728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 16 September 2013

අපේ යුවතියන් අඩනිරුවත් කස්තිරම්වලට පුහුණු කරලිංගිකත්වය විකුණන හැටි....

ප්‍රවීණ නර්තන ශිල්පිනී මිරැන්ඩා හේමලතාගෙන් විවේචනයක්33-2
ඔබ පුන පුනා කියන්නේ මේ දරුවන්ගේ අනාගතය මේ තුළින් විනාශ වෙනවා කියලද?
පැහැදිලිවම ඔව්. ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා ඉස්සරහ ඇඟපත පෙනෙන ඇඳුම් ඇඳල, සිංදුවකට නටලා, විලි බිය නැති වුණාම මොකක්ද මේ දරුවන්ගේ අනාගතයට වෙන්නෙ. ඔය නටන ළමයින්ට උපාධියක් ගන්න පුළුවන්ද.? මේ ක්‍ෂේත්‍රයේ ඉහළට යන්න පුළුවන්ද..? නිකම් පාවිච්චි වෙනවා විතරයි.
සමහර දරුවන්ට මේ ඇතැම් ගුරුවරුන්ගෙන් ලිංගික අතවර පවා සිදුවන බවට චෝදනා තියෙනවා. සමහර දරුවන් ඒ ගුරුවරුන් නිසා අමාරුවේ වැටෙනවා විතරක් ‍නෙවෙයි, ඩොලර්වලටත් අනුන්ට විකුණනවා. ඔය කුප්‍රකට ගුරුවරුන් ගැන මම හොඳට දන්නවා. ඒ නිසා තමයි බය නැතිව මෙහෙම කතා කරන්නේ.


වත්මන් නර්තන කණ්ඩායම් පිළිබඳව බොහෝ විවේචන පවතී. ඒ අතරින් වඩාත් කතාබහට ලක්වී ඇත්තේ මේ නර්තන කණ්ඩායම් භාවිතා කරන ඇඳුම් පැළඳුම් හා නර්තන විලාසයන් තුළින් පවා ලිංගික හැඟීම් උද්දීපනය කිරීමක් සිදුවන බවයි.
මෑතකදී මේ පිළිබඳව වඩාත් දැඩි විවේචන ඉදිරිපත් කළ නර්තන ශිල්පිනයක වූයේ ප්‍රවීණ නර්තන ආචාර්යවරියකද වන මිරැන්ඩා හේමලතා මහත්මියයි. මේ ඇය සමග ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවකි.
 මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව සිටින, විශේෂයෙන්ම රූපවාහිනී නාලිකාවල පෙනී සිටින නර්තන කණ්ඩායම් පිළිබඳ පැහැදිලි විවේචනයක් ඔබට තිබෙන බව පෙනෙනවා?
ඔව්... මේ  නර්තන කණ්ඩායම් මෙහෙයවන ආචාර්යවරුන් ගැන අප අවබෝධ කරගත යුතුයි. මේ නර්තන කණ්ඩායම් හිමි, කුප්‍රකට, ගුරුවරුන් යැයි කියාගන්නා පිරිස් ගැන දරුවන් වගේම දෙමවුපියන්ද දැනුවත් විය යුතුයි.
අද ඉන්න බොහෝ ගුරුවරුන් සුප්‍රකට අය නමෛයි, කුප්‍රකට ගුරුවරුන්. මම මේ කතා කරන්නේ හැමදෙනා ගැනම නමෛයි. හොඳ අයත් අතරින්පතර ඉන්නවා.
නමුත් ඔය රූපවාහිනී නාලිකා අයිති කරගෙන, ඒවායේ ඕනෑ එපාකම්වලට අනුව නර්තන කණ්ඩායම් සපයන අය ගැන කතා කළොත්, ඒ අය හොඳ ගුරුවරුන් ‍නෙවෙයි. මේ අය කරන්නේ රටේ සභ්‍යත්වය විනාශ කරමින් මුදලට නිරුවත විකුණන එක විතරයි.
