ශ්‍රී ලාංකිකයන්ගේ ජනවහරේ එන ඉතාම ප්‍රකට පිරුළු දෙකක් තිබේ. එකක් නම් හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වාගේ ය යන්න ය. අනෙක නම් දීකිරට බළල්ලුත් සාක්කිය යන්න ය. හොරාගේ අම්මාගේ කතාවෙන් කියෑවෙන්නේ නිවැරැදි තොරතුරු දැන ගැනීම සඳහා වැරදිම තොරතුරු මූලයන් ඇසුරු කිරීම පිළිබඳව ය. දී කිරට බළලුන්ගේ කතාවෙන් කියෑවෙන්නේ තමන්ට වුවමනා දේ කියවා ගැනීම සඳහා තමන්ගේම මිනිසුන් යොදා ගැනීම පිළිබඳව ය.
මේ ලෝකයේ ඇත්ත සහ බොරුව යනුවෙන් දෙකක් තිබේ. සමහර මිනිසුන්ට නම් තුනක්ම තිබේ. ඒ අර්ධ සත්‍ය හෝ අර්ධ බොරුව වශයෙනි. එහෙත්, අවසාන විග්රහයේදී අර්ධ සත්‍ය හෝ අර්ධ බොරුව හෝ සේවය කරන්නේ ද බොරුවටම හෙයින් මේ මැද කෑලිවලින් ඇති වැඩක්ම නැත. ත්‍රස්තවාදය නම් ත්‍රස්තවාදය ය. ත්‍රස්ත විරෝධී නම් ත්‍රස්ත විරෝධීය වශයෙනි.
නයින් - ඉළෙවන් කෙළවිල්ල වන තුරුම ඇමරිකා එක්සත් ජනපදය මේ අතරමැද අහුමුළුවල සිටියේ ය. සමහර ත්‍රස්ත සංවිධාන සුරතල් ද කළේ ය. පිටසක්වල ජීවීන් කොයි මොහොතක තම රට ආක්‍රමණය කරයි දැයි විශ්වය දෙස අති නවීන තාක්ෂණික ඇසකින් බලාගෙන සිටින ඇමරිකාවට මුස්ලිම් ත්රස්තවාදීන්ගේ "ගුවන් ප්‍රහාර" හඳුනාගත හැකි වූයේ නැත. අවසානයේදී ජුනියර් බුෂ් මහතා තම මැඬගත් වෙව්ලන ස්වරයෙන් ප්‍රකාශ කළේ කොයි ත්‍රස්තවාදයත් ත්රස්තවාදයක් ම බව ය. එය ලෝකයෙන් අතුගා දැමිය යුතු බව ය. බුෂ්ගේ ඒ විශිෂ්ට කෝපය සහ අධිෂ්ඨානය ඔබාමා ට අමතක ද නැද්ද යන්න අපි නොදනිමු. එහෙත් දැන් ලෝකයේ ශිෂ්ට සම්පන්න මිනිසුන් කාගේත් පිළිගැනීම ත්‍රස්තවාදය යුදමය වශයෙන් ම විනාශ කළ යුතු බව ය. ඒ සමඟ අතරමැද සමාදාන හෝ වෙනත් පයුරු පාසාන නුසුදුසු බව ය.
ආසියානු කලාපයේ තිබෙන කුඩා එහෙත් ශක්තිමත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව මේ තත්ත්වය වටහා ගෙන තිබුණේ බුෂ් මහතාටත් කලින්ම වුවද එහි පැවැති දරුණු ත්‍රස්තවාදය මැඬලීමට එයට කාලයක්ම නොහැකි වූයේ මේ "මැද පෙළ ක්‍රීඩා කිරීම" මගින් නොයෙකුත් වාසි ද ආශ්වාදය ද ලැබූ බක පණ්ඩිත ගැහැනු පිරිමි දේශපාලනඥයන් නිසා ය.
