රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වූ මහාචාර්ය ඒ.වී. සුරවීරයන් අද(14) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට 83 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා 1930 වසරේ ඔක්‌තෝබර් 27 වැනිදා උපත ලැබීය.
නවකතා පහක් හා ශාස්‌ත්‍රීය කෘති රැසක් සිංහලයට ඔහු විසින් දායාද කර තිබේ.
සදා මෙලෙස පුර දෙරණේ, පෑදිය බොරදිය, අත්ත බිඳෙයි පය බුරුලෙන් ආදී නවකතා හා ඔහුගේ ශාස්‌ත්‍රීය සේවය සඳහා කලාකීර්ති සම්මානයෙන් ද ඔහු පුද ලබා තිබේ. පරිවර්තන හා සංස්‌කරණය ග්‍රන්ථ රැසක් ද රචනා කර ඇති ඒ මහතා විශ්වවිද්‍යාල මහාචාර්වරයකු ලෙස වෘත්තීය ජීවිතය ගත කළ අතර සේවා වර්ජිත මහාචාර්ය ධුරයෙන් ද පිදුම් ලැබ තිබිණි.
එතුමාට උපහාරයක් ලෙසින් 2009 වසරේදී එතුමා කළ පුවත්පත් සාකච්ඡාවක් අප ඉදිරිපත් කරන්නෙමු...
සංස්‌කරණ නාමයෙන් සම්භාව්‍ය ග්‍රන්ථ
විකෘති කිරීම ශාස්‌ත්‍රීය වංචාවක්
මහාචාර්ය ඒ.වී.සුරවීර
සම්භාව්‍ය ග්‍රන්ථ සංස්‌කරණය යන්න අද මෙරට සිල්ලර ව්‍යාපාරයක් වී තිබේ. කිසිදු රසඥතාවක්, ව්‍යත්පත්තියක් නැති පිරිස් අද සංස්‌කරණයට අත ගසන්නේ එක් පසෙකින් එය හොඳ මුදල් ඉල්ලමක් බැවිනි. අනෙක් පසින් තමනට නැති ප්‍රතිරූපයක් ආරෝපණය කර ගැනීමට එය මනා උපකාරකයක් බැවිනි. මේ නිසා සිදුවී ඇත්තේ ප්‍රකාශන සමාගම්වල කාර්ය සහායකයන්ද ආවතේවකරුවන්ද මේ බැරෑරුම් කර්තව්‍යයට අත පෙවීමය. එහෙත් සම්භාව්‍ය කෘතීන්ගේ ශාස්‌ත්‍රීය සංස්‌කරණ ආවතේවකරුවන්ට කළ හැකිද? මේ, ශාස්‌ත්‍රීය සංස්‌කරණය නම් විෂය ගැන එහි ප්‍රාමාණිකයකු වන මහාචාර්ය ඒ. වී. සුරවීර සමඟ කළ සංවාදයකි.
ප්‍රශ්නය - සංස්‌කරණය යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්‌ද?
පිළිතුර - ඇත්තටම සංස්‌කරණය යන්න සිංහලයට එක්‌තරා දුරකට අලුත් වචනයක්. එයට Text Editing, නැතිනම් Critical Editing කියල කියත හැකි. මෙය මූලාරම්භ වුණේ බටහිර විද්වතුන්ගේ ආභාසය ඇතුව කියා කිව හැකියි. මොකද, අපේ සම්ප්‍රදාය තුළ සංස්‌කරණය කියා දෙයක් තිබුණේ නැහැ. අපට සංස්‌කරණය වෙනුවට තිබුණේ ශුද්ධිය නැතහොත් ශෝධනය යන්නයි. එම ශෝධනය මගින් කෙරුණේ පරණ පුස්‌කොළ පොතක් හෝ පොත් කීපයක් බලාගෙන පෙළ ශුද්ධ කිරීමයි. එහිදී ලේඛකයාට ඕනෑ හැටියට ඔහුගේ බසින් පොත සිංහලට හැරවුණා. නමුත් Editing කියන්නෙ ඒක නෙවෙයි.
