බිහිකළ දරුවා සමග ගෙදර නොගොස් තිදරු මව අනියම් සැමියා හා පැන ගිහින්
තම දරුවා බිහිකර නිවසට පැමිණි සැණින් මවක් දරු දෙදෙනකුගේ පියකු සමඟ පැනයැමේ සිද්ධියක් ගලේවෙල නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.
වාර්තා වී ඇති අන්දමට සිද්ධිය මෙසේය. ඇය විවාහ වී ඇත්තේ සිව් වසරක ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙසය. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් අතරට තුන්වැන්නකු ද පැමිණියේය. ඒ සුරතල් කොලුපැටවෙකි. දරු ප්‍රසූතියෙන් පසු ඇය රෝහලෙන් ටිකට් කපාගෙන දරුවා සමඟ නිවසින් අතුරුදන්වීමේ ප්‍රවෘත්තිය සුගත්ට දැනගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. ඔහු පසුව කළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ බිරිඳගේ බාල සහෝදරයකුගේ යහළුවකු සමඟ රහසිගතව පවත්වාගෙන ගිය අනියම් ප්‍රේමයක ප්‍රතිඵලයක් ලෙස ඇය මෙසේ පැන ගිය බවය. සුගත් අසරණ විය. කුළුඳුල් දරුවාගේ මුහුණ පවා ඔහුට දැකගත නොහැකිවීමෙන් කම්පාවට පත් විය. වෙන කළහැකි දෙයක් නොවීය. අවසානයේදී ඔහු පොලිsසියේ පිහිට පැතීය. එහෙත් තවමත් ඔහුට බිරිඳ හෝ දරුවා දැකගත නොහැකි වී ඇත. ගලේවෙල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
0 comments:
Post a Comment