වැල්ලම්පිටිය පොලිසියේ "ඕඅයිසී" බණ්ඩාර මුණසිංහය."ඕඅයිසී" මුණසිංහ මේ වනවිට පසුවන්නේ අත්අඩංගුවේය. ඔහු අත්අඩංගුවට පත්වන්නේ අවශේෂ කාරණාවකට නොවේ. කුඩු ජාවාරම් කිරීමට ගොස් නෝන්ඩි වීම නිසාය.
පොලිසිය කියන ආකාරයට "ඕඅයිසී" මුණසිංහ කුඩු ජාවාරම් කර ඇත්තේ වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති නිල නිවාසයේ සිටය. ඔහුගේ කුඩු ඩීල් එක කරගෙන ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ බව කියෑවිණි. ඇය කලින් පොලිසියේ වැඩ කළ පොලිස් කොස්තාපල්වරියකි. ඇයත් දැන් පසුවන්නේ පොලිස් අත්අඩංගුවේය.
වැල්ලම්පිටිය පොලිසීයේ ඕ.අයි.සී කුඩු විකුණු හැටි
පොලිසිය කියනා කතාව
අපේ පොලිසිය වැල්ලම්පිටිය ඕඅයිසී බණ්ඩාර මුණසිංහව හඳුනාගෙන සිටියේ පොලිසියේ සිටි හොඳ පොලිස්කාරයෙක් ලෙසය. කුඩු පුරයක් වූ වැල්ලම්පිටියට 2012 අවරුද්දේ ජුලි මාසයේදී බණ්ඩාර මුණසිංහව එවන්නේත් ඒ නිසාය. පැමිණි දා සිට ඕඅයිසී මුණසිංහ වැඩට බැස්සේය. හතර අතේ කුඩු කාරයන් ඇල්ලුවේය. එකම චෝදනාවක්වත් ආවේ නැත. මත්කුඩු සම්බන්ධ වැටලීම් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ඔහු විසින් සිදු කර තිබිණි.
බණ්ඩාර මුණසිංහගේ ගම නුවරය. ඔහුට දරුවන් තිදෙනෙක් සිටියේය. ඔවුන් ඉගෙනගත්තේත් නුවරය. හිටපු පොලිස් නිලධාරිනියක් වූ බිරිඳ සමග හේ වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් නිල නිවාසයේ පදිංචිව සිටියේය. මේ මනුස්සයාට සෝබන ජීවිතයක් තිබුණේ නැත. ඇන්දේ පැළැන්දේ සාමාන්‍ය විදිහටය. ගමන් බිමන් ගියේ බස් එකේය. වැල්ලම්පිටියේ කුඩු කාරයන්ට ඕඅයිසී මුණසිංහ පෙනෙන්නට බැරි තත්වයක් තිබුණේය.
මුණසිංහ හැමදාම වගේ කුඩු අල්ලන්නේය. ඒ කුඩු මත්ද්‍රව්‍ය නාශක අංශයට ඇවිත් හරියටම මැනගන්නේය. උසාවියටත් ඉදිරිපත් කරන්නේය. නඩුත් තිබෙන්නේය. මත්ද්‍රව්‍ය නාශක අංශයටත් චූන්ය. ඕඅයිසී මුණසිංහ වැඩකාරයාය.
මේ අතර රට පුරා කුඩු උවදුර පිළිබඳ බිහිසුණු හෙළිදරව්වීම් සිදුවන්නට විය. ලංකාවට ගෙනා විශාලම කුඩු තොගය කන්ටේනර් පිටින් හසුවුණේය. මේ කුඩු කන්ටේනරය නිදහස් කරගැනීමට අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් ලියුම් නිකුත් කිරීමක් ගැන බරපතළ කලබැගෑනියක් ඇතිවිය. ගම්පොල දේශපාලකයෙකුට ටී ෂර්ට් පවා ප්‍රින්ට් කරදී මැතිවරණ ව්‍යාපාරයට අසීමිත මුදලක් වියදම් කළේ මේ කුඩු මුදලින් බව කියෑවිණි. මේ ගැන කතාකළ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හාමුදුරුවන් සංඝාධිකරණයකට යොමුකර සිවුර ගලවන බව අගමැතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. අවසානයේදී පකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් මේ කුඩු ගෙන්වූ බවත් මේ විජාතික පකිස්තාන්කාරයන් දෙන්නා අපේ රටේ ගරු අගමැති තුමා අන්දවා කුඩු ජාවාරම කරන්නට හැදූ බවත් කියෑවිණි.
