තමන් විසින් ශ්‍රී ලංකාවට පැමිණි යුද අපරාධ පිළිබද ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් රැප් වෙත ලබාදුන් සාක්ෂි සත්‍ය යයි මන්නරාම් රදගුරු රායප්පු ජෝෂප් යළි තහවුරු කරයි.
ඔහු පවසන්නේ ඒවා අසත්‍ය යැයි කියන ඕනෑම සිංහල අන්තවාදී සංවිධානයකට හැකි නම් එය සනාථ කර පෙන්වන ලෙසයි. ඉන් පසුව තමන්ව අත්අඩංගුවට ගැනීම ගැන සිතා බැලිය හැකි බවත් පවසන රදගුරුවරයා තමන්ට බොරු කීමට අවශ්‍ය නැති බවද අවධාරණය කරයි.
ඇමෙරිකානු යුද අපරාධ සම්බන්ධ විශේෂ නියෝජිත ස්ටීවන් රැප් පසුගිය 8වැනි දින යාපන සංචාරයක නිරත වූ අවස්ථාවේ රායප්පු ජෝසෆ් සහ යාපනය රදගුරු තෝමස් සෞදර්නායගම් පියතුමාද අතර පැවති හමුවකදී උතුරේ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, පොකුරු බෝම්බ ප්‍රහාර, රසායිනික බෝම්බ ප්‍රහාර ඇතුළු යුද අපරාධ පිළිබඳ සාක්ෂි ලබාදුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණ.

0 comments:
Post a Comment