දැන් අපි ඈතටම ගියොත් අපට මුලින්ම ධර්ම සංගායනා හමුවෙනවා. සංගායනාවලදී කරල තියෙන්නෙ එක එක පරම්පරාවල උගතුන් එකතුවෙලා මුල් බුදු වදන තෝරා බේරා ගැනීමයි. ඉන්දියාවෙ වගේම ලංකාවෙත් ධර්ම සංගායනා තිබුණානෙ. මාතලේ අලුවිහාරයේ පැවැති ධර්ම සංගායනාවෙදි තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුණෙත්. එහිදී සිදුවුණේ බුද්ධ වචනයේ මුල් පෙළ ඒ ඒ අයගේ මතකයේ හැටියට මෙහෙමයි කියා සාකච්ඡා කර ඒ පිළිබඳව එකඟතාවකට ඒමයි. ඉතින් මෑත භාගයට එද්දී මේ සංගායනාවලදී ආ එකඟතාවන් තමයි පුස්‌කොළ පොත්වල ධර්ම කරුණු ලෙස ලියෑවුණේ.
ප්‍රශ්නය - ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙද්දී ලියෑවුණු මුල් පිටපත් අද අපට සොයා ගන්නට නැද්ද?
පිළිතුර - ඒක තමයි ප්‍රශ්නය. ත්‍රිපිටකය විතරක් නෙවෙයි, අපේ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ කිසිවක මුල් පිටපත් සොයා ගන්න බැහැ. අපට තියෙන්නෙ ඒ මුල් පිටපත්වලින් කලින් කල වරින්වර පිටපත් කරගත් පිටපත් පමණයි. පූජාවලිය ගත්තොත්, අද අපට තියෙන්නෙ මුල් පූජාවලියෙන් පරම්පරා කීපයක් තිස්‌සෙ කළ පුස්‌කොළපොත් පිටපත් කීපයකුයි. ඉතින්, ඒ පුස්‌කොළපොත් එකට එකතු කරලා සමහරු ශුද්ධ කළා. සමහරු තමන්ගෙ භාෂාවෙ හැටියට සකස් කළා. මේ කාර්යය මේ පවතින පුස්‌කොළපොත්වලින් වඩා ශාස්‌ත්‍රීය විධියට කරන්න අප පුරුදු වුණේ අර බටහිර උගතුන්ගේ Critical Editing නැත්නම් Text Editing ක්‍රමය හරහායි.
ප්‍රශ්නය - කුමක්‌ද? එතකොට Editing කියන්නෙ?
පිළිතුර - Text Editing කියන්නෙ කිසියම් මුල් කෘතිය සොයාගැනීමට බැරි කෘතියක පුස්‌කොළ පිටපත් වැඩි ගණනක් සොයාගෙන, එයින්ද වඩා පැරණි යෑයි සිතෙන පුස්‌කොළපොත් තෝරා ඒවා එක එකක් සංසන්දනය කර කෘතියේ මුල් පෙළ තීරණය කිරීමයි. මම පූජාවලිය සංස්‌කරණයේදී කළෙත් ඒකයි. සංස්‌කරණයට පාදක වන්නේ පිටපතුයි. පිටපත් නැත්නම් සංස්‌කරණයක් කරන්න බැහැ. සංස්‌කාරකවරයාට පිටපත වැදගත් වන්නේ පිටපතේ ලියෑවිල්ල මුල් පෙළට සබඳකම් පවතින නිසයි. කතුවරයාගේ මුල්පෙළ තීරණය කළ නොහැකි නම් එයට ඉතා ළංවන පෙළ නිශ්චය කිරීම සංස්‌කාරකවරයාගේ වෑයමයි.
ප්‍රශ්නය - අද අපට තිබෙන පැරණි පුස්‌කොළපොත්වලින් මේ තිබෙන්නෙ පිටපතක්‌ද, එසේ නැත්නම් මුල් පිටපතද කියා දැනගන්නට ක්‍රමයක් තිබෙනවාද?
