නොදියුණු සංගීත වෙළෙඳ පොළක් ඇතුළෙ සුභාවිත ගීතය ජීවනෝපාය මාර්ගය කරගැනීම ලේසි නෑ
පසුගිය රාජ්‍ය සංගීත සම්මාන උලෙලේ හොඳම ගී පද රචකයාට නිර්දේශ වූ ගීත රචකයෙකි රවී සිරිවර්ධන. මේ කතාබහ ඔහුගේ සංගීත දිවිය හා ලංකීය කලා ක්ෂේත්‍රයේ වත්මන් ගමන්මග පිළිබඳවයි.
සමහර ගීත රචකයො කියනවා ඒ අය වෘත්තීය ගීත රචකයො කියල. ඔබ රාජ්‍ය සම්මාන පවා ලැබුණ ගීත රචකයෙක්. ඔබට තවම ඒ වෘත්තීය තත්ත්වය නැද්ද?
මම වෘත්තීය ගීත රචකයෙක් නෙවෙයි. ලංකාවෙ වෘත්තීය ගීත රචකයො නෑ. මේක අමතර ආදායම් මාර්ගයක් විතරයි. මේ රටේ ප්‍රධාන පෙළේ සියලුම ගීත රචකයො ජීවත්වීම සඳහා ගීත ලියන්නෙ නෑ. මේක කලාකරුවන් ලෙස අපේ ප්‍රකාශන මාධ්‍යය. නොදියුණු සංගීත වෙළෙඳ පොළක් ඇතුළෙ මේවා ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගන්න බෑ. අඩු තරමේ බුද්ධිමය දේපළ අයිතියවත් රැකෙන්නෙ නැති රටක මේක කවදාවත් වෘත්තීය තත්ත්වයට එයි කියලා හිතන්න බෑ. ඔය වෘත්තීය ගීත රචකයො කියල කියාගන්න අය ගීත රචකයො හැටියට අපි පිළිගන්නෙ නෑ. මේක ගැඹුරක් ඇති කලා මාධ්‍යයක්. මොකක් හරි වචන ටිකක් පූට්ටු කළ පලියට ඒ අය ගීත රචකයන්ගෙ ගණයට ගන්න පුළුවන් කමක් නෑ. එක එකා තම තමන්ගෙ තොරොම්බල් විකුණගන්න සල්ලි විසිකරනව. සල්ලි වියදම් කරල සල්ලි හොයන ක්‍රමවේදයක් එතන තියෙන්නෙ. සල්ලි ගෙවල සිංදුව ප්‍රසිද්ධ කරලා ඒක රිගින් ටෝන් මාකට් එකේ විකිණෙන්න දානව. ඔය ජාවාරමට බැහැගෙන ඕකෙන් ආර්ථික ජීවිතේ ගොඩදාගන්න හදන කීප දෙනෙක් තමයි ඔය කියන්නෙ ඒ අය මාර වෘත්තීය ගීත රචකයො කියල. අපි කරන්නෙ කලාව මිසක් වෙළෙඳාම නෙවෙයි. අපේ වගකීම තියෙන්නෙ ශ්‍රාවකයාගෙ රසවින්දනය ඔසවා තබන එක මිසක්, උන්ගෙ පොකට් එකටත් විදලා උන්ගෙ වින්දනය විනාශ කරන එක නෙවෙයි. රටක මිනිස්සුන්ගෙ සංස්කෘතික ජීවිතය එක්ක සෙල්ලං කරන්න අපට බෑ. ඕක මහ බරපතළ අපරාධයක්. ඒනිසා වෙළෙන්දන්ගෙ න්‍යාය පත්‍ර ඇතළෙ වෘත්තීය ගීත රචකයන් නොවීමම තමයි අපේ අභිමානය.
ඒ කියන්නේ ඔබේ ගීතවලට මිලක් නොලැබීම ගැටලුවක් නෙවෙයිද?