මම මේක කියන්න බය නැහැ. විවිධ රූපවාහිනී නාලිකාවලට අවශ්‍ය විදිහට, අහිංසක තරුණ ළමයින්ව අඩනිරුවත් ඇඳුම් අන්දවලා, කැමරාව ඉදිරියේ සිංදුවලට නටවනවා. තාරුණ්‍යයේ නග්න දේහය ලෝකෙටම ප්‍රදර්ශනය කරනවා. මේක ඇත්තටම විලිලැජ්ජා නැති වැඩක්. පුංචි ගැහැනු දරුවන්  යොදාගෙන මේවා කරන්න නරකයි. ඒක විශාල අපරාධයක්. අපේ අනාගත පරපුරේ සිත් දූෂ්‍ය කිරීමක්.
ඔබ කරන්නේ බරපතළ චෝදනාවක්...?
ඔව්... බය නැතිව ඒ චෝදනාව මම කරනවා. අපේ රටේ විද්‍යුත් නාලිකාවලට අද අඩනිරුවත නැතිව බැහැ. ලිංගිකත්වය නැතිව බැහැ. මම මේවා ගැන අදාළ බලධාරීන් සමග පවා කතා කොට තිබෙනවා. තර්ක කොට තිබෙනවා. මම කිව්වා මේ තුළින් විනාශ වෙන්නේ අපේ රටේ දරුවන්ගේ ඔළු ටික කියලා. රාගය ඉස්මතු කරන විදිහට මේ නර්තන කණ්ඩායම් හසුරුවන එක අපරාධයක්.
ඇත්තටම කිව්වොත් මේ නර්තන රූපවාහිනියට සුදුසු නැහැ. මෙවැනි නර්තන සුදුසු රාත්‍රී සමාජ ශාලාවලටයි. සමාජ ශාලාවල නටන ශිල්පිනියන්ට මේ ඇඳුම් සුදුසුයි. විලිලැජ්ජාව කියන එක එතනට බලපාන්නේ නැහැ.
මට තිබෙන ගැටලුව මේ රටේ සංස්කෘතික අමාත්‍යංශයක්, අධ්‍යාපන අමාත්‍යාංශයක් තිබියදී මේවා මෙහෙම වෙන්නේ ඇයි කියලයි. මෑතකදී මම ළදරු පාසලකට ගියා. එතනදීත් ඒ පුංචි දරුවෝ ඇඳලා හිටියේ අර රූපවාහිනී නාලිකාවල නටන නර්තන කණ්ඩායම් අඳින ඇඳුම් විදිහටයි. මේකද අපි රටට දෙන ආදර්ශය.
අද ගැහැනු දරුවෝ අඳින්නේ බුරිය පෙනෙන විදිහට. දශක කීපයකට පෙර බුරිය පෙනෙන විදිහට ඇන්දේ ගණිකාවෝ. පිරිමින් ගණිකාවන්ව හඳුනගත්තේත් එහෙමයි. අද මොකක්ද වෙලා තියෙන්නේ. හැම නර්තන ඇඳුමක්ම බුරිය පෙනෙන විදියටයි අඳින්නේ. සාරිය ඇන්දත් එහෙමයි.
අද පිරිමි ළමයි ඇඟ වැහෙන්න අඳිනවා. ගැහැනු දරුවෝ ඇඟ ඇරගෙන ඉන්නවා. ඔය නර්තන කණ්ඩායම් දිහා හොඳින් බලන්න. එතකොට මේ වෙනස ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි.
ඔබ ‘මොඩර්න්’ වෙලා නැහැ... අලුත් ලෝකය හඳුනාගෙන නැහැ. මේ විදිහේ චෝදනාවක් ඔබට එල්ල කළොත්...?
මම සම්ප්‍රදාය තුළම ඉඳගෙන කතා කරන හණමිටිකාරියක් නමෛයි. එහෙම නම් මම පිරිමින් බොහෝ විවේචන ඉදිරිපත් කරද්දී ගැහැනුන්ට වෙස් බඳින්නේ නැහැ. ඒ අවස්ථාව ගැහැනුන්ට ලබා දෙන්න පෙරමුණ ගන්නේ නැහැ. අපි එක තැන පල්වෙන්න වුවමනා නැහැ. වෙනස්වෙන්න ඕන. නමුත් රටේ ජනතාවගේ හැඟීම් ඇවිස්සෙන විදිහට අපි අපේ භාවිතාව යොදා ගන්නවා නම් ඒක රටට කරන විශාල අපරාධයක්. අපේ කලාව ගණිකා වෘත්තියේ යෙදවීමක්.









