පැනෝරා ඇඩ්වටයිසින් (ප්‍රයිවට්) ලිමිටඩ් නමින් අම්බලන්තොට ප්‍රදේශයේ වෙළෙඳ දැන්වීම් ආයතනයක් පවත්වාගෙන යමින් මහජන මුදල් කොල්ලකෑ ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා පොලිසියට කොටු විය. පොලිස් අත්අඩංගුවට පත් වූ මේ පුද්ගලයා 33 හැවිරිදි ජයසිංහ මහවච්ච්ගේ සෝමලාල් නමැත්තෙකි. තංගල්ල කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඉකුත් ජුනි 22 දින රාත්‍රී අත්අඩංගුවට ගත මොහු ඊට පසු දින (23 දා) හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි මස 04 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. පැනෝරා ආයතනය මගින් දියත් කළ මෙකී දැන්වීම් ජාවාරමට ද එම ප්‍රදේශයේ විශාල පිරිසක් ගොදුරු වී සිටින බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
කලින් කල කෙතරම් මහජන දැනුවත් කිරීම් කළත්, මහජනයා මෙවැනි ජාවාරම්වලට හසුවීමද දිගින් දිගටම සිදුවෙයි. මෙවැනි මූල්‍ය ජාවාරම්වලට වැට බඳින්නේ කෙසේද? නීතියෙන් පමණක් මේවා සහමුලින්ම නවතාලිය හැකිද? මෙකී කරුණු කාරණා ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.
"පැනෝරා" නමින් දියත් වූ වෙළෙඳ දැන්වීම් ජාවාරමේ ප්‍රධාන සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වුවත් සැඟව සිටි ඔහු පොලිසියෙන් අල්ලා ගත්තේ කොට්‌ටාව ප්‍රදේශයේදීය. කොට්‌ටාව, රුක්‌මල්ගම පාර, දෙවැනි සැතපුම් කණුව ප්‍රදේශයේ දී ජුනි 22 වැනිදා රාත්‍රී මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී ඉන්ටකූලර් වර්ගයේ ජීප් රථයක් හා ඩොල්µsන් වර්ගයේ වෑන් රථයක්‌ද පොලිසිය තම භාරයට ගෙන තිබේ. මෙම වෙළෙඳ දැන්වීම් ආයතනය මුවාවෙන් සැකකරු විවිධ මුදල් ආයෝජන පැකේජ හඳුන්වා දෙමින් ජනතාවගෙන් මුදල් වංචා කර තිබෙන අතර, එසේ වංචා කළ මහජන මුදල්වලින් මොහු යාන වාහන මිලදී ගනිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
කලක් මේ සැකකරු කිසිදු සැකයක් ඇති නොවන පරිදි මෙම ජාවාරම ජයටම කරගෙන ගොස් තිබේ. විශාල පිරිසක් මේ ජාවාරමට ගොදුරු වී ඇත්තේ මේ කාලයේදීය. අන්තර්ජාලයේ වෙබ් අඩවිවල ප්‍රචාරය වන දැන්වීම් නැරඹීම සඳහා මුදල් ගෙවා සම්බන්ධ වන අයට ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි බව පවසමින් මහජනතාව මුළා කරමින් මේ මුදල් ගසා කෑම සිදුකරගෙන ගොස් තිබේ. එම ජාවාරම මගින් හඳුන්වා දී තිබූ දැන්වීම් නැරඹීමේ (ඇඩ් ක්‌ලික්) පැකේජවලට සම්බන්ධ වූ අයට ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බව පවසමින් එම ව්‍යාපාරයේ ගිණුමට ඔවුන් ලවා මුදල් තැන්පත් කරවා ගෙන තිබේ. මුලදී නියමිත පරිදි මුදල් ගෙවූ නමුත් පසුව ප්‍රකාශිත ප්‍රතිලාභ නොලැබීම නිසා මෙකී ජාවාරමට හසුව සිටි පුද්ගලයන් නොසන්සුන් විය. ඒ අනුව ඔවුන් පැනෝරා ආයතනයට ගොස් තම මුදල් ලබාදෙන්නැයි ඉල්ලා සිටින්නටද විය. මහජනයාගෙන් ලැබුණු පැමිණිලි මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද මේ ආයතනය ගැන පරීක්‌ෂණ ආරම්භ කර තිබිණි. පසුව මෙම දැන්වීම් ජාවාරමෙන් අමාරුවේ වැටුණු අය ඒ පිළිබඳව පොලිසියට ද පැමිණිලි කර තිබිණි. මෙම වංචාව පිළිබඳ තොරතුරු රටට හෙළි වූයේ ඒ අයුරිනි. මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි මේ ජාවාරමට හසු වූ පුද්ගලයන් 226 දෙනකු අම්බලන්තොට පොලිසියට මේ ගැන පැමිණිලි ඉදිරිපත් කොට තිබිණි. පොලිසියේ පැමිණිලි කළ අයට අමතරව තවත් බොහෝ පිරිසක් මේ ජාවාරමේ ගොදුරු බවට පත් වූ බවට සැකයක් නැත.
