ගොවිතැන සදහා යොදා ගන්නා පලිබෝධනාශක සහ රසායනික පොහොර මගින් එක්වන ආසනික් වැඩි දියුණු කල වී වර්ග වලට උරා ගන්නා බවත් එමගින් සෞඛ්‍ය අවදානමක් ඇති වන බවත් ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් පෙන්වා දී වසර 4 ට පසු එම කරුණ සත්‍ය බව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පිලි ගන ඇත.
නාථ දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයකට අනුව යමින් පර්යේෂණ කල විද්‍යාඥයන් පිරිසක් මේ බව ලංකාවේදී ප්‍රකාශ කල පසු විවිධ කණ්ඩායම්වල කෙනහිලි කම්වලට ලක්වීමට ඔවුන්ට සිදු විය. ප්‍රීමා සමාගමෙන් මුදල් ලබා ගෙන රටේ සහල් නිෂ්පාදනය කඩා කප්පල් කරන්නේය යන චෝදනාව ඔවුන්ට එල්ල විය.
මෙම පර්යේෂණවලට සම්බන්ධ වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට 2011 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද කැඳවන ලදී.
කෙසේ වෙතත් දැන් ලෝක ආහාර සංවිධානය පවසන්නේ සහල්වලට ආසනික් උර ගන්නා බවත් එමගින් පිලිකා ඇතුළු විවිධ රෝග වැළදීමේ අවදානමක් ඇති බවත්ය.
ඒ අනුව සහල් කිලෝ ග්‍රෑම් 1 ක ආසනික් මිලි ග්‍රෑම් 0.2 එනම් මයික්‍රෝ ග්‍රෑම් 200 කට වඩා අඩු අගයක් පැවතිය යුතු බවට පළමු වතාවට අගයක් පනවා ඇත. එම අගය පසු ගිය සතියේ දී පැවති විශේෂ රැස්වීමකදී තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ සහල්වල ඇති ආසනික් පිළිබද මෑතකදී පර්යේෂණ පැවත් වූ රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මංගල ද සිල්වා මහතා පැවසුවේ තමන් මහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙලේ පර්යේෂකයකු සමග කල පර්යේෂණයකින් අනාවරණය වුයේ ශ්‍රී ලංකාවේ භාවිතා වන සහල් වර්ග ගණනාවක මේ අගයට වඩා ආසනික් ඇති බවයි. කෙසේ වෙතත් මෙම අගයද නුසුදුසු බව ඔහුගේ අදහසයි.
0 comments:
Post a Comment