වසර 08ක කාලයක් අනෙකුත් දෙමළ සංවිධාන තමන් සමඟ එකාබද්ධ කරගත්, ප්‍රංශයේ ක්‍රියාත්මක වන දෙමළ සංඟම් 64ක් සාමාජිකත්වය දරණ දෙමළ සංඟම් සන්ධානය, ප්‍රංශ දෙමළ ඊළාම් ජනතා සංසඳය සහ මාධ්‍ය කේන්ද්‍රය ඒකාබද්ධවී තෛයිපෝංගල් අළුත් අවුරුදු වැඩසටහන, 2014.01.19 වන දින 1100 පැයට ප්‍රංශ සෙව්රෝම් ප්‍රාන්තයේදී පවත්වා ඇත.
දෙමළ සම්බන්ධීකරණ කමිටුව මෙන්ම, දෙමළ සංඟම් සන්ධානයේ නියෝජිත බාලන්, මාධ්‍ය කේන්ද්‍රෙය් නියෝජිතයෙකු වන ගෝබි, දෙමළ ඊළාම් ජනතා සංසඳයේ නායක කමල් සහ වැඩිහිටි නිවස්නය නියෝජනය කරමින් ශිවරාසා යන අය විසින් සමාරම්භක පහන දල්වා ඇත.
මෙම වැඩසටහනේදී, දෙමළ ආගමික සම්ප්රදානුකූල වැඩසටහන් පවත්වා ඇත. ඉන් අනතුරුව එදින මධ්‍යහන 0100 පැයට පමණ, කිලිච් දෙමළ සංඟමයේ ලේකම් ශෂ්ෂි විසින් පිළිගැනීමේ කථාව සිදුකර ඇත. ඉන් අනතුරුව, සිසු සිසුවියන්ගේ සංස්කෘතික වැඩසටහන් පවත්වා ඇත.
යාපනයේ පාසිවූර් “මනිද අන්තෝනියර් මුත්තමිල් කලා ආයතනය“ විසින් “වීර පාණ්ඩි කට්ටබොම්මන්“ යන නාට්‍ය ඉදිරිපත් කර ඇත. දෙමළ හිතකාමී මහාචාර්ය එම්.නඩරාසන් විසින් රචනා කල ‘මුල්ලිවායික්කාල් රුධිරය තැවරුණු සටහන්‘ ‘ජීවිත අයිතිය‘ දෙමළ භාෂාවට පරිවර්ථන කල ග්රන්ථ දෙක සහ ‘දෙමළ ඊළම‘ යන වීඩියෝ පටයද මෙම වැඩසටහනේදී එළිදක්වා ඇත.
දෙමළ සංඟම් වල නායක පී. බාලසුන්දරම් විසින් එම ග්රන්ථ හඳුන්වාදී ඇත. සෙව්රෝන් නගරාධිපතිවරයා, 93 වන පළාතේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සහ ඔහුගේ නියෝජ්‍ය ලේකම්වරයා, දෙමළ සංඟම් වල නියෝජිතයන්, මහාචාර්යවරුන්, කලා හා සංස්කෘතික විශ්ලේෂකයන්, මොරීසියස් සහ පාණ්ඩිච්චේරි යන ප්‍රදේශයන්හි පදිංචි දෙමළ ජනතාවද මෙම වැඩසටහනට සහභාගිවී ඇත.
දෙමළ ජනතාවගේ වැදගත්කම, ඒ සම්බන්ධයෙන් කථා කරන දෙමළ ජනතාවගේ වැදගත්කම පිළිබඳවත්, විශේෂයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන ඊළාම් දෙමළ ජනතාවගේ දුක් පීඩාවන්, තමිල්නාඩු දේශපාලඥයන්ගේ ස්ථාවරය, තම දෙමළ ඊළාම් ජාතික නායකතුමාට කැමැත්තක් දක්වනවා මෙන්ම, විශ්වාසවන්ත පුද්ගලයෙකු ලෙස කටයුතු කල පී.නෙඩුමාරන්ගේ කැමැත්තට අනුව, දෙමළ ජනතාවට සිදුවූ කුරිරුකම් අමතක නොවී මතකයේ රඳවා තැබීමේ අරමුණින් ජනතාව වන්දනා කරන කෝවිලක් මෙන් ස්මාරකයක් ඉදිකල යුතුයි යන සිහිනයට අනුව මුල්ලිවායික්කාල් අනුස්මරණ ස්මාරකය ඉදිකල බවත්, දෙමළ ඊළාම් විමුක්ති සටන අවසන් නොවන බවත්, එය නුදුරේදීම දෙමළ ජනතාවගේ දෑතට යලි පැමිණෙන බවත්, නමුත්, ඒ වෙනුවෙන් අප තව දුරටත් කටයුතු කලයුතු බවත්, 2014 මාර්තු මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 25 වන සැසිවාරයේ වැදගත්කම පිළිබඳවත්, තමිල්නාඩු සිසුන් විසින් මේ සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අවස්ථාවකදී, සරණාගතව ජීවත් වන අපගේ ජනතාවද මෙම කාලය අවස්ථාවක් කරගන්නා මෙන්, මෙම වැඩසටහනේදී, කථාවක් කල මහාචාර්ය එම්.නඩරාසන්ඉල්ලීමක් කර ඇත.

0 comments:
Post a Comment