මසක් වයසැති පුංචි සදුන් ළමා රෝහලට ඇතුළත් කළේ නිල් පැහැ වීමත් හෘද ගැස්මේ ඇති වූ වෙනස්වීමත් නිසයි. සදුන්ව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වුණේ සදුන්ට හදිසි සැත්කමක් කළ යුතු බවයි.
මේ සැත්කම සහ සදුන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය ෂෙහාන් පෙරේරා මහතා අදහස් දැක්වූයේ මෙසේයි. සාමාන්‍යයෙන් නිරෝගී හෘදයක ඉහළ කාමර දෙකයි. පහළ කාමර දෙකයි පිහිටනවා.
ඉහළ කාමර දෙක වම් සහ දකුණු කර්ණිකා ලෙසත් පහළ කාමර දෙක වම් හා දකුණු කෝෂිකා ලෙසත් හැඳින්වෙනවා. හෘදයේ දකුණු පැත්තේ පවතින්නේ ඔක්සිජන් අඩු නිල් පැහැති රුධිරයයි. වම් පැත්තේ තිබෙන්නේ ඔක්සිජන් හොඳින් ඇති රතු පැහැති රුධිරයයි.
දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට පැමිණෙන නිල් පැහැති රුධිරය පුෂ්පුශීය මහා ධමනිය හරහා පෙනහලු කරා ගෙන යනවා.
පෙනහලුවලදී රුධිරයට ඔක්සිජන් එකතු වී රත් පැහැ ගැන්වූ රුධිරය වම් පැත්තේ ඇති වම් කර්ණිකාවට ඇතුල් වෙනවා. වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට පැමිණෙන පිරිසුදු රුධිරය සංස්ථානික මහා ධමනිය හරහා ශරීරය පුරා බෙදා හරිනවා.
මේ දරුවාගේ එකෝ පරීක්ෂණයට අනුව (TGA)Trans position of Great Arteries නැමැති හෘදයේ ආබාධ තත්ත්ව දක්නට ලැබුණා.
දරුවාගේ කර්ණිකා සහ කෝෂිකා නිවැරදිව පිහිටා තිබුණත් පුප්පුශීය මහා ධමනිය දකුණු කෝෂිකාවේ පිහිටන්නේ නැතිව වම් කෝෂිකාවේ පිහිටීමත්, සංස්ථානික මහා ධමනිය වම් කෝෂිකාවේ නොපිහිටා දකුණු කෝෂිකාවේ පිහිටීමත් දක්නට ලැබුණා. මේ නිසා ඔක්සිජන් අඩු රුධිරය සංස්ථානික මහා ධමනිය හරහා දරුවාගේ ශරීරය පුරාම බෙදාහරිනු ලැබුවා.
මෙවැනි තත්ත්ව ඇති දරුවන්ට වැඩිකල් ජීවත්වීමේ වරම් ලැබෙන්නේ නැහැ. දරුවාට මසක් ගතවී සිටීම නිසා දරුවා කැතීට පරීක්ෂණාගාරයට ගෙන දරුවාගේ කළවා ප්‍රදේශයේ ඇති ශිරාව හරහා හෘදය වෙත කුඩා බැලුමක් යවා හෘදයේ ඉහළ කොටසේ දකුණු කර්ණිකාව සහ වම් කර්ණිකාව අතර බිත්තියේ සිදුරක් හැදුවා.