අද බොහෝ දෙනෙක් වැඩිවන ලිංගික අපරාධ රැල්ල ගැන කතා කරනවා. ගැහැනු කෙනෙකුගේ නග්න සිරුර නිතර නිතර ප්‍රසිද්ධ මාධ්‍යවලින් පෙන්වනවා නම්, රාගය උපද්දවන විදිහට පෙනෙන්න ඉන්නවා නම් පෘථග්ජන පිරිමින්ගේ සිතුවිලි ඇවිස්සෙන්නේ නැද්ද? ඒවා තුළින් යම් බලපෑමක් ඇති කරන්නේ නැද්ද? අද තියෙන කාමරැල්ලට මේවායිනුත් යම් දායකත්වයක් ලැබෙනවා. අපි ජාතියක් වශයෙන් අපේ සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතුයි. සංවර විය යුතුයි. ලිංගිකත්වය ඉස්මතු වෙන විදිහට, එහෙමත් නැත්නම් කාමය ඇවිස්සෙන විදිහට තරුණ දරුවන්ව හසුරවලා මුදල් සෙවීමේ පරමාර්ථයක් විතරයි මේ ගුරුවරුන්ට තිබෙන්නේ. ඔවුන් රූපවාහිනී නාලිකාවල ඕනෑ එපාකම් ඉටු කරනවා. අද රූපවාහිනී නාලිකා තරගෙට මේ කාමය උපද්දවන නර්තන අංග ඉදිරිපත් කරනවා. මොකද ඔවුන්ට වුවමනා ඒ කාලසීමාව තුළ වැඩිපුර වෙළෙඳ දැන්වීම් ලබාගන්න.
මේ නර්තන කණ්ඩායම් හිමි බොහෝ ගුරුවරුන් නර්තනය හොඳින් ප්‍රගුණ කළ එසේම හොඳ පවුල් පසුබිමක් තිබෙන අයයි...?
(සිනාසෙමින්) මම මේ අය ගැන හොඳට දන්නවා. ඔවුන්ගෙන් සමහරුන්ට විෂය දැනුමවත් නැහැ. ඔය ඉන්දියාවේ ගිහින් ඉගෙන ගන්නේ නැතුව විශ්වවිද්‍යාල ළඟින් ඇවිදලා ඇවිත් තමයි උපාධි තිබෙනවා, ඩිප්ලෝමා තිබෙනවා කියලා බොරුවට පෙන්නලා මේ අහිංසක අම්මලා තාත්තලව රවට්ටගෙන ඉන්නේ. ඒ දරුවන්ගෙන් වැඩ ගන්නේ.
ඇත්තම කියනවා නම් මේ කුප්‍රකට ගුරුවරුන් තමන්ගේ නම පවා හදාගෙන තිබෙන්නේ විද්‍යුත් නාලිකාවලට පිංසිද්ධ වෙන්නයි. පත්තරවලට පිංසිද්ධ වෙන්නයි. මේ මාධ්‍ය තුළින් පවා කරන්නේ විශාල අපරාධයක්. සමහර ගුරුවරුන් අමුතු අමුතු විදිහේ ඇඳුම් අන්දවලා දරුවන්ව නටවනවා. අලුත් නිර්මාණයක් කළා කියනවා. මේවා අලුත් නැහැ. චීනය, ඉන්දුනීසියාව වගේ රටවල ඇඳුම් පැළඳුම් හා හිස් පළඳනාවන් එහෙම පිටින්ම කොපි කරනවා. මේ බලන්න මේ තියෙන්නේ ඒ බව ඔප්පු කළ හැකි පින්තූර. (ඇය චීනය, ඉන්දුනීසියාව වැනි රටවල නර්තන කණ්ඩායම්වල ඡායාරූප පෙන්වයි.)
