අපි ඇය "මේනකා" නමින් හඳුන්වමු. මේනකා සිය වැඩිමහල් පිරිමි දරුවා කෙරෙහි අසීමිත ආදරයක් දැක්වූවාය. උසස් පෙළ හැදැරීමෙන් පසු සිය පුතු "හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හැදැරීමට පිටත්කර හරින්නටද ඇය කටයුතු කරන්නේ ඔහුගේ ජීවිතය සැපවත් කරන අරමුණිනි.
පාසල් වියෙහි අධ්‍යාපනයට දැක්වූ දක්ෂතාවන් හෝටල් පුහුණුව ලබමින් සිටියදීද දක්වන්නට සිය පුතුට හැකියාව ලැබී තිබීම ගැන ඇය සිටියේ සතුටිනි. එහෙත් ඒ සතුට එලෙසම වැඩි කලක් රැඳුනේ නැත. පුතුට මුණගැසුණු "අලුත් යහළුවෙකු" ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්නට සමත්ව සිටියේය. නිතර ගෙදර රැඳෙන්නට ප්‍රිය කළ පුතු නිවසේ රැඳුණු මොහොතක් නැති විය. නිවාඩු දිනවල පවා ඔහු මිතුරා සමග "කොහේ" හෝ යන බව පමණක් මේනකා දැන සිටියාය. මේ බව සොයා බැලීමේදී මේනකාට දැනගන්නට ලැබුණේ තම පුතු සමලිංගික චර්යා සඳහා ඇබ්බැහි වූ කණ්ඩායමකට එක්ව සිටින බවය. ඇය පුතු එයින් ගලවාගන්නට පිහිට පැතුවේ වලාන දූෂණ මර්දන ඒකකයෙනි. වලාන දූෂණ මර්දන ඒකකය අදාළ කණ්ඩායම රැඳී සිටී. රත්මලානේ පිහිටි නිවස වටලා එම පිරිස අත්අඩංගුවට ගත්තේය. ඒ වන විටත් මේනකාගේ පුතු "සමාජ රෝග" වැළඳුණු තත්ත්වයක පසු විය.
මේ ප්‍රවෘත්තිය පුවත්පතක පළවී තිබුණු දුටු එක් මවක් සිය පුතාගේද අසාමාන්‍ය ලෙස චර්යා රටාවේ වෙනසක් මෑතක සිට දක්නට ලැබුණු බැවින්a ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කළාය. ඇය අන්දමන්ද කරමින් දුරකථනයේ වීඩියෝ ගබඩාව තුළ පිරී තිබුණු "අසභ්‍ය දර්ශන" සහිත රූපාවලී රැසක් මතුවන්නට විය.
ඒ මවද සිය පැමිණිල්ල රැගෙන ආවේ වලාන දූෂණ මර්දන ඒකකයටය. ඒ වන විටත් ඇය එම දර්ශන ජංගම දුරකථනයට පැමිණියේ කෙලෙසද යන්න පුතුගෙන් විමසීමක් කර තිබිණි. පුතුගේ පිළිතුර වී තිබුණේ "පිටකොටුවේ කොමියුනිකේෂන්" එකකින් එය ජංගම දුරකථනයට ඇතුළු කරගත් බවය. ඒ මවගේ පොදු ඉල්ලීම වී තිබුණේ "සියලු දරුවන් මේ විනාශයෙන් බේරා දෙන ලෙසය.
වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය වහා මේ පිළිබඳව සිය ප්‍රධානියා වූ එම ඒකකයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී උදිත පෙරේරා දැනුවත් කළේය. ඔහුගේ උපදෙස් පරිදි අසභ්‍ය දර්ශන ජංගම දුරකථනවලට ඇතුළත් කර දෙන "නිල් කඩ සෙවීමේ මෙහෙයුම" ආරම්භ කරන්නට කටයුතු යෙදිණි.