මිලක් ලැබිය යුත්තෙ අපේ ගීතවලට තමයි. ඒත් මෙරට මාධ්‍ය හා වෙළෙඳ ප්‍රජාව මිලක් නිර්මාණය කරන්නෙ අපේ නිර්මාණ වෙනුවෙන් නෙවෙයි. ඒ අයට කලාවෙන් වැඩක් නෑ. මිනිස්සුන්ගෙ රස වින්දනයෙන් වැඩක් නෑ. එම නිසා මිනිස්සුන්ට දිය යුතු දේ වෙනුවට ඒ අයට ලේසියෙන් විකුණගන්න පුළුවන් ලාභය වැඩි ඒවා තමයි ප්‍රමෝට් කරන්නෙ. දැන් .....කෝලා කොච්චර අහිතකර වුණත් ඒකමනෙ වැඩිපුර මාකට් කරන්නෙ. ඒවගේ තමයි දැන් කිරි වීදුරුවක් බොන තරුණයට වැඩිය .....කෝල එකක් බොන තරුණයා මාකට්නෙ. හොඳ නිර්මාණවලට මිලක් නොලැබීම ගැටලුවක් නෙවෙයි කියල මම කියන්නෙ නෑ. ඒක ගැටලුවක්. හැබැයි ඒක කලාවෙ ගැටලුවක් නෙවෙයි. ඒක එක්තරා සමාජ ගැටලුවක් හැටියට තමයි මම දකින්නෙ. සුභාවිත කලාව සමාජයෙ දුරස් වෙනව කියන්නෙම අපි ශිෂ්ටත්වයෙන් ඈත්වෙනව කියන එකනෙ. මිලක් නොලැබීම යට තියෙන්නෙ ඒ ඛේදවාචකය.
ඒත් මේ ක්‍රමය වෙනස් වෙයි කියලා හිතනවද?
අද මේක වෙනස් කරන්න කතා කරන මිනිහා හෙට වෙනකොට අරගලය පාවා දෙනවා. ඒක තමයි දැන් යන නරුම ක්‍රමය. පාවාදෙන එක දැන් ජාතික ප්‍රතිපත්තියක් වෙලා. තමන්ට පුටුව ලැබෙනකම් තමයි හැම මිනිහම අරගල කරන්නෙ. පුටුව ලැබුණට පස්සෙ තමන් එක්ක හිටගෙන ඉඳපු එවුන්ට පුටවුක් ලැබුණද බිම ඇදගෙන වැටුණද කියල හැරිල බැලීමක් නෑ. ජේ.ආර්. හදපු තනියම ගොඩයන පිළිවෙත දැන් අමු නිරුවතින් මේ සමාජයෙ හැසිරෙන්න පටන් අරන්. තනියෙන් ගොඩයන්න දඟලන සමාජයක සාමූහික අරගල දිනන එක ලේසි නෑ. සුභාවිත ගීතය ගැන කතා කරන අපට ගේම් එක දෙන්නෙත් අපිත් එක්ක ඉන්න අයමයි. දැන් බලන්න පහුගිය දවසක පැවැත්වුණ රාජ්‍ය සංගීත සම්මාන උලෙළෙ වෙච්ච දේ. දැන් ඒක සංවිධාකයො, විනිශ්චයකාරයො සුභාවිත කලාව ඇතුළෙම හැදිච්ච ප්‍රතිරුප. ඒ අයට පුළුවන් වුණාද මේක රැකෙන විදිහෙ සම්මාන උලෙළක් තියන්න. තමන්ගෙ අතට හැන්ද හම්බ වුණාම අන්තිම කුහක, පසුගාමී විදිහට තමයි වැඩ කරන්නෙ.
ඔබ ලොකු කළකිරීමකින් වගෙයි කතා ඉන්නෙ?
මම කළකිරෙන්නෙ නෑ. කළකිරිල කරන්න පුළුවන් දෙයක් නෑ. මම විශ්වාස කරන මාර්ගයෙන් බැහැර වෙන්නෙ නෑ. මට දැනෙන දේ කියන්න පසුබට වෙන්නෙත් නෑ. අප මහ නරක විදියට භෞතික සංවර්ධනය ගැන විතරක්ම කල්පනා කරන ජාතියක් බවට පත් වෙමින් යන්නෙ. මේක හරි භයානක තත්ත්වයක්. අධ්‍යාත්මිකව රෝගී වන ජාතියකට භෞතික සංවර්ධනයේ ප්‍රතිලාභ සාමකාමීව භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ. එකිනෙකාට ගරු නොකරන ආදරය නොකරන, මනුෂ්‍ය වටිනාකම් විනාශ වන වටපිටාවක අපිට මිනිස්සු දකින්න ලැබෙන්නෙ නෑ. ගෙවල්වල තාප්ප තව තව උඩට උස්වේවි. මහ මග දකින්න ලැබෙන්නෙ සත්තු වගේ මිනිස් ආත්ම. ඒවා සුපිරි මාර්ග වුණාට ඒ ප්‍රතිලාභ ලබන්න පුළුවන් සංහිඳියාවක් සමාජයට ලැබෙයි කියල හිතන්න බෑ. ඒකයි මිනිසුන්ගේ සංස්කෘතිය ජීවිතය රැකගැනීම වැදගත්. කලාවට පැවැරෙන එක වගකීමක් ඒ සංස්කෘතික මිනිසා පෝෂණය කිරීම.
