්‍රයන් දෙදෙනා නිවසට කැඳවූ ෆ්ලෝබෙයා, සිය කෘතිය ඔවුනට අසා සිටීමට සලස්වා දවසට පැය අට බැගින් (සවස පැය හතරක් සහ රාත්‍රි පැය හතරක්) ශබ්ද නඟා කියවූයේය.
හතර වැනි දවසේ මැදියම් රැයෙහි කියවීම සමාප්ත කළ ඔහු එය ගැන මිතුරන් දෙදෙනාගේ අදහස බලාපොරොත්තු වූයේ නොඉවසිල්ලෙනි.
”ඕක පුච්චලා දාලා ආයෙ ඔය ගැන කතා නොකර ඉන්න එක හොඳයි කියලයි අපට හිතෙන්නෙ” එක් සගයෙක් කෙළින්ම කීයේය.
ෆ්ලෝබෙයා අධෛර්යයෙන් අසරණ විය. කෘතිය ගැන විචාරය උදේ අට පමණ වන තුරු ද ඇදුනි. එදා සවස යළිත් ඔවුහු ෆ්ලෝබෙයාගේ සාහිත්‍ය අනාගතය ගැන සාකච්ඡා කළහ.
ලියන්නට සුදුසු වස්තු බීජයක් නැතිව යළිත් ලියන මේසයට වාඩිවීමට බලාපොරොත්තුවක් තමා තුළ නො වූ බව ෆ්ලෝබෙයා කීයේය.
”එදානෙදා ජීවිතේ සාමාන්‍ය සිද්ධියක් තෝරා ගන්න. මධ්‍යම පාන්තික ගතානුගතික සමාජයේ ඒ විදිහේ් දේවල් ඕන තරම් තියෙනවනෙ. ඊට පස්සෙ ඒක ස්වාභාවික විදිහට ඉදිරිපත් කරන්න බලන්න,” මැක්සිම් ඩු කූ®ම් උපදෙස් දුන්නේය. එබඳු සිදුවීම් ගැන දැනුමක් තමාට නොතිබුණ බව ෆ්ලෝබෙයා කීයේය.
”ඇයි ඩෙලාමාර් කතාව ගැන නොලියන්නෙ?” ලුවී බුවිලේ එක් වරම හරස් කැපුවේය.
”ඔව්. ඒක කදිම අදහසක්!” යනුවෙන් පැවසුවේ හදිසියේ අවදි වූ උනන්දුවක් දක්වමිනි. ඩෙලාමාර් පුවත ගැන ෆ්ලෝබෙයාට අදහස් දීමට තමාට කලක සිට අවශ්‍යව තිබුණ බව බුවිලේ තවදුරටත් කියන්නට වූයේය.
ඒ අදහස මුල්වරට බුවිලේ ගේ සිතට වැදුණේ ෆ්ලෝබෙයා විදෙස් ගතව සිටියදී ඔහුගේ මව බැලීම සඳහා ක්රුවාසේ මැදුරට ගිය අවස්ථාවකදීය. දොම්නස් පෙනුමක් සහිත දුගී මහලු ළඳක් එදා එහි පැමිණ සිටියාය. ඔහුට ඇය හඳුනාගන්නට ලැබුණේ ඩෙලාමාර් මහත්මිය හැටියටය.
යාබද ගමෙහි ඉතා දිළිඳු දිවියක් ගත කළ ඇයට, බිලිඳු මිනිපිරියක හදා වඩා ගැනීමේ වගකීම ද පැවරී තිබුණේ, ටික කලකට පෙර ඇගේ පුත්‍රයා දිවි නසාගෙන තිබුණ බැවිනි. ඇගේ පුතා කලක්, වෛද්‍ය ෆ්ලෝබෙයා යටතේ ඉගෙනීම ලැබූ අයෙක් විය.
මහලු ළඳ එදා පැමිණ සිටියේ ඒ කීර්තිමත් වෛද්‍යවරයාගේ වැන්දඹුවගෙන් කිසියම් ආධාරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි. ඇය හඳුනාගන්නට ලැබුණ සැණෙන්ම ඩෙලාමාර් ශෝකාන්තය බුවිලේට සිහිපත් විය. එය ෆ්ලෝබෙයාට ලිවීමට සුදුසු කතාවක් වනු ඇතැයි ඒ මොහොතේදීම ඔහුට සිතුණි.
