පිරිමියෙක් දෙවතාවක් උපදිනවා කියල කියමනක් තියෙනවා. පළමුව මවගේ කුසයෙන්, දෙවනුව බිරිඳගෙන්. මං දෙවැනි වරට ඉපදුනේ මගේ ආදරණීය බිරිඳගෙන්. ඇය නොලැබෙන්න පාලිත පෙරේරා කියන මේ මනුස්සයා හමුනොවෙන්න ඉඩ තිබුණා.
ඇය විද්‍යාව හැදෑරුවත්, ඉංශ්‍රීසි පරිසරයක හැදී වැඩුණත් උසස් රසඥතාවක් තිබූ යුවතියක්. පිස්සෙක් වගේ හිටපු මාව නියම ට්‍රැක් එකට දැම්මේ ඇයයි. මං මේවට අකමැතියි ඒවා කරන්න එපා! කියල ඇය මට කෙළින්ම කිව්වා. මාව හැදුවා. ඇය මුලදි ගම්පහ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබුවෙ ඉහළගම ඉඳල. ඇය, “වොලිබෝල් සිරා’ යනුවෙන් ප්‍රකට වොලිබෝල් ශූර සිරිවර්ධනගෙ පුංචි අම්මගෙ දියණියයි.
මගේ ලොකු අයියා, කේ.ආර්.පෙරේරා සිවිල් සේවකයෙක්. ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවෙ ආගමන-විගමන පාලක හැටියට. ඊට අමතරව කවුරුත් නොදන්නවා වුණාට එයා රේඩියෝ සිලෝන් එකේ ‘ගම්බද ගී’ ගායකයෙක්. ලොකු අයියා එඩ්වින් කෝට්ටෙගොඩ ප්‍රමුඛයාගේ ගෝලයෙක් හැටියට හුඟක් ගම්බද ගී ගායනා කළා.
මේවායෙදි කිසිම සංගීත භාණ්ඩයක් පාවිච්චි වෙන්නෙ නෑ, කටහඬ විතරයි. ඒ කාලෙ රේඩියෝ සිලෝන් එක තිබුණේ කොටා පාරේ ගොඩනැඟිල්ලක. ගම්බද ගී ගායනයේදී අත්වැල් ගායනා කරන්න ලොකු අයියා මාවත් එක්කරගෙන ගියා. ගෙදරදී ඒ පුහුණුවීම් එහෙම කළ හැටි මට තවම මතකයි. රේඩියෝ සිලෝන් එකට ගියාම මම දැක්කා මැදිරියේම කොනක නිවේදකයෙක් හිටියා. පසුව දැනගත් පරිදි ඒ කොළඹගේ මහත්තයා. පියානෝවකුත් තිබුණා. ලොකු අයියත් එක්ක ගිය මේ ගමන තමයි මගේ පළමු රේඩියෝ අත්දැකීම.
ඊළඟට, මට තවත් අවස්ථාවක් ලැබෙනවා. ඒ කාලෙ අපි නුගේගොඩ ස්ටේෂන් එකෙන් බැහැලා පයින් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවා. දෙල්කඳ හන්දිය පැත්තට එද්දි කඳු මුදුනේ වත්ත දෙසට තියෙන ගෙදර විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයකු වූ ඒ.පී. ගුණරත්න මහත්තයගෙ. ඒ අසල තිබුණා බී.ජේ.එෆ්. දහම් පාසල. ඒ ඉදිරිපිට පාරෙ තමයි සුනන්ද මහේන්ද්‍රලගෙ ගෙදරත් තිබුණේ. ඔය පාර ‘ඇල්බට් පෙරේරා මාවත’ අපි කොළුකමට ඒක ‘අමරදේව මාවත’ කියලා බෝඩ් එකක් එහෙම දැම්මා මතකයි.
මේ දහම් පාසලේ ගුරුවරයෙක් හැටියට ගුණරත්න මහත්තයා වැඩ කළා. මම ඒකෙ ශිෂ්‍යයෙක්. දවල් 11ට දහම් පාසල අවසන් වුණාම හැම ඉරිදම රැස්වීම තියෙනවා. ගුරුභවතුන්ගේ කතා අවසන් වුණාම අනෙකුත් කතා කියල අවස්ථාවක් ලැබෙනවා.
ඒවෙලාවේ නොවැරැදීම වේදිකාවට දුවගෙන ගිය කෙනෙක් තමයි මම. ගිහින් කවියක් කිව්වා, නැත්නම් කතාවක් කළා. මේ කාලෙ ඒ.පී. ගුණරත්න මහත්තයා පරිවර්තනය කරපු ‘වන සරණ’ පොත ඇසුරින් ඉතා විශිෂ්ට ගුවන් විදුලි මාලා නාට්‍යයක් ඉදිරිපත් කරන්න ගුණරත්න මහත්තයත් එක්ක අපේ ලොකු අයියත් වැඩ කළා. පැය 1/2ක මේ නාට්‍ය ‘වන චර සරණ’ කියල නම් කරල තිබුණා. නිෂ්පාදක පී.වැලිකල මහත්තයා මේකේ හෝලිකේ තිසාහාමි ළමා කාලයේ චරිතය ලැබුණෙ මට. එතකොට මට වයස අවුපැදු 10ක් විතර ඇති.
හන්දියේ ගෙදරට පෙනෙන දුරින් තමයි, කඳු මුදුනේ ගුණරත්න මහත්තයලගෙ ගෙදර තිබුණේ. හැන්දෑවට එහාට ගිහින් විශාල ගෙවත්තට වෙලා දෙබස් පුහුණුවීම් කෑගහලා කරපු හැටි මට මතකයි. රේඩියෝ සිලෝන් එකේ හයවැනි මැදිරියෙදි මේ නාට්‍ය තැටිගත කළා. සජීව ලෙසින් ඉදිරිපත් කළ නාට්‍ය ප්‍රධාන පාලක මැදිරියෙදි ඒ වෙලාවෙම අඟල් 16 විශ්කම්භයක් ඇති තැටියක් හැටියට කැපුණා. නාට්‍ය අවසන් වෙද්දි තැටියත් කැපිල ඉවරයි.
මේ ළමා කාලයේ චරිතය කොටස් 3 ක් විතර කළා. ඊට පස්සෙ තිසාහාමිගේ ටිකිරා කියන පුතාගේ චරිතයට නැවතත් මාව ගත්තා. තිසාහාමිගේ චරිතය කළේ එඩ්මන් විජේවර්ධන කියන විශිෂ්ටයා. ඔහු පසුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද සිටි වජිර විජේවර්ධනගේ පියා. මේ නාට්‍යයේ තැටියක් ගුවන් විදුලියේ සංරක්ෂණ ගබඩාවේ තිබුණා.