පිළිතුර - තිබෙනවා. ඒ, සෙල්ලිපි පිරික්‌සා බලා ඒ මුල් කෘති ලියෑවුණු කාලයේ අකුරුවල හැඩය සොයා බැලීමෙන්. ඔය ගැටලුව අපට මතුවෙන්නෙ එම මුල් කෘති පිටපත් කරද්දි පිටපත් රචකයන් මෙය පිටපතක්‌ය කියා එහි සඳහන් නොකළ නිසයි. එදා පිටපත් රචකයන් සිටියෙ ස්‌වල්ප දෙනයි. මොකද, හැමෝටම අකුරු ලිවීමේ හැකියාව තිබුණෙ නැහැ. ඒ නිසා ඒ රචකයන් එක කෘතියෙන් පිටපත් හතරක් පහක් ලිව්වා. ඉතින් ඊළඟ පරම්පරාවලදි ලියෑවුණේ අර පිටපත්වලින් පිටපතුයි. මේ නිසා එක පිටපතක කුඩා වරදක් වුණා නම් පරම්පරා කීපයක් ලියෑවෙද්දී එය බරපතල වරදක් වුණා. මෙන්න මේ නිසයි ශාස්‌ත්‍රීය ග්‍රන්ථ සංස්‌කරණය අපට වුවමනා වෙන්නෙ.
ප්‍රශ්නය - අපේ ග්‍රන්ථ ශුද්ධියක් මුලින්ම සිදුවෙන්නෙ කවදාද?
පිළිතුර - මුලින්ම මාතලේ අලුවිහාරෙදි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුණා කියනවා. ඒත් ඒක නිකන් කියමනක් විතරයි. එය අද අපට ඔප්පු කරන්න බැහැ, මොකද, එහෙම ග්‍රන්ථාරූඪ කළා නම් ඒ පිටපත් අපට තියෙන්න ඕන. මුලින්ම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ රන්පත්වල කියලයි කියන්නෙ. ඒත් ඒවා සනාථ කරන්න බැහැ. කොටින්, එච්චර ඕන නැහැ, දඹදෙණි කාලෙ කළ පූජාවලියේ, කව්සිළුමිණේ පවා මුල් පිටපත් අපට නැහැ. මේ නිසා එම ග්‍රන්ථවලින් පිටපත් කළ වර්ෂ හෝ ශෝධනය කළ වර්ෂ ගැන අපට හරියටම අදහසක් ගන්න බැහැ.
ප්‍රශ්නය - සංස්‌කරණය සහ ශෝධනය (ශුද්ධිය) දෙකක් ලෙස ඔබ සඳහන් කළා....?
පිළිතුර - ශෝධනයේදී පෙළෙහි වැරදි නිවැරදි කරනවා. ශුද්ධ කරනවා. සංස්‌කාරකවරයාට එහෙම කරන්න අයිතියක් නැහැ. පෙළ හරි හෝ වේවා වැරදි හෝ වේවා සංස්‌කාරකයා කළ යුත්තේ මුල් පෙළ කුමක්‌දැයි තීරණය කිරීමයි. තීරණයට සාධක නැත්නම් අනුමාන කිරීමයි. එය වැරදි පෙළක් වුණත් එය හදන්න සංස්‌කාරකට අයිතියක් නැහැ. මේ නිසා සංස්‌කාරකයා කරන්නේ පෙළ ශුද්ද කිරීම නෙවෙයි. පෙළ සකස් කිරීමයි. මෑත කාලයේ එබඳු ශාස්‌ත්‍රීය සංස්‌කරණ කළ පොත් දෙකක් තිබෙනවා. එකක්, මා කළ පූජාවලි සංස්‌කරණයි. අනෙක, මහාචාර්ය ආනන්ද කුලසූරිය මූලිකත්වයෙන් කළ පන්සිය පනස් ජාතක පොත් සංස්‌කරණය. මේ දෙකම කළේ පුස්‌තකාල සේවා මණ්‌ඩල ව්‍යාපෘතීන් විධියට.