’මැඩම් බොවාරි’ නවකතාව ලිවීම සඳහා ෆ්ලෝබෙයා ට අදහස ලැබුණ අයුරු ඉන් වසර තිහකට පමණ පසු මැක්සිම් ඩු කූම් විසින් සිහිපත් කරන ලද්දේ ඉහත කී පරිද්දෙනි. එහෙත්, ඔහුගේ මතකයෙහි කිසියම් අවුලක් වූ බව පෙනෙන්නට තිබේ. ’LaTentation de St. Antoine’ නම් කෘතිය ෆ්ලෝබා විසින් ලියා අවසන් කරන ලද්දේ 1849 දීය.
ඉන්පසු ඔහු අප්‍රමාදව ඩුකූම් ද සමඟ ඊජිප්තු සංචාරයක් සඳහා පිටත්වූයේය. 1954 දී සමර්සෙට් මෝම් විසින් (‘Ten Great Novels and Their Authors’) පෙන්වා දෙනු ලැබූ මෙම කරුණ 1967 දී ඊනිඩ් ස්ටාර්කි විසින් (‘Flaubert : Making of the Master’) තහවුරු කරනු ලැබ ඇත.
1850 මාර්තු 05 වැනිදා ඊජිප්තුවේ එස්නාහිදී ලැබූ අත්දැකීමක් ගැන ෆ්ලෝබෙයා ලියූ අපූරු විස්තරයක් ජෝන් කේරි විසින් සම්පාදිත ’The Faber Book of Reportage’ ග්‍රන්ථයෙහි ’Flaubert and the Dancing Girls’ යන මැයෙන් පළ වී ඇත. (එය සිංහල පුවත්පතක් සඳහා පරිවර්තනය කරන්නට නොහැකි තරම් රසයෙන් ඉහළ එකකි!) දිග සවාරියකින් පසුව යහළුවන් දෙදෙන ආපසු ප්‍රංශයට පැමිණියේ 1851 දීය.
ලිවීමට සුදුසු වස්තු බීජයක් හැටියට ෆ්ලෝබෙයා විසින් ඩෙලාමාර් පුවත තෝරා ගන්නා ලද්දේ එසේ පැමිණීමෙන් පසුව බවට නම් කිසිදු විවාදයක් නැත. ඒ කෙසේ වුවත්, 1851 සැප්තැම්බරයේ දී ‘මැඩම් බොවාරි’ ලිවීම අරඹන්නට කලකට පෙර මෙන්ම එය ලියූ වසර 4 1/2 තුළ ද ඔහු, තමා ආදර්ශය ලෙස ගත් චරිතයෙහි පසුබිම සියුම් ලෙස ගවේෂණය කළ බව ඉතා පැහැදිලිය. ෆ්ලෝබෙයා එමඟින් දැනගත්තේ මොනවාද?
ඉයුජින් ඩෙලාමාර් වෛද්‍ය ශිෂ්‍යයෙකු හැටියට ෆ්ලෝබෙයා ගේ පියා යටතේ රුවෙන් ආරෝග්‍යශාලාවේ පුහුණුව ලැබූ අයෙකි. ඔහු එතරම් දක්ෂ උපාධි අපේක්ෂකයෙක් නොවීය. පරීක්ෂණ කිහිපයකින් අසමත් වූ ඔහුට, අමතර ‘ටියුෂන්’ සඳහා මුදල් වැය කිරීමට හෝ පුහුණු කාල සීමාව දීර්ඝ කර ගැනීමට හෝ පුළුවන් කමක් නොතිබුණි. පූර්ණ වෛද්‍යවරයකු වශයෙන් ඩිප්ලෝමාව ලැබීමට අසමත් වූ ඔහු බලය ලත් වෛද්‍ය නිලධාරියෙක් බවට පත්වූයේය.
