* ජිනීවා වෙත තොරතුරු යෑවූ රාජ්‍ය නොවන සංවිධාන 40 ක්
ජාතික සාම මණ්ඩලයේ ප්‍රධානි ජෙහාන් පෙරේරා ප්රමුඛ කණ්ඩායම කොටින්ට අත්වාරු ප්රදානය කළ අයුරු.
* ගැටුම් කළමනාකරණ වාර්තා සකස් කල මාධ්‍ය පාර්ශව වලට 96000 ක දීමනාවක්
* නෝර්වේ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයක් උතුරේ පොලිස් නිලධාරීන්ට පාඩම් උගන්වයි....
* නවි පිල්ලේගේ යුද අපරාධ විමර්ශන මණ්ඩලය හමුවට බොරු සාක්කිකරුවන්
* හිටපු එන්. ජී. ඕ ක්‍රියාකාරියකු වූ වේළුපිල්ලේ රේවතන් ජාත්‍යන්තර පොලිසියට ඕනෑ කරයි
ඉන්දීය රාජ්‍ය නොවන සංවිධාන හයක ප්‍රධානීහු රටට එරෙහිව ක්‍රියාකරනවා - පිටු 21 ක ඉන්දීය බුද්ධි අංශ වාර්තාව 2014 ජුනි 3
රටට එරෙහිව ක්‍රියාකරන එන්. ජී. ඕ. සංවිධානවලට ලැබෙන විදේශ අරමුදල් නතරකරන්නැයි ඉන්දීය රජය එරට මහා බැංකුවට නියෝග කරයි
- ඉන්දිය මාධ්‍ය
ජාතික සාම මණ්ඩලයේ ප්‍රධානි ජෙහාන් පෙරේරා ප්රමුඛ කණ්ඩායම කොටින්ට අත්වාරු ප්රදානය කළ අයුරු.
පසුගිය නව වසර මුළුල්ලේ මෙරට එන්. ජී. ඕ. සංවිධාන මෙහෙයවන්නන් ක්‍රියාකළ රාජ්‍ය විරෝධී ක්‍රියාදාමයන් ගැන ආරක්ෂක අමාත්‍යංශය මෙන්ම හමුදා ප්‍රධානීන්ද නිහඬව බලා සිටියේය.
2002 අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුම නිසා හිතුමතේ කටයුතු කිරීමට විදේශ අරමුදල් ලබන එන්.ජී.ඕ ප්‍රධානීහු ක්‍රියාකළත් වත්මන් රජය බලයට පැමිණ පසු එන්.ජී.ඕ. හෙවත් රාජ්‍ය නොවන සංවිධානවල අබිරහස් කටයුතු සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත්කෙරුණි. මේ කමිටුව මෙරට ක්‍රියාත්මකවූ ජර්මානු බර්ග්හොප් සංවිධානයේ නායක නෝබට් රූපර්ට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
මම කමිටුව හමුවට එන්නේ නැහැ. පසුගිය ශ්‍රී ලංකා ආණ්ඩුවයි අපියි අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා යෑයි රූපර් සඳහන් කළේය. අනතුරුව රජයට සිදුවූයේ රූපර්ව මෙරටින් පිටුවහල් කිරීමයි. මේ අන්දමට කොළඹ කින්සි පාරේ වාර්ගික අධ්‍යයන ආයතනය මෙහෙයවූයේ ප්‍රංශ පුරවැසි බව ලැබූ රාමා මානි නැමැත්තිය කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම නතර කිරීමට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් ගෙන්වීමට සැලසුම් කළාය.
මේනිසා රජය ඇගේ වීසා බලපත්‍රය අවලංගුකර මෙරටින් යෑවීමට ක්රියකළේය.