මේ සමග දකුණෙන් කුඩු කිලෝ සිය ගණනින් අසුවුණේය. එක්තරා කළු ජාතිකයෙක් කුඩු කිලෝ තිහකට ආසන්න ප්‍රමාණයක් සමග කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්විය. ලංකාව ලෝකයේ කුඩු බෙදාහරින මධ්‍යස්ථානයක් බව හෙළිදරව් විය. මෙවැනි කුඩු කතා ඇසෙමින් තිබෙන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කොළඹ කේන්ද්‍රකරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් පිරිසක් හසුකරගැනීමට මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මෙහිදී සුළු පරිමාණයෙන් කුඩු අලෙවි කරමින් සිටි ෆාතිමා නමැති මුස්ලිම් කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්වූවාය. ඇය මේ කුඩු ජාවාරම කරන ආකාරයත්, ඇයට කුඩු ලැබෙනා ආකාරයත් සම්බන්ධව ප්‍රශ්න කෙරිණි. මේ ප්‍රශ්න කිරීම් වලදී ඇයට කුඩු ලබාදෙන නිශාම් තුවාන් නමැති තවත් ජාවාරම් කාරයෙකුගේ නම කියෑවිණි.
පොලිසිය නිශාම් තුවාන්ව අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීම් වලදී නිශාම් නමැති මේ ජාවාරම් කාරයා කීවේ පොලිසියේ ඇස් උඩ යන කතාවකි. තමන්ට ජාවාරම් කිරීම සඳහා කුඩු සපයන්නේ වැල්ලම්පිටිය පොලිසියේ ඕඅයිසී බණ්ඩාර මුණසිංහ බව හේ කීවේය. පොලිසිය මුලින්ම මේ තොරතුර පිළිබඳ සැක පහළ කළේය. කොළඹ අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අයි. එම් කරුණාරත්න මේ සම්බන්ධව පොලිස්පතිවරයාව දැනුවත් කළේය. කුඩු පුරයක් මැද, කුඩුකාර දේශපාලකයන්ට අභියෝග කරමින් කුඩු ඇල්ලීමේ යෙදෙන පොලිස් නිලධාරියෙක් විනාශ කිරීමට කළ ප්‍රයෝගයක් විය හැකි ඉඩකඩ ගැන පොලිසිය මුලින් සොයා බැලිනි. අවසානයේදී තරාතිරම කුමක් වුවද නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයා විසින් නියෝග කෙරිණි.
පර්යේෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා යෙදවිණි. ඔවුහු පසුගිය 31 දා රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති බණ්ඩාර මුණසිංහගේ නිල නිවස වට කළහ. අනතුරුව නිල නිවස මුළුමනින්ම පරීක්ෂාවට ලක් විය. අවසානයේ නිවසේ ඇඳුම් අල්මාරියේ සඟවා තිබූ කුඩු ග්‍රෑම් 42 ක් සොයා ගනු ලැබිණි. ඒ සමගම මුදලින් රුපියල් එක්ලක්ෂ අසූ දහසක්ද වූයේය.