එහෙත් අවසානයේදී ඒ තතු වෙනස් කරනු රිසි මිනිසකු බලයට පැමිණි අතර ඔහු විසින් "මා තවදුරටත් බිත්තියට හේත්තු කරන්න එපා" වශයෙන් අනතුරු ඇඟවීමක් ද කරනු ලැබුවේ ය. ඊට පෙර ඔහු විසින් ද සියලු සාම්ප්‍රදායික සාම වෑයම් සඳහා ද්වාර විවෘත කර තිබුණේ ය. එහෙත් මෙරටේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ද කළේ ලෝකයේ කොයි ත්‍රස්තවාදයත් සේම එය තුට්ටුවකට ගණන් නො ගැනීම ය. ප්‍රතිඵලය වූයේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට මුල් වරට තමන්ගේ නියම ප්‍රතිවාදියා මුණගැසීම ය. එහි ප්‍රතිඵලය වූයේ ත්රස්තවාදයක් මුල්වරට මුළුමනින් ම අතුගා දැමීම පමණක් නොවේ. ත්රස්තවාදයක් යනු මොනතරම් බොරු වලින් පුම්බාගනු ලැබූ කඩදාසි කොටියෙක් ද යන්න ද ලොවට ම හෙළි කිරීම ය.
එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමෙන් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම සැමරිය හැකි ජයග්‍රහණයක් වෙයි. එය සමස්ත ලෝකයටම පාඩමක්, අධ්‍යයනයක් විය හැකි ජයග්‍රහණයක් වෙයි. එහෙත් දැන් එය, අංශක 360 ක් ම වැරදි චිත්රයකින් ආපසු හරවන ලද්දක් වෙයි. එය, ශ්‍රී ලංකාව තුළ සිටින සකල විධ ජාතිෙද්‍රdaහීන් ද දෙමළ ඩයස්පෝරාව ද කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට කැස කවන අමන රෑන් ද අධිරාජ්‍යවාදීන් ද යන සියල්ලන්ගේම වෙහෙස මහන්සියක ප්රතිඵලයකි.
දැන් බඩු නැතත් නඩු ය. මේ අවනඩුව හැඳින්විය යුත්තේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වශයෙන් මිස වෙන කවර ආකාරයකින් ද? මේ නඩුවට වැරදි සාක්ෂි දීමට පැමිණෙන වුන් හැඳින්විය හැක්කේ දී කිරට සාක්කි දීමට පැමිණෙන බළලුන් වශයෙන් මිස අන් කවර ආකාරයකින්ද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ විමර්ශනය මේ අර්ථයෙන් හැර හැඳින්විය හැකි වෙනත් අර්ථයක් තිබේ ද?
තරමක් අරුම පුදුම එසේම හොඳටම ඒකපාක්ෂික බව පෙනෙන අදාළ විමර්ශන කමිටුවේ සාමාජිකා අස්මා ජිලානි ජෙහන්ගීර් දැන් ප්‍රකාශ කරන්නේ විමර්ශනයට ශ්‍රී ලංකා රජය සහාය නොදුනහොත් එහි තත්ත්වය තවත් නරක අතට හැරෙන බව ය.
මෙම විමර්ශන මණ්ඩලය මේ වන විට කොටි ත්‍රස්තවාදී නායකයන් දොළොස්දෙනෙක් මරුමුවට පත්වීම පිළිබඳ පරීක්ෂණ අරඹා ඇතැයි කියෑවේ. මේ සඳහා සාක්ෂිකරුවන් සිවුදෙනෙකු දැනටමත් ජිනීවා වෙත පැමිණ ඇතැයි ද කියෑවේ. ඔවුන් ඉදිරිපත් කොට ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි දරුස්මාන් වාර්තාව සකස් කිරීමට සහාය වූ යස්මින් සූකා වීම හොරාගේ අම්මාගේ පේනය කෙතරම් බිහිසුණු යථාර්ථයක් ද යන්න අපට පසක් කරවයි.
හොර නඩුවකින් යහපත් තීන්දුවක් අපේක්ෂා කරන මැට්ටන් හැර මොළේ කලඳක් හෝ ඇති සියල්ලන් ම අඩුම තරමේ මේ අවනඩුව හෙළා දැකීමටවත් එක්විය යුතු ය.

0 comments:
Post a Comment