728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 11 January 2014

ලේවල බැඳීම යැයි කියා ගන්නා වූ ලංකාවේ දේශපාලනය නම්වූ කප්‍ රුක

ලේවල බැඳීම යැයි කියා  ලංකාවේ දේශපාලනය නම්වූ  කප්‍ රුක  ට ඒමට තටමන තවත් ගොන් නෑම්බියෙකු ගැන අපට වාර්තා වී තිබෙනවා ...එදා  බණ්ඩාරනායක පවුල් පෙළැන්තියෙන්  ආරම්භව මෙම මහින්දාගමනය 
 ඔස්සේ ඉදිරියට යන්නාවූ නොනිමි කථාවෙකි එය...



අපේ ඇතැම් බත් කන හරක් බහුතරයක් සිටින රටේ මෙය ආශ්චෛර්‍යයක් නොවන්නේ  බැලූ ටෙළියක හෝ සිනමා පටයක හෝ  සිත් ගත් චරිතයක සිටි අවලෙමෙකුට හෝ ඕනෑම අවලෙමියකට දේශපාලනයට ඒමට අපේ හරක් කවදත් ඉඩදීමට සූදානමින් සිටි බැව් මෑත ලංකා ඉතිහාසය ඔස්සේ නිදසුන් ගත හැකිය...ලංකාවේ සිටි නොම්මර එකේ වළත්තයෙකුවන  විජය කුමාරණතුංග කරළියට ආවේ ඒ නිසාය...අපේ සමහර අයට ඔහු මහා මානව හිතවාදියෙකී ...ඔහුගේ මානව ඉතිහාසය ගැන අපට ප්‍රත්‍‍‍‍යක්‍ෂ සාක්‍ෂි ඇත..ඒ නිසාම අපට නම් ඔහු තවත් කලා කරුවෙකු මිස ඔය කියනා අන්දමේ මහා මානව හිතවාදියෙකු නොවේ...ඊට කෙටිම උදාහරණය නම් එකළ ඔහුගේ සමීපතම මිතුරෙකුවු  සිනමා ශිල්පි හර්බට් රංජිත් පීරිස්ගේ බිරියවූ  ස්වර්ණා මල්ලවආරච්චි ( එකළ ඈ සිනමා නිළියක් නොවේ ) සමග අයථා සම්බන්ධයක් පවත්වා එම විවාහය කැඩූ අයෙකී...සිනමාවේ නියුතු පැරණි අය විජය ගැන දනී....
විජයගෙන් පසුව ඔහුගේ නෑ කම කියා ගෙන අපේ මිනිසුන් රැවටීමට ආ අය ඇත..ඉන් එකෙක් වන්නේ  ජීවන් ය..අනෙකා නම් කිසිදිනෙක දේශපාලනයට  නොයෙමි යැයි  සපථ කොට සීරු මාරුවෙන් නාඩි අල්ලා  ආ රන්ජන් රාමණායකය....ප්‍රසිද්ධිය ඔස්සේ මිනිසුන්ගේ  නාඩි අල්ලා  දේශපාලනයට විත්  හරි හම්බකරගත් එවුන් බොහෝමය...මෙවන් උන් තවමත් සිටිති...එදා ඈත ප්‍රදේශ පීරමින් අහිංසක තරුණියන්  හට රැකියා දෙන්නේ යැයි කොළඹට ගෙනවිත් ගණිකාවන් කරවූ ,රටේ ඉහළ පෙලේ වළත්තයනට ඒ අහිංසකාවියන් මුදලට පිදේනි දුන්  රෝසි සේනානායක අද දෙවුර වසා සාරියකින් වසා ගත් මහා කාන්තා විමුක්තිකාමිණියකී...අඳෝමැයි...වෙනස අද ඈ සිය කය නිරුවත් කරන්නේ තෝරා ගත් ඉහළ පෙළේ පොහොසතුනට සහ දේශපාළුවනට පමණී..එදා දවටා ගත් බිකිණි අද නැත...එසේම අද එදා මෙන් හරක් පෙන්වා මව් කිරිවලට වඩා එළ කිරි ගුණ දායක යැයි කියන්නේ නැත....ජනප්‍රියත්වයට මිනිසුන් ලබා දුන් ඡන්ද නිසා අද  ගජංලාද පළාත් සභාවලය... ලොක්කාගේ පිහිටෙන් මැති සභයට ආ මහා නිළි රැජණ යැයි කියා ගන්නාවූ  කාන්තාවකගේ  කතරගම පිහිටුවා ඇති සුපිරි ගණිකා මඩම ගැන තොරතුරු අද අප සතුව ඇත...
ගීතා නම් නිළියගේ රූපාන්තරය ගැනද අප ලංකානිව්ස් ගෙන එන පුවත් ඔබ කියවන්නට ඇත...මහන්සි නොවී හාන්සිවීමේ කළාව දත්  ගැහැණුන් අද දේශපාලනයට විත් ඇත මුන් සමග යහන් ගතවූ උන්  මුන්ට ඇමති පට්ටම් දී ඇත...


