728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 11 September 2013

දුෂණයට ලක්වු බවට බොරු කියු තරුණියකට නඩු

තමන් දුෂණයට ලක්වු බවට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ තරුණියකට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධීකරණය නියෝග කරයි.


බස්නාහිර පළාතේ පෞද්ගලික දුරකතන ආයතනයක සේවයෙහි නියුතු සැකකාර තරුණිය මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ ඉකුත් දිනක පෙරවරු කාලයේදී තමා නුගේගොඩ පිහිටි තාවකාලික නවාතැන්පොළේ සිටන විට මීට වසර 2කට පමණ පෙර සබදතා පැවැත්වු  පැරැණි පෙම්වතා නවාතැන්පොළට පැමිණ රහසිගතව එහි ජනේලයකින් ඇතුළු වී තමාව දූෂණය කළ බවයි. 


දූෂණය කිරීමෙන් පසුව පැරැණි පෙම්වතා විසින් තමාව බලෙන් රැගෙන යෑමට උත්සාහ කළ නමුත් ඒ අවස්ථාවේ අලුත් පෙම්වතා පැමිණ එය වැළැක්වූ බවද පවසා ඇති ඇය සිද්ධිය සම්බන්ධයෙන් අලුත් පෙම්වතාද සමඟ ගොස් මිරිහාන පොලිසියට පැමිණිලි කළ බවද ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය සැකකාරියව දූෂණයට ලක්ව ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ගිය නමුත් එසේ පරීක්‍ෂා නොකරන ලෙස වෛද්‍යවරයාට ඇය දන්වා ඇති බවත්, එසේ කළොත් සියදිවි නසා ගන්නා බව පවසා ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ය.

එම පරීක්‍ෂාවට ඉඩ ලබා නොදුන් සැකකාරිය නැවත වතාවක් ප්‍රකාශයක් ලබාදෙමින් පොලිසිය හමුවේ පවසා ඇත්තේ පැරැණි පෙම්වතා සමඟ සිය කැමැත්තෙන් සිටි බවත් අලුත් පෙම්වතා සිද්ධිය දැකීම නිසා බියට පත්ව පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කළ බවත්ය.සැකකාරියගේ දෙවැනි ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්තුමිය සැකකාර ඇගේ පැරැණි පෙම්වතා සිද්ධියෙන් නි‍දොස් කොට නිදහස් කර යැවූ අතර පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ සැකකාරියට එරෙහිව නඩුවක් ගොනු කරන ලෙසටද පොලිසියට නියම කළාය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දුෂණයට ලක්වු බවට බොරු කියු තරුණියකට නඩු Rating: 5 Reviewed By: Unknown