මේ සිදුර හරහා වම් කර්ණිකාවේ ඇති රතු පැහැ රුධිරය දකුණු කර්ණිකාවට වැඩිපුර පැමිණීම නිසා ඔක්සිජන් සහිත රුධිරය දරුවාගේ ඇඟපුරා විසිරී යනවා. මේ නිසා දරුවාගේ නිල් පැහැ වීම ක්‍රමානුකූලව නැතිව ගියා නමුත් මේ සැත්කම ස්ථීර ප්‍රතිකාරයක් නොවෙයි. මේ සැත්කමෙන් පසු හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සංස්ථානික සහ පුප්පුශීය මහා ධමනියේ වැරදි පිහිටීම නිවැරදි කළ යුතුයි. දරුවාගේ ප්‍රධාන සැත්කමට පෙර දරුවා නිර්වින්දනය කිරිම සිදුවුණා. දරුවා නිර්වින්දනය කළ ආකාරය පිළිබඳව ළමා රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමිත ජයවික්‍රම මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
මෙවැනි සැත්කම් දරුවා නිර්වින්දනය කළ පසු සිදු කෙරෙනවා. දරුවාට සිහි නැති වීම නිසා කිසිවක් දැනෙන්නේ නැහැ. නිර්වින්දනයේදී සැත්කමට පෙර දරුවාට වේදනා නාශක ලබාදීමත් කෙරෙනවා.
කුඩා දරුවකු නිසා පළමුව නිර්වින්දන වායුව (Gas Induction) ඇල්ලීම මඟින් ද ඉන්පසු කැනියුලාව හරහා නිර්වින්දන ඖෂධ ලබාදීම මඟින් ද මේ දරුවා සිහි නැති කිරීම කළා.
සැත්කම අතරතුරදී දරුවාගේ රුධිර පීඩනය අඩු වැඩි වීම, හුස්ම ගැනීමේ වෙනස්කම්, ඔක්සිජන් අඩුවීම සෝඩියම්, පොටෑසියම් වෙනස් වීම සොයා බැලීමත් රුධිරය අඩු නම් රුධිරය ලබා දීමත් නිර්වින්දනය යටතේ කෙරෙනවා.
නිර්වින්දනය කිරීමෙන් පසු ශල්‍යගාරයට රැගෙන ගිය දරුවා ශල්‍ය ඇදමත තැබුවා. ළමා හෘද සැත්කම් අතරින් ඉතාම සංකීර්ණ හෘද සැත්කම සිදු කළ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය කංචන සිංගප්පුලි මහතා සැත්කම පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.
හෘදය කියන්නේ රුධිරයෙන් පිරුණු නොනවත්වාම ක්‍රියාකරන කොටසක් හෘදයේ ශල්‍යකර්මයක් කිරීමට නම් හෘදයේ සහ පෙනහලුවල ක්‍රියාකාරීත්වය නවත්වා ගත යුතුයි. හෘදය, රුධිරයෙන් තොර චලනයන්ගෙන් තොර පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා රෝගියා හාර්ට් ලන්ග් බයිපාස් මැෂිමට (Heart Lung By Pass Machin) සම්බන්ධ කළ යුතුයි.
මෙහිදී රෝගියාගේ හෘදයෙන් මෙන්ම පෙනහලු වලින් සිදුකරන සියලුම ක්‍රියාවලියන් මෙන්ම ශරීරයේ අනෙකුත් ක්‍රියාවලියන් ද මේ යන්ත්‍රය මඟින් කෙරෙනවා.
මේ යන්ත්‍රයට දරුවා සම්බන්ධ කිරිම සඳහාත් සැත්කම සඳහා හෘදය විවර කර ගැනීම සඳහාත් පළමුව දරුවාගේ මතුපිට සමේ පපුව පෙදෙසින් කැපුමක් යෙදුවා. ඉන් පසු පපු ඇටයේ (ස්ටර්නම් - sternum) එවැනිම කැපුමක් යොදා විවරයක් සාදා ගත්තා.
මෙම විවරය මැදින් ස්ටර්නල් ස්ප්‍රෙඩර් (Sternal spreader) උපකරණය තබා හෘදය පෙනෙන ලෙස විවරය විශාල කළා. මේ විවරය තුළින් දරුවාගේ වම් උරස් කුහරයේ වූ හෘදය දක්නට ලැබුණා. හෘදයේ මතුපිට ආවරණය වන පෙරි කාඩියම් (Pericardium) පටලය කපා ඉවත් කර ගැනීමද කළා.