ප්‍රශ්නය - මෑත කාලයේ එම්. ඩී. ගුණසේන සමාගම විසිනුත්, නැදිමාලේ බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය මගිනුත් ජාතක පොතේ සංස්‌කරණ දෙකක් පිටවුණා. මේවා ශාස්‌ත්‍රීය සංස්‌කරණ නොවෙයිද?
පිළිතුර - මම කාටවත් දොසක් කියන්නෙ නැහැ. ඒත් ඒවා සංස්‌කරණ නෙවෙයි ශුද්ධ කළ පොතුයි. ශාස්‌ත්‍රීය සංස්‌කරණය කියන එක බරපතල කාර්යයක්.
ප්‍රශ්නය - එය නිර්වචනය කරන්න.
පිළිතුර - මහාචාර්ය සෙනරත් පරණවිතාන මගේ "රාජාවලිය" සංස්‌කරණයේ ප්‍රස්‌තාවනාවේදී ශාස්‌ත්‍රීය සංස්‌කරණය ගැන මෙහෙම කියනවා.
"පැරණි ග්‍රන්ථයක් සංස්‌කරණය කිරීමේදී ඒ සංස්‌කාරකයාගේ උත්සාහය විය යුත්තේ සම්පූර්ණයෙන් නැතහොත් හැකිතාක් දුරට මුල් ග්‍රන්ථයට සමාන වන සේ පෙළ සකස් කිරීමය. ඒ සඳහා සංස්‌කාරකයා හැකිතාක් දුරට අත්පිටපත්හි එන පාඨයන්ම උපයෝගී කරගත යුතු වේá වරින් වර පොත් පිටපත් කරන්නන් අතින් සිදුවන අත් වැරදි හැරුණ විට, ඒ පිටපත්වල ඇත්තේ ග්‍රන්ථ කර්තෘවරයාගේ මුල් පිටපත්හි ලියා ඇති දෑම වන හෙයිනි. කාලාන්තරයක් තිස්‌සේ පොත් ලියන්නන් අතින් සිදුවී ඇති දෝෂයන් තෝරා බේරා ඉවත් කළ විට මුල් පිටපතට සමාන, නැතහොත් බොහෝ දුරට එයට ආසන්න කෘතියක් සකස් කරගත හැකිය. තඹ තහඩුවක ලියා ඇති ලේඛනයක් සංස්‌කරණය කිරීමට වඩා වගකීමෙන් යුක්‌තව කළ යුත්තකි, රාජාවලිය වැනි ග්‍රන්ථයක් සංස්‌කරණය. අත් පිටපත් සුලබ රාජාවලිය වැනි පොතක සියලු පිටපත් එක්‌රැස් කොට සංසන්දනය කළ නොහැකි බැවින් සංස්‌කරණ කාර්යයේදී උපයෝගී කොට නොගත් පොතක ඇතැම් විට සුපාඨය තිබිය හැකිය. අත් පිටපත් වැඩි වූ තරමට සංස්‌කාරකයා ගේ කාර්ය දුෂ්කර වන්නේය. අත්පිටපත් කොපමණ ඇතත් පාඨ සංසන්දනය සඳහා සුදුසු පිටපත් තෝරා ගැනීම ද පරීක්‍ෂාවෙන් කළ යුත්තකි. ඒ පාඨාන්තර අතුරින් සුදුසු පාඨය තෝරා ගැනීම ඊට ද වඩා කල්පනාවකින් කළ යුතුය. රාජාවලි සංස්‌කරණයක් කරන්නෙකු තුළ ඒ කෘතිය සම්පාදනය වූ කාලයෙහි පැවැති භාෂා තත්ත්වය ගැන දැනුම මෙන්ම ලංකා ඉතිහාසය පිළිබඳ තත්වාවබෝධය ද තිබීම අවශ්‍යය."