මුණසිංහ මත්ද්‍රව්‍ය නාශක අංශයට පැමිණ එදා උදේ මේ කුඩු ග්‍රෑම් 42 මැනගෙනගොස් තිබුණ බව කියෑවිණි. ඒ අවස්ථාවේම වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනිණි. මේ අතර නිශාම් තුවාන්ගෙන් දිගටම ප්‍රශ්න කිරීම සිදුවිය. ඔහු හෙළිකරනු ලැබුවේ මේ කුඩු ගනුදෙනුව තමන් සිදුකරනු ලැබුවේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ සමග බවය. කුඩු තමන්ට ලබාදීමත්, විකුණා මුදල් දීමත් සිදුකළේ ඇය බවට හේ ප්‍රකාශ කළේය. මේ තොරතුර මත අලුත් අවුරුද්ද ලැබූ ජනවාරි 01 වැනිදා උදෑසන 10 ට පමණ බණ්ඩාර මුණසිංහගේ බිරිඳත් අත්අඩංගුවට ගත්තේය.
වාර්තාවන ආකාරයට වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විකුණා ඇත්තේ ජාවාරම්කාරයන් සමග අත්අඩංගුවට ගන්නා කුඩුය. කුඩු නිවැරදිව කිරාගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හරහාය. අත්අඩංගුවට ගන්නා කුඩු වලින් කොටසක් උසාවියට ඉදිරිපත් කර කොටසක් තමන් තබාගෙන විශ්වාසනීය තැරුව්කරුවා වන නිශාම් තුවාන් හරහා මෙම ජාවාරම කරගෙන ගොස් තිබුණේය. වාර්තා වන ආකාරයට පොලිස් ස්ථානාධිපතිවරයා හා මේ ජාවාරම් කරුවා අතර වසර කිහිපයක සිට සමීප සම්බන්ධතාවක් තිබී ඇත.
මේ වනවිට මේ කුඩු නඩුව අධිකරණයේ ඇසෙමින් තිබෙන්නේය. වැල්ලම්පිටිය ඕඅයිසී හා ඔහුගේ බිරිඳ එකතුවී වැල්ලම්පිටියේ කුඩු විකිණූ ආකාරය ගැන නිශ්චිත තොරතුරු හෙළිවන්නේ නියමිත අනාගතයේදීය. පොලිස් අත්අඩංගුවට පත්වන කුඩු පාන්පිටි හෝ ආටා පිටි වන ආකාරය ගැන ඇසූ කතා අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මීට මාස කීපයකට පෙර රටට තහවුරු කළේය. ඒ පොලිස් අත්අඩංගුවේ තිබූ කුඩු මාරු කර මාට්ටුවීමත් සමගය. එහෙත් පොලිස් කාරයෙක් පාරට බැස කුඩු විකිණූ හැටි ගැන අපට කියන්නේ බණ්ඩාර මුණසිංහය.
යළිත් අපට කියන්නට ඇත්තේ දේශපාලනය හරහා කුඩු එන රටක පොලිස් ස්ථානාධිපතිවරයෙක් මහපාරේ කුඩු විකුණා මාට්ටුවීම රට පුදුම කරවන්නේ නැති බවය. එය රට අහ්ලාදයකට පත් කරනා තවත් එක කතාවක් පමණක් බවය.
එහෙත් මෙය දකින අපට මහා වේදනාවක් උපදින්නේය. එකක් මේ රට ගැනය. පෙළගැසෙනා සිදුවීම් සමග මේ රට පිළිබඳව අංශුමාත්රකොට තවමත් ශේෂකරගෙන ඇති අවසාන ප්‍රාර්ථනාත් ඇස් පනාපිට බිඳවැටීම ගැනය.
අනෙක මෙවන් පජාති දෙමව්පියන්ට ජාතකව ඉපදීමේ පවට අද සමාජය ඉදිරියේ අප්‍රමාණ ගර්හාවට ලක්වනා අහිංසක නොදරුවන් ගැනය. කිසිම වරදක් නොකළ මේ දරුපැටවුන් මුහුණ දීමට නියමිත අනාගත ඛේදවාචකය ගැනය.
ජානක ලියනආරච්චි, හේමන්ත රන්දුණු

කුඩ්ඩන්ට ගැසූ සැලියුට් ....