පසු කලෙක මම ගුවන්විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂ හැටියට අවුරුදු 11ක් කටයුතු කළා.සිංහල තැටි-පටි ගබඩා භාර අතිරේක යතුරු කැරැළි මා භාරයේ තිබුණේ. පැය 24 ඕනෑම වේලාවක මට ඒ ගබඩා අරින්න පුළුවන්කම තිබුණා. හැබැයි, 1997 ඔක්තෝබර් මාසෙ 01 වැනිදා, හරියටම මගේ දුවගේ උපන්දිනේ දවසෙ මං ගුවන්විදුලියට ආයුබෝවන් කියලා ගෙදර එද්දිත් කිසිම දෙයක් අරගෙන ආවෙ නෑ. ගීතයක්වත් පිටපත් කරගෙන ආවෙ නෑ. මං සිංහල සේවා අධ්‍යක්ෂවරයා හැටියට ඉන්නැද්දි මගේ ලේකම්වරිය වුණේ සුසිලා පෙරේරා.
ගුවන් විදුලියෙන් අල්පෙනෙත්තක්වත් ගෙදර නොගෙනිච්ච මහත්තය වගේ කෙනෙක් මං දැක්කෙ නෑ කියල ඇය කිව්වා. දවසක් මට, මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි මගේ දුව කතා කරල කිව්වා සී.ආර් පොත් 2ක් ගේන්න කියලා. මම බොරැල්ලෙ මංගල බුක්ෂොප් එකෙන් පොත් 2 ගෙනැත් ගුවන් විදුලියෙ ගේට්ටුව ළඟ තියෙන ආරක්ෂක මැදිරියෙ හිටපු තල්පෙහේවාට දුන්නා ඒකට ගේට්පාස් එකක් දාලා තියන්න කියලා.
පස්සෙ මගේ පියන් සෝමපාලව ඇරල ඒක ගෙන්න ගත්තා. මේක ගෙනැත් දීල සෝමපාල මගෙන් අහනවා ඇයි සර් සුසිලා මිසීට කියල මේක ගබඩාවෙන් ගන්න තිබුණනේ කියලා. සිංහල සේවා අධ්‍යක්ෂ කියන්නේ අධ්‍යක්ෂ ජනරාල් ළඟට හිටපු නිලධාරියා. මට ඕන දෙයක් ගබඩාවෙන් ගෙන්න ගන්න තිබුණා.
හැබැයි මං අල්පෙනෙත්තක්වත් ගෙදර ගෙනිච්චෙ නෑ. මං ඒක කළා නම් මගේ යටතේ සිටි අයත් ඒක කරනවා. ලොක්කට හොඳනම් අපට මොකද කියලා. පසු කලෙක සුනිල් ශාන්තයන්ගෙ සී.ඩී.එකක් ගුවන් විදුලිය කළා. ඒකෙ පිටපතක් ගන්න පුළුවන්ද කියල දැනගන්න මං ඒ කාලෙ හිටපු සභාපතිවරයකුට කතා කළාම ඔහු මට දුන් උත්තරේ තමයි, ඉස්සරහා අලෙවි කවුන්ටරේ විකුණන්න තියෙනවා. එතැනින් ගන්න පුළුවන් කියලා.
හුඟක් අය හිතනවා ඇති මං හුඟක් කතා කරන කෙනෙක් කියලා. හැබැයි, මං ගෙදරදිත් කතා කරන්නෙ වචන 10 - 15 ක් විතර. නෑදෑයෝ ආශ්‍රය කරනවත් අඩුයි. මේ ගැන මගේ බිරිඳත් මගෙන් අහනවා.
මේකට හේතුව මගේ අම්මා... ඇගේ නම පියසීලි. මගේ වේලාපත්කඩය හදල තියෙන්නෙ විමලසාර හාමුදුරුවො. හාමුදුරුවො මේක හදල අම්මට කියල තියෙනවා ‘දරුවට රාජ යෝගයක් තියෙනවා’ අනිත් අය වගේ නෙවෙයි වතුරෙන්, ගින්දරෙන්, ඊර්ෂ්‍යාකාරයන්ගෙන් එහෙම ආරක්ෂා කරගන්න කියලා. මේ නිසා අම්මම කියපු හැටියට මාව හැදුවෙ කොටහළු වෙච්ච ගැහැනු ළමයෙක් වගේ.
මාව නෑදෑ ගෙදරකටවත් ඇරියෙ නෑ. ඉස්කෝලෙ ඇරුණම 2.20 වෙද්දි ගෙදර නාවොත් තරවටු කළා. අම්මා වෙලාවට බලාගෙන ඉන්නවා. පරක්කු වෙන්න බෑ. මාව මෙහෙම හැදුවෙ ඇයි කියලා අම්ම මට කිව්වෙ ඈ මිය යන්න අවුරුදු 2කට කලින්. මට වේලාපත්කඩය දීලා ඇය ඔය කතාව කිව්වා.
කාමරගතව හැදෙන්න වුණු නිසා මං කළේ පොත් කියවපු එක. ඩබ්.ඒ.ද සිල්වා, පියදාස සිරිසේන වගේ ලේඛකයන්ගේ පොත් සියල්ලම වගේ, පොපියුලර් සයන්ස් වගේ සඟරා මම කියෙව්වා. කරුණාරත්න අබේසේකර මහත්තයගෙ ගෙදරට එහෙම අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න ගියා. හැබැයි අර සීමා තිබුණා. ඉස්කෝලෙ අවුරුදු 12න් පහළ 15 න් පහළ කණ්ඩායම්වලට ක්‍රිකට් ක්‍රීඩා කළත් එස්.එස්.සී. විභාගය කළ යුතු නිසා එතැනින් එහා ට සෙල්ලම් කරන්න අවසර ලැබුණේ නෑ.
දැන්, පැවිදි ජීවිතයට ඇතුල් වෙලා සිටින හිටපු මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර, මහවැලියෙ සහකාර ලේකම්වරයකුව සිටි ආනන්ද ධර්මප්‍රිය දිවංගත ආචාර්ය ගාමිණී අබේසේකර ආදී මිත්‍රයො අපි නාලන්දෙ එකට හිටියෙ. සිංහල සාහිත්‍ය සංගමයට අපි එකටම නාමයෝජනා දුන්නා.
මං සභාපති වුණා. සිංහල විවාද කණ්ඩායමේ නායකයා ආනන්ද වීරසේකර. දෙවැනියා ගාමිණී, තුන්වැනියා සරත් ආනන්ද. මේ විවාද කණ්ඩායම පිට පාසල්වල විවාද තරඟවලට ගියා. හැබැයි යන්නෙම විශාඛා, අනුලා, දේවිබාලිකා,බෞද්ධ කාන්තා වගේ ඉස්කෝලවලට.
