ජාතිය යනු කුමක් ද? ජාතිකවාදය යනු කුමක් ද? යන ප‍්‍රශ්න දෙක නූතන මනුෂ්‍ය සමාජය මුහුණ දී තිබෙන ප‍්‍රධාන සමාජ දේශපාලන ගැටලු දෙකකි. මුල් යුගයේ මේ ප‍්‍රශ්න දෙකට ශාස්තී‍්‍රය තලයේ පිළිතුරු සොයන්නට මහන්සි ගත්තේ ඉතිහාසඥයන් හා දාර්ශනිකයන් පමණි.
ජනමාධ්‍යවේදයට මෙන් ම ජාතිය හා ජාතිකවාදය පිළිබඳ ව සමාජ විද්‍යාඥයන් ගේ අවධානය යොමු වූයේ මෑත කාලයේ දී ය. ජාතිකවාදය යනු කුමක් දැ යි හරිහැටි අවබෝධ කර ගැනීමෙන් වර්තමාන ලෝකයේ උද්ගත වී තිබෙන බොහෝ ගැටුම්වල ද අර්බුදවල ද ස්වභාවය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට පිළිවන.
ජාතිකවාදයේ සමස්ත දැනුම ප‍්‍රධාන විෂය ක්ෂේත‍්‍ර තුනකට අදාළ ගැටලු කේන්ද්‍ර කරගෙන මතු වී තිබෙන බව පෙන්වා දිය හැකි ය. මේ ගැටලු ක්ෂේත‍්‍ර නම්, 1. සදාචාරවාදී හා දාර්ශනික ප‍්‍රශ්නයක් ලෙස, 2. මානව විද්‍යාත්මක හා දේශපාලනික ප‍්‍රශ්නයක් ලෙස, 3. ඓතිහාසික හා
සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක් ලෙස නම් කළ හැකි ය.
සදාචාරවාදී හා දාර්ශනික ප‍්‍රශ්නයක් ලෙස එය, ජාතිය යන්නට මනුෂ්‍යයා ගේ ජීවිතය තුළ හිමි තැන ප‍්‍රශ්න කරයි. ජාතිය යනු
මනුෂ්‍යයා ගේ සමූහගත වීමේ අවසාන ඒකකය ද? මනුෂ්‍ය ජීවිතයේ පරම නිෂ්ටාව (හෙගල් පැවසූ ආකාරයට) ජාතියකට ඒකරාශි වීම ද? එබඳු සදාචාරවාදී හා දාර්ශනික ප‍්‍රශ්නවලට දෙන ලද උත්තරවලින් ජාතිකවාදයේ මේ අංශය සමන්විත වෙයි.
ඓතිහාසික හා සමාජ විද්‍යාත්මක ගැටලුවක් ලෙස ජාතිකවාදය උත්තර සොයන්නේ ජාතියට මානව සමාජ ඉතිහාසයේ හිමි තැන ගවේෂණය කිරීමටයි. ඒ අනුව ජාතිය කියන්නේ අනාදිමත් කාලයක සිට විකාශනය වෙමින් ඉදිරියට යන්නාවූ ප‍්‍රපංචයක් ද,
බෙනඩික්ට් ඇන්ඩර්සන්
එසේ නැතිනම් එය මනුෂ්‍යයා ගේ නූතන ඉතිහාසයෙන් බිහිවූවක් ද එනම් මෑත කාලීන ව ගොඩනඟන ලද සාමාජික නිර්මිතයක් ද,, (social consctruction) යන ප‍්‍රශ්නවලට එමඟින් පිළිතුරු සොයනු ලැබේ. බෙනඩික් ඇන්ඩර්සන් ගේ ජාතිය හා ජාතිකවාදය පිළිබඳ ප‍්‍රවාදය ස්ථානගත වන්නේ මේ තුන් වනු ව කියූ ගැටලු ක්ෂේත‍්‍රය ඇසුරෙහි ය.
මෙරට කෙසේ වුව ද ලෝකයේ දියුණු ශාස්තී‍්‍රය සම්ප‍්‍රදාය ඇසුරේ ජාතිකවාදය න්‍යායකරණයකට ලක් වූ ආකාරය විමසා බැලීම ඇන්ඩර්සන් ගේ ප‍්‍රවාදය ගැන කරන විශ්ලේෂණයක දී වැදගත් වෙයි.
ජාතිකවාදය පිළිබඳ බටහිර සමාජවිද්‍යා සම්ප‍්‍රදායට පුරෝගාමී වූයේ 1882 දී තරම් ඈතකදී අර්නස්ට් රෙනාන් නම් විද්වතා ‘ජාතිය යනු කුමක්ද?’ ‘Qu’ est-ce qu’ une nation?’යනුවෙන් කළ ප‍්‍රසිද්ධ දේශනය යි. එයින් පසු ජාතිකවාදය පිළිබඳ න්‍යාය ගොඩනැඟුණු අවධීන් 4 ක්
පිළිබඳ උස්කිරිම්ලි නම් පර්යේෂකයා අදහස් දක්වයි.
ජාතිකවාදය පිළිබඳ අදහස් ප‍්‍රාදූර්භූත වූ 18 වන හා 19 වන සියවස
ජාතිකවාදය මුල් වරට ශාස්තී‍්‍රය ගවේෂණයකට ලක්වීම ඇරඹූ 1918 - 1945 අවධිය
සමාජ විද්‍යාඥයන්ගේ හා දේශපාලන විද්‍යාඥයන්ගේ දායකත්වයෙන් විෂය බහුවිධ ශික්‍ෂණයකට ලක්වූ 1945 - 1980 දක්වා අවධිය.
ජාතිකවාදය පිළිබඳ නව සම්භාව්‍ය යුගය වශයෙන් හැඳින්විය හැකි 1980 සිට වර්තමානය දක්වා කාලය. මෙසේ බිහි වූ න්‍යාය සාහිත්‍ය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ය. එනම් මූලභූතවාදය (primordialism) හා නූතනවාදය (Modernism) යි.
මැක්ස් වෙබර්
මූලභූතවාද කඳවුරට අයත් චින්තකයන් ගේ ප‍්‍රධාන තර්කය වන්නේ ජාතිය අනාදිමත් කාලයක සිට පැවත එන්නක් බව යි. ඊට ප‍්‍රතිපක්ෂ ව නූතනවාදීන් කියන්නේ ජාතිය යන්න ඉතිහාසයේ මෑත යුගයක එනම්, නූතනත්ව යුගය ලෙස හැඳින්වෙන ධනේෂ්වර යුගයේ බිහි වූ නිර්මිතයක් බව යි.