වන්නි මෙහෙයුම සමයේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක් තම සංවිධානයේ කටයුතු සඳහා යෑයි කියමින් විදේශිකයන් කීපදෙනකු මෙරටට ගෙන්වීමට ආගමන බලධාරීන් වෙත ලියකියවිලි යොමුවූවත් ප්‍රතික්ෂේප විය. මේ නිසා කෝපයට පත් එකී සංවිධාන ක්‍රියාකාරීහු ඒ බව කොටි සංවිධානයට දැනුම්දුන්හ. කොටි, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කරනු ලැබීය. මේ සිද්ධිය ආරක්ෂක අමාත්‍යංශයටද වාර්තා විය.
කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම අවසන් වීමට වසරකට පෙර එනම් 2008 පෙබරවාරි මස මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාර ක්‍රියාකාරිනියන් නවදෙනකුට ගැටුම්කළමනාකරණ සඳහාවූ දේශීය පහසුකම් සැලසීම නම්වූ විදෙස් සංවිධානයක් විසින් රුපියල් විසිකෝටියකට අධික මුදලක් ලබාදී තිබූ බව හෙළිවිය.
ඛදජ්ක සබසඑස්එසඩැs දෙර ජදබකෙසජඑ ඔර්බිදෙරප්එසදබි
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි යං ඒෂියා - නීලන් තිරුචෙල්වම් භාරය ජාතික සාම මණ්ඩලය, ජාතික යුද විරෝධී පෙරමුණ, කාන්තාව සහ මාධ්‍ය සාමුහිකත්වය, සමාජ විද්‍යාඥයන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමුහිකත්වය යන රාජ්‍ය නොවන සංවිධානවලට මෙම මුදල් ලබාදී තිබූ බව අනාවරණය වේ.
2008 වසරේ ඔක්තෝබර් මාසයේ කිලිනොච්චිය ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ආරක්ෂක බලධාරීහු විදෙස් රාජ්‍ය නොවන සංවිධානවලට කළ නියෝගය සෝආ (ZOA) සංවිධානයේ කිලිනොච්චි නිලධාරියාවූ ඉතාලි ජාතික ගිවෝඅන්නි පොර්ටා ප්රතික්ෂ්ප කර තිබුණි. මොහුට අවසර තිබුණේ මන්නාරම හා යාපනයේ සේවය කිරීමට වූවත් ඔහු කිලිනොච්චියට වී තමන් කොටි සමඟ එක්වී සටන් වදින බව පලකරනු ලැබීය.
ගුවන් හමුදාව විසින් කිලිනොච්චියට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙත්ම පොර්ටා විගස කොළඹට පැමිණීමෙන් පසු රජය ඔහුව පිටුවහල් කළේය. මේ අතර නෝවිජියානු පීපල්ස් ඒඩ් සංවිධානය තමන් සතු වාහන රැසක් කොටින්ට ලබාදී තිබූ බවද හෙලිවිය.
මේ හැර ජර්මානු බර්ග්හොප් සංවිධානය ශ්‍රී ලංකා හමුදාව නිරායුධ කිරීමේ ව්‍යාපෘතියක්ද දියත්කර තිබූ බව හෙළිවිය.
මෙලෙස දෙස් විදෙස් එන්. ජී. ඕ. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්කරමින් රාජ්‍ය විරෝධි ක්රියාදාමයන්හි යෙදෙන බව සනාථවීමෙන් ආරක්ෂක අමාත්‍යංශය නව නීතිරීති කෙටුම්පත් කිරීමට ක්‍රියා කළේය.
මේ නිසා මෙරට ප්‍රධාන සාම වෙළෙන්දාවූ ජාතික සාම මණ්ඩලය නිදහස් මාධ්‍ය ව්‍යාපාරික සංවිධානය ඇතුළු එන්. ජී. ඕ. කල්ලිය රජය රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කිරීමට ක්‍රියාකරන බවට ප්‍රචාරයක් දියත් කර ඇත.