රාජකීය වගේ පාසල්වලට යන්නෙ නෑ. එහෙම ගිහින් කතා කරපු මාතෘකාත් ගැහැනු ළමයින්ට ඔච්චම් කරන්න පුලුවන් ඒවා. ඒ වෙලාවට මේ යාළුවන්ගේ කටවල් පඩික්කම් වගේ මෙලෝ මිනිහෙකුට අහන් ඉන්න බෑ. විවාද කණ්ඩායමට නෑ වගේම මං මේවා බලන්න අහන්න ගියෙත් නෑ. පස්සෙ මට විශ්වාස භංගයක් ගෙනාවා, මං සභාපතිවෙලත් මේවාට සහයෝගයක් නෑ කියලා. කොහොමහරි ගණන් පාට් දාලා මං මේක දිනුවා. පස්සෙ ආනන්ද වීරසේකර කිව්වා අපි බොහොම අමාරුවෙන් උඹේ සභාපතිකම බේර ගත්ත.
ඊළඟ ඩිබේට් එකටවත් වරෙන් කියලා. මේ ඊළඟ එක තිබුණේ බෞද්ධ කාන්තා විද්‍යාලයේ. මං ඒක බලන්න ගියා. මේක ඉවරවෙලා එහෙ නායිකාව කිව්වා කොල්ලො නිකම් බල්ලො වගේ කියලා. භාෂාව ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න කියල අපි යන්න ගියා. මේක වුණේ 1961 මැයි 24 වැනිදා. මේ විවාද කණ්ඩායමේ දෙවෙනියත් එක්ක අපේ ගාමිණී අබේසේකරගෙ මිත්‍රත්වයක් තිබුණා. එයා සීතා කුමාරසිංහ. සීතා මඟින් වැඩිදුර හඳුනාගත් පළමුවැනියා, කණ්ඩායමේ නායිකාව ගැන මට සිතක් පහළ වුණා. ඇය තමයි ලීලා ගුණවර්ධන. පසුව මගේ බිරිඳ වුුණේ ඇයයි. මංගල්‍ය සිදුවුණේ කෑගල්ලෙ ඇයගෙ ගෙදරදි. ලීලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගනිද්දි මං මගේ පළමු පෙම් හසුන ඇයට දුන්නා. හරියටම 1962 අප්‍රේල් 19 වැනිදා. (කරු අයියා) නැතිවුණෙත් අප්‍රේල් 19 වැනිදාවක(1983දී).
පිරිමියෙක් දෙවතාවක් උපදිනවා කියල කියමනක් තියෙනවා. පළමුව මවගේ කුසයෙන්, දෙවනුව බිරිඳගෙන්. මං දෙවැනි වරට ඉපදුනේ මගේ ආදරණීය බිරිඳගෙන්. ඇය නොලැබෙන්න පාලිත පෙරේරා කියන මේ මනුස්සයා හමුනොවෙන්න ඉඩ තිබුණා. ඇය විද්‍යාව හැදෑරුවත්, ඉංශ්‍රීසි පරිසරයක හැදී වැඩුණත් උසස් රසඥතාවක් තිබූ යුවතියක්. පිස්සෙක් වගේ හිටපු මාව නියම ට්‍රැක් එකට දැම්මේ ඇයයි. මං මේවට අකමැතියි ඒවා කරන්න එපා! කියල ඇය මට කෙළින්ම කිව්වා. මාව හැදුවා. ඇය මුලදි ගම්පහ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබුවෙ ඉහළගම ඉඳල. ඇය, “වොලිබෝල් සිරා’ යනුවෙන් ප්‍රකට වොලිබෝල් ශූර සිරිවර්ධනගෙ පුංචි අම්මගෙ දියණියයි.
ගම්පහ ඉඳල ඇය බෞද්ධ කාන්තා විද්‍යාලයට ඇවිත් සති 4 - 5 ක් ගතවෙද්දි තමයි අර විවාද තරඟය තිබුණෙ. වෙලාවට මමත් ඒක බලන්න ගිහින් හිටියා. ආත්මීය සහකරුවා හෝ සහකාරිය හමුවෙන්නෙ සංසාරගත බැඳීමක් ඔස්සේ බව දීපක් චොප්රා ලියපු ‘සෝල්මේට්’ කියන සුප්‍රකට පොතේ කියැවෙනවා. අතුල මංචනායකත් මේ ගැන ලියල තියෙනවා.
රූපවාහිනී වැඩසටහනකට මීතිරිගල රූගත කිරීම් කරද්දි අතුල මගෙයි, ලීලගෙයි හඳහන් දෙක බලල කිව්වෙ ඔය දෙන්නා ආත්ම ගණනක් එකට එන ගමනක් මේ කියලා.
මේක ඇත්තක්. දීර්ඝ කාලයක් අඹු-සැමියෝ වශයෙන් පවුලක් හැටියට සමීපව එකට ඉන්න අපි ආත්ම ගණනක් එකට හමුවෙනවා. මං සීතා කුමාරසිංහ ගැන කිව්වනෙ. ඇය තමයි පසුකලෙක ආනන්ද වීරසේකරගෙ බිරිඳ වුණේ. ඇය දැන් ජීවතුන් අතර නෑ. ආනන්දගෙයි මගෙයි සම්බන්ධය කොපමණද කිව්වොත් ආනන්ද මට කිව්වෙ සංසාරික මිත්‍රයා කියලා. අපේ දෙන්නගෙම බිරින්දෑවරු එකම දවසෙ එකම තැනකදි හමු වුණා.
මගේ පාසල් ප්‍රේමය දුර ගිහින් අවුරුදු 08ක් විතර ප්‍රේම කරල, මං රේඩියෝ සිලෝන් එකේ වැඩකරන කාලයේ අපි විවාහ වුණා. අපි නාලන්දෙ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දෙවැනි වසර ඉගෙන ගනිද්දි තමයි අපට වඩා අවුරුදු 4ක් විතර කනිෂ්ඨ, එදා දඟකාර සිසුවකු වූ අද අපේ රටේ පළමු පුරවැසියා ඉගෙන ගත්තෙ.
විශ්වවිද්‍යාලයෙ පළමු වර්ෂයට ගියාම මට ආයෙමත් ගුවන්විදුලියට යන්න ඉඩ ලැබුණා. ඒ කරු අයියා (කරුණාරත්න අබේසේකර) කළ ළමා පිටියට. මම ගොඩක් පොත - පත කියවලා, තිබීම ඉස්කෝලෙදි උමග්ග ජාතකය, සැළලිහිණි සංදේශය ආදී පැරැණි ගද්‍ය-පද්‍ය සාහිත්‍ය හදාරා තිබීම හුඟක් ප්‍රයෝජනවත් වුණා. අපේ භාෂා ඥානය වර්ධනය වීමට අපට උගන්වපු සුගතමුනි ඥානසිරි වගේ ගුරුතුමන්ලා බලපෑවා.