ඇන්ඩර්සන් ගේ ප‍්‍රවාදය අයත් වන්නේ මේ කී දෙවන ගණයට යි. ඇන්ඩර්සන් ගේ තර්කය නිසි පරිදි වටහා ගැනීමට නම් මේ කඳවුරු දෙකට ම අයත් එළැඹුම් පිළිබඳ කෙටියෙන් හෝ සලකා බැලීම වැදගත් වෙයි.
මූලභූත වාදය
මෙය ජාතික හා ජාතිකවාදය පිළිබඳ පැරැණිතම න්‍යාය කඳවුර යි. එයින් කියැවෙන්නේ ජාතිකත්වය යනු මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවික අංගයක් බවත්, එය අනාදිමත් කාලයක සිට පැවත එන බවත් ය. එසේ ම ජාතිකත්වය ස්වභාව ධර්මය නීතියට යටත් වන බව ද එමඟින් කියැවේ. මේ ධාරාවේ ප‍්‍රධාන ප‍්‍රභේද 3 ක් හඳුනාගත හැකි බව ඇන්තනි ස්මිත් පෙන්වා දෙයි.
පළමු වන වර්ගය වන ස්වභාවිකවාදීන් (Naturalist) පවසන්නේ මිනිසා ගේ ජාතිකත්වය උත්පත්තියෙන් ම තීරණය වන බව යි. පුද්ගලයකු පවුලකට අයත් වන ආකාරයට ම කිසියම් ජාතියකට ද උත්පත්තියෙන් ම හිමිකම් කියන බව යි, එයින් අදහස් කැරෙනුයේ.
ඔවුන් ජාතීන් හා ජන වර්ගය අතර වෙනසක් දකින්නේ නැත. මේ අදහස පිළිතුරුවලට වඩා ප‍්‍රශ්න සමූහයක් ඉදිරිපත් කරන බව බැලූ බැල්මට ම පෙනෙයි. උදාහරණයක් හැටියට උත්පත්තියෙන් සිංහල පවුලකට දාව ඉපැදුණු දරුවෙක් ඒ පවුලෙන් වෙන් කර ජර්මනියේ පවුලක් තුළ හැදුණොත් ඒ දරුවා වැඩීමේ දී ඔහු ගේ ජාතික අනන්‍යතාව බොහෝ දුරට ජර්මන් වීමේ ඉඩකඩ වැඩි ය.
දෙවන වර්ගය වන සමාජ ජීවවිද්‍යා (socio biological) එලැඹුමෙන් ප‍්‍රකාශ වන්නේ ජාතිය ජීව විද්‍යාත්මක කරුණක් බව යි. සතුන් රංචු ගැසෙන්නා සේ ම මිනිසාට ද රංචු ගැසීමට ජීව විද්‍යාත්මක හෙවත් ජානමය පෙලැඹුමක් පවතී.
මේ ජානමය පෙලැඹුම මූලික කරගෙන සමාන ලක්ෂණ පෙන්නුම් කරන මිනිසුන් තනි තනි ඒකකවලට සමූහගත වීම පදනම් කරගෙන ජාතිය බිහි වන බව සමාජ ජීවවිද්‍යා ගුරුකුලය තර්ක කරයි.
තුන් වන වර්ගය වන සංස්කෘතික මූලභූතවාදය (cultural primordialism) පවසන්නේ ජාතිය ස්වාභාවික හෝ ජීව විද්‍යාත්මක කරුණක් නොවුණත් ඥාතීත්වය, භාෂාව හා ආගම ආදී ඉපැරැණි සංස්කෘතික මූලයන් නිසා ඇති වන බව යි. එයට රාජ්‍ය ආර්ථික නිෂ්පාදන මාදිලිය ආදී සංකල්ප හා බැඳුණු දේශපාලන හා සිවිල් අර්ථයන් නැති බව යි.
මූලභූතවාදයේ මේ ප‍්‍රධාන එළැඹුම් තුන ම සංගත භාවයෙන් තොර ය යන විවේචනයට ලක් ව තිබේ. මේවායේ නිගමනවල ඇත්තේ විද්‍යාත්මක පදනමකට වඩා පොදු සංවේදිතා දැනුම් (common sense) පදනමක් බව යි විවේචකයන් ගේ මතය.
සමහර අය කියා සිටින්නේ මේ දුර්වලතා නිසා ජාතිකවාදය පිළිබඳ මූලභූතවාදී අදහස් සමාජ විද්‍යාවේ අහල ගම් හතකට වත් වැද්දාගත යුතු නැති බව යි. මෙසේ අවිද්‍යාත්මක යැයි චෝදනා කළ ද මෙවැනි මතවාදවල විශාල බලපෑමක් අදටත් තිබෙන බව විශේෂයෙන් අප රටේ සිංහල හා දෙමළ ජාතිකවාදය පිළිබඳ කතිකාව දෙස බලන විට පෙනෙයි.
සිංහල ජාතියේ සම්භවය පිළිබඳ මහාවංශ අදහස තරමක් ආසන්න වශයෙන් සංස්කෘතික මූලභූතවාදයට සමීප වෙයි.
ජාතිය හා ජාතිකවාදය පිළිබඳ අප ඉදිරියේ තිබෙන ඊළඟ මතවාදී කඳවුර වන්නේ ජාතිය නූතන යුගයේ නිර්මාණයක් ය යන නූතනවාදය යි. එහි න්‍යාය ධාරාවන් කිහිපයක් තිබේ.
1. පොදු නූතනවාදය
2. මාක්ස්වාදය
3. ජනවර්ග සංකේත වාදය
4. පශ්චාත් නූතනවාදය
5. ස්තී‍්‍රවාදය වශයෙනි.
මාක්ස්වාදී න්‍යාය
මාක්ස්වාදී ඉතිහාසඥයකු වන එරික් හොබ්ස්බෝම් පැහැදිලි කරන ආකාරයට 1870න් පසු යුරෝපා දේශපාලනයේ ප‍්‍රධාන වැඩබිමක් වූයේ ජාතිකවාදය යි. මාක්ස්වාදයත් මේ යුගයේ යුරෝපා දේශපාලනයේ බලවත් මතවාදයක් බවට පත්ව තිබිණි. දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය බිහි වූයේ මේ යුගයේ දී යි.
