වේගයෙන් රිය පැදවීම
වේගයෙන් රිය පදවන අය අල්ලා ගැනීම සඳහා මහා මාර්ගයේ ගසක් යට මෝටර් සයිකලය නවතා බලා සිටින රත්නපාල රාළහාමි වේගයෙන් එන මෝටර් රථයක් නවතා රථයෙන් බැස තමා වෙත පැමිණෙන ලෙස අණ කළේ ය.රියදුරු තරුණයා වහා දොර ඇරගෙන රාළහාමි වෙත ආවේය.
“තමුසේව අල්ල ගන්න තමයි මුළු දවසම බලා හිටියේ” යි රත්නපාල රාළහාමි ගොරවමින් පැවසී ය.
“ඒ බව දන්න හින්ද තමයි රාළහාමි මෙච්චර වේගයකින් ආවේ” යි තරුණයා බයාදු ලෙස පැවසීය.
ඒ වදන් ඇසූ රාළහාමි මහ හඬින් සිනහවෙන්න පටන් ගත් අතර එසේ මඳ වේලාවක් බඩ අල්ලාගෙන හිනහ වෙමින් සිටි ඔහු තරුණයාට දඩයක් නොගෙනම යන්ට හැරියේ ය.
සුදු පැහැය
මව අසළට පැමිණි පුංචි සුරංග අහිංසක ලෙස මෙසේ ඇසීය.“අම්මෙ ඇයි මේ මඟුල් ඇඳුම සුදු පාටට තියෙන්නේ”.
ඒ පුතේ මනමාලියගේ සුපිරිසිදු භාවය යාළුවන්ටයි නෑදෑයින්ට පෙන්වන්න යි මව පිළිතුරු දුන්නා ය.
ඊළඟට පියා සොයා ගිය සුරංග “තාත්තේ ඇයි මේ මඟුල් ඇඳුම් සුදුපාටට තියෙන්නේ” ඇසීය.
පුතා දෙස පුදුමයෙන් බැලූ පියා
“පුතේ ගෙදරට ගේන සමහර බඩු සුදු පාටට තියෙනවා” යි කීය.
තල්මසා ගැන ප්‍රශ්නයක්
තල්මසුන් පිළිබඳව විස්තරයක් කරන ලෙස ගුරුතුමියගෙන් පුංචි සාගරිකා ඇවිටිලි කළාය.තල්මසුන් පිළිබඳ තොරතුරු රැසක් කියා දුන් ගුරුතුමිය අවසානයේදී “තල්මසෙකුට කවදාවත් මිනිහෙක්ව නම් ගිලින්න බෑ. ඒකට හේතුව උගේ උගුර හුගක් පුංචි නිසයි” යි කීවාය.
“එහෙනම් ටීචර් අර ජොනා ගේ කතාවේ කියල තියෙන්නේ තල්මසෙක් ජොනාව ගිල්ල කියල යි සාගරිකා ඇසුවාය.
කෝපයට පත් ගුරුතුමිය තදින් අවධාරණය කළේ තල්මසෙකුට මිනිසෙකු ගිල දැමිය නොහැකි බවයි.
පුංචි සාගරිකා “මම දිව්‍ය ලෝකේට ගියාම ජෝනා හමුවෙලා මේ ගැන අහනව“යි කියූ විට බැරිවෙලාවත් ජෝනා අපායට ගිහිල්ල තිබුනොත්”යි උපහාසාත්මක ලෙස ගුරුතුමිය සාගරිකාගෙන් ප්‍රශ්න කළාය.
එවිට සාගරිකා “එහෙම උනොත් ටීචර් ඔයා ඒ ප්රශ්නය ජෝනාගෙන් අහන්න”යි කීවාය.
අම්මම්මෝ !
විශාල සුපිරි වෙළඳ සැලක අතරමං වූ සය හැවිරිදි දරුවෙක්, ඒ සාප්පු සංකීර්ණයේ මං තීරුවල ආතක් පාතක් නැතිව දිව යමින්, අම්මම්මෝ ! අම්මම්මෝ !” කියමින් මර හඬ දෙයි.අවසානයේ දරුවාට මව මුණ ගැසෙයි. දරුවාගේ කන මිරිකන මව සැරෙන් මෙසේ කියයි.
“ඔයා මට “අම්මම්මෝ” කියන්න එපා. ඔයා දන්නවනේ... මම ඔයාගේ අම්මා”.
“මම දන්නවා” දරුවා කියයි. “ඒත් මේ සාප්පුවේ අම්මලා පිරිලා !”
භාෂා හතක් කතා කරන මයිනා
සිය මවට විශේෂ තෑග්ගක් පිරිනැමීමට එක් පුද්ගලයෙකුට අවශ්‍ය විය.සුරතලේට ඇති කරන සතුන් විකුණන සාප්පුවකට ගිය ඔහු, භාෂා හතක් කතා කිරීමට හපන් මයිනෙක් ඩොලර් 400 ක් ගෙවා මිලදී ගත්තේය.
සිය මව වෙත මයිනාව යැවූ මේ පුද්ගලයා පසුදින මවට දුරකථනයෙන් කතා කරමින්, ඔහු එවූ තෑග්ග හොඳදැයි මවගෙන් විමසා සිටියේය.
“අනේ හරි ෂෝක්, පුතේ” යැයි මව සතුටින් කියා සිටියාය.