එහෙත් නෝවිජියානු විදේශ අමාත්‍යංශයට සම්බන්ධ නෝරූඩ් සංවිධානය 2009-2011 අතර මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදුන් අරමුදල් ගැන හෙළිවීමෙන්a මාධ්‍ය සංවිධානවල වෙස් මුහුණු ගැලවුණි.
බෝඩ් ලෑල්ලට සීමාවූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික සංවිධානය ඇතුළු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නැමති එන්.ජී.ඕ. කොම්පැණියට අරමුදල් සපයා ඇත්තේ නෝර්වේ ස්විඩනය සහ ඩෙන්මාර්කයෙනි. උපාය මාර්ගික සැලසුමකට මෙකී අරමුදල් සැපයෙන බව ඉන් හෙළිවිය.
මේ විදේශ අරමුදල් ලබාගත් සංවිධානයි
* ඉන්ටර්නැෂනල් මීඩියා සපෝට් කණ්ඩායම ඩොලර් 1,50,000
* සටන් විරාම ගිවිසුමේ ලියවිලි සංරක්ෂණය සඳහා පාත් පයින්ඩර් සංවිධානයට - ඩොලර් 33000
* මාධ්‍යවේදින්ගේ ආරක්ෂක අරමුදලට - ඩොලර් 56000
* නිල නොවන මිත්‍රයන්ගේ කණ්ඩායමට - ඩොලර් 119000 (මේ මිත්‍රයන් කවුදැයි හෙලිකර නැත)
* රජරට ප්‍රජා කේන්ද්‍රය - ඩොලර් 868000
* සිංහල ද්‍රවිඩ ග්‍රාමීය කාන්තා ජාලයට - ඩොලර් 137000
නෝරාඩ් වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ අරමුදල් සැපයූ සමහර කරුණු නොදන්නා බවයි.
මෙලෙස නෝවිජියානු අරමුදල් සැපයීම දිගටම සිදුවී ඇත.
ස්කැන්ඩිනේවියානු රටවල් විසින් සැපයූ අරමුදල් ප්රදානය කිරීම බාරව සිට කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ තානාපති නිලධාරීනී ඩැග්නි එම්ජොස් පසුගිය සතියේ මෙරටින් පිටව ගියාය. මෙලෙස නෝර්වේ අරමුදල් මත යෑපෙන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නැමැති එන්. ජී. ඕ. කොම්පැනිය, පසුගියදා යාපනයට ගොස් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් උදෙසා වැඩමුළුවක්ද පවත්වනු ලැබීය.
මේ අතර නෝර්වේ රාජ්‍යයෙන් අතිවිශාල අරමුදලක් ලබන රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙයවන හිටපු ඇමැතිවරයකුගේ ක්‍රියාදාමයක් ගැනද අනාවරණය විය.
මේ හිටපු ඇමැතිවරයා ඇමරිකාවට දැඩිලෙස පක්ෂපාතිවූවෙකි. ඔහු ඇමරිකානු නිලධාරින් හමුවී නොබැදි ජාතීන්ගේ සංවිධානයට එරෙහිව කණ්ඩායමක් පිහිටුවිය යුතු යෑයි යෝජනා කර තිබේ.
නොබැදි ජාතින්ගේ සංවිධානය ඇමරිකානු විරෝධි බවද ඔහුගේ මතයවී තිබුණි.
නෝරාඩ් සංවිධානයේ ක්‍රෝන් මිලියන ගණනක් ලබාගෙන රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙයවන මේ හිටපු ඇමැතිවරයා නොබැඳි රටක් වශයෙන් මෙතෙක් ශ්‍රී ලංකාව ක්‍රියාත්මකවීම වැලැක්වීමට කළ යෝජනාව ගැන රටේ ජනතාවට වාර්තාවී නොතිබුණි.
එසේම මෙරට ස්ථානගතවූ රාජ්‍ය නොවන සංවිධාන ජාතික ආරක්ෂාවට එරෙහිව දියත්කල ව්‍යාපෘති රැසක් ගැනද බහුතර ජනතාවට හා දේශපාලකයන්ටද අනාවරණය වී නැත.