කෙසේ වුව ද කාල් මාක්ස් - ෆේරඩි්රක් එංගල්ස් සහ ඔවුන් ගේ අනුගාමිකයන් ගේ ප‍්‍රධාන විශ්ලේෂණයට පාත‍්‍ර වූ කාරණය ජාතිය යන්න නො වෙයි. ඔවුන් ගේ මූලික දාර්ශනික ගැටලුව වූයේ ධනවාදයේ දේශපාලන ආර්ථිකය (Political economy of capitalism) කුමක් ද යන්න පැහැදිලි කිරීම යි.
මේ හේතුව නිසා මාක්ස්වාදයට ජාතිය හා ජාතිකවාදය පිළිබඳ ඒත්තු ගැන්විය හැකි ගැඹුරු න්‍යායයක් ගොඩනඟන්නට නොහැකි විණි. එහෙත් අපේ බොහෝ මාක්ස්වාදීන් හිතන්නේ ජාතිය හා ජාතිකවාදය පිළිබඳ හොඳ ම පැහැදිලි කිරීම තිබෙන්නේ මාක්ස්වාදයෙහි බව යි.
බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට මාක්ස්වාදී විද්වතකු වන ටොම් නේයර්න් පවසන්නේ ජාතිය පිළිබඳ ගැඹුරු න්‍යායයක් සකසා ගැනීමට නොහැකි වීම මාක්ස්වාදය මුහුණ දුන් බරපතළ ම දාර්ශනික පරාජය (marxism’s greatest failure) බව යි.
මාක්ස් හා එංගල්ස් පෙන්වා දුන්නේ සමාජයේ ඇත්තේ තිරස් බෙදීම් නො ව සිරස් බෙදීම් බව යි. ජාතීන් අතර නො ව පන්තීන් අතර බව යි. මේ බෙදීම්වල දී ජාතිය අදාළ නොවන බවත්, එය මායාවක් බවත් ඔවුහු පැවසූහ.
මාක්ස් පැවැසුවේ කම්කරුවාට රටක්, ආණ්ඩුවක්, ජාතියක් හෝ දේශයක් නැති බව යි. එහෙත් ඒ අතර ම ඔවුහු වෙළෙඳපොළ ධනවාදය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජාතික රාජ්‍යයේ බිහිවීම අත්‍යවශ්‍ය සාධකයක් වූ බවට තර්ක කළහ.
පොදු භාෂාවක් කථා කරන ජනතාවක ගෙන් සමන්විත භූ දේශපාලන ඒකකය හෙවත් ජාතික රාජ්‍යයන් ධනවාදය ඇසුරේ නිර්මාණය වන බව ද ඔවුහු පිළිගත්හ. ඒ අතර ම ජාතිකවාදය ගැන ඔවුන් සඳහන් කෙළේ කම්කරුවා ධනේශ්වර පන්තියට එරෙහි ව කරන අරගලයෙන් ඔවුන් පීලි පන්නන “ව්‍යාජ විඥානයක්” (false consciousness) ලෙස යි.
මාක්ස්වාදය දර්ශනයක් සේ ම දේශපාලන ව්‍යාපාරයකි. දාර්ශනික තලයේ දී ජාතිය පිළිබඳ මෙසේ නිශේධනීය ආකල්ප දැරුවත් දේශපාලන තලයේ දී ජාතිය යන්න පිළිගනිමින් කම්කරුවාදී දේශපාලන න්‍යාය පත‍්‍රයට විටින් විට කඩා පනින “ජාතික ගැටලු” හමුවේ විවිධ ප‍්‍රායෝගික ස්ථාවරවලට පැමිණීමට මාක්ස්වාදයට සිදුවිණි.
උදාහරණයක් ලෙස එංගල්ස් හෙගල්ට අනුව යමින් ජාතීන් වර්ග කර පෙන්වූයේ “ඓතිහාසික ජාතීන්” හා “ඓතිහාසික නොවන ජාතීන්” හැටියට ය. ඓතිහාසික නොවන ජාතීන් ලෙස එංගල්ස් හැඳින්වූයේ නැඟෙනහිර යුරෝපීය ස්ලාව් ජන කොටස් ය.
ඒ සඳහා ඔහු තරමක් ගර්හාත්මක යෙදුමක් ද පාවිච්චි කෙළේ “ජන නටබුන්” (ruins of people) හැටියට ය. මේ වර්ග කිරීමට අනුව නියම ජාතීන් වූයේ ප‍්‍රංශ, ඉංගී‍්‍රසි ආදී බටහිර යුරෝපීය ජාතීන් පමණි.
නැඟෙනහිර යුරෝපීය ජාතීන් නිකන්ම නිකන් නටබුන් පමණි. එංගල්ස් අදහස් කළේ මේ නටබුන් ජාතීන්ට “නියම ජාතීන්” බවට පත්වීමට නම් තමන් ගේ නටබුන් ජාතිකත්වය අතහැර අර කියන නියම ජාතීන්ට ස්විකරණය (Assimilation) විය යුතු බව යි.
ලංකාවේ දෙමළ හා මුස්ලිම් ජන කොටස් සිංහල ජාතිය ඇසුරට ස්විකරණය විය යුතු ය යනුවෙන් අද අපේ සමහර ජාතිකවාදීන් ඉදිරිපත් කරන්නේ එදා මෙලෙස එංගල්ස් නමැති කොමියුනිස්ට්වාදියා ඉදිරිපත් කළ අදහස ම ය.
කෙසේ වුවත් ජාතීන් ගේ සිරගෙය ලෙස මාක්ස්වාදීන් විසින් ම නම් කැරුණු රුසියන් අධිරාජ්‍යයත්, ඔස්ටේර¤ හංගේරියන් අධිරාජ්‍යයත් බිඳවට්ටමින් යුරෝපයේ සිදුවූ ජාතිකවාදී නැඟිටීම් හමුවේ එකිනෙකට වෙනස් විවිධ දේශපාලනික හා දාර්ශනික ස්ථාවර ගැනීමට දෙවන සමාජවාදී ජාත්‍යන්තරයේ (second communists international) බුද්ධිමතුන්ට සිදුවිය.
