ත්‍රස්තවාදය පරාජය කිරීමට මෙතෙක් කිසිදු රටකට නොහැකි වූ නමුත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කළ එකම රට ශ්‍රී ලංකාව බවත් ඒ ගැන ඉන්දියාව ආඩම්බර වන බවත් භාරතීය ජනතා පක්ෂයේ නායකයකු හා හිටපු ඇමැතිවරයකු වූ ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව 2009 වසරේදී එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීම ඉන්දියාවේ ආරක්ෂාවටද ඉතා වැදගත් වන බවත් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ රජයට ශ්‍රී ලංකාව සමග ඉතාමත් කිට්ටු සබඳතා පැවැත්වීමට අවශ්‍ය වී ඇති බවත් ඒ මහතා පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
මෝදි රජය යටතේ ඉන්දියාව කලාපයට හා ලෝකයට බලපාන අයුරු යන මැයෙන් වූ මෙම සම්මන්ත්‍රණය විදේශ කටයුතු අධ්‍යයනය පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානය විසින් සංවිධානය කොට තිබිණි.
ඉන්දීය විද්වතුන් පස් දෙනකුගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණයේදී තවදුරටත් කතා කළ සුබ්‍රමනියම් සාමි මහතා නරේන්ද්‍ර මෝදි බලයට පත් වීම ඉන්දීය දේශපාලනයේ විශාල වෙනසකට හේතු වූ බවත් ඔහු අගමැති ධුරයට පත් වූයේ ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි ආදීන් මෙන් උරුමයෙන් හෝ ප්‍රභූ කුලවත් පවුලකින් හෝ නොවන බවත් කුලව තෙකු නොවන මෝදි ජනතාව සමග කලක් තිස්සේ වැඩ කිරීම නිසා ඔහුට එම තනතුර හිමි වූ බවත් කීය.
සාක් සාමාජික රටවල් සමග සමීපව කටයුතු කිරීම මෝදිගේ අරමුණ බවත් කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන මීළඟ සාක් රාජ්‍ය නායක සමුළුවේදී ඉන්දියාව සාක් රටවලට ආධාර කිරීම ගැන දැන ගත හැකි වනු ඇති බවත් කී ආචාර්ය සාමි මහතා සාක් සංවිධානය නව ජවයකින් ඉදිරියට ගෙන යැම මෝදිගේ අරමුණ බවද සඳහන් කළේය.
මෝදි අගමැති ධුරයේ දිවුරුම් දීමේ උත්සවයට සාක් රාජ්‍ය නායිකයන්ට ආරාධනා කළ බවත් එමෙන්ම ඔහු සිය ප්‍රථම විදේශ සංචාරය සිදු කළේද සාක් රටක් වන භූතානයට බවත් ඔහු කීය.
අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම ගැන තමිල්නාඩුවේ දැඩි මතධාරීන්ගෙන් විශාල විරෝධයක් එල්ල වූ නමුත් අගමැති මෝදි එම විරෝධය. ගණන් ගත්තේ නැහැ. මෝදි රජයේ ප්‍රතිපත්තිවලට තමිල්නාඩු සාධකය වැදගත් වන්නේ නැහැ. කවුරු හෝ එසේ සිතනවා නම් එය වැරදියි ඔහු පැවසීය.
දයා ලංකාපුර
0 comments:
Post a Comment