728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 25 January 2014

දුන්නොත් මට ඇමති කමක් ...ගිලින්නම්කො ඕන ඇමක් ...උපේක්‍ෂා කියයි


පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි විසින් මීට පෙර සහභාගී වූ දෙරණ 360 වැඩසටහනේදී ඇගෙන් ඇසූ ප්‍රශ්න වලට උත්තර දීමට බැරි වුනේ තමාගේ දේශපාලන දැනීමේ අඩුකම පිළිබඳ ගැටලුවක් නිසා නොවන බවත්, භාෂා දැනීමේ අඩුකම නිසා බවත් පවසනවා.


 
 යම් දිනක ඇමති ධූරයක් ලැබෙන්නේ නම් රංගනයෙන් ඉවත් වන බවත්, ඇමති ධූරය නැතිවූ දිනක දෙනවක හාමිනේගේ වයසෙදීත් රඟපාන බවයි පවසන්නේ.

දේශපාලනයයි කලාවයි දෙකම කරන අය මේ එකක්වත් හරියට කරන්නේ නැතැයි සමහරු අදහස් ඉදිරිපත් කරනවා  ?

ඔය චෝදනාව පදනමක් නැති එකක්. පවතින නීතිමය පසුබිම අනුව අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර හොබවන අය හැර දේශපාලනයේ නිරත සෙසු සියල්ලන්ටම තම රැකියාව, ව්‍යාපාරය හෝ වෙනත් කටයුතුවල යෙදීමේ නිදහස තිබෙනවා. මම මන්ත්‍රීවරියක්. නිළිකමේ යෙදීමේ නිදහස මට තියෙනවා.

දේශපාලන ක්‍ෂේත්‍රයට යොමුවූ ජනප්‍රිය නළු නිළියන්ගේ දේශපාලන දැනුම, අවබෝධය ගැනත් බොහෝ අය කතා කරන්නේ එතරම් ප්‍රසාදයකින් නොවෙයි?

දේශපාලනයට එන අයට අනිවාර්යයෙන්ම උපාධියක් තිබිය යුතුයි කියා මමත් හිතුවා. ඒ දේශපාලන ක්‍ෂේත්‍රයට යොමුවීමට පෙර. නමුත් දේශපාලනයට ඇවිත් එහි නියැලෙන විටයි මට ක්‍ෂේත්‍රය ගැන අවබෝධය ඇති වුණේ. දැන උගත්කම, අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට අවශ්‍ය සුදුසුකම් අතර එය එක් සුදුසුකමක් විතරයි. උදාහරණයක් කිව්වොත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා උසස් අධ්‍යාපනයක් ලබපු කෙනෙක් ‍නෙවෙයි.

අදත් බොහෝ අය ඔබ හඳුන්වන්නේ "පබා" ලෙසට. ඔබත් දේශපාලනයට එද්දී නිළියක් ලෙස ලද ජනප්‍රියත්වය හැර කිසිදු දැනුමක් ඔබට තිබුණේ නැතිද? “දෙරණ 360” වැඩසටහනකදී ඔබ අපහසුතාවට පත්වී, අසරණ වූ ආකාරය ගැන අදත් කතා කරන අය සිටිනවා?

"පබා'ට මම අදත් කැමතියි. නමුත් ඒ ජනප්‍රියත්වය හැර කිසිදු දේශපාලන සුදුසුකමක් නැතුව මා දේශපාලනයට ආවනම් මට පවතින්න බැහැ. "දෙරණ 360" දී මගේ සිදුවූයේ දේශපාලන දැනීමේ අඩුකම පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මගේ භාෂා දැනීමේ අඩුකමයි. ඒ වගේම මගෙ අවංකකම. ඒක තේරුම්ගත් අය වගේම.

ඒ වගේම තවත් දෙයක් කිවයුතුයි. මා දේශපාලනයට ආවේ පබා හරහාම නෙවෙයි. එවකට මා දේශපාලන කරලියේ කළ කී දෑ වඩා කතා බහට ලක් වූණේ "පබා" තුළින් මා ලබා සිටි ජනප්‍රියත්වය නිසා. එවකට මා ජනාධිපතිතුමා පවා විවේචනය කළා. දේශපාලනයට මා යොමුවුණේත්, ඒ හරහා ගමනක් ආවේත් ඊට සුදුසුකම් තිබූ නිසයි. නමුත් අද ආපසු හැරී බලන විට මට සිතෙනවා මම අද වන විට එදාට වඩා කොයිතරම් දේශපාලන දැනුමින් ‍පොහොසත්ද කියලා. අද මම අර ඉහත කී රූපවාහිනී වැඩසටහනට සහභාගි වෙන්න ආශාවෙන් සිටිනවා.

දේශපාලන ක්‍ෂේත්‍රය තුළ යන ගමනේදී ඔබට යම් දිනෙක අමාත්‍යවරියක හෝ නියෝජ්‍ය අමාත්‍යවරියක වන්නට අවස්ථාව උදා වුණොත් එදාට කලාව අතහරින්න වෙනවා නේද?

