අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල අපෙන් වියෝවී අදට හරියටම අවුරුදු 27 ක්. ඒ වුනත් විවාදයක් නැහැ අදටත් ලංකාවෙ ජනප්‍රියතම ගායන ශිල්පියා එතුමාම තමයි.
පහුගිය කාලෙ සුපර් ස්ටාර් ලා වුනු සියලුම (ලිට්ල්) ස්ටාර් ලා, ස්ටාර් තත්වයන්ට පත් කළේ ජෝති, කැලැරැන්ස්, මිල්ටන්, එම්. එස්. වැනි මෙරට බිහි වුනු අති විශිෂ්ඨ ගායන ශිල්පීන් ගේ කිසිදා නොමියෙන ගී පෙළහරයි.
මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ එච් ආර් ජෝතිපාල මාවතේ පිහිටි සිය මහල් නිවාසයට ඇතුල් වෙන පඩි පෙළෙහි සරමක් ඇඳ හිඳ පාර තොටේ යන එන හැමෝත්තෙක්කම හිනාවෙලා පොඩි සුහද පිළිසඳරක යෙදෙන මේ නිහතමානී සුපිරි තරුව කීප විටක්ම මට හමුවී තියෙනව. අද ඉන්න තරු එක්ක බලනකොට ජෝති අයියා ඉර බටු තරුවක්. සුපිරිම සුපිරි තරුවක්.
නමුත් මේ තරුව ඊටත් වඩා සුපිරි වන්නේ ඔහුගේ අති විශාල වූ සුපිරි හදවත සහ මනුස්සකම හින්දාමයි. වේදිකාවේ නිවේදකයා මීළඟට ගී ගයන්නට එච්. ආර්. ජෝතිපාලයන්ට ආරාධනා කරන හැම අවස්ථාවකම පහල සිටින රසිකයින් 'හදවත රත්තරන් ජෝතී' යැයි කෑ ගසන්නේ ඔහු තුල තිබූ ඒ අසීමිත මනුස්සකම හින්දාමයි.
ජෝතිගේ ගී වලින් ජෝති හම්බ කළාට වඩා දස දහස් ගුණයක් හරි හම්බ කරගෙන සිටින තබක්ක සුපර් ස්ටාර්ලා ළඟ ජෝති ළඟ තිබූ මනුස්සකමෙන් එක දශමයක් වත් පිහිටලා නැහැ. ඒ හින්දම ඔය පායන ස්ටාර්ලා සේරම මිනිස්සුන්ගෙ හදවත් වලිනුත් පායන ඉක්මනටම මැකිලාත් යනව.
ජෝති මිය ගිහින් අවුරුදු 27 ක් ගෙවිලත් අදටත් කී දෙනෙක් නම් ලොව පුරා ඔහු ගැන ලියනවද, කියවනවද, කතා කරනවද, ගුණ සමරු උත්සව සංවිධානය කරනවද, ගී ප්‍රසංග තියනවද..? මේ අසීමාන්තික ආදරය ඔහුගේ රසිකයන් තුල මේ තරමට ඇත්තේ ජෝති අසහාය ගායකයෙක් වගේම හිත හොඳ මනුස්සයෙකු වූ නිසමයි.
අවුරුදු 27 ක් මුළුල්ලේ නොවරදවා නොකඩවා ජෝති අනුස්මරණය කරමින් මාළිගාවත්තේ ජෝති පිළිරුවත්, බොරැල්ල කනත්තේ ජෝති ගී සෑයත් සෝදා පවිත්‍ර කරන බොරැල්ලේ පතිරාජ වීරසිංහ ජෝති රසිකයා පිළිබඳ අපූරු ලිපියක් මෙවර ලක්බිම -රිද්ම අතිරේකයට ප්‍රවීන මාධ්‍යවේදී, ගීත රචක ආනන්ද පද්මසිරි ලියා තිබුණා. අප හිතවත් ආනන්ද අයියාද ( ආනන්ද පද්මසිරි) ජෝති වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන ලියන කියන, හදවතින්ම ජෝතිට ආදරේ කරන අපූරු මිනිසෙක්. මෙවැනි මිනිසුන්, රසිකයින් දස දහස් ගණනක් මේ ලොව පුරා ජෝතිපාල නම් ඒ අපූරු මිනිසාට ආදරය කරමින් අදටත් ජීවත් වෙන බව නොරහසකි.
ගායන ශිල්පී අබේවර්ධන බාලසූරියගේ ආදාහනය දා බොරැල්ලේ කනත්තේ ජෝති ගී සෑය සොයා ගිය මා ගත් මේ ජායාරූප ද්විත්වයට අමතරව ජෝති පිළිරුව සෝදා පවිත්‍ර කරමින් තම ලෙංගතු කම ඒ ආදරණීය ගායකයාට පුද කරන පතිරාජ වීරසිංහ ගේ මා සතුව ඇති අපහැදිලි පින්තූරයත් පළකරන්නේ ඔහුටත් කරන උපහාරයක් ලෙසිනි.
අවසාන වශයෙන් ජෝතිගේ පළමු ගුණ සමරු උත්සවයේදී මරදාන ටවර් රඟහලේ දී රන් රුවක් මෙන් වේදිකාවට ගොඩ වුනු අසහාය නළු විජය කුමාරතුංග කළ දීර්ඝ කතාවෙන් කොටසක් සටහන් තබන්නට කැමත්තෙමි.
”එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් මහා පාඩුවක් වෙච්ච ලංකාවේ තවත් මිනිහෙක් ඉන්නවා නම් ඒ විජය කුමාරතුංගයි. අවුරුදු 20 ක් නළුවෙක් හැටියට ජීවත් වෙච්ච මට අවුරුදු 20 ක් මං වගේම, මට ගැළපෙන විදියට අවුරුදු 20 ක් තිස්සේ මට සින්දු කිව්වේ එච්.ආර්. ජෝතිපාලයි. ඒ හඬ මට ලබා දෙන්න වෙනකෙකුට තියා මටවත් පුළුවන්කමක් නැහැ.”
"ඒ වගේමයි මම අද ඔබට කියනවා ජීවත් වුනු ජෝතිපාලට වඩා මිය ගිය ජෝතිපාල වඩා බලවත් වන බව. එය සහතිකවම සිද්ධ වෙනවා..."
හරියටම ඉන් දින හතරකට පසු ආදරණීය විජයද රසිකයින්ගෙන් සදහටම නිහඬ කරවන්නට කොහෙන්දෝ ආ හිත් පිත් නැති සාහසිකයෙකුට පිළිවන් කම ලැබිණි.
එදා පටන් අද වන තුරු මියගිය ජෝතිපාලත්, මියගිය විජය කුමාරතුංගත් ජීවත්ව සිටියාට වඩා බලවත්ව, විරාජමානව අදටත් අපේ හදවත් තුල ජීවත් වෙයි.
මේ වගත් එසේම,
සුදේශ් කරුණාතිලක ~
2014 ජූලි 07 වෙනිදා

0 comments:
Post a Comment