මේ කාලයේ හිටපු ප‍්‍රකට මාක්ස්වාදී දාර්ශනිකයන් ද ජාතිය හා ජාතිකවාදය සම්බන්ධයෙන් දැරුවේ එක සමාන න්‍යායික ආස්ථානයන් නො වේ. උදාහරණයක් හැටියට ප‍්‍රබල ජාත්‍යන්තරවාදිනියක වූ රෝසා ලක්ස්සම්බර්ග් කිසි ම ජාතිකවාදයක කිසි ම හරයක් දුටුවේ නැත.
ඒ නිසා ඇය රුසියානු අධිරාජ්‍යවාදයට එරෙහි ව පෝලන්ත ජාතික අරගලය විසින් ඉස්මතු කරනු ලැබු ජාතීන් ගේ “ස්වයං තීරණ අයිතිය” (nation’s right to self determination) යන සටන් පාඨයට පෝලන්ත ජාතික කාන්තාවක ලෙස ඉදිමින්ම විරුද්ධ වූවා ය.
මීට ප‍්‍රතිපක්ෂ ව ඔස්ටි‍්‍රයානු මාක්ස්වාදියකු වූ “ඔටෝ බවර්” සංස්කෘතිකවාදී ප‍්‍රවේශයක් අනුගමනය කරමින් ජාතිය යන්න යථාර්ථයක් ලෙස පිළිගත්තේ ය.
ඒ අනුව ඔහු ජාතීන් ගේ ස්වයං තීරණ අයිතිය පිළිබඳ සිද්ධාන්තයට පක්ෂ වෙමින් ද ජාතීන් අතරත් නැවත මතුවිය හැකි විවිධ ජන කොටස්වල සංස්කෘතික අයිතීන්ට ද ස්වාධීනත්වය හිමි විය යුතු බව යෝජනා කෙළේ ය. ඔටෝ බවර් ඒ අනුව එක්තරා ආකාරයක ෆෙඩරල්වාදියකු හැටියට හැඳින්වීමට පිළිවන.
සාමාන්‍යයෙන් තිබෙන පිළිගැනීම වන්නේ මාක්ස්වාදයේ චින්තන සම්ප‍්‍රදාය ඇසුරේ ජාතිය හා ජාතිකවාදය පිළිබඳ ඉතා පැහැදිලි ස්ථාවරයක් වී.අයි. ලෙනින්ට තිබුණැයි යන කාරණය යි.
ලෙනින් ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් බල ව්‍යාපෘතීන් ඇසුරේ ඉතා ප‍්‍රයෝජ්‍යතාවාදී (totalitariam) ස්ථාවරයක් ගත් මාක්ස්වාදී නායකයා ලෙනින් යැයි මම සිතමි. මාක්ස්වාදය හා රුසියාවේ ජාතික ගැටලුව පිළිබඳ ඉතා විශිෂ්ට අධ්‍යයනයක් කළ වෝකර් ලූ කොනර් නම් චින්තකයා ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ලෙනින් විසින් ගන්නා ලද එකිනෙකට වෙනස් ස්ථාවරයන් තුනක් ගැන පෙන්වා දෙයි.
බලය ලබාගැනීමට පෙර ඔහු සියලු ම ජාතීන්ට ස්වයං තීරණයට ඇති අයිතිය පිළිබඳ පොරොන්දුවක් දෙයි.
බලය ලැබූ පසු ඔහු එය ප‍්‍රතික්ෂේප කිරීම.
සෝවියට් කොමියුනිස්ට් පක්ෂය කිසි ම ජාතිකවාදී මතයකින් දියාරු වන්නට ඉඩ නො දී දැඩි ලෙස හැසිරැවීම.
ජනවර්ග සංකේතවාදය (Ethno Symbols)
නූතනවාදය යටතේ කතා කළත්, නූතනවාදයට විරුද්ධ එහෙත් මූලභූතවාදයට ද සහමුලින් ම අයිති නැති ජාතිකවාදය පිළිබඳ වැදගත් එළැඹුමක් තිබේ. එනම් ජනවාර්ගික සංකේතවාදය යි. මේ මතය දරන්නන් උත්සාහ ගන්නේ නූතන ජාතීන් ගේ සම්භවය සිදුවන්නේ පූර්ව නූතන ජනවාර්ගික අනන්‍යතාවන් පදනම් කරගෙන ය යන්න තහවුරු කිරීමට යි.
නූතනවාදීන් තර්ක කරන්නේ ජාතිකවාදය විසින් ජාතිය බිහිකරනු ලැබීමක් මිස ජාතිය, ජාතිකවාදය බිහි කරන බව නො වේ. එහෙත් ජනවර්ග සංකේතවාදීන් පවසන්නේ ජාතිය මුලින් බිහිවී අනතුරු ව ජාතිකවාදය බිහිවූ බවයි. ජනවර්ග සංකේතවාදය ජාතිකවාදී සමාජ විද්‍යාවේ ඉතා වැදගත් ස්ථානයක් ගනී.
මේ මතය ඉදිරිපත් කළ අය අතර ජෝන් ආම්ස්ටේර¤න් ජෝන් හචින්සන් සහ ඇන්තනි ස්මිත් යන අය ප‍්‍රධාන තැනක් ගනිති. මේ අතරිනුත් ස්මිත් ඉදිරිපත් කළ අදහස් ප‍්‍රධාන තැනක් ගනී. ඒ අනුව ස්මිත් ජාතිය නිර්මාණය වීම පිළිබඳ සූත‍්‍රයක් ඉදිරිපත් කළේ ය. එය සැදෙනුයේ මෙසේ ය.
සමූහයක් අතර සංස්කෘතික වෙනස
ඒ සමූහය භූමියකට කේන්ද්‍ර වීම
සමූහය සාපේක්ෂ වශයෙන් විශාල වීම
සමාන සමූහයන් සමඟ බාහිර වශයෙන් ගැටුම්කාරී හා සාමකාමී සබඳතා පවත්වාගෙන යෑම
සැලැකිය යුතු සාමූහික විඥානයක් හා විශ්වාසයක් කණ්ඩායම් අතර ඇතිවීම
සමාන පුරවැසි භාවය හා සමූහයේ සාමාජිකත්වය පිළිබඳ පොදු අදහස
සිරස් ආර්ථික අනුකලනය
ඉහත කී සාධක ආශි‍්‍රතව ගෝත‍්‍රය, ජනවර්ගය හා ජාතිය පිළිවෙළින් හැදෙන හැටි ස්මිත් පෙන්වූයේ මෙසේ ය.