එහි පළමු පියවර ලෙස මෑතකදී පොලිස් සේවාවට ඇතුළත් වූ තරුණ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු මෙහෙයුමට තෝරා ගන්නට ඒකකයේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය කටයුතු කළේය. ඔවුන් පාසල් සිසුවන් ලෙස වෙස් ගන්වා පිටකොටුවට පිටත් කර හැරියේ මූලික තොරතුරු රැස්කර ගන්නටය. එහිදී අනාවරණය වූයේ පිටකොටුවේ බෝගස පිටුපස වෙළෙඳ සංකීර්ණයේ "තට්ටු" කිහිපයක (තට්ටුවක් යනු අඩි 4ං4 ප්‍රමාණයේ කඩ කාමරයකි) අසභ්‍ය වීඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි විකිණීමට ඇති බවය. ඊළඟ මොහොතේ, වලාන දූෂණ මර්දන ඒකකයේ තවත් නිලධාරීන් පිරිසක් ඈත පළාත්වලින් වීඩියෝ චිත්‍රපට අලෙවිය සඳහා තොග ගණනින් මිලදී ගන්නා මුදලාලිලා ලෙස සැරසී එම "තට්ටු" කරා ගියහ. එහෙත් "මුදලාලිලා" වූ පමණින් "ගනුදෙනුවකට" යැමට තරම් එම තට්ටු වල "හිමිකරුවන්" එකඟ වූයේ නැත.
එහෙත් උපක්රමශීලීව කටයුතු කළ "මුදලාලිලා" ලෙස සැරසී ගත් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිස, පළමුව "හොඳ වර්ගයේ" චිත්‍රපට, ගීත දර්ශන ආදිය ඇතුළත් වීඩියෝ තැටි මිලදී ගනිමින් දීර්ඝ ව්‍යාපාරික මිතුදමක් එම තට්ටු කඩවල හිමිකරුවන් සමග ගොඩනඟාගන්නට සමත් විය.
එහෙත් එය සිතූ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ ජාතික හැඳුනුම්පත් පවා පරීක්ෂා කරන්නට එම පිරිස කටයුතු කළේ මේ කටයුත්ත තුළ ඇති විශ්වාසනීය බව තහවුරු කරගන්නය. වාසනාවකට මෙන් ඒ මොහොතේ නිලධාරීන්ගේ හැඳුනුම්පත්වල කොළඹින් දුර බැහැර ප්‍රදේශ සටහන්ව තිබීම නිසා මේ පිරිස "ඈත ගම්වලින්" වීඩියෝ පට මිලදී ගන්නට පැමිණි පිරිසක් බව තට්ටු කඩවල හිමිකරුවන්ට ඒත්තු ගැන්වීමට ඔවුන් සමත් විය. "හොඳ වර්ගයේ" චිත්‍රපට කිහිප වතාවක් තොග ගණනින් මිලදී ගත් පසු මේ ව්‍යාපාරික සබඳතාව දියුණු තලයකට පත්විය.
වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අදාළ විෂයය වූ "අසභ්‍ය චිත්‍රපට" පිළිබඳව කතාබහට එළැඹියේ ඒ මොහොතේය. එහිදී හෙළිවූයේ මේ "ව්‍යාපාරයේ" ඒ සියලු දෙනාම නිරත නොවෙන බවත්, එහෙත් "බඩු සපයා" ගත හැකි ස්ථාන පෙන්වා දීමට, ඒ පිරිසට හැකියාව ඇති බවත්ය. එවැනි ස්ථාන කිහිපයක් හඳුනාගැනීමෙන් අනතුරුව "අසභ්‍ය චිත්‍රපට" තොග ගණනින් කිහිප වතාවක් ඇනවුම් කරන්නට ගමෙන් පැමිණි "මුදලාලිලා" කටයුතු කළේ තව තවත් විශ්වාසය තහවුරු කරමිනි.
මේ අතරවාරයේ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් තව දුරටත් තොරතුරු රැස්කරමින් සිටියේ මෙම වීඩියෝ තැටි "පටිගත කරන්නේ" කවර ස්ථානයකදී ද යන්නයි. "තට්ටුවේ" බිස්නස් එක මිස අදාළ තැනට කිසිවිටෙකත් කිසිවෙකුත් සම්බන්ධ නොකරන්නට තරම් "නිල් චිත්‍රපට" අලෙවි කරන්නෝ සූක්ෂමව සිටියහ.