ළමා පිටියෙදි කරු අයියගේ මල්ලි කෙනෙක් හිටියා ආචාර්ය ගාමිණී අබේසේකර. ඔවුන් සමඟ වැඩ කළා. ශාන්ති දිසානායක අයියට ගීත ලිව්වා. ඉරිදා සරස්වතී මණ්ඩපයත් අඟහරුවාදා ළමා රංග පීඨයත් කළා. හරියටම කරන්න ඕන. නැත්නම් කරු අයියා සැරවෙන හැටි තවම මතකයි. වීදුරුවෙන් එහා පැත්තෙ ඉඳන් දත් කූරු කකා බලාගෙන ඉන්නවා අපි වරද්දනවා නම්... ඒ වෙලාවට අපි කරන්නෙ ඉවරවුණු ගමන්ම පැනලා දුවපු එක. හැබැයි, ඒ තරහ ඉක්මනින්ම ඉවරයි. පස්සෙ තේ එකක් බොමු කියල අපට කතා කරනවා. මට පළමු මාධ්‍ය පුහුණුව දුන්නෙ කරු අයියා.
දවසක් ස්ටාෆ් රූම් එකේදි ගැසට් පත්‍රය දැකපු ආනන්ද වීරසේකර ගුවන්විදුලියට ප්‍රවෘත්ති නිවේදකයො ඉල්ලලා තියෙනවා දැකලා ඒක මට ගෙනැත් පෙන්නුවා. ඔයාට හොඳ ජොබ් එකක් තියෙනවා කියලා. විහිළුවට වගේ මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. මට කැඳවීමක් ලැබුණා.
ඉල්ලුම්පත්‍ර අතරින් තෝරාගත් 50කට විභාග ශාලාවක වගේ ඉන්දවලා ලිඛිත පරීක්ෂණයක් තිබුණා. ඒක අධීක්ෂණය කළේ සරත් පෙරේරා, කේ.එච්.ජේ.විජයදාස(එවක ස්වදේශීය සේවා අධ්‍යක්ෂ, පසු කලෙක ජනාධිපති ලේකම්) වගේ ප්‍රවීණයො. මේ ප්‍රශ්න පත්‍රය ගැඹුරු එකක්. පරිවර්තනය කරන්න පවා තිබුණා. ඒක සමත් වුණාම අපට කටහඬ පරීක්ෂණයක් තිබ්බා. ඒක අධීක්ෂණය කළේ කොළඹගේ, තේවිස් ගුරුගේ, එච්.එම්. ගුණසේකර වගේ ගුවන් විදුලි මාධ්‍යයේ ජ්‍යෙෂ්ඨයො. ඔවුන් තමයි විශිෂ්ටයන් වුණේ. සම්බන්ධතා මැදිරි 6 දී අපව පුහුණු කළා. එතකොට අභ්‍යාස විද්‍යාලයක් තිබුණෙ නෑ. අපට වොයිස් කරන්න ඉඩ ලැබුණෙ නෑ. ජ්‍යෙෂ්ඨයොත් එක්ක වැඩ කළා. ඒ කාලෙ ප්‍රධාන නිවේදිකාව ප්‍රභා රණතුංග(පෙරේරා) සිරිල් රාජපක්ෂ, එච්.ඩී.විජේදාස, තිලක සුදර්ශන ද සිල්වා වගේ ජ්‍යෙෂ්ඨයන්ගෙ සහායකයන් ලෙස අපි පුහුණුව ලැබුවා.
1963 දී අපි එහෙම ගුවන් විදුලියට එනකොට මෙන්න බොලේ අපේ සාහිත්‍ය ලෝකෙ වීරයෝ අපිට එතැනදි දකින්න ලැබෙනවා. මහගමසේකර, දයානන්ද ගුණවර්ධන, මඩවල එස්.රත්නායක වගේ අපේ වීරයෝ. බී.එස්.පට්ටිආරච්චි, පී.වැලිකල, විමල් අභයසුන්දර, නන්දා ජයමාන්න වගේ ප්‍රවීණයො සිංහල නාට්‍ය අංශවලදී අපට හමු වුණා. මගේ පළමු ගුවන් විදුලි පුහුණුව ළමා කාලයෙදිම ලැබුණෙ කරු අයියගෙන්. ඊළඟට ඊටවඩා වෘත්තීය මට්ටමේ පුහුණුවක් එච්.එම්. ගුණසේකර මහතාගෙන් ලැබුවා. ඔහු උතුම් ගුරුවරයෙක්.
බීබීසී සංදේශය කරද්දි එහෙ ඉඳන් ඒ වැඩසටහන් පිටපත් ආදිය මාස කිහිපයකට වතාවක් මෙහාට තැපැල් කළා ඒවා කියවලා ඉගෙනගන්න කියලා. මෙහෙදි තැටි ධාවනය කරන හැටි පවා ළඟ තියාගෙන ඉගැන්නුවා. ප්‍රවෘත්ති අංශයෙ අපේ මිත්‍රයෙක් හිටියා එච්.ඒ.සෙනෙවිරත්න කියලා. එච්.ඒ. යාළුවෙලා හිටපු රංජනීයි මං යාළුවෙලා හිටපු ලීලයි දෙන්නම හිටියෙ පේරාදෙණියෙ රාමනාදන් නේවාසිකාගාරයෙ. සතිඅන්තවලදි අපි අපේ ගර්ල් ෙෆ්‍රන්ඩ්ලා බලන්න යනවා.
සෙනෙවිගෙ පළමු පොත ‘කාලෝ අයං තේ’. මේකෙ කවරයට චිත්‍රය ඇන්දෙ මම. අද නෙළුම් පොකුණ තියෙන තැනට එහා පැත්තෙ තිබුණු හේවුඩ් එකෙන් මං ටිකක් දුරට චිත්‍ර ශිල්පය ඉගෙනගෙන තිබුණා. මං සේකරගෙ නිදහස් චිත්‍ර ශිල්පයෙන් ආභාෂය ලැබුවෙක්. මේ කවරය ඇඳල, මං සේකරට පෙන්නුවා. ඔහු චිත්‍රයේ සමබරතාව, වර්ණ සංයෝජනය ආදී දේවල් මට පෙන්වා දී නැවත අඳින්න කිව්වා. දෙවැන්නත් පෙන්නලා, අඩු- පාඩු හදාගෙන තුන්වැන්න ඇන්දාම දැන් හරි කිව්වා. ඒ තුන්වෙනි චිත්‍රය තමයි සෙනෙවිට දුන්නෙ. පසුව සේකර ගුවන්විදුලියෙන් ගුරු විද්‍යාලයට ගියා.
