728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 14 January 2014

සුදු කැස්බෑවා විය සිදුරෙන් අමල් දෙස බලයි....

 හතර බීරි කැස්බෑ කථාව  නිමාවූ වගයි...




කොස්ගොඩ පොලීසිය අසල පාසල් මාවතේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයක සිට අතුරුදන් වූ දුර්ලභ ඇලි කැස්බෑවා යැයි සැක කෙරෙන කැස්බෑවෙකු අම්බලන්ගොඩ නිවසකින් අද පෙරවරුවේ සොයාගෙන තිබේ.
ඒ අන්කිසිවෙකුගේ නිවසින් නොව කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබ්‍රෙව් මහතාගේ දියණියගේ නිවසේ සිටය. 

පසුගිය වසරේ දෙසැම්බර් මස 16 වැනි පොහෝදා අළුයම් කාලයේ දී මෙම දුර්ලභ කැස්බෑවා එම මධ්‍යස්ථානයෙන් අතරුදන් වූ අතර ඒ පිළිබඳ එම මධ්‍යස්ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබ්‍රෙව් මහතා විසින් කොස්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඒ පිලිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කල අතර එම පුවතට දෙස් විදෙස් මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක්ලැබිණ. 

කැස්බෑවා අතුරුදන් වීම පිටුපස ජනප්‍රිය ගායක අමල් පෙරේරා සිටින බවට සැක කරන්නේ යැයි චන්ද්‍රසිරි ආබ්‍රෙව් පොලිසියට පැවසීමත් සමග කොස්ගොඩ පොලිසියට අමල් පෙරේරා කැඳවා පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශ ලබා ගෙන පොලිස් ඇප මත නිදහස් කර හැරිණ. මේ හේතුවෙන් අමල් පෙරේරාගේ නමට කැස්බෑ නාමයක්ද පට බැඳුනු අතර පසුගියදා මහරගමදී පැවැත්වුණු සංගීත සංදර්ශනයක අමල් ගීත ගායනා කිරීමට ප්‍රථම "කැස්බෑවා , කැස්බෑවා" යනුවෙන් පැමිණි සිටි රසිකයන් විසින් හඬ නැගු පුවතක් ද වාර්තා විය.
 

 

කැස්බෑවා ගෙන ගියේ මාල දිවයිනේ "ෆන්ඩිතා" නම් ගුරුකමක් කිරීමට බව සඳහන් කිරීමත් සමග සුදු කැස්බෑපුවත මාල දිවයිනේ ද ප්‍රසිද්ධ විය. 

කෙසේ නමුත් පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යාමේදී හෙලිවුයේ කැස්බෑ හොරකම "ඇතුලෙම වැඩක්" විය හැකි බවය. 

තත්වය මෙසේ තිබියදී චන්ද්‍රසිරි ආබ්‍රෙව් මහතාගේ දියණිය වන ශ්‍යාමලී ආබ්‍රෙව් පදිංචි වී සිටින අම්බලන්ගොඩ, මහවීදිය පාරේ නිවසින් සුදු කැස්බෑවෙකු සොයාගෙන තිබේ. ඒ ගැන ශ්‍යාමලී පවසන්නේ මෙවැන්නකි. 

"නැති වුණ කැස්බෑවා නැති වුණා. අපට සුදු කැස්බෑවුන් පස් දෙනෙක් හිටියා. ඉන් එක් සතෙක් සුනාමිය වෙලාවේ මුහුදට ගහගෙන ගියා. ඊට පස්සේ පසුගිය වසරේ දෙසැම්බරයේ දී තවත් සතෙක් අතුරුදන් වුණා. ඉතිරි තුන් දෙනා ඉන්නේ අපේ ළඟ." 

මුල් පැමිණිල්ලට අනුව අතූරුදහන් වි ඇත්තේ කිලෝ 9 ½ ක් පමණ බරැති කැස්බෑවෙකු වුවත් සොයා ගෙන ඇත්තේ කිලෝ 5 ½ ක් බරැති කැස්බෑවෙකි. 

පැමිණිල්ල සිදුකල පුද්ගලයා විසින් පොලිසිය නොමග යවා ඇත්දැයි දැනගැනීම සඳහා පරීක්ෂණයක් මේවනවිට ක්‍රියාත්මක අතර පැමිණිලිකරු වන චන්ද්‍රසිරි ආබ්‍රෙව් මේවනවිට සිටින්නේ රෝහල්ගතවය. 

තමාට චෝදනා එල්ලවූ කැස්බෑවා හඳුනා ගැනීම සඳහා දහවල් වනවිට මෙම නිවස අසලට අමල් පෙරේරා පැමිණ ඇතිඅතර ඔවුන්ට ඇතුලට යාමට දීමට ශ්‍යාමලී ඉඩලබා දී නොමැත.

 නමුත් පසුව පොලිසියේ මැදිහත්වීමෙන් අමල් පෙරේරා නිවාස තුලට ගොස් කැස්බෑවා බලා ඇතිඅතර එලියට පැමිණීමෙන් අනතුරුව ඒ තමා මිලදී ගැනීමට ගිය කැස්බෑවා බව තහවුරු කොට ඇත. 


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සුදු කැස්බෑවා විය සිදුරෙන් අමල් දෙස බලයි.... Rating: 5 Reviewed By: Unknown