උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වී සිටින දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකලාපය හමුවේ කිසිවෙකුට තෘප්තියක් ලැබිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්මුදුවැව ප්‍රදේශයේ "සසුණට අරුණ "උත්සවය අමතමිනි..
සෙසු ප්‍රදේශවල පළාත් සභා ක්‍රමය පවතිමින් තිබියදී උතුරට පමණක් එය අහෝසි කිරීම එම ජනතාවට කරන බලවත් අසාධාරණයක් බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා .ද්‍රවිඩ ජාතික සන්ධාන ප්‍රකාශයේ සදහන් වන ප්රභාකරන්ගේ වෙනම රාජ්‍යක් සදහා වන සන්නද්ධ අරගලය හැරුණු කොට අනිත් සියල්ල තමන්ගේ ප්‍රකාශය ඇතුලත් වන බවයි "මේ ප්‍රකාශය අප තරයේම ප්‍රතික්ෂේප කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා . උතුර -නැගෙනහිර පළාත් ඒකාබද්ධ කල යුතුයි යන්න ඔවුන් ජනතාවට ලබා දෙන ප්‍රකාශයද අප දැඩි ලෙස ප්‍රකාශ කරන බව ප්‍රකාශ කල මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ 13 ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝදනය යටතේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කලක් උතුරු නැගෙනහිර පළාත් සභා එකාබද්ධව පැවතුනේ තාවකාලික පියවරක් වශයෙන් බවයි .ද්‍රවිඩ ජාතික සන්ධානය ජනතාව නොමග යවමින් මේ සිදු කරන්නේ ඔවුන්ගේ නිජ බිම පිළිබද කතා කිරීමක් බවද මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කර සිටියා .කෙසේ වෙතත් ද්‍රවිඩ සන්ධානයේ මේ සියලු ප්‍රකාශයන් අනුව පෙනී යන්නේ ඔවුන් නැවත වරක් ජාතින් අතර සංහිදියාව නැති කිරීමට කටයුතු කරන බව , යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මේ ක්‍රියාකලාපය හමුවේ තමන් දැඩි ලෙස කණගාටු වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා .

0 comments:
Post a Comment