728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 8 July 2014

‘වෙන්ඩ’ ජෝතිලා අද වැහි වැහැලා

-සෝමපාල ලීලානන්ද

 

කුල්ලෙන් හලන විට බොල් පොතු ඉවත් වෙලා හොඳ දේ ඉතිරි වෙනවා. නෑඹිලියෙන් ගරන කොට නරක දේ ඉතුරු වෙලා හොඳ දේ ඉවත් වෙනවා. සිනමාවට වුණෙත් ඒකයි. සිනමාවට සින්දු එපා කිව්වා. ජෝතිපාලලා, ඇන්ජලින්ලා, ලතාලා එපා කිව්වා. අද සිනමා ශාලා පාළුවෙලා. ජෝතිපාල සින්දු කියන, ගාමිණී ෆොන්සේකලා, විජය කුමාරතුංගලා, තිස්ස විජේසුරේන්ද්‍රලා රඟපාන පැරැණි චිත්‍රපටයක් සිනමා ශාලාවක දාන්න. මොන තරම් රසික පිරිසක් එතැනට එකතු වෙනවාද?

එදා ඔහුට තිබුණු ජනප්‍රියත්වය අදටත් එහෙමමයි. අදින් අවුරුදු විසිපහකට තිහකට කලින් සිටි රසික පිරිසක් අදටත් ඒ විදිහටම ජෝතිට ඉන්නවා. අද වෙන්ඩ ගාමිණීලා, වෙන්ඩ ජෝතිපාලලා වැහි වැහැලා. ඒ නිසාම වෙන්ඩ යන විජේලාට, වෙන්ඩ යන ජෝතිපාලලාට මම කියන්නේ ජෝතිපාල වගේ මැරිලත් අවුරුදු විසි තිස් ගණනක් යනකං වෙන්න බැරි ගායකයෙක් වෙන්න කියලයි.

 

 