ඒ කාලෙ ගුවන්විදුලියෙ කොරිඩෝවේ ඇවිදගෙන යද්දි ඇඟේ හැපුණොත්, ඒ මහාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක් හරි කවුරු හරි විද්වතෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ බොහෝ දෙනෙක් විවිධ වැඩසටහන්වලට සම්පත් දායකයන් වශයෙන් සහභාගි වුණා.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න එහෙම නිතර ආවා. පේරාදෙණියෙන් බිහිවුණු අය වැඩිදෙනා සිංහල අංශයෙ, නාට්‍ය අංශයෙ වැඩකිරීමත් මෙයට හේතුවක් වුණා.
සමන් කුමාර ලියනගේ රූපවාහිනියට නිෂ්පාදනය කරපු ලොවට සමීපම නම් ලෝක දේශපාලන තොරතුරු වැඩසටහනේ සම්පත් දායකයකු ලෙස ජේ.ආර්.පී.සූරියප්පෙරුම මහතා හඳුන්වා දුන්නෙ මම. මා ඔහු සමඟ රූපවාහිනියට පැමිණි විට ඔහු කිව්වෙ එදා තමයි ඉස්සෙල්ලම රූපවාහිනියට ආවෙ කියලා. ඒ මීට අවුරුදු 13කට කලින් පෙබරවාරි 4 වැනිදා දවසක.
මේ වගේ අමතක නොවන සිදුවීම් රැසක් මගේ ජීවිතය තුළ තිබෙනවා.
ඇය විද්‍යාව හැදෑරුවත්, ඉංශ්‍රීසි පරිසරයක හැදී වැඩුණත් උසස් රසඥතාවක් තිබූ යුවතියක්. පිස්සෙක් වගේ හිටපු මාව නියම ට්‍රැක් එකට දැම්මේ ඇයයි. මං මේවට අකමැතියි ඒවා කරන්න එපා! කියල ඇය මට කෙළින්ම කිව්වා. මාව හැදුවා. ඇය මුලදි ගම්පහ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබුවෙ ඉහළගම ඉඳල. ඇය, “වොලිබෝල් සිරා’ යනුවෙන් ප්‍රකට වොලිබෝල් ශූර සිරිවර්ධනගෙ පුංචි අම්මගෙ දියණියයි.
ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී පාලිත පෙරේරා
මගේ ලොකු අයියා, කේ.ආර්.පෙරේරා සිවිල් සේවකයෙක්. ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවෙ ආගමන-විගමන පාලක හැටියට. ඊට අමතරව කවුරුත් නොදන්නවා වුණාට එයා රේඩියෝ සිලෝන් එකේ ‘ගම්බද ගී’ ගායකයෙක්. ලොකු අයියා එඩ්වින් කෝට්ටෙගොඩ ප්‍රමුඛයාගේ ගෝලයෙක් හැටියට හුඟක් ගම්බද ගී ගායනා කළා.
මේවායෙදි කිසිම සංගීත භාණ්ඩයක් පාවිච්චි වෙන්නෙ නෑ, කටහඬ විතරයි. ඒ කාලෙ රේඩියෝ සිලෝන් එක තිබුණේ කොටා පාරේ ගොඩනැඟිල්ලක. ගම්බද ගී ගායනයේදී අත්වැල් ගායනා කරන්න ලොකු අයියා මාවත් එක්කරගෙන ගියා. ගෙදරදී ඒ පුහුණුවීම් එහෙම කළ හැටි මට තවම මතකයි. රේඩියෝ සිලෝන් එකට ගියාම මම දැක්කා මැදිරියේම කොනක නිවේදකයෙක් හිටියා. පසුව දැනගත් පරිදි ඒ කොළඹගේ මහත්තයා. පියානෝවකුත් තිබුණා. ලොකු අයියත් එක්ක ගිය මේ ගමන තමයි මගේ පළමු රේඩියෝ අත්දැකීම.
ඊළඟට, මට තවත් අවස්ථාවක් ලැබෙනවා. ඒ කාලෙ අපි නුගේගොඩ ස්ටේෂන් එකෙන් බැහැලා පයින් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවා. දෙල්කඳ හන්දිය පැත්තට එද්දි කඳු මුදුනේ වත්ත දෙසට තියෙන ගෙදර විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයකු වූ ඒ.පී. ගුණරත්න මහත්තයගෙ. ඒ අසල තිබුණා බී.ජේ.එෆ්. දහම් පාසල. ඒ ඉදිරිපිට පාරෙ තමයි සුනන්ද මහේන්ද්‍රලගෙ ගෙදරත් තිබුණේ. ඔය පාර ‘ඇල්බට් පෙරේරා මාවත’ අපි කොළුකමට ඒක ‘අමරදේව මාවත’ කියලා බෝඩ් එකක් එහෙම දැම්මා මතකයි.
මේ දහම් පාසලේ ගුරුවරයෙක් හැටියට ගුණරත්න මහත්තයා වැඩ කළා. මම ඒකෙ ශිෂ්‍යයෙක්. දවල් 11ට දහම් පාසල අවසන් වුණාම හැම ඉරිදම රැස්වීම තියෙනවා. ගුරුභවතුන්ගේ කතා අවසන් වුණාම අනෙකුත් කතා කියල අවස්ථාවක් ලැබෙනවා.
ඒවෙලාවේ නොවැරැදීම වේදිකාවට දුවගෙන ගිය කෙනෙක් තමයි මම. ගිහින් කවියක් කිව්වා, නැත්නම් කතාවක් කළා. මේ කාලෙ ඒ.පී. ගුණරත්න මහත්තයා පරිවර්තනය කරපු ‘වන සරණ’ පොත ඇසුරින් ඉතා විශිෂ්ට ගුවන් විදුලි මාලා නාට්‍යයක් ඉදිරිපත් කරන්න ගුණරත්න මහත්තයත් එක්ක අපේ ලොකු අයියත් වැඩ කළා. පැය 1/2ක මේ නාට්‍ය ‘වන චර සරණ’ කියල නම් කරල තිබුණා. නිෂ්පාදක පී.වැලිකල මහත්තයා මේකේ හෝලිකේ තිසාහාමි ළමා කාලයේ චරිතය ලැබුණෙ මට. එතකොට මට වයස අවුපැදු 10ක් විතර ඇති.