මේ අනුව ශාස්‌ත්‍රීය සංස්‌කරණයට නිර්වචනය කුමක්‌දැයි පැහැදිලි වෙනවා. වැදගත්ම දේ සංස්‌කරණයෙහිදී වැරදි නිවැරදි කරන්න සංස්‌කාරකයාට අයිතියක් නැතිකමයි. දැන් මා කළ පූජාවලි සංස්‌කරණයේත්, ආනන්ද කුලසූරිය මහතා කළ ජාතක පොත් සංස්‌කරණයේත් අද පිළිගත් සම්මත ව්‍යාකරණය අනුව ව්‍යාකරණ වැරදි ඕන තරම් තිබෙනවා. ඒත් ඒවා සුද්ධ කරන්න අපට අයිතියක් නැහැ.
ප්‍රශ්නය - ඉහත දැක්‌වූ ශාස්‌ත්‍රීය සංස්‌කරණ නිර්වචනය අනුව ආධුනිකයකුට සංස්‌කරණයක් කරන්න බැහැ...?
පිළිතුර - කිසිසේත්ම බැහැ. ඒ විතරක් නෙවෙයි, සංස්‌කරණය නොදන්නා කෙනෙකුටත් ඒක කරන්න බැහැ. ඒක විද්‍යාත්මක ක්‍රමවේදයක්.
ප්‍රශ්නය - සංස්‌කාරකයාට ඉහළ ප්‍රතිභාවක් ,රසඥතාවක් සහ විචක්‍ෂණශීලී භාවයකුත් අවශ්‍ය වෙනවා...?
පිළිතුර - පැහැදිලිවම ඔව්. ඒ විතරක් නෙවෙයි. මුල් ලේඛකයාගේ හා ඒ යුගයේ භාෂා භාවිතය ගැන දැනුමක්‌ද ඔහුට තියෙන්න ඕන. කෘතියක පිටපත් යුග කීපයකදී සිදුවුණා නම් ඒ ඒ යුගයේ භාෂා සහ එහි විකාශය ගැන දැනුමකුත් ඔහුට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ ඒ යුගයේ සමාජ තත්ත්වය ආදිය ගැන ලැබූ බහුශ්‍රැත භාවයකුත් අවශ්‍ය වෙනවා.
ප්‍රශ්නය - රාජාවලිය වැනි ඉතිහාස ග්‍රන්ථයකුත්, පූජාවලිය වැනි ධර්ම සාහිත්‍ය ග්‍රන්ථයකුත් සංස්‌කරණයේදී ඔබට දැනුණු වෙනස කුමක්‌ද?
පිළිතුර - ප්‍රධාන වෙනස ඒ කෘති දෙකේ කතුවරුන්ගේ භාෂා ශෛලිවල සහ එහි පසුබිම්වල වෙනසයි. රාජාවලිය ගත්තාම එය දහහත් වැනි ශත වර්ෂයේ අග හෝ දහඅටවන ශත වර්ෂයේ මුල කළ කෘතියක්, එය එතරම් පැරණි කෘතියක් නෙවෙයි. ඒ නිසා සංස්‌කාරකයා එකල භාෂාව ගැන දැනගෙන තියෙන්න ඕන. රාජාවලිය සංස්‌කරණය කරද්දී මට මීට පෙර කළ එහි ශුද්ධි දෙකක් හමුවුණා. එකක් 1989 දී ඩී. ගුණසේකර වාසල මුදලිතුමා කළ ශුද්ධිය, ඔහු එම ශුද්ධියේදී මෙහෙම කියනවා.