1 + 2 + පොදු ඥාතීත්ව ජාලය = ගෝත‍්‍රය
1 + 2 + 3 + 4 + 5 = ජන වර්ගය
ජනවර්ගය + 6 + 7 = ජාතිය
එසේ ම ජාතිකවාදී කතිකාවන්හි මතු විය හැකි ජාතිකවාදී කල්පිතයන් 8 ක් ගැන ස්මිත් සඳහන් කරයි. එනම්,
ප‍්‍රභවය පිළිබඳ කල්පිතය, භූමිය පිළිබඳ කල්පිතය, මුතුන් මිත්තන් පිළිබඳ කල්පිතය, සංක‍්‍රමණය පිළිබඳ කල්පිතය, විමුක්තිය පිළිබඳ කල්පිතය, ස්වර්ණමය අවධිය පිළිබඳ කල්පිතය, පරිහානිය පිළිබඳ කල්පිතය, පුනර්ජීවනය පිළිබඳ කල්පිතය යනාදි වශයෙනි.
සිංහල ජාතිය සම්බන්ධ ජනවර්ග සංකේතවාදී කතිකාව ඇසුරේ මේ කල්පිත අටට ම අදාළ මතවාදයන් නිර්මාණය වී තිබෙන බව මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සිය ජාත්‍යනුරාගය යි නම් පොතේ සඳහන් කරයි.
උස්කිරිම්ලි පෙන්වා දෙන ආකාරයට මේ න්‍යායික එළැඹුමට විවේචන රැසක් එල්ල වී තිබේ.
1. එය න්‍යායික වශයෙන් ව්‍යාකූල ය.
2. නූතන ජාතීන් හා පැරැණි ජනවර්ග අතර තිබෙන වෙනස එය අවතක්සේරු කරයි.
3. පූර්ව නූතන යුගයන්හි ජාතීන් හා ජාතිකවාදයන් ගැන කථා කිරීම ශක්‍ය වූ කරුණක් නො වේ.
4. එය නූතන ජාතීන් ගේ සහ පැරැණි ද්‍රව්‍යාත්මක සංස්කෘතිය අතර තිබෙන්නාවූ සම්බන්ධය අශාස්තී‍්‍රය ව හුවා දක්වයි.
5. ජනවර්ග විඥානයක් සෑදීම පිළිබඳ ඒ ඉදිරිපත් කරන අදහස නොමඟ යවන සුලු යි.
මේ විවේචන තිබුණත් අදටත් බෙනඩික්ට් ඇන්ඩර්සන්ලා නියෝජනය කරන නූතනවාදී අදහස් පද්ධතිය සමඟ තරග කරන්නේ මේ ජනවාර්ගික සංකේතවාදය යි. ලංකාවේ සිංහල ජාතිකවාදීන් වැඩි දෙනකු නියෝජනය කරන්නේ ඒ මතවාදී කඳවුර ම බව යි මගේ හැඟීම. මෙය වෙන ම පර්යේෂණයට ලක් කළ යුතු පැත්තකි.
පශ්චාත් නූතනවාදී මතය
පශ්චාත් නූතනවාදය යන්න මෑත කාලයේ සිට අපේ රටේ ජනපි‍්‍රය විලාසිතාවක් ව තිබෙන බැවින්, ජාතිය පිළිබඳ පශ්චාත් නූතනවාදී මතය විමසා බැලීම වැදගත් වෙයි. සමහරු බෙනඩික්ට් ඇන්ඩර්සන් ද පශ්චාත් නූතනවාදියකු හැටියටත් හඳුන්වති.
පශ්චාත් නූතනවාදය යනු කුමක් දැයි හරිහැටි අර්ථකථනය කිරීම තරමක් දුෂ්කර ය. රැජල් වෝකර් පෙන්වා දෙන ආකාරයට එහි ප‍්‍රධාන න්‍යාය ධාරාවන් 3 ක් තිබේ. ඓතිහාසික පශ්චාත් නූතනවාදය (historical postmodernism) පෙන්වා දෙන්නේ නූතන යුගය බිඳ වැටෙමින්, පසු නූතන යුගයන් බිහිවෙමින් තිබෙන යුගයක අපි ජීවත් වෙන බව යි.
ක‍්‍රමවේදීය පශ්චාත් නූතනවාදය (methodical postmodernism) මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ භාෂාව හා අනෙකුත් පඨිතයන් විසංයෝජනය කරමින් සමාජ නිර්මිතයක් වූ දැනුම පැහැදිලි කරගන්නා විශ්ලේෂණාත්මක ක‍්‍රමවේදයක් ගැන යි.
සාධනීය පශ්චාත් නූතනවාදය (positive postmodernism) විසංයෝජනයේ ක‍්‍රමවේද උපයෝගී කරගනිමින් නූතනත්ව යුගයේ සමාජ දේශපාලන බල රටාවන්ට එරෙහි ව විමුක්තිවාදී අදහසක් ඉදිරිපත් කරයි. ජාතිකවාදය පිළිබඳ පශ්චාත් නූතනවාදී මතයේ මේ න්‍යාය ධාරාවන් තුන ම දකින්නට
ලැබේ. මේ අදහස් බොහෝ දුරට හොමී බාභාගේ ලේඛනවල දැක්ක හැකි ය. ඒ අනුව ප‍්‍රධාන අංග ලක්‍ෂණ 3 ක් ජාතිකවාදය පිළිබඳ හඳුනාගැනීමට පුළුවන.
1. නූතනවාදී යුගයේ මිථ්‍යාකරණයට ලක්වූ අදහසක් වූ ජාතිය හා ජාතිකවාදය දැන් අභාවයට යමින් සිටී. ගෝලීයකරණ යුගයේ තවදුරටත් එයට පැවැත්මක් නැත.
2. ජාතිකවාදී ආඛ්‍යානයන් හඳුනාගත යුත්තේ ඒවා බිහිවූ භෞතික යථාර්ථයන් හා සම්බන්ධ කර ගනිමිනි.