වයසින් තමාට වඩා වැඩිමල් ධනවත් වැන්දඹු ළඳක සමඟ විවාහ වූ ඩෙලාමාර්, රයී නම් ගම්බද ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරියා ලෙස වැඩ භාර ගත්තේය. වැඩි කල් නොගොස්ම බිරිය මිය ගියාය. මෙසේ හුදකලා වූ ඔහුට, 17 හැවිරිදි රූමතියක වූ ඩෙල්ෆීන් කෝටරියර් හමුවූයේ යළිත් සහකාරියක සොයමින් සිටි අතරය.
මැදින් බෙදා පීරූ සිනිඳු දිගු රන්වන් කෙස් කළඹක්, ඇය ඇසින් දුටු අය කියා ඇති පරිදි - ‘ආලෝකය අනුව වර්ණය අඩු වැඩි වන බැව් පෙනුණ’ දෑසක් සහ මනා පැහැයෙන් යුතු සිරුරක් ඩෙල්ෆීන්ට තිබුණි. ෆ්ලෝබෙයා සිය කල්පිත කතා නායිකාව නිර්මාණය කිරීමේදී ඇගේ පෙනුම වඩාත් හොඳින් විස්තර කර ඇත්තේ, අසල්වැසියන්ගෙන් ඔහුට දැනගන්න ලැබුණ සැබෑ තොරතුරු ඇසුරෙන් විය යුතුය.
ඈ යාබද ගමක ඉඩකඩම් හිමි – එමෙන්ම, ඩෙලාමාර්ගේ සේවා ලාභියෙකු වූ ධනවත් ගොවියකුගේ බාලම දියණිය වූවාය. රුවෙන්හි කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ ඇය විසින් කියවන ලද ළාමක නවකතා සහ වාරික ප්‍රකාශනයන්හි කොටස් වශයෙන් පළවූ කතන්දර ඇසුරෙන් උපන් සමනළ සිහිනවලින් ඇගේ හිස පිරී තිබුණි.
ඩෙලාමාර්ගේ තත්ත්වය ගැන පැහැදීමක් පියා තුළ නොවූ නමුත්, ඒ ගැන තැකීමක් නොකළ ඩෙල්ෆීන් කෝටරියර්, 1839 අගෝස්තු 07 වැනිදා දෙවැනි ඩෙලාමාර් මහත්මිය බවට පත්වූවාය.
වෛද්‍යවරයෙකු සමඟ විවාහ වන්නට ලැබීම ගැන මුලදීම ඩෙල්ෆීන් තුළ පහළ වූයේ මහා උජරුවකි. එහෙත්, සිය සැමියා මෙන්ම කලඑළියක් නොතිබුණ රසී ප්‍රදේශයේ ජීවිතය ද ඇයට නීරස වන්නට වැඩි කලක් ගත වූයේ නැත. ෆ්ලෝබෙයා ඔහුගේ මැඩම් බොවාරි චරිතය හැඩගැන්වීමේදී ඩෙල්ෆීන් තුළ ඇගේ සැමියා කෙරෙහි වර්ධනය වන්නට වූ අප්‍රසාදය කදිමට විග්‍රහ කර ඇත.
චමත්කාරයෙන් දිදුලන අනාගතයක් ගැන සිහින මැවූ ඇයට දැන් උරුමව තිබුණේ උදාසීන සැමියෙකු හා බැඳුණු අපුල ජීවිතයකි. “..ඔහුගේ සල්ලාපයෙහි තිබුණේ පදික වේදිකාවක වැනි සමනළ බවකි.. පිහිනීම, කඩු සරඹ, ගිනි අවි ගැන දැනුමක් පළපුරුද්දක් ඔහුට නොතිබුණි... ඔහු ඇය කෙරෙහි දැක්වූ උනන්දුව ද ක්‍රමානුකූල එකක් විය.
සමහර විටෙක ඔහු ඇය වැලඳ ගත්තේය. අනෙකුත් දේවල් අතර එය ද පුරුද්දක් මෙන් වූයේ රාත්‍රි ආහාර ගැනීමේ ඒකාකාරිත්වයෙන් පසුව කල් ඇතිව කිව හැකිව තිබුණ අතුරුපසක් මෙනි..” රාත්‍රි ආහාරයෙන් පසුව මුහුණ දීමට සිදු වූ අත්දැකීම් ද දරන්නට බැරි තත්ත්වයකට එළඹුනි.