"ග්‍රාම්‍යාර්ථ වාචක ශබ්ද තිබූ තන්හි අර්ථයට හානියක් නොකර වෙනස් කරන්නට පුළුවන් විට එය හැර දමා මෙකල් හි ව්‍යවහාරයට යෝග්‍ය ශබ්ද යෙදූ බව ද සැලකිය යුතුයි." සම්පූර්ණ වැරදි වැඩක් ඔහු මේ කරලා තියෙන්නෙ. සංස්‌කාරකයකුට මෙහෙම කරන්න බැහැ. මේ නිසා ඔහු කරලා තියෙන්නෙ ශුද්ධ කිරීමක් බව පැහැදිලි වෙනවා. නැතුව ඔහු අදහස් කරන සංස්‌කරණයක් නෙවෙයි. ඒ වගේම බටුවත්තේ පේමානන්ද ස්‌ථවිරයන් වහන්සේ 1923 දී රාජාවලියේ ශුද්ධියක් කරනවා. උන්වහන්සේ කියනවා භාෂාව පමණක් නොව, මහාවංශයට ගැලපෙන පරිදි ඓතිහාසික ප්‍රවෘත්ති ද වෙනස් කළ බව." ඒ එහි සංඥපනයේදී. ඇත්තටම සංස්‌කරණය කියන්නේ බරපතල වගේම එක්‌තරා නීරස දෙයක්. ඉවසීමක්, විනයක්, ශික්‍ෂණයක් ඊට අවශ්‍ය වෙනවා. මොකද ඊට විශාල කාලයක් වැය වෙනවා. ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය බලාගෙන සංස්‌කරණ කාර්යය කරන්න බැහැ.
ප්‍රශ්නය - සංස්‌කාරකවරයකු අධෝලිපි දැක්‌වීමත් අවශ්‍යයි....?
පිළිතුර - අනිවාර්යයෙන් අවශ්‍යයි. එක් වචනයක් එක් පුස්‌කොළපොතක එක විධියකටත් තව පුස්‌කොළපොතක තව විධියකටත් තිබිය හැකියි. මේ නිසා ඒ ඒ පුස්‌කොළපොතේ එය තිබෙන විධිය සහ තමාගේ සංස්‌කරණයේ එය දැක්‌වූ විධිය සංස්‌කාරකයා සඳහන් කළ යුතුයි. කව්සිළුමිණේ වැදගත් සංස්‌කරණ දෙකක් තිබෙනවා. එකක්, මහාචාර්ය එම්. බී. ආරියපාල කළ සංස්‌කරණය. අනෙක 1889 දී මඩුගල්ලේ සිද්ධාර්ථ හාමුදුරුවො කළ සංස්‌කරණය. ඒත් හාමුදුරුවන්ගේ සංස්‌කරණයේ සංස්‌කරණයට ගත් පුස්‌කොළපොත් ගැන කියල නැහැ. ඒක එහි ප්‍රධානම දුර්වලතාවයක්.
ප්‍රශ්නය - සංස්‌කාරවරයාට පිටපතක කෑලි හලන්න බැහැ...?
පිළිතුර - හලන්න වගේම එකතු කරන්නත් බැහැ.
ප්‍රශ්නය - මෙරට ඇතැම් ප්‍රකාශන සමාගම් අද ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය වැනි කෘති සරල කර ලියනවා. එසේ කළ හැකිද?
පිළිතුර - සරල කරනවා කියන්නෙ වෙනම වැඩක්. ඒක ශුද්ධියක්‌වත්, සංස්‌කරණයක්‌වත් නොවේ. ඒ වගේම සංස්‌කරණයේ නමින් සරල කරන්නත් බැහැ. එහෙම දේකට කාටවත් අයිතියක් නැහැ. හැබැයි පොතක් ලිහිල් බසින් ලිවීමට කාටවත් තහනමක් නැහැ. ඒත් ඒ බව එහි සඳහන් කරන්න ඕන. ජාතක පොත කවුරු හරි සංස්‌කරණයේ නමින් ලිහිල් බසින් ලියනවා නම් ඒක මුල් කතු හිමියන්ට කළ අපහාසයක්. ඒ වගේම ශාස්‌ත්‍රීය වංචාවක්.
ප්‍රශ්නය - ශාස්‌ත්‍රීය සංස්‌කරණයක් සඳහා ශිලා ලිපි පවා ඇතැම් විට පරිහරණය කළ යුතුයි....?
පිළිතුර - ඔව්, සමකාලීන භාෂාව දැන ගැනීමට ශිලා ලිපි කියවීම අවශ්‍ය විය හැකියි. සංස්‌කාරකයා හැමවිටම විදුහුරු විය යුතුයි. විනිවිද පෙනෙන ලෙස කාර්යය කළ යුතුයි.
