මේ වියපත් මාතාව නමින් අතුරුගිරිය ආරච්චිලාගේ පොඩි මැණිකේය. ඇය යක්‌කල පිළිකුත්තුව පුරාණ රජමහා විහාර රක්‍ෂිත භූමියේ උස් කඳුමුදුනේ හුදෙකලා දිවි පෙවතක් ගෙවමින් පසුවන්නීය.
ඇය වෙසෙන ස්‌ථානය කරා යා යුත්තේ කිලෝ මීටර් 2 ක් තරම් දුර ගෙවා පාගමනිනි. විහාරස්‌ථාන භූමිය ආරම්භයෙන් වැටී ඇති එම අඩිපාර දුෂ්කර වෙහෙස කරවූ එකකි.
ඇය මෙසේ වනමැද තනිව ගතකරනුයේ මන්දැයි දැනගනු පිණිස අපි ගියෙමු. ඇයගෙන් ලද තොරතුරු බිඳකි.
ඇය මේ කඳුමුනට පැමිණ දැනට අවුරුදු 70 ක් පමණය. ඒ ඇයගේ සැමියා වූ කස්‌තුරිආරච්චිලාගේ සීමන් සිංෙCඳාa සමගය. ඔහු මිය ගොස් වසර 07 කි. ඇගේ උපන් දිනය හැඳුනුම්පතේ සටහන් වන්නේ 1932.10.31 ලෙසිනි. සැමියා ගේ උපන් දිනය ගැන ඇයට මතක නැත.
ඔවුන්ගේ නිවහන වූයේ විවාහ දිවියට එක්‌වූ පසු දෙදෙනා එක්‌ව කටුමැටි ගැසු බිත්තිවලට ලීදඬු එක්‌කොට වහළයට මානා සෙවිලිකර සාදාගත් කුඩා පැල්පතකි. එම පැල්පත සැමියා මියගිය පසු දිරාපත්ව කඩාවැටිණි. ඉන් පසු කලකදී නුවර ප්‍රදේශයේ කපු මහතකු විසින් එය සාදා දෙනු ලැබීය. දැනට ජීවත්වන එම නිවසද දිරාපත් වෙමින් පවතී.
රබර් කිරි කැපීමෙන් ලැබූ කුලියකින් ඔවුහු එදිනෙදා වේල පිරිමසා ගත්හ. පිරිමි දරුවන් සිවුදෙනකු හා එක් ගැහුනු දරුවකු සිටි අතර දැනට ජීවත්ව සිටින්නේ එක් පුතකු හා දියණිය පමණි. දරුමුනුපුරු මිනිපිරියන් ගොඩකි. ඔවුනද දුප්පත් බවේ කෙළවරක සිටින්නෝය.
මේ වන විට මේ මව කායිකව අබල දුබලය. ශරීරය වැහැරී ගොසිනි. පෙර පරිදි කඳුමුදුනේ සිට පහළට යැම් ඊම් කළ නොහැකිය. එදා මෙන් තනිව එදිනෙදා කටයුතුවලටත් උයා පිහා ගැනීමටත් අතපය වාරු නැත. දවල් හෝ රෑ කෑම වේල ඇයට ලැබෙන්නේ මිනිපිරියක් හෝ දුව හෝ පුතා ඒ දුෂ්කරවූ ගමන් මගගෙවා පැමිණීමෙනි.
''මම දුව ළඟට, පුතා ළඟට ගිහින් මුනුපුරු මිනිපිරියන් එක්‌ක ඉන්න කැමති නෑ. ඒක උන්ට කරදයක්. මේ කැලේ ගෙවන ජීවිතයට මම කැමතියි. මේ පැල්පත අතාරින්න මම කැමති නෑ. ඒත් මගේ දෑත් දැන් වලංගු නෑ. ඒ හින්දා මියැදෙන තෙක් තනිව ඉන්න මේ ළඟපාතක මහපාරක් ළඟක පැලකට හරි යන්න ලැබෙනවා නම් මම එතැනට යන්න කැමතියි'' යනුවෙන්ද පැවසුවාය. අතුරුගිරිය ආරච්චිලාගේ පොඩිමැණිකේ, අංක 372 විහාරකන්ද, යොන්ගම්මුල්ල යක්‌කල ඇයගේ ලිපිනයයි.
ලාල් ප්‍රේමතුංග - මිරිස්‌වත්ත
0 comments:
Post a Comment