කුමක් කරන්නද? “මේ අවාසනාව දිගටම පවතිනු ඇද්ද? ඇයට කවදාවත් ඉන් ගැලවීමක් නැද්ද? ප්‍රීතිමත් ජීවිත ගත කළ අනෙකුත් හැම කාන්තාවක් තරමට ම ඈත් යහපත් එකියක් වූවාය... ඈ බිත්තියෙහි හිස ගසාගෙන විටෙක කඳුළු සැලුවාය.. කෙසේ වුවත් යම් කිසි දෙයක් සිදුවනු ඇතැයි ඈ හදවත පතුළින්ම බලාපොරොත්තු වූවාය.
නැව බිඳුණ නැවියන්, සිතිජයේ ඈත මීදුම තුළින් කිසියම් සුදු පැහැ රුවලක් දැකීමට අපේක්ෂා කරන්නාක් මෙන්... එහෙත් කිසිවක් සිදු වූයේ නැත... අනාගතය යනු ඈත කෙළවර වසා අගුල් දමනු ලැබූ දොරක් සහිත අන්ධකාර කොරිඩෝරයක් වූයේය.” මේ සියල්ල එමා බොවාරිට ආරෝපණය වූයේ ඩෙල්ෆීන් ඩෙලාමාර් පිළිබඳව ෆ්ලෝබෙයා ලැබූ දැනුමෙන් සහ සංජානනයෙනි.
ඔහු ඇය හරියාකාරව තේරුම් ගත්තේය. අඳුරු කොරිඩෝරය කෙළවරෙහි වූ දොර තව දුරටත් වැසී තිබීමට ඉඩ හරින්නට ඩෙල්ෆීන් සූදානම් නොවූවාය. සිය රූපශ්‍රීය සහ බුද්ධිමත් බව ගැන මහ ඉහළින් තක්සේරු කළ ඈ ඇගේ දවල් හීන සැබෑ කර ගැනීමේ හැකියාව කෙරෙහි විශ්වාසය තැබුවාය..
ජේත්තු ඇඳුම් ආයිත්තම් වෙනුවෙන් අත හිත පුරා වියදම් කරන්නට ඈ පටන් ගත්තාය. සැමියා ඒ කිසිත් නොදැන ඉක්මනින්ම ණය බරිත වූයේය. මෙසේ නොයෙක් දේ මිලට ගැනීමෙන් ඇය ලැබූ ආහ්ලාදය හීන වන්නට වූ කල්හි ඇය කළේ එළිපිටම මෙන්, වෙනත් පුරුෂයන්ගේ අවධානය ලබා ගන්නට පටන් ගැනීමයි.
පළමුවෙන්ම ලුවී කැම්පියොං නම් අසල්වැසියා සමඟ ද දෙවනුව හැඩි දැඩි ගොවිපල සේවකයකු සමඟ, ඊළඟට නොතාරිස් ලිපිකරුවකු සමඟ, ඉන්පසු තරුණ ලිපිකරුවන් රැසක් සමඟ අන්තිමේදී හමුවූ ඕනෑම පිරිමියකු සමඟ ඈ අනාචාරයේ හැසුරුණාය.
ගොවි බිම්, අවන්හල්, පිළිකනු කාමර ආදී තැන්වලදී ඩෙල්ෆීන් හොර රහසේ පුරුෂයන් එකිනෙකාගේ අවධානය ලබන්නට වූයේ ලොවෙහි කිසි තැනක නොතිබුණ අභව්‍ය පරමාදර්ශයක් ලුහුබැඳ යමිනි. ඈ ඇගේ සැමියා, දියණිය, යහළුවන්, අසල්වැසියන් පමණක් නොව පල්ලියට යාම පවා නොසලකා හරිමින් ඉන්ද්‍රිය සන්තර්පණයෙහි නිරත වූවාය.