මෙතෙක් වේලා චලනය වෙමින් තිබූ හෘදය ක්‍රමානුකූලව හාර්ට් ලන්ග් බයිපාස් මැෂිමට සම්බන්ධ කළා. පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය අඩුකර ගැනීම සඳහා රෝගියාගේ ශරීර උෂ්ණත්වය 280C දක්වා අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු කළා.
ඉන් පසු හෘදයේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට අවශ්‍ය කටයුතු කළ අතර හෘදයේ සෛලවල පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය තවදුරටත් අඩුකර ගැනීමට අයිස් යෙදූ සේලයින් වතුර යෙදීම කළා.
හෘදයට රුධිර සැපයුම ලබාදෙන වම් සහ දකුණු කිරීටක ධමනි (Coronary Arteries) නිරෝගී හදවතක් ඇති අයෙකුගේ පටන් ගන්නේ හෘදයේ වම් පැත්තේ සංස්ථානික මහා ධමනිය පටන් ගන්නා ස්ථානයෙන් (Aortic Root) නමුත් මේ දරුවාගේ කිරීටක ධමනි පටන්ගෙන තිබුනේ හෘදයේ දකුණු පැත්තෙන්. මේ සැත්කමේ මුල් අදියර ලෙස මේ තත්ත්වය නිවැරදි කළ යුතුයි.
හෘදයට කැපුමක් යොදා හෘදයේ විවරයක් සාදා ගත්තා. ඉන් පසු සංස්ථානික මහා ධමනිය (Aorta) සහ පුප්පුශීය මහා ධමනිය Pulmonary Artery කපා වෙන් කිරීම කළා. ඉන් පසු දකුණු පස මූලයේ පිහිටා තිබූ වම් සහ දකුණු කිරීටක ධමනි දෙක Coronary Arteries ගලවා ඉවත් කර ගත්තා.
මෙම කිරීටක ධමනි දෙක වැරදි ලෙස වම් කෝෂිකාවෙන් පටන් ගෙන තිබූ, දැනට කපා වෙන්කර ඇති පුප්පුෂීය මහා ධමනියේ මූලයට සම්බන්ධ කළා. වැරදි ලෙස දකුණු කෝෂිකාවෙන් ආරම්භ වූ කපා ඉවත් කරගෙන ඇති සංස්ථානික මහා ධමනියේ ඉහළ කොටස කිරීටක ධමනි සම්බන්ධ කළ මූලයට සවි කිරීම කළා. මෙම සම්බන්ධ කිරීමත් සමඟ දරුවාගේ සංස්ථානික මහා ධමනිය හෘදයේ වම් කෝෂිකාවේ නිවැරදි ලෙස පිහිටීම සිදුවෙනවා.
මේ නිසා ඔක්සිජන් සහිත පිරිසුදු රුධිරය සංස්ථානික මහා ධමනිය හරහා ශරීරය පුරා බෙදා හැරීමට ඉඩකඩ සැලසෙනවා.
වැරදි ලෙස දකුණු කෝෂිකාවෙන් පටන්ගෙන තිබූ සංස්ථානික මහා ධමනියේ මූලයට වැරදි ලෙස වම් කෝෂිකාවෙන් පටන් ගෙන තිබූ පුප්පුශීය මහා ධමනියේ ඉහළ කොටස සම්බන්ධ කළ යුතුයි. නමුත් ඊට පෙර කිරීටක ධමනි දෙක ගලවා ගත් සිදුරු දෙක වැසිය යුතුයි.
මේ සඳහා දරුවාගේ හෘදයේ මතුපිටින් ලබාගත් පෙරිකාඩියම් පටලයේ කැබලි දෙකක් කපා ගැනීම කළා. එම කැබලි දෙක සිදුරු මත තබා මැසීම කළා. වැරදි ලෙස පිහිටා තිබූ කපා ඉවත් කරගෙන ඇති පුප්පුශීය මහා ධමනියේ ඉහළ කොටස ගෙනවිත් සිදුරු වසාගත් කොටසට තබා මසා, පුප්පුශීය මහා ධමනියේ මූලය සැකසීම කළා. මෙම නිවැරදි කිරීමත් සමඟ හෘදයේ දකුණු කෝශිකාවේ ඇති ඔක්සිජන් රහිත රුධිරය පෙනහලු කරා ගමන් කිරීම කෙරෙනවා.