ජෝතිමත් ජෝති ගේ වගතුග

සම්පූර්ණ නම - හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල

භාවිත කළ නම - එච්. ආර්. ජෝතිපාල
උපන් දිනය - 1936 පෙබරවාරි 12
ගම - දෙමටගොඩ කැටවලමුල්ල
පියා - මාතර, එච්. ආර්. ජේමිස්
මව - ඇහැලියගොඩ, එච්. කේ. පොඩි නෝනා පෙරේරා
සහෝදර සහෝදරියන් - ජයතිස්ස, සුවිනීතා, ලැටීෂියා, අයිරාංගනී, ට්‍රික්සි
බිරිඳ - බ්ලොසම් වින්ටර්
දරුවන් - වරුණි, සුජීවා, එස්තර්, ක්‍රිෂ්ණි
ඉගෙන ගත් පාසල - මරදානේ ශාන්ත ලෝරන්ස් සහ දෙමටගොඩ, ශාන්ත ජෝන් විදුහල
පියාගේ රැකියාව - ඇඳුම් මැසීම
මවගේ රැකියාව - රෝහල් සේවිකා
ආගම - බුද්ධාගම
ලග්නය - කන්‍යා
මුල්ම රැකියාව - කොළඹ, සුලෙයිමාන් රෝහලේ බෙහෙත් බෝතල් පිරිසිදු කිරීමේ සේවක
මුල්ම වැටුප - රුපියල් විසිපහයි (මාසිකව)
පසුව නියුතු වූ රැකියා - අලෙවි නියෝජිත (මාතර - හරිස්චන්ද්‍ර මිල්ස්, ෂෝවොලස් හෙජස් සහ ගුණසේන සමාගම)
ස්ථිර රැකියාව - ගීත ගායනය
මුලින්ම ගැයු ගීතය - වසන්තා සන්දනායක සමඟ ‘මහවැලි නදියේ’ (එහි ‘තොටියෝ’ යන පදය)
මුලින්ම ගැයු ඒකල ගීතය - ස්ටැන්ලි ඔමාර් පද රචනය කර සංගීතවත් කළ “මගෙ රන් රාජිණි” (1954)
මුලින්ම ගැයු චිත්‍රපට ගීතය - “සුරතලී” චිත්‍රපටයේ “සිරිය මෙ සාරා” (1956)
මුලින්ම රඟපෑ චිත්‍රපටය - ‘සුදු සඳේ කළු වලා’ (1963)
මුලින්ම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය - ‘ඇතුල්වීම තහනම්’
මුලින්ම නිෂ්පාදනය කළ චිත්‍රපටය - ‘සුමිතුරෝ’ (1983)
පැවැත් වූ ඒක පුද්ගල ගී ප්‍රසංගය - ‘ජෝති රාත්‍රිය’ (1980)
ගී ගැයූ කැසට් පට ගණන - 115 ක් පමණ
ගී ගැයූ චිත්‍රපට ගණන - 450 ක් පමණ
දිනා ගත් සම්මාන - “දීපශිඛා” (ජනපි‍්‍රය ගායක - 1972) - රජත ජයන්ති සම්මානය (1974-76) - “සරසවිය” (හොඳම ගායක - 1983) - “සරසවිය” (හොඳම ගායක - 1986) - “මල්පියලි” (ජනපි‍්‍රය ගායක)
ගැයූ ගීත ගණන - දස දහසකට වැඩියි
පි‍්‍රයතම දේශීය නළුවා - විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා
පි‍්‍රයතම දේශීය නිළිය - මාලිනී ෆොන්සේකා
පි‍්‍රය කළ ආහාරය - බත්, බිරියානි
පි‍්‍රය කළ රසකැවිල්ල - කැවුම්
පි‍්‍රය කළ පලතුර - පැපොල්
පි‍්‍රය කළ ඉංගී‍්‍රසි අකුර - J
පි‍්‍රය කළ මාසය - පෙබරවාරි
පි‍්‍රය කළ පක්ෂියා - පරෙවියා
පි‍්‍රය කළ ක්‍රීඩාව - ක්‍රිකට්
පි‍්‍රය කළ විනෝදාංශ - සර්පිනා වාදනය, ගීත ශ්‍රවණය, මිතුරු ඇසුර
පි‍්‍රය කළ පරිසරය - මාලිගාවත්ත සහ නුවරඑළිය
පි‍්‍රය කළ විදේශය - ජපානය
පි‍්‍රය කළ තමන්ගේ ගීතය - ‘ටජ් මහලක්’
පි‍්‍රය කළ අනුන්ගේ ගීතය - හරූන් කුමාර් ලන්ත්‍රා ගයන “මගෙ නාමලී” ඇතුළු තවත් ගීත කිහිපයක්
පි‍්‍රයතම වාද්‍ය භාණ්ඩය - සිතාරය
පි‍්‍රය කළ මල - ඩේලියා
පි‍්‍රය කළ අංකය - 6
පි‍්‍රය කළ සුරතලා - බල්ලා
වැඩිම යුග ගී ගණනක් ගැයූ ගායිකාව - ඇන්ජලින් ගුණතිලක
වැඩිම ගීත ගණනක් රචනය කළ පද රචකයා - කරුණාරත්න අබේසේකර
වැඩිම ගීත ගණනක් සංගීතවත් කළ සංගීතඥයා - පී. එල්. ඒ. සෝමපාල සහ සරත් දසනායක
ජෝති ගැයූ වැඩිම ගීත ගණනක් තිරයේ නිරූපණය කළ නළුවා - විජය කුමාරතුංග
වඩාත්ම දුක් වූ දිනය - මුලින්ම “පොඩි පුතා” චිත්‍රපටයේ ගී ගයන්න නුසුදුස්සෙකු වූ දින
වඩාත්ම සතුටු වූ දිනය - “සිරිය මෙ සාරා” ගීතය මුලින්ම චිත්‍රපටයෙන් ඇසුණු දින
පිහිටුවන ලද මිතුරු සමාජ - එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය (1971) සහ කුවේට් රටේ ජෝතිපාල රසික සමාජය
සංචාරය කළ රටවල් - ඉතාලිය, ඉන්දියාව, සිංගප්පූරුව, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, කුවේට්, ඩුබායි, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක්ම
අවසන් වරට ගී ගැයූ සංගීත ප්‍රසංගය - 1987 ජූලි 3 දා කතරගම ගම් උදාව ගීත ප්‍රසංගය
අවසන් වරට වේදිකාව මත ගැයූ ගීතය - “පෘතුගීසිකාරයා”
අවසන් සුසුම් හෙළූ දිනය - 1987 ජූලි 7 දා
ආදාහන කටයුතු සිදු කෙරුණු දිනය - 1987 ජූලි 9 දා
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ‘වෙන්ඩ’ ජෝතිලා අද වැහි වැහැලා Rating: 5 Reviewed By: Unknown