3. ජාතිකවාදය හඳුනාගත යුත්තේ අසම්පූර්ණ හා අස්ථාවර කි‍්‍රයාවලියක් ලෙස සැලැකිය හැකි අනන්‍යතා නිර්මාණය කිරීම නමැති සන්දර්භය ඇසුරේ ය.
මේ මත හා අනුගතවෙමින් ලංකාවේ පශ්චාත් නූතනවාදී කණ්ඩායමක් ලෙස වැඩ කළ X කණ්ඩායම ප‍්‍රකාශ කළේ ජාතිය කියන්නේ තනිකර ම භාෂාත්මක නිර්මිතයක් බව යි.
කෙසේ නමුත් ජාතිකවාදය පිළිබඳ පශ්චාත් නූතනවාදය බොහෝවිට කර තිබෙන්නේ පැරැණි න්‍යායධරයන් ගේ කෘති විසංයෝජනයකට ලක්කිරීම මිස අලුත් න්‍යායයක් ඉදිරිපත් කිරීම නො වේ. ඒ අනුව එය ප‍්‍රතිචාරාත්මක සහ විවේචනාත්මක න්‍යායක් ලෙස හැඳින්විය හැකි ය.
ස්තී‍්‍රවාදී න්‍යාය
ස්තී‍්‍රවාදී දාර්ශනික විශ්ලේෂී ක‍්‍රමය වන්නේ සෑම සමාජ ගැටලුවක් ම ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය අනුව විග‍්‍රහ කිරීම යි. ඒ අනුව පසුගිය දශකවල දී ස්තී‍්‍රවාදය ජාතිකවාදය ඇසුරට අලුත් අදහස් කිහිපයක් රැගෙන තිබේ.
ස්තී‍්‍රවාදීන් මූලික වශයෙන් ප‍්‍රකාශ කරන්නේ ජාතිකවාදී කතිකාවෙහි පුරුෂාධිපති මතවාදී හා සමාජ දේශපාලන බලරටාවන් ස්ති‍්‍රය යටපත් කර තැබීමේ ප‍්‍රශ්නය අමතක කර ඇති බව යි. මේ ප‍්‍රශ්නය මතු කරමින් ද ජාති හා ජාතිකවාදී ව්‍යාපාරයන්හි ස්ති‍්‍රය ගේ කාර්ය භාරය ඉස්මතු කර පෙන්නූ විශාල සාහිත්‍යයක් ගොඩනැඟී තිබේ.
ස්තී‍්‍රවාදීන් පෙන්වා දෙන්නේ ජාතිකවාදය කාන්තාව යටපත් කරන බව යි. ජාතිකවාදය යනු පුරුෂෝත්තම මතයකි. (masculanized memory) පුරුෂෝත්තම ලජ්ජාවකි. (masculanized humiliation) සහ පුරුෂෝත්තම බලාපොරොත්තුවකි. (masculanized hopes) යනුවෙන් පවසන ඔවුහු, ජාතිකවාදය ප‍්‍රතික්ෂේප කරති.
නූතනවාදය යනු ජාතිය හා ජාතිකවාදය යන කතිකාවේ අධිපති මතවාදය යි. සම්භාව්‍ය සමාජවිද්‍යා න්‍යායයන් ඇසුරින් එය ජාතීන් ගේ හා ජාතිකවාදයේ ඓතිහාසික සම්භවය පිළිබඳ අදහසක් ඉදිරිපත් කරයි. ඒ අනුව ජාතිය බිහිවීම නූතනත්ව ව්‍යාපෘතියක් හැටියට ය ඔවුන් දකින්නේ.
එවිට ජාතීන් හා ජාතිකවාදයන් බිහිවූයේ පසුගිය ශතවර්ෂ දෙක ඇතුළතදී ය. ධනවාදය, කාර්මිකවාදය, බුරුෂුවා රාජ්‍යයේ පැන නැඟීම, නාගරිකකරණය, රාජ්‍යයෙහි අනගාමිකත්වය සහ බටහිර සිදුවූ ප‍්‍රංශ විප්ලවය ඇමරිකන් විප්ලවය ආදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලව යනාදිය සන්දර්භ කරගනිමින් ජාතිය හා ජාතිකවාදය බිහිවූ බව ඔවුන් ගේ මතය යි.
එසේ ම ඔවුන් පවසන්නේ ජාතිය හා ජාතිකවාදය නූතනත්ව ලෝකයට පමණක් අත්‍යාවශ්‍ය වූ සමාජ විද්‍යාත්මක අවශ්‍යතාවක් බව යි. ඔවුනට අනුව පූර්ව නූතන ලෝකයට ජාතියක් හෝ ජාතිකවාදයක් අවශ්‍ය වන්නේ නැත.
එසේ ම නූතනවාදය මූලභූතවාදයට එරෙහි ව මතුවූ ප‍්‍රතිචාරයකි. මේ න්‍යායයන් ඉදිරිපත් කළ අය මැක්ස් වෙබර්, එමිල් ඩුකර්හයිම් යන සම්භාව්‍ය සමාජ විද්‍යාඥයන් ගේ බලපෑම්වලට ලක් වූ අය යි. ඇන්තනි ස්මිත් පෙන්වා දෙන ආකාරයට නූතනවාදී න්‍යායයේ ජාතිය හා ජාතිකවාදය පිළිබඳ උපන්‍යාසයන් 8 ක් පහත සඳහන් ආකාරයට සංක්‍ෂිප්ත කරන්නට පිළිවන.
ජාතීන් යනු අත්‍යවශ්‍යයෙන් ම භූගෝලීය හා දේශපාලන ප‍්‍රජාවන් ය. ඒවා ස්වෛරී වන අතර, ඒවායේ සාමාජික පුරවැසියෝ සමානාත්මතාව නෛතික ව භªක්ති විඳිති.
ජාතියක පුරවැසියන් එහි සාමාජිකයන් අතර විශ්වාසය තබා ගන්නේ දේශපාලන දැනුමකිනි. ආගම, පවුල, පන්තිය, ස්තී‍්‍ර පුරුෂත්වය ආදී හැම දෙයක් ම ජාතික රාජ්‍යයේ නීතිරීතිවලට යටත් ය.
ජාත්‍යන්තර දේශපාලනයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවා ජාතීන් ය.
ජාතිය හැදෙන්නේ පුරවැසියන් ගෙනි. එයට නායකයන් ප‍්‍රභූන්, කි‍්‍රයාවලින් සහ ආයතන ඇත.