හෘදයේ වම් පැත්තේ ඇති වාතය හොඳින් ඉවත් කිරීමෙන් පසු කර්ණිකා දෙක අතර සිදුර පොලි ටෙට්ට්‍රා ප්ලෝරෝ එතිලීන් (Poly Tetra Fleura Ethylene) නැමැති කෘත්‍රිම පටකය යොදා මැසීම කළා.
රෝගියාගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වය වන 370C දක්වා වැඩිකර ගැනීම කෙරෙනවා. ඉන් පසු හාට්ලන්ග් බයිපාස් මැෂිමේ ක්‍රියාකාරීත්වය යටතේ තිබූ දරුවාගේ හෘදය සහ පෙනහලුවලට ස්වාභාවික ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ඉඩකඩ සැලසුවා.
වෙනත් හෘද සැත්කමක මෙන් මෙවැනි සැත්කමක් අවසන් වූ විගස පපු ඇටය සහ මතුපිට සම එක්වරම මැසීම කරන්නේ නැහැ.
සැත්කම සඳහා වැඩි වේලාවක් ගතවීම නිසාත් පපුව ඇතුළත සැත්කමෙන් පසු වැඩි රුධිර ප්‍රමාණයක් එකතු වී වැඩි පීඩනයක් ඇති වීමෙන් හෘදය දුර්වල වීම සිදුවිය හැකියි. මේ නිසා පපුවේ සිදුර සඳහා මතුපිටින් කෘත්‍රිම ආවරණයක් යොදා එක් දිනක් පමණ පපුවේ ඇති සිදුර විවෘතව තබනවා.
ඉන් පසු පපු ඇටයට සහ මතුපිට සමට මැහුම් යෙදීම කරනවා. හෘද සැත්කමකදී ඇතිවිය හැකි ප්‍රධාන සංකූලතා වන්නේ, සෑම මොහොතකම රුධිරය වහනය වීම නිසා හෘද පීඩනය අඩුවීම සහ හෘදයේ අසාමාන්‍ය ගැස්ම වැනි තත්ත්වයි. නමුත් සාර්ථක හෘද සැත්කමක මෙවැනි තත්ත්ව දකින්නට ලැබෙන්නේ නැහැ.
මේ දරුවාගේ සැත්කම සාර්ථකව නිමවීම නිසා අනාගතයේදී සාමාන්‍ය දරුවෙකුගේ ක්‍රියාකාරකම් සියල්ලම මේ දරුවාගෙන් දැකිය හැකියි.
නමුත් මුල් කාලයේදී හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත දරුවා ඉදිරිපත් කොට වරින් වර දරුවාගේ තත්ත්වය පරීක්ෂා කරවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. දරුවාගේ මතුපිට තුවාලය සුවවීම සඳහා සති දෙකක් ගත වෙනවා.
පපු ඇටය හොඳින් සවි වීම සඳහා මාස තුනක පමණ කාලයක් ගත වෙනවා. මේ දරුවාගේ හෘදයේ සංකීර්ණ ගැටලු කීපයක් පැවතියා මෙවැනි තත්ත්ව මවුකුස තුළදීම හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා.
එවැනි හඳුනා ගැනීමකදී නාරි සහ ප්‍රසව වෛද්‍යවරයා කලලය පරීක්ෂා කිරීමට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට පමුණුවනවා. කෙසේ වුවත් මෙවැනි ශල්‍යකර්ම දරුවා ඉපදී කෙටි කාලයක් තුළ සිදු කිරිම ඉතාම වැදගත් වෙනවා.

විශේෂ ස්තූතිය ළමා
රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතාට.
0 comments:
Post a Comment