2004 වසරේ ද පැනොස් සවුත් ඒෂියා නැමැති රාජ්‍ය නොවන සංවිධානය මෙරට මාධ්‍ය පාර්ශව පිරිසක් බිලිබා ගත්තේය. ගැටුම් කළමනාකරණය පිළිබඳ වචන 5000 ක විමර්ශන වාර්තා සකස් කළ යුතු බවත් ඒ සඳහා මසකට රුපියල් 8000 බැගින් 96000 ක් ගෙවන බවත් එකී සංවිධානය ඔවුන්ට කියා සිටියේය.
මෙලෙස මුදල් ගෙවන්නේ ගැටුම් කළමනාකරණය හෙවත් ව්‍යාජ සාම වැඩපිළිවෙල උදෙසායි.
මෙයට සමගාමීව උතුරේ අධිආරක්ෂක කලාප ඉවත්කිරීම සඳහා දකුණු අප්‍රිකාණු නිලධාරියකු යාපනයට කැඳවූ ජර්මානු බර්ග්හොප් සංවිධානය හත්දෙනකු ලවා ගැටුම් නිරාකරණය යයි දක්වමින් බර්ග්හොප් අත්පොතේ සිංහල සහ ද්‍රවිඩ පරිවර්තන එළිදක්වනු ලැබීය.
එහි ඉලක්කය වූයේ කොටි සමඟ යුද්ධ කිරීම නොව ගැටුම් නිරාකරණය කිරීමේ ප්රවේශයකට එලඹිය යුතු යයි මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මනසට යොමු කිරීමයි.
මේ සියලු ෙද්‍රdaහි ක්‍රියාදාමයන් මෙරට බුද්ධි අංශවලට වාර්තා වී තිබුණි. කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යංශය විසින් බර්ග්හොප් ප්‍රධානි නෝබට් රූපර්ව පැන්නීමෙන් එකී ඉලක්කය ව්‍යර්ථ විය.
මේ පසුබිම මැද 2012 පෙබරවාරි මස දිනෙක ලන්ඩන් නුවර රාජකීය පොදු රාජ්‍ය මණ්ඩල සමිතිය අමතමින් කැනඩා විදේශ ඇමැති ජෝන් බෙයාඩ් දේශනයක් කර තිබුණි.
මේ දේශනයෙන් පසු නැඟී සිටි ඊලාම්වාදිනියක්වූ ශිරානි ජෝශප් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ කාන්තාවන්ට වධහිංසා සිදුවන බව වාර්තා වෙනවා. ඒ ගැන ඔබට තොරතුරු ලැබෙන්නේ කෙසේද යයි විමසුවා.
අපට කොළඹ රාජ්‍ය නොවන සංවිධාන හා මාධ්‍ය සංවිධාන තොරතුරු සපයනවා. අපේ ප්‍රධාන මූලාශ්‍රය කොළඹ කැනඩා තානාපති කාර්යාලය යයි බෙයාඩ් ප්‍රතිචාර දැක්වීය.
බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමින කැනඩා විදේශ ඇමතිගේ ප්‍රකාශයෙන් සනාථ විය.
එනම් ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවලට තොරතුරු සපයන්නේ එන්. ජී. ඕ. කල්ලිය බවයි. මෙය තවදුරටත් තහවුරුවූයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තා සැපයූ දෙස් විදෙස් එන්.ජී.ඕ. කල්ලිය හෙවත් ඩොලර් කාක්කන් කවුදැයි හෙළිවීමය.
කොටි හිතවාදී සංවිධාන වලට අමතරව කොළඹ - මහනුවර - පානදුර - ඒකල - නුවරඑළිය - ගම්පහ සහ යාපනය යන නගරවල ක්‍රියාත්මක වන එන්.ජී.ඕ 40 කින් ජිනීවා නුවරට තොරතුරු යවා තිබුණි.