ප්‍රශ්නය - කුමාරතුංග මහතාගේ සංස්‌කරණ ගැන ඔබ කුමක්‌ද සිතන්නේ?
පිළිතුර - ඔහු කළේ හිතූ මනාපේ සංස්‌කරණයක්. මුල් ලේඛකයා මෙසේ ලියන්නට ඇත කියා ඔහු පෙළ ලිව්වා. ඒක කරන්න බැහැ.
ප්‍රශ්නය - නමුත් සංස්‌කාරකයකුගේ කාර්යභාරයත් එයම තමයි....?
පිළිතුර - ඔව්, ඒත් ඔහු එය ලිවිය යුත්තේ තිබෙන පුස්‌කොළපොත්වල වචනවලිනුයි. අනුමානයෙන් හිතලා, අතින් වචන දාන්න සංස්‌කාරකයාට බැහැ. පුස්‌කොළපොතේ තිබෙන වචන පාවිච්චි කරලයි ඔහු නිවැරදි වචනය තෝරා ගත යුත්තේ. කුමාරතුංග බොහොම පණ්‌ඩිත විධියට එම සංස්‌කරණ කරලා තියෙනවා තමයි. ඒත් ඔහු ශාස්‌ත්‍රීය ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ. ඔහු කළේ නිවැරදි කිරීමක්. නැත්නම් ශුද්ධියක්. සංස්‌කරණයක් නෙවෙයි.
සංස්‌කරණයේ නාමයෙන් කළ විසිළු කතාවක් මට දැන් මතක් වෙනවා. මගේ රාජාවලි සංස්‌කරණ කෘතියේ 246 වැනි පිටුවේ මෙහෙම කියවෙනවා( "....ජයවීර බණ්‌ඩාර නැති හෙයින් ප්‍රතිකානුන්ඩ පඩත්තලයා නැති හෙයින් විමලදහම් සූර්ය රජ හා කන්දඋඩ පස්‌රටේ සේනාවන් ඇවිදින් ප්‍රතිකානුන් වටලාගෙන දන්තුරේ වෙලේදී අල්ලමින් සිංහල සෙනඟක් මන්නාරම උන් බිසෝ අදහසිනුත් බිඳී දුවන විට බලනේ ඒකනායක මුදලියත් හමුදාවත් රැකලා වටකරගෙන කොළඹට යන්ඩ නොදී ගෙනැත් විමලදහම් සූර්ය රජහට දුන්නාහ. ඒ බිසව කන්‍යාවි ඒ රජ මෙහෙසුන් කොට උන්නාහ...."
මෙහි බිසව කන්‍යාවි වචනය හරිද? එක පුස්‌කොළපොතක තියෙනවා බිසව කන්‍යාව කියල. තව පොත් තුනක තියෙනවා බිසවකන්නව් කියල. තවෙකක තියෙනවා බිසෝ කැන්නැවිය කියල. පොත් දෙකක තියෙනවා බිසව කනවිය කියල. ඒ වගේම බිසවගේ ඇස කනවිය කියල තව පොත් හතරක තියෙනවා. ඒ වගේම කන්‍යා බිසව කියල පොත් දෙකක තියෙනවා. මේ එම වචනය ඒ ඒ පුස්‌කොළපොතේ තියෙන විධිය. මින් නිවැරදි වචනය කුමක්‌ද? බිසවගේ ඇස කනවිය වචනය කියන එකද? කවදාවත් ඒක වෙන්න පුළුවන් දෙයක්‌ද? ඒත් අද අපේ එක් මහාචාර්යවරයෙක් ඒ වචනය විශ්වාස කරලා කියනවා දෝන කතිරිනාගේ ඇහැක් කණවෙලා කියල. මෙන්න අපේ උගතුන්ගේ තරමෘ
ප්‍රශ්නය - සෝරත හාමුදුරුවන් සහ කෝදාගොඩ ඥනාලෝක හාමුදුරුවන් වහන්සේ කළ සංස්‌කරණ ගැන ඔබේ අදහස කුමක්‌ද?
