TNA වියරුවෙන්…ජාතික කොඩියේ සිංහයා වෙනුවට දිවියා ඉල්ලීම දෙමළ ජාතික සන්ධානයේ වියරු ප‍්‍රකාශයක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පක්‍ෂ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැන්වේ.
සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.
ජාතික කොඩියේ සිංහ රූපය ඉවත් කර දිවියකුගේ රූපයක් ඇතුළත් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය ප‍්‍රකාශ කර තිබේ. මෙම ප‍්‍රකාශය දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි උතුරු පළාත් සභා යාපනය දිස්ති‍්‍රක් අපේක්‍ෂක පොන් අයියන්ගරනේෂන් නැමැත්තා විසින් යාපනයේ පැවැති මැතිවරණ ප‍්‍රචාරක රැලියකදී සිදු කර ඇතැයි මාධ්‍ය මඟින් වාර්තා කර තිබිණි.
1948 දී ලත් නිදහසින් පසුව ශී‍්‍ර ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය වූයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික නායකයින්ගේ පුළුල් එකඟත්වය සහිතවය. ජාතික සමගිය අගය කරන ශී‍්‍ර ලංකීය ජනතාව එම කොඩිය සෙවනේ සමගියෙන් යුතුව දිවි ගෙවූහ. ඔවුනට කිසිදු ලෙසකින් ශී‍්‍ර ලංකාවේ ජාතික කොඩිය සම්බන්ධයෙන් ගැටලූවක් නොතිබිණි.
මෙරට ජාතික කොඩිය සම්බන්ධයෙන් ගැටලූවක් තිබුණේ වෙනම රටක් වෙනුවෙන් සැමදා සිහින දුටු දෙමළ ජාතිවාදී බෙදුම්වාදී බලවේගයන්ටයි. ඔවුන්ට වෙනම රටක මෙන්ම, වෙනම ජාතික කොඩියකද අවශ්‍යතාව දැඩිව පැවැතිනි. මෙම බෙදුම්වාදී ජාතිවාදී බලවේග විසින් ‘සයනයිඞ් කරල බෙල්ලේ එල්ලා’ දෙමළ තරුණයන් ජාතිවාදී බෙදුම්වාදී යුද්ධයකට තල්ලූ කරනු ලැබුවේද ඉහත කී තම දුෂ්ට අරමුණ ඉටු කර ගැනීමටය.
බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පරදවා ඇති මේ මොහොතේ දෙමළ ජනතාව ක‍්‍රම ක‍්‍රමයෙන් තම සුපුරුදු ජීවනෝපායන්ට අනුගත වෙමින් සිටිති. දෙමළ තරුණ පිරිස් වෙතින් ජාතිවාදී බෙදුම්වාදී මතවාදය ප‍්‍රතික්ෂේප වෙමින් පවතී. තම මතවාදය ප‍්‍රතික්ෂේප වන එවන් තත්ත්වයක් තුළ එයට මුහුණ දීමට කොටි සංවිධානයේ දේශපාලන පෙරමුණ වූ දෙමළ ජාතික සන්ධානය ‘ප‍්‍රභාකරන්ගේ ඊළම සඳහා වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය‘ අද යළි දේශපාලන කරළියට ගෙනැවිත් තිබේ.
ඔවුහු අද දිනයේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී මතවාද වෙත දෙමළ තරුණයා ආකර්ෂණය කර ගැනීම සඳහාත් ඔහුගේ බෙල්ලේ සයනයිඞ් කරල යළි ගැට ගැසීම සඳහාත් වියරුවෙන් මෙන් කි‍්‍රයාමාර්ග තෝරති. එසේ අසද්භාවයෙන් කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය විසින් සිදු කළ වියරු ප‍්‍රකාශයක් ලෙස ඉහත ප‍්‍රකාශය සැලකිය හැක. අප සියලූ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පටු ජාතිවාදී, බෙදුම්වාදී කි‍්‍රයාවන් දැඩි සේ ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ජාතික සමගිය වෙනුවෙන් පෙළ ගැසෙන ලෙසත්ය.
0 comments:
Post a Comment