මෙරට ජනතාවගේ අවධානය පිණිස මේ ඩොලර් කාක්කන්ගෙන් කොටසක් අපි අනාවරණය කරන්නෙමු.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය - ජන සංසදය (පානදුර) ජාතික සාම මණ්ඩලය ගම්පහ පුරවැසි කමිටුව - කාන්තාව හා මාධ්‍ය සාමුහිකත්වය - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙවත් ව්‍යාපාරික ජාලය, රයිට්ස් නව් - ග්‍රාමීය කාන්තා පෙරමුණ ගාල්ල - ජනාවබෝධ කේන්ද්‍රය ජාතික ධීවර සහයෝගීතාව - රජරට ගැමි පනත (අනුරාධපුරය) ඉන්පෝට්
රාජ්‍ය නොවන සංවිධානවලට අත නොතබනු යෑයි අද හඬ නගන්නේ මොවුන්ය.
මෙලෙස එන්.ජී.ඕ. සම්බන්ධව නව නීතිරීති ගෙන ඒමට ආරක්ෂක අමාත්‍යංශය ක්‍රියාකිරීම නිසා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා පේන් පසාකි එකි නීතිරීති ඉල්ලා අස්කර ගන්නැයි ශ්‍රී ලංකා රජයට කියා සිටියාය.
මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි නවිපිල්ලේගේ යුද අපරාධ විමර්ශන මණ්ඩලයේ කටයුතු පසුගිය 15 දා ජිනීවා නුවරදී ආරම්භ විය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් බොරු සාක්කිදීම සඳහා කොටි හිතවාදීහු දසදෙනෙක් ඉදිරිපත්වී ඇතැයි ආරංචි මාර්ග හෙළි කළේය.
මේ විමර්ශන මණ්ඩලය සිය කටයුතු ඇරඹීමට පෙර ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් කීපදෙනකුද ස්විට්සර්ලන්ත බලාගිය බව වාර්තා විය.
නවි පිල්ලේගේ මෙකී විමර්ශන මණ්ඩලය හමුවේ බොරු සාක්කි දීම සඳහා කොටි හිතවාදීන්ව යවන්නේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක් බවද මේ වනවිට හෙළිවී ඇත. මෙයට සමගාමීව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්රීධරන්ද ප්‍රකාශයක් කරමින් එකී විමර්ශන මණ්ඩලයට ශ්‍රී ලංකාවට ඒමට ඉඩදියයුතු බවත් නැත්නම් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය අහෝසිවන බවත් සඳහන් කරනු ලැබීය. මේ අතර ඔස්ටේ්රලියාවට පලාගිය ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයන්ගේ අබිරහස් මෙහෙයුම ඔස්ටේ්රලියානු බලධාරීන්ට හෙළිවිය. එකී සරණාගතයන් අතර ද්‍රවිඩ නැව් කප්පිත්තකුද ඔවුන් සතුව ජී. පී. එස්. හා චන්ද්‍රිකා දුරකථනද තිබූ බව අනාවරණය විය. මෙම සරණාගත බෝට්ටුවේ සිටි ද්‍රවිඩයන් එහි සිට ඔස්ටේ්රලියාවේ එස්. බී. එස්. ද්‍රවිඩ ගුවන් විදුලියද අමතා ඇත.
එසේම කොටි සමඟ දැඩි සම්බන්ධකම් පැවැත්වූ සිංහලයකු මෙහෙයවූ රාජ්‍ය නොවන සංවිධායක උප සභාපති ලෙස කටයුතු කළේ වේළුපිලුලේ රේවතන්ය. මොහු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් මෙරට පොලිසියට අවශ්‍යව ඇති තැනැත්තෙකි.
කීර්ති වර්ණකුලසූරිය
0 comments:
Post a Comment