මට කලාවෙන් තොරව ජීවත් වෙන්න බැහැ. ඒත් සමාජයට යම් මෙහෙවරක් කිරීමේ අවශ්‍යතාවත් මා තුළ දැඩිව තිබෙනවා. දෙනවක හාමිනේ මැතිනියගේ වයසෙදීත් රඟපාන්න පුළුවන්. ඒත් ඔබ ප්‍රශ්නයේ ඇසූ විදියේ තනතුරක් දරන්න බැරිවෙලාවත් සිද්ධ වුණොත් ඒ වගකීම පැවරෙන්නේ වසර කිහිපයකටයි. ඉතින් එවැනි වාතාවරණයක් උදා වුණොත් තාවකාලිකව රංගනයෙන් ඉවත් වී අදාළ තනතුරේ වැඩ බාර ගන්නවා. නමුත් පසුකාලයේ මා නැවත රංගනයට ඒවි. මොකද මගේ ජීවිතයේ වඩාත්ම ආසාවෙන් කරන දේ එය නිසා.

ඔබ හිතන විදියට මිනිසුන් අපරාධවලට පෙළැඹීමට බලපාන සමාජයීය හා මානසික හේතු මොනවාද?

77 විවෘත ආර්ථිකය එන්නට පෙර කාන්තාව වැඩි කාලයක් ගත කළේ නිවස තුළයි. විවෘත ආර්ථිකයෙන් පසු කාන්තාව සමාජගත වුණා. මගේ අම්මත් 1979 දී මැද පෙරදිග ගෘහ සේවයට ගිය පිරිස අතරින් කෙනෙක්. එම කාන්තා සමාජගත වීම අද වඩාත් ව්‍යාප්ත වී තිබෙනවා. අද වන විට කාන්තාවන් විශාල පිරිසක් පිරිමින් හා උරෙන් උර ගැටෙමින් කටයුතු කරනවා.

නමුත් කාලයත් සමග කාන්තාව වෙනස් වුණාට පිරිමින් වෙනස් වී නැහැ. පිරිමින් තවමත් ඉන්නේ සාම්ප්‍රදායික රාමුව තුළයි. "මව" "බිරිඳ" "සොහොයුරිය" යන කාන්තා චරිත තුනට විතරයි ඔහු ගරු කරන්නේ. සෙසු සියලුම කතුන් තමන්ට අවශ්‍ය විදිහට පරිභෝජනය කළ හැකි ලිංගික භාණ්ඩ හැටියටයි ඔවුන් විශ්වාසය කරන්නේ. සමාජගත කාන්තාව දිහා මේ ආකාරයට කාමුකත්වයෙන් යුතුව බලන්නට "ඔහු" හුරුවෙලා ඉන්නවා. කාන්තා හිංසනය, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, දූෂණයන්ට ප්‍රධානම හේතුව ඒක.

අපේ රටේ සමහර පිරිමි දේශපාලනඥයන් ඔබ වැනි කාන්තා දේශපාලනඥවරියන් දෙස බලන්නේත් මීට සමාන මානසිකත්වයෙන්ද?

කිසිසේතම නැහැ.

උදාහරණයක් හැටියට පාර්ලිමේන්තුවේ කාන්තා දේශපාලනඥවරියන් නැගිට කතා කරද්දී පිරිමි පාර්ශ්වය උසුළු විසුළු කරන අයුරු අප දැක තිබෙනවා. මේ උසුළු විසුළු බොහෝ විට ශෘංගාරාත්මක අරුත් සහිත විහිළු තහළු. කියලත් කියන්න පුළුවන්?

උසුළු විසුලුවලට මුහුණ දෙන්නේ කාන්තා දේශපාලනඥවරියන් පමණක් නොවෙයි. පිරිමි දේශපාලනඥයන්ටත් ඔය තත්ත්වයටම මුහුණ දෙන්න වෙනවා. නමුත් දේශපාලනඥවරියන් කාන්තාවන් වීම නිසා මෙබඳු තත්ත්වයන් ඇති වුණාම වඩාත් කැපිල පෙනෙනවා. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩුවීමත් මෙම තත්ත්වය මතුවී පෙනීමට හේතුවක්.


මේ අවස්ථාවේ තවත් යමක් කිව යුතුයි. ඇතැම් රූපවාහිනී නාලිකා මඩ දේශපාලනය අලෙවි කරන බව අද පැහැදිලි සත්‍යයක්. සමහර නාලිකාවල ප්‍රවෘත්ති කියන අතර විකාශය වන, දේශපාලනඥයන් එකිනෙකාට මඩ ගසාගන්නා අයුරු දක්වන දර්ශන, මේ මඩ දේශපාලනය අලෙවි කරන අයුරු පෙන්වන අවස්ථාවක්. මේවා නරඹලා තෘප්තියක් ලබන පිරිසකුත් ඉන්නවා. නමුත් මෙවැනි වැඩසටහන්වලට මම නම් විරුද්ධයි.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දුන්නොත් මට ඇමති කමක් ...ගිලින්නම්කො ඕන ඇමක් ...උපේක්‍ෂා කියයි Rating: 5 Reviewed By: Unknown