728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 10 September 2013

රුසියන් ජනපති අනතුරු අඟවයි

ඇමෙරිකාවෙන් සිරියාවට දින තුනක ප‍්‍රහාරයක් : පහරදීමක් කළොත් සිරියානු රජයට සහාය දෙනවා,

ඇමෙරිකාව සිරියාවට එරෙහිව දින තුනක ප‍්‍රහාරයක් සැලසුම්ි ක ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.මේ සදහා ගුවන් ප‍්‍රහාර පමණක් එල්ල කිරීමට තීරණය කර ඇතැයි පැවසේ. සිරියාවේ හඳුනාගත් ඉලක්ක 50ට ප‍්‍රහාර එල්ල කිරීමට අවධානය යොමු වී ඇතැයි පෙන්ටගනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි. 




මේ අතර ප‍්‍රබල සාක්ෂි නොමැතිව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පිටුපා, සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ඇමෙරිකාව පෙළඹුණොත්, තමන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බව ‘ජී 20’ රාජ්‍ය නායක සමුළුව අතරතුරේ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමාට අනතුරු ඇඟවීමක් කළේය.

ජී 20 සමුළුව පසුගියදා පැවැත්වූයේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදීය. සමුළුවේදී රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වුණේ සිරියානු අර්බුදය සම්බන්ධයෙනි.

සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සමඟ ඇයිහොඳයිකම් පළුදු වීම නිසා ජනපති පුටින් සමුළුවේදී ඔබාමා ළඟ අසුන් ගැනීම පවා ප‍්‍රතික්ෂේප කළ බව වාර්තා විය.

සිරියානු අර්බුදය වසර දෙකක් තිස්සේ දිග් ගැස්සුනේ, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සිරියානු කැරැුලිකරුවන්ට සහාය දෙද්දී, රුසියාව සහ චීනය සිරියානු ජනපතිගේ රජයට සහාය පළ කිරීම නිසාය. 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රුසියන් ජනපති අනතුරු අඟවයි Rating: 5 Reviewed By: Unknown