මහලු ලොමාර් නෝනා සිය පුතාට අනතුරු ඇඟවීමට උත්සාහ කළත්, තරුණ බිරිඳට දැඩි ලෙස ආදරය කළ ඔහු ඒ කිසිවක් කනකට වත් නොගත්තේය. ඩෙල්ෆින්ගේ මුදල් නාස්තිය සහ රාගෝන්මාදය තවදුරටත් පැවතුණ නමුත් පෙම්වතුන් අල්ලා ගැනීම ක්‍රමයෙන් ගැටලුවක් බවට පත්වුණි.
එපමණක් නොවේ; හමුවුණ අයගෙන් ද ඇය ලද වින්දනය වූයේ වැඩෙන්නට වූ කලකිරීමයි. අන්තිමේදී ඈ විවාහයෙන් නව වැනි අවුරුද්දේ 1848 මාර්තු 6 වැනිදා පාන්දර ආසනික් විශාල ප්‍රමාණයක් ගිල දමා දිවි නසා ගත්තාය.
ඩෙල්ෆීන් ඩෙලාමාර්ගේ මරණය සිදු වූ පිළිවෙළ ගැන කියවෙන ඒ පුවත ඉහත කී ඊනිඩ් ස්ටාර්කි අභියෝගයට ලක් කරන්නේ එය, කලාව අනුගමනය කිරීමට ජීවිතය මෙහෙයවූ අවස්ථාවක් ලෙස දක්වමිනි.
එමා බොවාරිගේ කල්පිත දිවි නසා ගැනීම ගැන පොදු දැනුම්වත් බවක් ඇතිවූ කල්හි, ඇගේ සැබෑ ආදර්ශය වූ ඩෙල්ෆීන් ද දිවි නසා ගන්නට ඇතැයි සාහිත්‍ය විචාරකයන් ඒත්තු ගන්නට ඇති බව ස්ටාර්කි විශ්වාස කරයි.
”ඩෙල්ෆීන් ඩෙලාමාර් දිවි නසා ගත් බව දැන් හැම පුවතකින්ම කියවෙන නමුත්, ඇය එසේ කළ බවට සාක්ෂි කිසිවක්ම නැත. ඇගේ මරණ සහතිකය ”ඹ්ච ව්ධපථචදඤඪඥ ර්ඥඤඪජචතඥ හි පළ වූ අතර මරණයට හේතුව එහි සඳහන් නොවේ. 1848 මාර්තු 07 දාතම යෙදුණ එය දක්වන්නේ ඇය රයී පෙදෙසේ දී ඊට පෙර දින පෙරවරු 3.00ට වයස අවුරුදු 27 දී මියගිය බව පමණකි.
මරණ පරීක්ෂණයක් තිබී නැත. දිවි නසා ගැනීමක සම්භාව්‍යතාව කිසිම ලියවිල්ලක නො දැක්වේ. ආගමික වශයෙන් කැප කරන ලද භූ®මියෙහි සිරුර වළලන්නට පූජකවරයාගෙන් අවසර ද ලැබී ඇත.” යනුවෙන් ස්ටාර්කි තවදුරටත් ඒ ගැන කරුණු දක්වා ඇත.
ශෝකයට පත් ඉයුජින් ඩෙලාමාර් සිය බිරියගේ මුදල් නාස්තියෙහි තරම මෙන්ම අපචාරී හැසිරීම් පිළිබඳ විස්තර ද මුල් වරට දැන ගත්තේ ඩෙල්ෆීන්ගේ මරණයෙන් මාස කිහිපයකට පසුවය. කම්පනයෙන් සිහිය අවුල් වූ ඔහු ද සිය දිවි තොර කර ගත්තේ, බිළිඳු දියණිය හදා වඩා ගැනීම ඔහුගේ දිළිඳු මහලු මවට ඉතිරි කරමිනි.
ෆ්ලෝබෙයා ගේ මව මහලු ඩෙලාමාර් නෝනාගේ සිත රිදවන්නට නොකැමති වූවාය. එහෙයින්, ඩෙලාමාර් පවුලේ සාමාජිකයන් ඇසුරින් චරිත නිර්මාණය කළ බව හෙළි කිරීමෙන් වළකින ලෙස ඇය කළ ඉල්ලීම ඉවත ලන්නට ෆ්ලෝබෙයාට නුපුළුවන් විය.