ජාතීන් සර්ව සම්පූර්ණයෙන් ම නූතන ය. එහෙයින් එයට දිය හැක්කේ ද නූතනවාදී අර්ථකථන පමණ ම ය.
ජාතීන්ට ඉතිහාසයේ ගැඹුරු මුල් නැත. ඒවා බිහිවූූයේ නූතනත්ව යුගයේ මතු වූ සමාජ විප්ලවයන්ගෙනි.
නූතනත්ව ව්‍යාපෘතිය අවසන් වූ පසු ජාතීන් නැති වී යනු ඇත.
ජාතීන් හා ජාතිකවාදයන් සමාජ නිර්මිතයන් ය. ඒවා නිර්මාණය වූයේ විප්ලවයන් උදෙසා සහ මහජනතාව කිසියම් මතයකට අනුව හැසිරවීම සඳහා ය.
ජාතිය පිළිබඳ නූතනවාදී මතය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූයේ අර්නස්ට් ගෙල්නර් ය. ඔහු වසර 30 ක් පුරා මේ මතය ගොඩනැඟීම වෙනුවෙන් අතිදැවැන්ත න්‍යාය සාහිත්‍යයක් සම්පාදනය කෙළේ ය.
ගෙල්නර් ගේ මුළු ශාස්තී‍්‍රය ජීවිතය ම කැප කෙළේ ජාතිය පිළිබඳ නූතනවාදී මතය සමාජ ෂද්‍යාව තුළ තහවුරු කිරීමට ය. ගෙල්නර් ගේ ප‍්‍රධාන ම තර්කය වූයේ ජාතිය කාර්මිකකරණ යුගයට අවශ්‍ය වන්නාවූ සමාජ සංවිධාන ඒකකයක් බව යි.
පූර්ව නූතන කෘෂිකාර්මික යුගයක දී ජාතිය බිහිවීමේ අවශ්‍යතාවක් වත් හැකියාවක් වත් නැති බව යි ගෙල්නර් අදහස් කෙළේ. බෙනඩික්ට් ඇන්ඩර්සන් කෙළේ ගෙල්නර් ගේ මේ අදහස තවදුරටත් සංවර්ධනය කිරීම යි. ඇන්ඩර්සන් ධනවාදී යුගයේ ජාතිය බිහිවූ ආකාරය පිළිබඳ ප‍්‍රවාදයක් ඉදිරිපත් කෙළේ ය.
ඇන්ඩර්සන් අග්නිදිග ආසියාව පිළිබඳ විශේෂඥ භාවයක් දැරූ සමාජ මානව විද්‍යාඥයෙකි. එසේ ම ඔහු සම්භාව්‍ය මාක්ස්වාදයේ හා පශ්චාත් නූතනවාදයේ බලපෑම් ලැබූවෙකි. ඉන්දුනීසියාව, සියම, පිලිපීනය, චීනය, කාම්බෝජය වැනි රටවල ප‍්‍රජාවන් බිහිවීම පිළිබඳ ව ඔහු දීර්ඝකාලීන ව පර්යේෂණ කෙළේ ය.
පර්යේෂණ ඇසුරෙන් ඔහු පරිකල්පිත සමාජ ප‍්‍රජා න්‍යාය ඉදිරිපත් කෙළේ ය. ඇන්ඩර්සන් මූලික වශයෙන් කියන්නේ ජාතිය යනු සිතින් මවාගත් සංසිද්ධියක් බව යි. ඓතිහාසික වශයෙන් බලනවිට ඒ සංකල්පය පැන නඟින්නේ අතීතයේ ජනතාවන් එකට බැඳ තැබුණු ආගමික දෘෂ්ටීන් හා රාජ පරම්පරාවන් ධනවාදී ක‍්‍රමයේ බලපෑම නිසා වියැකී යෑම ආරම්භවීමත් සමග බව යි.
18 වන හා 19 වන සියවස්වල ඇරැඹුණු බුද්ධි විෂයක සමාජ දේශපාලන හා සංස්කෘතික ව්‍යාපාරවල ප‍්‍රතිඵල නිසා ජාතික විඥානයන් මානව සමාජයේ පහළ වූ බව ඔහු පවසයි.
ජාතිය පරිකල්පනයක් බව ප‍්‍රකාශ කිරීමට ඇන්ඩර්සන් යොදාගන්නා එක් ප‍්‍රධාන තර්කයක් වන්නේ ඉතා කුඩා රාජ්‍යයක වුව වෙසෙන සමූහයක සාමාජිකයන් ඔවුන් එකෙකා පුද්ගලික ව දැන නොහැඳින ගැනීමේ සාධකය යි.
පෞද්ගලික ව එකෙකා දැනගන්නා ප‍්‍රමාණය අඩු, එහෙත් පොදු හැඟීමකින් කටයුතු කරන ජන සමාජයක් බිහි වන්නේ සාක්ෂරතාව, බුද්ධිමය සංස්කෘතිය ආදිය වගාදිගා වූ පරිසරයක පමණකැ යි ඔහු තර්ක කරයි.
මේ සාක්ෂරතාව හා බුද්ධි විෂයක සමාජය බිහිවන්නේ ජනසන්නිවේදන කි‍්‍රයාවලියක් ඇසුරේ පමණ ය. සන්නිවේදනය හා ජනසන්නිවේදන වශයෙන් මානව සන්නිවේදනයේ අංග දෙකක් තිබේ. මානවයා ශිෂ්ටාචාරය බිහිකරගත් දා සිට අන්තර්පුද්ගල, අන්තර්කණ්ඩායම් ආදී සන්නිවේදනයේ යෙදෙමින් සිටියේ ය.
ජනසන්නිවේදන කි‍්‍රයාවලිය බිහිවන්නේ ධනේෂ්වර යුගයේ ය. චීන ජාතිකයන් අවුරුදු දහස් ගණනකට පෙර කඩදාසි සොයාගෙන තිබුණත් කඩදාසි යොදාගෙන බහුජනයා අතරට යන පොත් හා පුවත්පත් මුද්‍රණය ඇරැඹෙන්නේ ධනේෂ්වර යුගයේ දී යි.