මුදල් ගනුදෙනු, අවශ්‍ය තැටි ප්‍රමාණය ලබාගැනීම ආදී වූ මේ සියලු දේ සිදු වූයේ " තට්ටුව" හරහා පමණි. එහෙත් උපක්රමශීලීව අදාළ ස්ථානය සොයා ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරී පිරිස සමත් විය. එහෙත් බොහෝ පිරිසක් එම ස්ථානය හඳුනාගෙන සිටියේ ජංගම දුරකථන සඳහා " රින්ගින් ටෝන්" සහ " ගීත විෂුවල්" ඇතුළත් කර දෙන ස්ථානයක් ලෙසිනි. ඉංග්‍රීසි, දෙමළ, හින්දි, සිංහල චිත්‍රපට, ගීත තැටි ආදියද එහි අලෙවියට තබා තිබිණි.
එහෙත් අසභ්‍ය චිත්‍රපට විකුණන වගක්වත් පෙනෙන්නට නොතිබුණු එම ස්ථානය එක්වරම වැටලීම කළ නොහැක්කක් විය. තට්ටුවකින් අසභ්‍ය චිත්‍රපට යම් ප්‍රමාණයක් ඇණවුම් කළ විට එය ලබා දෙන්නට යම් කාලයක් ගත වේ. මුදලාලිලා ලෙස වෙස්වලාගත් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිස, තට්ටුවට ගොස් තැටි ප්‍රමාණයක් ඇණවුම් කර, මුදල් ලබා දී, ඒවා ගෙන එන්නට යන පුද්ගලයා පසු පස තම නිලධාරීන් දෙදෙනකු ඔහුට නොදැනෙන්නට යවන්නට කටයුතු කළේය. එහිදී එම නිලධාරීන් පිරිසට අවබෝධ වූයේ අසභ්‍ය චිත්‍රපට පටිගත කරන ස්ථානය හා ඒවා අලෙවි කරන තට්ටු අතර කිසිදු වෙනසක් නැති බවත්, ඒ තට්ටුද අයත් වන්නේ අසභ්‍ය චිත්‍රපට පටිගත කර විකුණන අයටම බවත්ය.
වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරී පිරිස එම ස්ථානයද සමග "ව්‍යාපාරික සබඳතාවක්" ගොඩනගාගත්තේ මේ ක්‍රියාවලිය නිශ්චිතවම අනාවරණය කරගනු පිණිසය. මුදලාලිලා ලෙස වෙස්වලාගත් පිරිස එම ස්ථානයට ගොස් " අසභ්‍ය චිත්‍රපට" තොගයක් ඇණවුම් කොට එය පටිගත කර දෙන තෙක් පරීක්ෂාකාරීව සිටින්නට විය. වලාන දූෂණ මර්දන ඒකකයට පැමිණිල්ල ගෙන ආ මව සියයට සියයක් නිවැරැදි බව එම නිලධාරීන්ට ඒත්තු ගැන්වූණේ එහිදීය.
"ගීත විෂුවල්" සහ රින්ගින් ටෝන්" ජංගම දුරකථනවලට ඇතුළත් කරනවා යෑයි කීවද, එතැනට බුරුතු පිටින් පැමිණෙන ලාබාල වියෙහි පසුවන පාසල් ශිෂ්‍යයන් අසභ්‍ය දර්ශන ඇතුළත් කරගන්නා අයුරු එම නිලධාරීන් සියෑසින්ම දැකගත්තේය.
එමෙන්ම බොහෝ සිසුන් සිය මවුපියන් සමග පැමිණ එම අසභ්‍ය දර්ශන ජංගම දුරකථනවලට ඇතුළත් කරගන්නේ, "රින්ගින්ස් ටෝන්" සිය දුරකථනයට ඇතුළත් කරගන්නා බවක් සිය මවුපියන්ට අඟවමිනි. මවුපියන් සමග පැමිණ සිටින දරුවකු දුටු විට කිසිවෙකුත් මේ ක්‍රියාවලිය ගැන සැක නොසිතන බවත් එයද මේ අසභ්‍ය චිත්‍රපට ජාවාරමේ යෙදෙන්නන් සිය වාසියට හරවා ගන්නා බවත් පෙනෙන්නට තිබිණි.