අදාළ සැකකරු තම ගනුදෙනුකරුවන් මඟ හැරීම නිසා මෙකී ජාවාරමට ගොදුරු වූ පිරිස් තම මුදල් ඉල්ලා එම ප්‍රදේශයේදී උද්ඝෝෂණවලද නිරත වූ අතර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කළේය. මේ නිසා සැකකරු අම්බලන්තොට ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර කොට්‌ටාවේදී ඔහු ඉකුත් ජුනි 22 වැනිදා රාත්‍රී අල්ලා ගත්තේ මෙසේ සැඟවී සිටියදීය. දැන් ඔහු සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය. "පැනෝරා" යන වචනය බැලූ බැල්මට ග්‍රීක හෝ ලතින් වචනයක් බව හැඟුනද එය හොඳ සිංහල අර්ථයක් සහිත වචනයක් බවද කියති. මාධ්‍යවේදී හේමන්ත රන්දුණු විසින් මීට පෙර මෙම ජාවාරම ගැන "දිවයින ඉරිදා සංග්‍රහය"ට ලියන ලද ලිපියකට අනුව එහි තේරුම "නැගී එන සූර්යයා" යන්නයි. එම තේරුම ඔහුට කියාදී ඇත්තේ සිංහල වියතෙකු වූ අරිසෙන් අහුබුදු සූරීහුය. "නැගෙන හිරු" පෙන්වා හම්බන්තොට ප්‍රදේශයේ අසරණ දුප්පත් ජනතාවගෙන් මේ කොල්ල කා ඇත්තේ මුදල්ම නොවේත ඔවුන්ගේ දහඩිය කඳුළුය. එහෙත් දුක් මහන්සියෙන් මුදල් උපයා, ඒ මුදල් පහසුවෙන් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට යෙදවීමෙන් අද ඔවුහු අසරණ වී සිටිති. මෙවැනි සිදුවීම් සිදු වූ ප්‍රථම අවස්‌ථාව මෙය නොවේ. එසේම මෙය අවසාන අවස්‌ථාවද නොවනු ඇත්තේය. මෙවැනි රැවටිලිකාර මූල්‍ය ජාවාරම් සහ පිරමීඩ ජාවාරම් මීට පෙරද මෙරට ක්‍රියාත්මක වූ බව අපට මතකය. ඒවා සිදු වී වැඩි කාලයක්‌ද නැත. අනවසර මුදල් ව්‍යාපාර සිදුකර මහජන මුදල් ගත් සක්‌විති රණසිංහට, ලලිත් කොතලාවලට සහ දඬුවම් මුදලාලිට අත් වූ ඉරණම ද අපි දනිමු. එහෙත් ජනතාව මේවායින් පාඩම් ඉගෙන නොගන්නේ මන්ද යන බරපතළ ප්‍රශ්නය නම් අපට නිරන්තරයෙන්ම මතු වන්නකි.
එසේ නම් මහජනතාව ලෙස මෙවැනි සිදුවීම්වලින් අපද පාඩම් උගත යුතු නොවන්නේද? පැනෝරා මූල්‍ය ජාවාරම ක්‍රියාත්මක වූ ආකාරය හෝ වෙනත් මූල්‍ය ජාවාරම් ක්‍රියාත්මක වූ ආකාරයන් වෙන වෙනම අධ්‍යයනය කරනවාට වඩා වැදගත් වන්නේ පොදුවේ මෙවැනි ජාවාරම්වලට හසු නොවී සිටීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමයි. අප සෑම කෙනෙක් තුළම පවතින සූදුවට යැමේ ආශාව නිසාත්, කෙටි කලකින් වෙහෙස මහන්සියකින් තොරව ධනය උපයා ගැනීමට ඇති කැමැත්ත නිසාත් නිරන්තරයෙන් බොහෝ දෙනෙක් මේ ජාවාරම්වල ගොදුරු බවට පත් වෙමින් සිටිති. පිරමීඩ ජාවාරම්වල හෝ මෙවැනි මූල්‍ය ජාවාරම්වල ගොදුරු වී සිටින අයට ප්‍රතිලාභ ලැබෙන්නේ තවත් පිරිස් ඊට ගොදුරු කර දීම මගිනි. ඒ සඳහා ඔවුන් කරන්නේ කෙටි කලකින් මහා ධන උල්පතක් පාදාගත හැකි සුන්දර සිහින ලෝකයක් මවා පෙන්වීමයි. මේ ජාවාරම්කරුවන්ගේ සුන්දර සිහින ලෝකවල අතරමංව, රැවටීමට ලක්‌ව සිටින අයගේ එම සිහින මන්දිරය කඩා වැටීමට වැඩි කලක් ගත වන්නේ නැත.