හන්දියේ ගෙදරට පෙනෙන දුරින් තමයි, කඳු මුදුනේ ගුණරත්න මහත්තයලගෙ ගෙදර තිබුණේ. හැන්දෑවට එහාට ගිහින් විශාල ගෙවත්තට වෙලා දෙබස් පුහුණුවීම් කෑගහලා කරපු හැටි මට මතකයි. රේඩියෝ සිලෝන් එකේ හයවැනි මැදිරියෙදි මේ නාට්‍ය තැටිගත කළා. සජීව ලෙසින් ඉදිරිපත් කළ නාට්‍ය ප්‍රධාන පාලක මැදිරියෙදි ඒ වෙලාවෙම අඟල් 16 විශ්කම්භයක් ඇති තැටියක් හැටියට කැපුණා. නාට්‍ය අවසන් වෙද්දි තැටියත් කැපිල ඉවරයි.
මේ ළමා කාලයේ චරිතය කොටස් 3 ක් විතර කළා. ඊට පස්සෙ තිසාහාමිගේ ටිකිරා කියන පුතාගේ චරිතයට නැවතත් මාව ගත්තා. තිසාහාමිගේ චරිතය කළේ එඩ්මන් විජේවර්ධන කියන විශිෂ්ටයා. ඔහු පසුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද සිටි වජිර විජේවර්ධනගේ පියා. මේ නාට්‍යයේ තැටියක් ගුවන් විදුලියේ සංරක්ෂණ ගබඩාවේ තිබුණා.
පසු කලෙක මම ගුවන්විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂ හැටියට අවුරුදු 11ක් කටයුතු කළා.සිංහල තැටි-පටි ගබඩා භාර අතිරේක යතුරු කැරැළි මා භාරයේ තිබුණේ. පැය 24 ඕනෑම වේලාවක මට ඒ ගබඩා අරින්න පුළුවන්කම තිබුණා. හැබැයි, 1997 ඔක්තෝබර් මාසෙ 01 වැනිදා, හරියටම මගේ දුවගේ උපන්දිනේ දවසෙ මං ගුවන්විදුලියට ආයුබෝවන් කියලා ගෙදර එද්දිත් කිසිම දෙයක් අරගෙන ආවෙ නෑ. ගීතයක්වත් පිටපත් කරගෙන ආවෙ නෑ. මං සිංහල සේවා අධ්‍යක්ෂවරයා හැටියට ඉන්නැද්දි මගේ ලේකම්වරිය වුණේ සුසිලා පෙරේරා.
ගුවන් විදුලියෙන් අල්පෙනෙත්තක්වත් ගෙදර නොගෙනිච්ච මහත්තය වගේ කෙනෙක් මං දැක්කෙ නෑ කියල ඇය කිව්වා. දවසක් මට, මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි මගේ දුව කතා කරල කිව්වා සී.ආර් පොත් 2ක් ගේන්න කියලා. මම බොරැල්ලෙ මංගල බුක්ෂොප් එකෙන් පොත් 2 ගෙනැත් ගුවන් විදුලියෙ ගේට්ටුව ළඟ තියෙන ආරක්ෂක මැදිරියෙ හිටපු තල්පෙහේවාට දුන්නා ඒකට ගේට්පාස් එකක් දාලා තියන්න කියලා.
ජනාධිපතිතුම සමඟ සාකච්ඡාවකදී |
හැබැයි මං අල්පෙනෙත්තක්වත් ගෙදර ගෙනිච්චෙ නෑ. මං ඒක කළා නම් මගේ යටතේ සිටි අයත් ඒක කරනවා. ලොක්කට හොඳනම් අපට මොකද කියලා. පසු කලෙක සුනිල් ශාන්තයන්ගෙ සී.ඩී.එකක් ගුවන් විදුලිය කළා. ඒකෙ පිටපතක් ගන්න පුළුවන්ද කියල දැනගන්න මං ඒ කාලෙ හිටපු සභාපතිවරයකුට කතා කළාම ඔහු මට දුන් උත්තරේ තමයි, ඉස්සරහා අලෙවි කවුන්ටරේ විකුණන්න තියෙනවා. එතැනින් ගන්න පුළුවන් කියලා.
හුඟක් අය හිතනවා ඇති මං හුඟක් කතා කරන කෙනෙක් කියලා. හැබැයි, මං ගෙදරදිත් කතා කරන්නෙ වචන 10 - 15 ක් විතර. නෑදෑයෝ ආශ්‍රය කරනවත් අඩුයි. මේ ගැන මගේ බිරිඳත් මගෙන් අහනවා.
මේකට හේතුව මගේ අම්මා... ඇගේ නම පියසීලි. මගේ වේලාපත්කඩය හදල තියෙන්නෙ විමලසාර හාමුදුරුවො. හාමුදුරුවො මේක හදල අම්මට කියල තියෙනවා ‘දරුවට රාජ යෝගයක් තියෙනවා’ අනිත් අය වගේ නෙවෙයි වතුරෙන්, ගින්දරෙන්, ඊර්ෂ්‍යාකාරයන්ගෙන් එහෙම ආරක්ෂා කරගන්න කියලා. මේ නිසා අම්මම කියපු හැටියට මාව හැදුවෙ කොටහළු වෙච්ච ගැහැනු ළමයෙක් වගේ.
මාව නෑදෑ ගෙදරකටවත් ඇරියෙ නෑ. ඉස්කෝලෙ ඇරුණම 2.20 වෙද්දි ගෙදර නාවොත් තරවටු කළා. අම්මා වෙලාවට බලාගෙන ඉන්නවා. පරක්කු වෙන්න බෑ. මාව මෙහෙම හැදුවෙ ඇයි කියලා අම්ම මට කිව්වෙ ඈ මිය යන්න අවුරුදු 2කට කලින්. මට වේලාපත්කඩය දීලා ඇය ඔය කතාව කිව්වා.
හවානා නුවරදී පිදෙල් කස්ත්‍රෝ හමුවී. |
දැන්, පැවිදි ජීවිතයට ඇතුල් වෙලා සිටින හිටපු මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර, මහවැලියෙ සහකාර ලේකම්වරයකුව සිටි ආනන්ද ධර්මප්‍රිය දිවංගත ආචාර්ය ගාමිණී අබේසේකර ආදී මිත්‍රයො අපි නාලන්දෙ එකට හිටියෙ. සිංහල සාහිත්‍ය සංගමයට අපි එකටම නාමයෝජනා දුන්නා.
මං සභාපති වුණා. සිංහල විවාද කණ්ඩායමේ නායකයා ආනන්ද වීරසේකර. දෙවැනියා ගාමිණී, තුන්වැනියා සරත් ආනන්ද. මේ විවාද කණ්ඩායම පිට පාසල්වල විවාද තරඟවලට ගියා. හැබැයි යන්නෙම විශාඛා, අනුලා, දේවිබාලිකා,බෞද්ධ කාන්තා වගේ ඉස්කෝලවලට.