කෙසේ හෝ තොරතුරු අනාවරණය කරගත් පසු කණ්ඩායම් දෙකක් යොදවා වැටලීම සිදු කරන්නට වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය කටයුතු කරන ලදී. එහිදී මෙය කොතරම් සංවිධානාත්මකව කෙරෙන්නක් ද යන්න හෙළි විණි. මේ ජාවාරම සඳහා යොදා ගන්නා චිත්‍රපට ගබඩා කර තිබෙන්නේ පරිගණකවල නොවේ. ඒ නිසා කිසිවිටෙකත් පරිගණක පරීක්ෂා කර බැලීමෙන් මේ පිරිස අත්අඩංගුවට ගැනීම පහසු නොවේ. අසභ්‍ය චිත්‍රපට දහස් ගණනක් ගබඩා කර තිබෙන්නේ " පෙන් ඩ්‍රයිව්" (ජංගම දත්ත ගබඩා) වලය. අවශ්‍ය විටෙක අවශ්‍ය චිත්‍රපට, තැටිගත කර දීමට ඔවුන් කටයුතු කරයි. එමෙන්ම එකවර සංයුක්ත තැටි දහයක් පටිගත කිරීමේ නවීන උපකරණ ද මේ ජාවාරම් කරුවන් සතුව තිබිණි. එපමණක් නොව මේ අසභ්‍ය චිත්‍රපට තවත් කෙනකුට මුල් විනාඩි පහ තුළ දක්නට ලැබෙන්නේ ප්‍රකට හින්දි හෝ ඉංග්‍රීසි චිත්‍රපටයක්ය. අසභ්‍ය චිත්‍රපටය ආරම්භ වන්නේ ඉන් පසුවය. එයද ආරක්ෂාකාරී පියවරක් ලෙස කරන ලද උප්පරවැට්ටියකි.
දිනකට රුපියල් පනස්දහසකට ආසන්න ලාභයක් "අසභ්‍ය චිත්‍රපට" විකිණීමෙන් උපයා ගැනීමට මේ ජාවාරම් කරුවන් සමත්ව තිබිණි.
එහි වැඩි වශයෙන් අලෙවි වී තිබුණු අසභ්‍ය චිත්‍රපට වුයේ හෝටල් නිදන කාමර, නාන තොටුපළ,නාන කාමර, පෞද්ගලික කාමර, මේ ආදී වශයෙන් විවිධ ස්ථානවලදී රහසිගතව වීඩියෝ කරන ලද ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන වීම විශේෂත්වයකි. එම දර්ශනවලට පෙනී සිටින්නන් පවා ඒ බව නොදැන සිටීම ඉතා හානිදායක තත්ත්වයක් බව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය පවසන්නේය. එමෙන්ම මෙම දර්ශන වීඩියෝගත කිරීම සිදු වූයේ ද මෙම ජාවාරම්කරුවන්ගේම මැදිහත් වීමෙන්ද යන්න සොයා බලන බවත් ඔහු පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අත්අඩංගුවට ගත් පිරිසේ ප්‍රධානියා 33 හැවිරිදි මීගමුවේ සහ කොළඹ පදිංචිකරුවෙකි.
මෙම සංවිධානාත්මක ජාවාරමේ සුවිශේෂ සිද්ධියක්ද වේ. ඒ මෙරට ජනප්‍රියතම රංගන ශිල්පිනියන්ගේ නම් වලින් යුත් අසභ්‍ය දර්ශන ඇතුළත් චිත්‍රපට තිබීමය. එහෙත් ඒවා එම රංගන ශිල්පිනියන්ගේ ස්වරූපයට බෙහෙවින්ම සමාන ඉන්දීය තරුණියන් පෙනී සිටින අසභ්‍ය චිත්‍රපටය. " නම" සහ " ස්වරූපය" හේතුවෙන් ඒවා වැඩි වශයෙන් අලෙවි වී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබිණි.
පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සමරදිවාකර හා වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂ, පොලිස් අධිකාරී උදිත පෙරේරාගේ උපදෙස් මත වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත, හා පොලිස් සැරයන් 12980 ධර්මසේන ඇතුළු නිලධාරින් පිරිසක් වැටලීමට සහභාගී වූහ.
උදේශ සංජීව ගමගේ

0 comments:
Post a Comment