වෙඩි බෙහෙත් අවුරුදු දහස් ගණනකට කලින් සොයාගෙන තිබුණත් ඒවායෙන් මල් වෙඩි හැදුවා මිස ඒවා තුවක්කුවලට යොදා යුද ආයුධ ලෙස රට රටවල් යටත් කරගන්නට යොදාගත්තේ ධනවාදයේ වාණිජවාදී හා අධිරාජ්‍යවාදී යුගයන්හි දී යි.
ජනවාර්ගිකත්වය පිළිබඳ හැඟුම් පූර්ව නූතන යුගයන්හි කොතෙක් තිබුණත් ඒවා සංකීර්ණ ජාතික හැඟීම් ලෙස වර්ධනය වන්නේ මේ ධනේෂ්වර සංදර්භය ඇසුරේ පමණක් බවට ඇන්ඩර්සන් තර්ක කරයි.
ජාතික හැඟීම් සමාජීය සාමාජිකයන් අතර ව්‍යාප්ත කළ මුල්කාලීන වාහකය ලෙස ඇන්ඩර්සන් පෙන්වා දුන්නේ පුවත්පත හා මුද්‍රණ ග‍්‍රන්ථය යි. ජනසන්නිවේදන කි‍්‍රයාවලියකින් තොර ව ජාතියක් පරිකල්පනය කර නොගත හැකි බවටයි ඇන්ඩර්සන් අවසාන වශයෙන් තර්ක කෙළේ.
ඉහත කී ඇන්ඩර්සන් ගේ මතය ද අඩංගු, නූතනවාදීන් ගේ එක් ප‍්‍රධාන අදහසක් වන්නේ නූතනත්ව ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු, නූනතත්වයේ අවශ්‍යතාවක් වූ ජාතිය හා ජාතිකවාදය අහෝසි වන බවයි.
එනම් ජාතියක් ලෙස සමාජ පරිකල්පනයේ යෙදීම මිනිසා අතහරින බව යි. ගෝලීයකරණය යනුවෙන් අප අද හඳුනාගෙන සිටින වර්තමාන ලෝක පර්යාය හඳුන්වන එක විදිහක් නම් ලෝකය එක ම ගම්මානයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනා බව ය.
තොරතුරු තාක්‍ෂණයේ දියුණුව නිසා ලෝකය කුඩා වී ඇති බවත් හැකිළී ඇති බවත්, පැරැණි විභේදතා දියවී යමින් තිබෙන බවත් බොහෝ අය විශ්වාස කරති. මේ සඳහා ඉදිරිපත් කරන්නේ මාර්ෂල් මැක්ලුහන් 1962 පමණ ඉදිරිපත් කළ විශ්ව ගම්මානයේ තර්කය යි.
එහෙත් අපට පෙනෙන්නේ මේ ගෝලීයකරණ යුගයේ ජනමාධ්‍ය ප‍්‍රසාරණය වීමත් සමඟම අනන්‍යතා පරිකල්පනය කර ගැනීම නැති වෙනවා නො ව වැඩි වෙනවා ය යන්න යි. පුවත්පත් මාධ්‍ය කළාටත් වඩා වැඩි වේගයෙන් විද්‍යුත් මාධ්‍ය යුගයේ දී ජාතිය පිළිබඳ අදහස පරිකල්පනය කරගැනීම වේගවත් වෙයි.
ජාතිය ගැන පමණක් නොව ආගමිකත්වය පිළිබඳ හැඟීම් පවා දැන් ගෝලීය මාධ්‍ය යථාර්ථය තුළ අලුතෙන් පරිකල්පනය කර ගැනෙමින් තිබේ. අල්කයිඩා සංවිධානයේ බිහිවීම එක උදාහරණයකි. ලංකාවේ ගත්තත් සිංහල ජාතිය පිළිබඳ අලුතින් පරිකල්පනය කරගැනීම්වලට ඉවහල්වන ප‍්‍රබල මාධ්‍ය වැඩසටහන් අපට දකින්නට පුළුවන.
මහා සිංහලයේ වංශ කථාව, දොරමඬලාව වැනි වැඩසටහන්වලින් ජනවර්ග සංකේතවාදී න්‍යායන්ට අනුකූල ව සිංහල ජාතිකත්වය නැවත ජනතාව අතර පරිකල්පනය වෙමින් තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය මිලිටරිමය වශයෙන් සම්පූර්ණයෙන් ම පරාජයට පත්වූවත්, ගෝලීය මාධ්‍ය යථාර්ථයක් ඇසුරේ ශී‍්‍ර ලාංකික දෙමළ ජාතිය පිළිබඳ නවමු ආකාරයේ පරිකල්පනයක් ඇති විය හැකි බව මගේ විශ්වාසය යි.
ජාතිකවාදය ගෝලීයකරණයේ නිෂ්පාදනයක් වශයෙනුත්, ගෝලීයකරණයට එරෙහිව ප‍්‍රකාශනයක් වශයෙනුත් යන දෙයාකාරයකට ම විරුද්ධාභාසයක් (නචපචඤධය)ලෙස මතු වෙමින් තිබෙන බව ෆේරඩ් හැලිඩේ නම් විද්වතා පෙන්වා දෙයි.
මේ විරුද්ධභාසය ඉදිරියට ගෙන යන වාහකය වන්නේ නූතන ජනමාධ්‍යය යි . ඒ නිසා ඇන්ඩර්සන් ගේ පරිකල්පිත ප‍්‍රජා සමාජවාදය වලංගු වන්නේ පුවත්පත් සන්නිවේදනය ආරම්භ වූ ධනවාදයේ මුල් යුගයට පමණක් නො වේ. එය නව වටයකින් වර්තමාන යුගයට ද අදාළ වෙමින් තිබේ. ජාතිකවාදයේ සමාජ විද්‍යාවත් ජනමාධ්‍යවේදයේ සමාජ විද්‍යාවත් එකට එක් වී මෙන්න
මේ විරුද්ධභාසය පිළිබඳ ව බරපතළ පර්යේෂණයක් කළ යුතු ව ඇත. විශේෂයෙන් ම ජාතික අර්බුදවලින් හෙම්බත් ව සිටින අපේ රටට එය ඉතා වැදගත්. ඒ සඳහා අපේ රටේ ජනමාධ්‍ය විද්‍යා අධ්‍යයන පීඨ උනන්දුවකින් කටයුතු කරනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි. කරු පරණවිතාන |
0 comments:
Post a Comment