රාජකීය වගේ පාසල්වලට යන්නෙ නෑ. එහෙම ගිහින් කතා කරපු මාතෘකාත් ගැහැනු ළමයින්ට ඔච්චම් කරන්න පුලුවන් ඒවා. ඒ වෙලාවට මේ යාළුවන්ගේ කටවල් පඩික්කම් වගේ මෙලෝ මිනිහෙකුට අහන් ඉන්න බෑ. විවාද කණ්ඩායමට නෑ වගේම මං මේවා බලන්න අහන්න ගියෙත් නෑ. පස්සෙ මට විශ්වාස භංගයක් ගෙනාවා, මං සභාපතිවෙලත් මේවාට සහයෝගයක් නෑ කියලා. කොහොමහරි ගණන් පාට් දාලා මං මේක දිනුවා. පස්සෙ ආනන්ද වීරසේකර කිව්වා අපි බොහොම අමාරුවෙන් උඹේ සභාපතිකම බේර ගත්ත.
ඊළඟ ඩිබේට් එකටවත් වරෙන් කියලා. මේ ඊළඟ එක තිබුණේ බෞද්ධ කාන්තා විද්‍යාලයේ. මං ඒක බලන්න ගියා. මේක ඉවරවෙලා එහෙ නායිකාව කිව්වා කොල්ලො නිකම් බල්ලො වගේ කියලා. භාෂාව ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න කියල අපි යන්න ගියා. මේක වුණේ 1961 මැයි 24 වැනිදා. මේ විවාද කණ්ඩායමේ දෙවෙනියත් එක්ක අපේ ගාමිණී අබේසේකරගෙ මිත්‍රත්වයක් තිබුණා. එයා සීතා කුමාරසිංහ. සීතා මඟින් වැඩිදුර හඳුනාගත් පළමුවැනියා, කණ්ඩායමේ නායිකාව ගැන මට සිතක් පහළ වුණා. ඇය තමයි ලීලා ගුණවර්ධන. පසුව මගේ බිරිඳ වුුණේ ඇයයි. මංගල්‍ය සිදුවුණේ කෑගල්ලෙ ඇයගෙ ගෙදරදි. ලීලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගනිද්දි මං මගේ පළමු පෙම් හසුන ඇයට දුන්නා. හරියටම 1962 අප්‍රේල් 19 වැනිදා. (කරු අයියා) නැතිවුණෙත් අප්‍රේල් 19 වැනිදාවක(1983දී).
පිරිමියෙක් දෙවතාවක් උපදිනවා කියල කියමනක් තියෙනවා. පළමුව මවගේ කුසයෙන්, දෙවනුව බිරිඳගෙන්. මං දෙවැනි වරට ඉපදුනේ මගේ ආදරණීය බිරිඳගෙන්. ඇය නොලැබෙන්න පාලිත පෙරේරා කියන මේ මනුස්සයා හමුනොවෙන්න ඉඩ තිබුණා. ඇය විද්‍යාව හැදෑරුවත්, ඉංශ්‍රීසි පරිසරයක හැදී වැඩුණත් උසස් රසඥතාවක් තිබූ යුවතියක්. පිස්සෙක් වගේ හිටපු මාව නියම ට්‍රැක් එකට දැම්මේ ඇයයි. මං මේවට අකමැතියි ඒවා කරන්න එපා! කියල ඇය මට කෙළින්ම කිව්වා. මාව හැදුවා. ඇය මුලදි ගම්පහ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබුවෙ ඉහළගම ඉඳල. ඇය, “වොලිබෝල් සිරා’ යනුවෙන් ප්‍රකට වොලිබෝල් ශූර සිරිවර්ධනගෙ පුංචි අම්මගෙ දියණියයි.
ආත්මීය සහකාරිය ලීලා සමඟ. |
රූපවාහිනී වැඩසටහනකට මීතිරිගල රූගත කිරීම් කරද්දි අතුල මගෙයි, ලීලගෙයි හඳහන් දෙක බලල කිව්වෙ ඔය දෙන්නා ආත්ම ගණනක් එකට එන ගමනක් මේ කියලා.
මේක ඇත්තක්. දීර්ඝ කාලයක් අඹු-සැමියෝ වශයෙන් පවුලක් හැටියට සමීපව එකට ඉන්න අපි ආත්ම ගණනක් එකට හමුවෙනවා. මං සීතා කුමාරසිංහ ගැන කිව්වනෙ. ඇය තමයි පසුකලෙක ආනන්ද වීරසේකරගෙ බිරිඳ වුණේ. ඇය දැන් ජීවතුන් අතර නෑ. ආනන්දගෙයි මගෙයි සම්බන්ධය කොපමණද කිව්වොත් ආනන්ද මට කිව්වෙ සංසාරික මිත්‍රයා කියලා. අපේ දෙන්නගෙම බිරින්දෑවරු එකම දවසෙ එකම තැනකදි හමු වුණා.
මගේ පාසල් ප්‍රේමය දුර ගිහින් අවුරුදු 08ක් විතර ප්‍රේම කරල, මං රේඩියෝ සිලෝන් එකේ වැඩකරන කාලයේ අපි විවාහ වුණා. අපි නාලන්දෙ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දෙවැනි වසර ඉගෙන ගනිද්දි තමයි අපට වඩා අවුරුදු 4ක් විතර කනිෂ්ඨ, එදා දඟකාර සිසුවකු වූ අද අපේ රටේ පළමු පුරවැසියා ඉගෙන ගත්තෙ.
විශ්වවිද්‍යාලයෙ පළමු වර්ෂයට ගියාම මට ආයෙමත් ගුවන්විදුලියට යන්න ඉඩ ලැබුණා. ඒ කරු අයියා (කරුණාරත්න අබේසේකර) කළ ළමා පිටියට. මම ගොඩක් පොත - පත කියවලා, තිබීම ඉස්කෝලෙදි උමග්ග ජාතකය, සැළලිහිණි සංදේශය ආදී පැරැණි ගද්‍ය-පද්‍ය සාහිත්‍ය හදාරා තිබීම හුඟක් ප්‍රයෝජනවත් වුණා. අපේ භාෂා ඥානය වර්ධනය වීමට අපට උගන්වපු සුගතමුනි ඥානසිරි වගේ ගුරුතුමන්ලා බලපෑවා.
ළමා පිටියෙදි කරු අයියගේ මල්ලි කෙනෙක් හිටියා ආචාර්ය ගාමිණී අබේසේකර. ඔවුන් සමඟ වැඩ කළා. ශාන්ති දිසානායක අයියට ගීත ලිව්වා. ඉරිදා සරස්වතී මණ්ඩපයත් අඟහරුවාදා ළමා රංග පීඨයත් කළා. හරියටම කරන්න ඕන. නැත්නම් කරු අයියා සැරවෙන හැටි තවම මතකයි. වීදුරුවෙන් එහා පැත්තෙ ඉඳන් දත් කූරු කකා බලාගෙන ඉන්නවා අපි වරද්දනවා නම්... ඒ වෙලාවට අපි කරන්නෙ ඉවරවුණු ගමන්ම පැනලා දුවපු එක. හැබැයි, ඒ තරහ ඉක්මනින්ම ඉවරයි. පස්සෙ තේ එකක් බොමු කියල අපට කතා කරනවා. මට පළමු මාධ්‍ය පුහුණුව දුන්නෙ කරු අයියා.