පිළිතුර - ඔවුන්ගේ සංස්‌කරණ ශාස්‌ත්‍රීය සංස්‌කරණ ගණයට ගන්න බැහැ. මොකද, ඔවුන් වැරදි නිවැරදි කරලා තියෙනවා. ඒක ශුද්ධියක්. හැබැයි කුමාරතුංග තරම් නම් ඔවුන් හිතුවක්‌කාර වෙලා නැහැ.
ප්‍රශ්නය - කේ. ජයතිලක මහතාත් කව්සිළුමිණේ සහ සීගිරි ගීවල සංස්‌කරණයක් කළා...?
පිළිතුර - ඒවා ශාස්‌ත්‍රීය සංස්‌කරණ නොවෙයි. පුස්‌කොළපොත් බලා කළ සංස්‌කරණ නෙවෙයි. ඔහු කර තිබෙන්නේ හිතුවක්‌කාර වැඩක්. මෙහෙම තියෙනවා නම් වඩා හොඳයි කියල ලියන්න සංස්‌කාරකවරයාට බැහැ. ඔහු සීගිරි ගීවලදී කළේ භයානකම වැඩක්. කැටපත් පවුරේ සීගිරි ගී තියෙනවනෙ. ඒවා හැමෝටම කියවන්න බැහැ. පරණවිතාන මහත්තයා ඒවා කියෙව්වා. ඒත් ඒ කියවූ දේ තියෙද්දී පරණවිතාන මහත්තයාම ලියූ සීගිරි ගී බලාගෙන ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්න ඕන කියල වඩා හොඳ අර්ථ දෙන්න කේ. ජයතිලක මහත්තයාට තියා කාටවත් බැහැ. කැටපත් පවුරේ ලියා ඇති පෙළ බලාගෙන වෙනස් කළාට කමක් නැහැ. ඒත් මේ කොළඹ ඉඳන් ඕක කරන්න බැහැ. අනෙක, පරණවිතාන මහතාගේ කියවීම ඉතාම ශාස්‌ත්‍රීය කියවීමක්. ඉන් එහා යමක් කුමටද?
ප්‍රශ්නය - අද උපහාර අංක පළකිරීමත් සංස්‌කරණ නාමයෙන් එනවා. කුමක්‌ද ඒ සංස්‌කරණය....?
පිළිතුර - ඒක වෙනම එකක්. ඒක ලිපි එකතු කිරීමක්. සංස්‌කරණයේ එක වර්ගයක් ඒක. පත්තර පිටුවක් සංස්‌කරණය, නවකතාවක් සංස්‌කරණය කියන්නෙත් ඒ වගේ වෙන දෙයක්. දැන් බලන්න සකහ භැඅs සඑදර කියන්නෙ එම පත්‍රය සම්පාදනය කරන්නාට. ඒත් ඒකෙ සිංහල පත්‍රයේ සඑදර ට කියන්නෙ කුමක්‌ද? කර්තෘ කියල. ඇත්තටම නම් කර්තෘ කියන්නෙ ලියූ තැනැත්තාට. නමුත් අපේ භාවිතය වෙනම විධියකට ඇවිල්ලා.
ප්‍රශ්නය - ශාස්‌ත්‍රීය සංස්‌කරණය අප රටේ පටන් ගත්තේ විශ්වවිද්‍යාලයෙන්, අද විශ්වවිද්‍යාලවල මේ කාර්යභාරය ගැන ඔබ සතුටු වෙනවාද?
පිළිතුර - විශ්වවිද්‍යාලවල මේ ගැන උනන්දු වන කවුරුවත්ම ඉන්නවාද කියල මට සැකයි. අනෙක් හැම දේම ගැන කරන විවේචනයම තමයි මේ ගැනත් අද විශ්වවිද්‍යාලවලට කියන්න තියෙන්නෙ.
සාකච්ඡා කළේ
රවීන්ද්‍ර විජෙවර්ධන
රසී වීරසිංහ

0 comments:
Post a Comment