කෙසේ වුවත්, ඔහු එමා සහ චාර්ල්ස් බොවාරි චරිත නිර්මාණය කළේ ඩෙල්ෆීන් සහ ඉයුජීන් ඩෙලාමාර්ගේ ජීවිත ඇසුරෙනි. ෆ්ලෝබෙයා කලක් ඇසුරු කළ ලුවී කොලට් නම් ලේඛිකාවගේ ඇතැම් ලක්ෂණ ද සුළු වශයෙන් එමා චරිතයට එක්වී ඇති බැව් විචාරකයෝ කියති.
කතාව ලිවීමේදී ෆ්ලෝබෙයා මහත් වෙහෙසක් දැරුවේය. ඇතැම් විටකදී ඔහුට සතියක් තුළ ලිවිය හැකිවූයේ පිටු හයක් පමණකි. යළි යළිත් ලියන ලද ෆුල්ස්කැප් ප්‍රමාණයේ පිටු 1788 ක් සහ පිටු 487කම සකස් කරනු ලැබූ අත් පිටපතක් ද රුවෙන්හි පුස්තකාලයේ සුරැකිව තිබෙන බැව් සඳහන්ය.
ෆ්ලෝබෙයාගේ මිත්‍ර මැක්සිම් ඩු කූම් ගේ අඥමභඥ ඤඥ ර්‍ථචපඪඵ නම් සඟරාවෙහි ’මැඩම් බොවාරි’ නවකතාව කොටස් හයක් හැටියට (1856 ඔක්තෝබර් - දෙසැම්බර්) පළවිය. ඒ සමඟම එයට විරෝධය පළකරමින් මහ කලබැගෑනියක් පැන නැඟිනි.
එයට මූලික හේතුව වූයේ නවකතාවෙහි වූ යථාර්ථවාදී ශෛලියයි. ‘මැඩම් බොවාරි’ තහනම් කරන ලෙස සුචරිතවාදීහු රජයට බලපෑම් කළහ. ආගම් විරෝධී අසභ්‍ය පොතක් පළ කිරීම සම්බන්ධයෙන් ෆ්ලෝබෙයා සහ ප්‍රකාශනයට අදාළ දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරිණ. චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබීම නිසා ‘මැඩම් බොවාරි’ සමඟ ඔවුහු නිදහස් වූහ.
ඉන්පසු මයිකල් ලේවි විසින් 1857 අප්‍රේල් මාසයේ දී කොටස් දෙකක් වශයෙන් කෘතිය පළ කෙරුණි. මුල් මාස දෙක ඇතුළත ඉන් පිටපත් 15,000ක් අලෙවි වූ බව වාර්තාගතය.
ෆ්ලෝබෙයා ලැබූ ප්‍රශංසාවලින් වැඩි හරිය වෙනුවෙන් ඔහු අප්‍රසිද්ධ ළඳක වූ ඩෙල්ෆීන් ඩෙලාමාර්ට ණයගැති වූ නමුත්, කිසිදිනක ඒ බව ප්‍රසිද්ධියේ නොපිළිගත්තේය. ඒ කෙසේ වුවත් ඩෙල්ෆීන් ඩෙලාමාර් නම් නොමඟ ගිය ගැහැනිය අමරණීයත්වයට පත්කරමින් අද රයී ප්‍රදේශයේදී සංචාරකයන්ට ඇගේ පින්තූර කාඩ්පත් අලෙවි කෙරෙයි.
ආකර්ෂණීය තරුණියක පෙන්නුම් කරමින් කුවර් නම් චිත්‍රශිල්පියා විසින් අඳිනු ලැබූ පින්තූර දෙකක් රුවෙන් කෞතුකාගාරයේ පවතී. සාම්ප්‍රදායික විශ්වාසය අනුව ඒ චිත්‍ර දෙකින්ම පෙන්නුම් කෙරෙන්නේ ඇයයි.
ඇයට ඒ බව දැන ගැනීමට පුළුවන් කමක් නොතිබිණි. ඇය දුටු සිහිනවලින් යමක් සැබෑ වූයේ ඇගේ මරණින් මෙසේ අමරණීයත්වය ලැබීමෙනි.

0 comments:
Post a Comment