දවසක් ස්ටාෆ් රූම් එකේදි ගැසට් පත්‍රය දැකපු ආනන්ද වීරසේකර ගුවන්විදුලියට ප්‍රවෘත්ති නිවේදකයො ඉල්ලලා තියෙනවා දැකලා ඒක මට ගෙනැත් පෙන්නුවා. ඔයාට හොඳ ජොබ් එකක් තියෙනවා කියලා. විහිළුවට වගේ මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. මට කැඳවීමක් ලැබුණා.
ඉල්ලුම්පත්‍ර අතරින් තෝරාගත් 50කට විභාග ශාලාවක වගේ ඉන්දවලා ලිඛිත පරීක්ෂණයක් තිබුණා. ඒක අධීක්ෂණය කළේ සරත් පෙරේරා, කේ.එච්.ජේ.විජයදාස(එවක ස්වදේශීය සේවා අධ්‍යක්ෂ, පසු කලෙක ජනාධිපති ලේකම්) වගේ ප්‍රවීණයො. මේ ප්‍රශ්න පත්‍රය ගැඹුරු එකක්. පරිවර්තනය කරන්න පවා තිබුණා. ඒක සමත් වුණාම අපට කටහඬ පරීක්ෂණයක් තිබ්බා. ඒක අධීක්ෂණය කළේ කොළඹගේ, තේවිස් ගුරුගේ, එච්.එම්. ගුණසේකර වගේ ගුවන් විදුලි මාධ්‍යයේ ජ්‍යෙෂ්ඨයො. ඔවුන් තමයි විශිෂ්ටයන් වුණේ. සම්බන්ධතා මැදිරි 6 දී අපව පුහුණු කළා. එතකොට අභ්‍යාස විද්‍යාලයක් තිබුණෙ නෑ. අපට වොයිස් කරන්න ඉඩ ලැබුණෙ නෑ. ජ්‍යෙෂ්ඨයොත් එක්ක වැඩ කළා. ඒ කාලෙ ප්‍රධාන නිවේදිකාව ප්‍රභා රණතුංග(පෙරේරා) සිරිල් රාජපක්ෂ, එච්.ඩී.විජේදාස, තිලක සුදර්ශන ද සිල්වා වගේ ජ්‍යෙෂ්ඨයන්ගෙ සහායකයන් ලෙස අපි පුහුණුව ලැබුවා.
1963 දී අපි එහෙම ගුවන් විදුලියට එනකොට මෙන්න බොලේ අපේ සාහිත්‍ය ලෝකෙ වීරයෝ අපිට එතැනදි දකින්න ලැබෙනවා. මහගමසේකර, දයානන්ද ගුණවර්ධන, මඩවල එස්.රත්නායක වගේ අපේ වීරයෝ. බී.එස්.පට්ටිආරච්චි, පී.වැලිකල, විමල් අභයසුන්දර, නන්දා ජයමාන්න වගේ ප්‍රවීණයො සිංහල නාට්‍ය අංශවලදී අපට හමු වුණා. මගේ පළමු ගුවන් විදුලි පුහුණුව ළමා කාලයෙදිම ලැබුණෙ කරු අයියගෙන්. ඊළඟට ඊටවඩා වෘත්තීය මට්ටමේ පුහුණුවක් එච්.එම්. ගුණසේකර මහතාගෙන් ලැබුවා. ඔහු උතුම් ගුරුවරයෙක්.
ප්‍රථම සඳ ගමන පිළිබඳ ගුවන් විදුලි වැඩසටහනට එක්ව. |
සෙනෙවිගෙ පළමු පොත ‘කාලෝ අයං තේ’. මේකෙ කවරයට චිත්‍රය ඇන්දෙ මම. අද නෙළුම් පොකුණ තියෙන තැනට එහා පැත්තෙ තිබුණු හේවුඩ් එකෙන් මං ටිකක් දුරට චිත්‍ර ශිල්පය ඉගෙනගෙන තිබුණා. මං සේකරගෙ නිදහස් චිත්‍ර ශිල්පයෙන් ආභාෂය ලැබුවෙක්. මේ කවරය ඇඳල, මං සේකරට පෙන්නුවා. ඔහු චිත්‍රයේ සමබරතාව, වර්ණ සංයෝජනය ආදී දේවල් මට පෙන්වා දී නැවත අඳින්න කිව්වා. දෙවැන්නත් පෙන්නලා, අඩු- පාඩු හදාගෙන තුන්වැන්න ඇන්දාම දැන් හරි කිව්වා. ඒ තුන්වෙනි චිත්‍රය තමයි සෙනෙවිට දුන්නෙ. පසුව සේකර ගුවන්විදුලියෙන් ගුරු විද්‍යාලයට ගියා.
ඒ කාලෙ ගුවන්විදුලියෙ කොරිඩෝවේ ඇවිදගෙන යද්දි ඇඟේ හැපුණොත්, ඒ මහාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක් හරි කවුරු හරි විද්වතෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ බොහෝ දෙනෙක් විවිධ වැඩසටහන්වලට සම්පත් දායකයන් වශයෙන් සහභාගි වුණා.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න එහෙම නිතර ආවා. පේරාදෙණියෙන් බිහිවුණු අය වැඩිදෙනා සිංහල අංශයෙ, නාට්‍ය අංශයෙ වැඩකිරීමත් මෙයට හේතුවක් වුණා.
සමන් කුමාර ලියනගේ රූපවාහිනියට නිෂ්පාදනය කරපු ලොවට සමීපම නම් ලෝක දේශපාලන තොරතුරු වැඩසටහනේ සම්පත් දායකයකු ලෙස ජේ.ආර්.පී.සූරියප්පෙරුම මහතා හඳුන්වා දුන්නෙ මම. මා ඔහු සමඟ රූපවාහිනියට පැමිණි විට ඔහු කිව්වෙ එදා තමයි ඉස්සෙල්ලම රූපවාහිනියට ආවෙ කියලා. ඒ මීට අවුරුදු 13කට කලින් පෙබරවාරි 4 වැනිදා දවසක.
මේ වගේ අමතක නොවන සිදුවීම් රැසක් මගේ ජීවිතය තුළ තිබෙනවා.
0 comments:
Post a Comment