කුඩු කන්ටේනර් පිටින් රැගෙන විත් රේගුවේදී මාට්ටු වනවිට රටේ අගමැතිවරයාගේ නමත් කියෑවෙන රටක, තෙප්පම් වලින් ලංකාවට ගෙනා කුඩු කිලෝ තුන්සිය ගණනක් උඩප්පුව පැත්තෙන් අරගෙන එන්නට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටට නෝන්ඩි වුණත් නඩුත් නැති රටක, වරෙක කෝටිපති කුඩු ව්‍යාපාරිකයෙක් සමග සම්බන්ධකම් පවත්වා පොලිස්පති කමත් නැතිකරගත් පොලිස්පතිවරුන් සිටි ඉතිහාසයක් ඇති රටක, අහිංසක විදිහට කුඩු ටිකක් විකුණාගැනීම ගෘහ කර්මාන්තයක් කරගත් මිනිස්සු සහිත වැල්ලම්පිටියේදී වැල්ලම්පිටිය ඕඅයිසී කුඩු විකුණා මාට්ටුවීම අපේ රටේ මිනිස්සුන් පුදුම කරන්නේ නැත. ඔවුන් තුළ ඇත්තේ "අනේ පව් අහිංසකයා... මාට්ටු වුණා නේද?" වැනි විස්සෝපකාරී හැඟීමකි. එහෙත් " ඕඅයිසී" මුණසිංහ ගැන කතාව අසන්නට කවුරුත් කැමති වනවා ඇත. මේ ඒ කතාවය.පොලිසිය කියනා කතාව
අපේ පොලිසිය වැල්ලම්පිටිය ඕඅයිසී බණ්ඩාර මුණසිංහව හඳුනාගෙන සිටියේ පොලිසියේ සිටි හොඳ පොලිස්කාරයෙක් ලෙසය. කුඩු පුරයක් වූ වැල්ලම්පිටියට 2012 අවරුද්දේ ජුලි මාසයේදී බණ්ඩාර මුණසිංහව එවන්නේත් ඒ නිසාය. පැමිණි දා සිට ඕඅයිසී මුණසිංහ වැඩට බැස්සේය. හතර අතේ කුඩු කාරයන් ඇල්ලුවේය. එකම චෝදනාවක්වත් ආවේ නැත. මත්කුඩු සම්බන්ධ වැටලීම් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ඔහු විසින් සිදු කර තිබිණි.
බණ්ඩාර මුණසිංහගේ ගම නුවරය. ඔහුට දරුවන් තිදෙනෙක් සිටියේය. ඔවුන් ඉගෙනගත්තේත් නුවරය. හිටපු පොලිස් නිලධාරිනියක් වූ බිරිඳ සමග හේ වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් නිල නිවාසයේ පදිංචිව සිටියේය. මේ මනුස්සයාට සෝබන ජීවිතයක් තිබුණේ නැත. ඇන්දේ පැළැන්දේ සාමාන්‍ය විදිහටය. ගමන් බිමන් ගියේ බස් එකේය. වැල්ලම්පිටියේ කුඩු කාරයන්ට ඕඅයිසී මුණසිංහ පෙනෙන්නට බැරි තත්වයක් තිබුණේය.
මුණසිංහ හැමදාම වගේ කුඩු අල්ලන්නේය. ඒ කුඩු මත්ද්‍රව්‍ය නාශක අංශයට ඇවිත් හරියටම මැනගන්නේය. උසාවියටත් ඉදිරිපත් කරන්නේය. නඩුත් තිබෙන්නේය. මත්ද්‍රව්‍ය නාශක අංශයටත් චූන්ය. ඕඅයිසී මුණසිංහ වැඩකාරයාය.