ඔය කියන ඉහළ ප්‍රතිලාභ කෙටි කාලයක් ඔබට ලැබෙන්නට පුළුවන. එහෙත් පසුව තමා යෙදූ මුදලවත් ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වන්නටද පුළුවන. එවිට සියල්ල සිදු වී හමාරය. අද දිනයේ පැනෝරා ආයතනයේ දැන්වීම් ජාවාරමට ගොදුරු වූ අයට අත්වී ඇත්තේද ඒ ඉරණමමය. ඇඩ් ක්‌ලික් කර ලෙහෙසියෙන් මුදල් සෙවීමට ගොස් අවසානයේ සිදුවූයේ ඊට යෙදවූ තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කළ මුදල් ද අහිමි වීමයි. තමාගේ මෝඩකමටත්, ධන තණ්‌හාවටත් කාටවත් දොස් කියා ඵලක් තිබේද? ඒ නිසා මේ සම්බන්ධයෙන් අපට ද වගකීමක් තිබේ. කියන්නා කෙසේ කීවත් අසන්නා වශයෙන් ඔබ හොඳ සිහිබුද්ධියෙන් එය ඇසිය යුතුය. ඒ ඔබේම ආරක්‍ෂාවටය. ඔබට ලැබෙන වැඩි වාසිය ගැනම සිතන්නේ නැතිව යම් ආයතනයක හෝ පුද්ගලයකු ළඟ මුදල් ආයෝජනය කිරීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. අප දන්නා පරිදි නම් ධනය ඉපයීමට ලෙහෙසි ක්‍රම නැත. ඒ සඳහා වෙහෙස මහන්සි විය යුතුවේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේද දහඩිය වගුරුවා, බාහු බලයෙන් එනම් කායික හෝ මානසික වෙහෙස මහන්සියෙන් ධනය උපයා ගත යුතු බවයි. ඒ නිසා ලේසියෙන් පහසුවෙන් ධනය උපයා ගත හැකි ක්‍රමයක් ගැන යමෙක් ඔබට හඳුන්වා දෙන්නේ නම් ඒ ගැන ඔබ සැක කළ යුතුමය. ඔහු ඒ උත්සාහ කරන්නේ තවත් මූල්‍ය ජාවාරමක ගොදුරක් බවට ඔබව පත්කර ගැනීමට විය හැකිය.
ලාබ බඩුවේ හිලක් තිබෙන බව අප අසා ඇති පැරැණි කියමනකි. මුදල් ආයෝජන සම්බන්ධයෙන්ද මෙය එක ලෙසම අදාළය. එනම් යම් ආයෝජනයක ප්‍රතිලාභ වැඩි නම් එහි අවදානමත් වැඩි බව අප තේරුම් ගත යුතුව තිබේ. ඒ නිසා කොතනක හෝ මුදල් යොදවා ඉහළ ආර්ථික ප්‍රතිලාභයක් අපේක්‍ෂා කරනවා නම් ඔබ ඒ සඳහා ඉහළ අවදානමක් දැරීමටද සූදානම් විය යුතුමය. ඉහළ ප්‍රතිලාභ ලබා ඒවා රිසි සේ භුක්‌ති විඳීමට ඔබ සූදානම් වන්නේ නම් එහි තේරුම එම ඉහළ අවදානම දැරීමටද ඔබ සූදානම් බවයි. එය ඔබේ කැමැත්ත නම්, කැමැත්තෙන් ගොස් අමාරුවේ වැටීමට නම් කාගෙන්වත් බාධාවක් නැත. එහෙත් මුදල් තැන්පත් බාර ගැනීමට බලය නැති ආයතනයක හෝ පුද්ගලයකු ළඟ මුදල් යොදවා එමගින් ලබාදුන් ඉහළ ප්‍රතිලාභ රිසිසේ භුක්‌ති විඳ පසුව අමාරුවේ වැටුණු විට ඒ බොහෝ දෙනෙක් හදන්නේ එහි වගකීම මහ බැංකුවට හෝ රජයට පවරන්නටය. තමන්ට අහිමි වූ මුදල් මහ බැංකුව හෝ රජය විසින් ලබාදිය යුතු යෑයිද ඇතැම් අය සිතන බව පෙනේ. එහෙත් එවැන්නක් නැත. නීතිමය ක්‍රියාවලිය හරහා එම මුදල් ලබාගත යුතු වන්නේ එම මුදල් ජාවාරම්කරුවන් ගෙන්මය. එහෙත් එම ආයතන හෝ පුද්ගලයන් එම මුදල් අනිසි ලෙස පරිහරණය කර බංකොළොත් වී ඇත්නම්, නඩු කීවත් ඔබට අහිමි වූ මුදල් මුළුමනින්ම නැවත නොලැබෙන්නට පුළුවන. ඔබ පිළිගැනීමට අකමැති විය හැකි නමුත් ඇත්ත එයයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

0 comments:
Post a Comment