මෙය අද මව් රටේ කාළකන්ණී දේශපාළුවන්  ගෙන යන උන්ගේ පාදඩ සමාජ ක්‍රමයයි...මෑතකදී  රත්නපුර ප්‍රදේශයේ මිනීමරු දේශපාළුවෙකු නීතිය ඉදිරියේ  පමණක් නිදොස් වුවා...එදා පද්මසිරි ති‍්‍රමා විතාන හිසට පරල ඇණ ගසා මරා දැමු ඒ පාදඩ නරුමයා අද නිදහස්‍ ය
.http://imfsacsrilanka.blogspot.fr/2011/10/23.html
රත්නපුර දිස්ත්‍රික්කය පුරා වළත්තකම් සහ භීෂණය පතුරුවාළු ඒ අධමයා අද පාර්ළිමේන්තුවේය.එදා ක්‍රීඩකයන්ද අද දේශපාලනයේය. මන්ද දේශපාලනය යනු මී හරක් පාලනයටද  වඩා අතිශයින් ලාභ දායී වූ ව‍්‍යාපාරයෙකී.තමන්ගේ වත්තට බෝලයක් එවූ අහිංසක දරුවෙකුගේ හිසට බැට් පහරක් එල්ල කෙරූ මහා දැවැන්ත යැයි කියා ගන්නාවූ අධම අමනුෂ්‍යයෙකු හට තවමත් මිනිසුන් කැමැති මන්දැයි  අපට නොතේරේ.( අද ඒ ළමයා අන්ත අසරණය ...මන්ද බුදධිකය )..එදා  එල්.ටී.ටී. වෙනුවෙන් මේ කාළකණ්නි මිනිසා ඉන්දියානු මාධ්‍ය හටද දුන් සාකච්ඡා අප සතුව ඇත.මේ අධමයාද ඌගේ සහෝදරයාද ආවේ  උන්ගේ පියා දේශපාළුවෙකුවූ නිසාවෙනි.අද  රෙජී රණතුංග නැත ...එහෙත් ප්‍රසන්න රණතුංග නම් බස්නාහිර ප්‍රධාන ඇමතියාය.වෙනත් රටක නම් දේශපාලනයට ඒමට ඒ සඳහා සුවිශේෂිත දැනුමක් අවශ‍්‍යය..සමාජ අධ්‍යනය මෙන්ම පිළිගත් අධ්‍යාපනයක් ඊට අවැසිය...අපේ එවන් වූ අය ඇත්තේ කී දෙනෙක්ද..?
අඩුම තරමේ හොර උපාධි  පිනට ලබා දෙන ආචාර්‍ය පදවි ඇරුණ විට උන්ට ඇත්තේ කඳ බඩ මිස මොළ නොවේ...මෙවන්වූ හරක් පත් කර ගත් රටක අපේ යන්තම් හෝ උගත්  ජනතාවට  සිදුවන්නේ මේ හරක්ගේ  ලේකම් තනතුරු හෝ  අමාත්‍යංශ හැසුරුවීමටය....හාවන්  රේස් එකට  දැමු විට කප් එක ගන්නේ  නරීන් ය ...අද සමාජ ස්ථරය පුරාවටම ඇත්තේ  එයයි...

නමුත් අප හිතවතුනි ඔබගේ දෙනෙත් වසා ගෙන ඇති දේශපාලන වර්ණයන්ගෙන් තොරව අප රට දෙස බැලීමට හැකිනම් එය  යුග අවශ්‍යතාවයක් වී ඇත..අද අප පාර්ලිමේන්තුවේ ඇති දේශ පාලන අම්බරුවන් ඇණ කොටා ගන්නා හැටි බලන්න....කියන කථා අසන්න...මුන් මෙතැනට ගෙන ඒමට පෙරදී ඔබද  සමහර විටෙක කතිරය  භාවිතා කරන්නට ඇති...කරුණාකර අපේ රටට ආදරේ ඇත්නම් නැවත මුන් හට ඡන්දය නොදෙන්න...
 මෙම කථිකාවත මින් ඉදිරියට ගෙනයන් අප කැමැත්තෙමු ...ඊට ඔබගේ සහභාගීත්වය අප අගයමු...
ලංකා නිව්ස් සංස්කාරක
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලේවල බැඳීම යැයි කියා ගන්නා වූ ලංකාවේ දේශපාලනය නම්වූ කප්‍ රුක Rating: 5 Reviewed By: Unknown