මේ අතර රට පුරා කුඩු උවදුර පිළිබඳ බිහිසුණු හෙළිදරව්වීම් සිදුවන්නට විය. ලංකාවට ගෙනා විශාලම කුඩු තොගය කන්ටේනර් පිටින් හසුවුණේය. මේ කුඩු කන්ටේනරය නිදහස් කරගැනීමට අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් ලියුම් නිකුත් කිරීමක් ගැන බරපතළ කලබැගෑනියක් ඇතිවිය. ගම්පොල දේශපාලකයෙකුට ටී ෂර්ට් පවා ප්‍රින්ට් කරදී මැතිවරණ ව්‍යාපාරයට අසීමිත මුදලක් වියදම් කළේ මේ කුඩු මුදලින් බව කියෑවිණි. මේ ගැන කතාකළ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හාමුදුරුවන් සංඝාධිකරණයකට යොමුකර සිවුර ගලවන බව අගමැතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. අවසානයේදී පකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් මේ කුඩු ගෙන්වූ බවත් මේ විජාතික පකිස්තාන්කාරයන් දෙන්නා අපේ රටේ ගරු අගමැති තුමා අන්දවා කුඩු ජාවාරම කරන්නට හැදූ බවත් කියෑවිණි.
මේ සමග දකුණෙන් කුඩු කිලෝ සිය ගණනින් අසුවුණේය. එක්තරා කළු ජාතිකයෙක් කුඩු කිලෝ තිහකට ආසන්න ප්‍රමාණයක් සමග කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්විය. ලංකාව ලෝකයේ කුඩු බෙදාහරින මධ්‍යස්ථානයක් බව හෙළිදරව් විය. මෙවැනි කුඩු කතා ඇසෙමින් තිබෙන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කොළඹ කේන්ද්‍රකරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් පිරිසක් හසුකරගැනීමට මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මෙහිදී සුළු පරිමාණයෙන් කුඩු අලෙවි කරමින් සිටි ෆාතිමා නමැති මුස්ලිම් කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්වූවාය. ඇය මේ කුඩු ජාවාරම කරන ආකාරයත්, ඇයට කුඩු ලැබෙනා ආකාරයත් සම්බන්ධව ප්‍රශ්න කෙරිණි. මේ ප්‍රශ්න කිරීම් වලදී ඇයට කුඩු ලබාදෙන නිශාම් තුවාන් නමැති තවත් ජාවාරම් කාරයෙකුගේ නම කියෑවිණි.
පොලිසිය නිශාම් තුවාන්ව අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීම් වලදී නිශාම් නමැති මේ ජාවාරම් කාරයා කීවේ පොලිසියේ ඇස් උඩ යන කතාවකි. තමන්ට ජාවාරම් කිරීම සඳහා කුඩු සපයන්නේ වැල්ලම්පිටිය පොලිසියේ ඕඅයිසී බණ්ඩාර මුණසිංහ බව හේ කීවේය. පොලිසිය මුලින්ම මේ තොරතුර පිළිබඳ සැක පහළ කළේය. කොළඹ අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අයි. එම් කරුණාරත්න මේ සම්බන්ධව පොලිස්පතිවරයාව දැනුවත් කළේය. කුඩු පුරයක් මැද, කුඩුකාර දේශපාලකයන්ට අභියෝග කරමින් කුඩු ඇල්ලීමේ යෙදෙන පොලිස් නිලධාරියෙක් විනාශ කිරීමට කළ ප්‍රයෝගයක් විය හැකි ඉඩකඩ ගැන පොලිසිය මුලින් සොයා බැලිනි. අවසානයේදී තරාතිරම කුමක් වුවද නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයා විසින් නියෝග කෙරිණි.
පර්යේෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා යෙදවිණි. ඔවුහු පසුගිය 31 දා රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති බණ්ඩාර මුණසිංහගේ නිල නිවස වට කළහ. අනතුරුව නිල නිවස මුළුමනින්ම පරීක්ෂාවට ලක් විය. අවසානයේ නිවසේ ඇඳුම් අල්මාරියේ සඟවා තිබූ කුඩු ග්‍රෑම් 42 ක් සොයා ගනු ලැබිණි. ඒ සමගම මුදලින් රුපියල් එක්ලක්ෂ අසූ දහසක්ද වූයේය.
