අගමැති දි.මු. පාරිශුද්ධ චරිතයක් – සම්බන්ධීකරණ ලේකම්...
අගමැති දි.මු ජයරත්න මහතා ලංකාවේ වගකිවයුතු අමාත්‍යංශ රැසක ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති බවත් ඔහු කිසි කලෙක අයථා ගනුදෙනුවලට හෝ දුෂකයන් හා නාස්තීන් සදහා නොනැමුණු චරිතයක් නොවන බව අගමැති සම්බන්ධීකරණ ලේකම් අමිල සුදේන පියසිංහ නිවේදනය කරයි.ඒ අමිල සුදේන පියසිංහගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
‘කන්ටේනරයක් තුළ වංචනික ලෙස වා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය හේතුවෙන් මනුසත් බව විනාශ කරන්නට උත්සාහ කළ සියලූ අමනුෂයන් කෙරෙහිම අප තුළ ඇත්තේ පිළිකුලක් බව නොකිවමනාය. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙවැනි පිළිකුල් සහගත කර්තව්‍යකට අදාළව ලිපියක් සැපයීමක් පිළිබදව මාධ්‍ය මගින් වාර්තා වූ විටෙක මෙරට බෞද්ධ ජන සමාජයේ ආන්දෝලනයක් ඇති වුවද විමර්ශන තුළින් සත්‍ය හෙළි වූ විටෙක සියල්ල සංසිදෙනු ඇත.
එනමුදු දි.මු ජයරත්න මෙරට දේශපාලනයේ කෘතහස්ත සලකුණක් කෙරෙහි අචල මහජන විශ්වාසය තවමත් එයාකාරවම පවතිනුයේ එතුමාගේ දීර්ධ කාලීන දේශපාලන ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් විමර්ශන කිරීමෙන් බැව් පැහැදිලිය.
මෙරට වගකිව යුතු අමාත්‍යංශ රැසක අමාත්‍යවරයා ලෙස කටයුුතු කළ ඔහු කිසි කලෙක අයථා ගනුදෙනු දුෂණ හා නාස්තීන් සදහා නොගෑවුණු චරිතයක්. මහජන මුදල් යනු ‘ජනතාවගේ ලේ ලෙසින් සලකමින් සාකලසයෙන්ම පාරිශුද්ධ වූ දේශපාලන පැවැත්මක් ඇත්තකු ලෙසින් කටයුතු කළ අයෙකි. ඔහු පියෙකු ලෙස පෞද්ගලික ජීවිතයේද මනාව වගකීම් ඉටුකළ අයෙකු බව සමාජය දනී.
ඔහු සිය පක්ෂයත්, පාක්ෂිකයාත් වෙනුවෙන් සිරබත් කෑ වාර අනන්තය. අධිරාජ්‍යවාදී ගැත්තන්ට මෙරට හිමිව තිබූ සශී‍්‍රක ඉඩම් කොහු ලණුවෙන් මැන ඉඩම් නොමැති ජනතාව අතර බෙදා දුන් මානව හිතවාදී චරිතයක් ලෙස කෘතගුණ දත් ජනතාව දි.මු නාමය කිසිදා අමතක නොකරනු ඇත.
තම රට ජාතිය ආගම පිළිබද මහත් හැගීමකින් සැමදා කටයුතු කළ දි.මු ජයරත්න වැනි ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකු තම දේශපාලන ජීවිතයේ කෙළවරටම පැමිණ ඇති මෙවැනි මොහොතක ඔහුට වඩාත් වැදගත් වනුයේ මහජන සම්භාවනාව විනා වෙන කිසියම් දෙයක්දැයි අප යළි සිතා බැලිය යුතු නොවේද?
0 comments:
Post a Comment