සිංහල ගීතය ජාවාරම්කාර පිරිසකගෙ අතට පත්වීමක් පිළිබඳ ඔබ අදහස් පළකරල තිබුණ.මොකක්ද මේ මැදිහත් වීමට හේතුව.
අපි ගීත රචනයේ බහ තේරුවේ මුල් තිබුණු පරම්පරාවකින්නෙ. සේකර ,සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, ලූෂන් බුලත්සිංහල, දැවැන්ත පිරිසකගෙන් ගීත රචනයේ රන්කිරි කටගාපු අපිට වගකීමක් තිබෙනවා මේක රකින්න.මොකද ,ඕලාරික ප්‍රේම යාදිනිවලින් පිරිල තිබුණ මුල්කාලීන ගීතයට ඔවුන් අර්ථ සෞන්දර්ය රැගෙන එන්න විශාල නිර්මාණාත්මක මැදිහත්වීමක් කළා.ඔවුන් නිසයි ගැඹුරු සංවේදනාවක් විඳගන්න පුළුවන් දිශාවට අපේ කන් හැදෙන්නෙ.අලුත් පරම්පරාව විදියට අපි එන්නෙ ඒ මුල් එක්කයි. ඒ නිසා ඒ පොළව බොල් කරල විනාශ නොකර රකින වගකීමක් අපිට තිබෙනවා. ඒත් එක්කම මේ පොළවට පැහුණු කරල් අහුරකින්වත් දායක වෙන්න අපිට වගකීමක් තිබෙනවා. ඒ නිසයි සිංහල ගීතයට මේ සිද්ධවෙන අතවර දිහා බලාගෙන නිහඬවෙන්න බැරි.වෙළෙන්දෙක් වගේ විකිණෙන්න ඕන නං ඒකට ෂෝට් කට් තිබෙනව ඕන තරම්. නිශ්චිත කාලයක් තුළ විකිණිලා ධනපතියෙක් වෙලා ඉන්න පුළුවන්. අපිට තියෙන්නෙ එහෙම මුල් නෙවෙයි.එනිසා අපට මේක දැනෙන්නෙ සංස්කෘතික ව්‍යසනයක් විදිහට.අපිට වගකීමක් තිබෙනවා ශ්‍රාවකයන් ගැන.
මොකක්ද මේ රිගින් ටෝන් වල අවුල…?
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි.රිගින් ටෝන් වෙනුවෙන් වෙනමම සිංදු හදන එක.ඒව හදල සමහර FM වලට සල්ලි දීල ප්‍රසිද්ධ කරවල ඒක දානව ඩවුන්ලෝඩ් කරගන්න රිගින් ටෝන් එකක් හැටියට.ඒ සිංදු ලියන්නෙ ඒ ආයතනවලට සම්බන්ධ අය.ඒවඉලක්ක කරන්නෙ සැළකිය යුතු රසිකත්වයක් නැති ළාබාල තරැණයො සහ වෘත්තිකයන්. ඒවයෙ තියෙන්නෙ පෙම් අඳෝනා.ඒව ඉක්මනට විකිනෙනව. FM වලට අල්ලස් දෙන එක ගේමක් නෑ.තමන්ගෙ සිංදු ප්‍රචාරය වෙන තරමට ඩවුන්ලෝඩ් ආදායම වැඩියි.අල්ලස් දෙන අයට මිසක් නොදෙන අයට මේ සිංදු ප්‍රචාරය කරවගන්න බෑ මේ සිස්ටම් එක ඇතුළෙ.
අපගේ ස්තූතිය නව සිනමාවට

0 comments:
Post a Comment