මුණසිංහ මත්ද්‍රව්‍ය නාශක අංශයට පැමිණ එදා උදේ මේ කුඩු ග්‍රෑම් 42 මැනගෙනගොස් තිබුණ බව කියෑවිණි. ඒ අවස්ථාවේම වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනිණි. මේ අතර නිශාම් තුවාන්ගෙන් දිගටම ප්‍රශ්න කිරීම සිදුවිය. ඔහු හෙළිකරනු ලැබුවේ මේ කුඩු ගනුදෙනුව තමන් සිදුකරනු ලැබුවේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ සමග බවය. කුඩු තමන්ට ලබාදීමත්, විකුණා මුදල් දීමත් සිදුකළේ ඇය බවට හේ ප්‍රකාශ කළේය. මේ තොරතුර මත අලුත් අවුරුද්ද ලැබූ ජනවාරි 01 වැනිදා උදෑසන 10 ට පමණ බණ්ඩාර මුණසිංහගේ බිරිඳත් අත්අඩංගුවට ගත්තේය.
වාර්තාවන ආකාරයට වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විකුණා ඇත්තේ ජාවාරම්කාරයන් සමග අත්අඩංගුවට ගන්නා කුඩුය. කුඩු නිවැරදිව කිරාගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හරහාය. අත්අඩංගුවට ගන්නා කුඩු වලින් කොටසක් උසාවියට ඉදිරිපත් කර කොටසක් තමන් තබාගෙන විශ්වාසනීය තැරුව්කරුවා වන නිශාම් තුවාන් හරහා මෙම ජාවාරම කරගෙන ගොස් තිබුණේය. වාර්තා වන ආකාරයට පොලිස් ස්ථානාධිපතිවරයා හා මේ ජාවාරම් කරුවා අතර වසර කිහිපයක සිට සමීප සම්බන්ධතාවක් තිබී ඇත.
මේ වනවිට මේ කුඩු නඩුව අධිකරණයේ ඇසෙමින් තිබෙන්නේය. වැල්ලම්පිටිය ඕඅයිසී හා ඔහුගේ බිරිඳ එකතුවී වැල්ලම්පිටියේ කුඩු විකිණූ ආකාරය ගැන නිශ්චිත තොරතුරු හෙළිවන්නේ නියමිත අනාගතයේදීය. පොලිස් අත්අඩංගුවට පත්වන කුඩු පාන්පිටි හෝ ආටා පිටි වන ආකාරය ගැන ඇසූ කතා අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මීට මාස කීපයකට පෙර රටට තහවුරු කළේය. ඒ පොලිස් අත්අඩංගුවේ තිබූ කුඩු මාරු කර මාට්ටුවීමත් සමගය. එහෙත් පොලිස් කාරයෙක් පාරට බැස කුඩු විකිණූ හැටි ගැන අපට කියන්නේ බණ්ඩාර මුණසිංහය.
යළිත් අපට කියන්නට ඇත්තේ දේශපාලනය හරහා කුඩු එන රටක පොලිස් ස්ථානාධිපතිවරයෙක් මහපාරේ කුඩු විකුණා මාට්ටුවීම රට පුදුම කරවන්නේ නැති බවය. එය රට අහ්ලාදයකට පත් කරනා තවත් එක කතාවක් පමණක් බවය.
එහෙත් මෙය දකින අපට මහා වේදනාවක් උපදින්නේය. එකක් මේ රට ගැනය. පෙළගැසෙනා සිදුවීම් සමග මේ රට පිළිබඳව අංශුමාත්රකොට තවමත් ශේෂකරගෙන ඇති අවසාන ප්‍රාර්ථනාත් ඇස් පනාපිට බිඳවැටීම ගැනය.
අනෙක මෙවන් පජාති දෙමව්පියන්ට ජාතකව ඉපදීමේ පවට අද සමාජය ඉදිරියේ අප්‍රමාණ ගර්හාවට ලක්වනා අහිංසක නොදරුවන් ගැනය. කිසිම වරදක් නොකළ මේ දරුපැටවුන් මුහුණ දීමට නියමිත අනාගත ඛේදවාචකය ගැනය.
ජානක ලියනආරච්චි, හේමන්ත රන්දුණු
0 comments:
Post a Comment