ඒක හරිම රසයි !”
හොඳ පුතා
“අද ඉස්කෝලෙදි ඔයා හොඳ ළමයෙක් වෙලා හිටියද ?” කියා පියෙක් ඔහුගේ පුතාගෙන් විමසා සිටියේය.“සත්තකින්ම තාත්තේ” යනුවෙන් පුතා පිළිතුරු දුන්නේය.
“දවස තිස්සේම පන්තියේ මුල්ලකට වෙලා හිටගෙන ඉන්න කියලා ටීචර් කිවුවාම, කෙනෙකුට කරදරේක වැටෙන්න බැහැ”.
අපූරු පාඩමක්
දිනක් කුඩා ටොමී ගෙදර ආවේ, පාසලේ සගයෙක් ඔහුගෙන් ඉල්ලා ගත් සෙල්ලම් බඩුව ආපසු ඔහුට දීම ප්‍රතික්ෂේප කරන බව කියමින් ඇඬූ කඳුලින් යුතුවය.“ටොමී, මට ඔයා ගැන ලැජ්ජයි” පියා කියා සිටියේය. එසේ කියමින් ඔහු ටොමීව උස පොත් රාක්කයක් උඩ තැබුවේය. “දැන් පුතේ ඔයා මගේ අත් දෙක උඩට පනින්න” කියා පියා කීවේය.
“අපෝ... දුර වැඩියි” ටොමී විරුද්ධ විය.
“නමුත් ඔයාව අල්ල ගන්න ඔයාගේ ඩැඩී මෙතන ඉන්නවා” යනුවෙන් පියා අවධාරණය කළේය.
ටොමී පැන්නේය. එවිට ම පියා එතැනින් ඉවත් විය. ටොමී හතර ගාතෙන් බිම වැටුණේය.
“දැක්ක නේද ?” පියා කීවේය. “මීට පස්සෙ කිසිම කෙනෙක්ව විශ්වාස නොකරන්න ඕක ඔයාට හොඳ පාඩමක් !”
ගෙදර වැඩ
පියා : කමෝන්, පුතා, ඉස්කෝලෙදි දුන්න ගෙදර වැඩ කරන්න.පුතා : අනේ.... තාත්තේ...!
පියා : දැන්මම කරන්න, කරුණාකරලා... මම දන්න විදියට ගෙදර වැඩ කලා කියලා කිසිම කෙනෙක් කවදාවත් මැරිලා නැහැ.
පුතා : එහෙනම් ඇයි මම පළවෙනි කෙනා වෙන්නේ ?
ගෙම්බා ගේ වරතුන
උගුලකට හසුවී සිටි ගස් ගෙම්බෙකු දුටු ලතා ඌ අසලට ගොස් බේරා ගැනීමට කල්පනා කළාය.“මාව නිදහස් කළොත් ඔබතුමියට වර තුනක් ලබා දෙනවා” යි ගෙම්බා කීය.
ගස් ගෙම්බා නිදහස් කළාට පසු ලතා ඇමතූ ගෙම්බා “අනේ ඔබතුමියට බොහොම පිං. ඒත් මම පොරොන්දු වුනු වර තුනකට පොඩි පහේ කරුණක් සම්බන්ධ වෙලා තියනවා. ඒ කියන්නේ එක් වරයකින් ඔබ යමක් ඉල්ලා සිටියොත් ඒ වගේ දස ගුණයක් සහිතව එම ඉල්ලීම ඔබේ සැමියාට ලැබෙනවා” යි ගෙම්බා කීය.
“ඒකට කමක් නෑ” යි ලතා කියා “මම මේ ලෝකයේ ඉන්න ලස්සනම ගැහැණිය විය යුතුයි” කීවාය. එවිට ගෙම්බා “හොඳමයි මම ඒ වරය ඉෂ්ඨ කර දෙන්නම්, ඒත් මතක තියා ගන්න ඔයා ලස්සනම ගැහැණිය වන විට ඔබේ සැමියා ලෝකයේ සිටින කඩවසම්ම තැනැත්තා බවට පත් වෙනවා. හරියට දෙවි කෙනෙක් වගේ තත්ත්වයකට පත් වෙලා ලස්සන ගැහැණු ඔහු පිටි පස්සෙන් එන්න ගනී” යි කීය.
“ඒකට කමක් නෑ. මම ලෝකයේ සිටින ලස්සනම ගැහැණිය නිසා එයා වෙනත් ගෑණු ගැන හිතන එකක් නෑ” යි ලතා කීවාය.
ඇයගේ දෙවැනි වරය වූයේ ලෝකයේ සිටින ධනවත්ම කාන්තාව ඇය විය යුතු බවයි.
එවිට ගෙම්බා “ඔයාගේ සැමියා ලෝකයේ ධනවත්ම තැනැත්තා වන අතර ඔහු ඔබට වඩා දස ගුණයකින් පොහොසත් වෙනවා” යි කීය.
“ඒකට කමක් නෑ. එයා මගේ සැමියා නිසා ඒ සියලුම ධනය මටත් අයිති වෙනවා නේ” යි කීවාය.
තුන්වැනි වරය ලෙස ලතා කියා සිටියේ “මට සුළු හෘදයාබාධයක් ලබා දෙන්න” කියායි.
0 comments:
Post a Comment