මේවා තමයි අලුත් නිර්මාණ විදිහට ඉදිරිපත් කරන්නේ. මේ අයට තමන්ගේ කියා දෙයක් කරන්න බැහැ. මොකක් හරි අතපය හොලවන නර්තන අංගයක් හදලා, අඩ නිරුවත් ඇඳුම් ටිකක් අන්දවලා, සිංදුවලට නටවනවා. ඊළඟට ඒවායින් ලක්ෂ ගණන් මුදල් හම්බ කරනවා. දරුවන්ට දෙන්නේ සොච්චම් මුදලක්.
ඔබ පුන පුනා කියන්නේ මේ දරුවන්ගේ අනාගතය මේ තුළින් විනාශ වෙනවා කියලද?
පැහැදිලිවම ඔව්. ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා ඉස්සරහ ඇඟපත පෙනෙන ඇඳුම් ඇඳල, සිංදුවකට නටලා, විලි බිය නැති වුණාම මොකක්ද මේ දරුවන්ගේ අනාගතයට වෙන්නෙ. ඔය නටන ළමයින්ට උපාධියක් ගන්න පුළුවන්ද.? මේ ක්‍ෂේත්‍රයේ ඉහළට යන්න පුළුවන්ද..? නිකම් පාවිච්චි වෙනවා විතරයි.
සමහර දරුවන්ට මේ ඇතැම් ගුරුවරුන්ගෙන් ලිංගික අතවර පවා සිදුවන බවට චෝදනා තියෙනවා. සමහර දරුවන් ඒ ගුරුවරුන් නිසා අමාරුවේ වැටෙනවා විතරක් ‍නෙවෙයි, ඩොලර්වලටත් අනුන්ට විකුණනවා. ඔය කුප්‍රකට ගුරුවරුන් ගැන මම හොඳට දන්නවා. ඒ නිසා තමයි බය නැතිව මෙහෙම කතා කරන්නේ.
ඔබ ඔය කතා කරන්නේ කිසියම් ද්වේශයක් හෝ ඊර්ෂ්‍යාවක් හිතේ තියාගෙනද?
නැහැ. කිසිසේත්ම නැහැ. අපේ රටට සහ ජාතියට සිද්ධවෙන විනාශය ඇස් පනාපිට පේන්න තියෙන නිසයි මෙහෙම කතා කරන්නේ. අනික මගේ විෂයට මා තුළ තිබෙන ආදරය සහ ගෞරවය නිසයි.
අද මේවා විනාශ වෙන්නේ කට ඇරලා කතා කරන්න කවුරුවත් නැති නිසයි. මොකක්ද අපි මේ තුළින් රටට ලෝකයට දෙන පණිවුඩය. නර්තනය දියුණු වුණාට කමක් නැහැ. ඒක කාමුක හැඟීම් උත්සන්න කරන විදියට, ලිංගිකත්වයට බර කරන්න හොඳ නැහැ. මම ඉන්නේ එතන. පණිභාරතලා, වජිරා චිත්‍රසේනලා මේවා ආරක්ෂා කළා. ඊට වටිනාකමක් එක් කළා. නමුත් අද ඉන්න අය  මේ ක්‍ෂේත්‍රයට කරන්නේ මහා විනාශයක්. මේවා මම කිව්ව කියල ලියන්න.
බලන්න.. මේ අය කරන මේ විනාශය අද පාසල්වලට, ළදරු පාසල්වලට පවා පැතිරිලා. ඒ අය දැන් නර්තන අංගවලට අඳින්නේ ටී.වී. එකේ දැක්ක ඇඳුම්. බාගෙට ඇඟ පෙනෙන ඇඳුම්.  මේවා තමයි ඊට සරිලන ඇඳුම් කියලා හිතන තරමට ඒ අයගේ ආකල්ප වෙනස් වෙලා. මේක ඇත්තටම විශාල ව්‍යසනයක්. ගැහැනු ළමයින්ගේ නග්න සිරුරු දැන් සාමාන්‍යකරණය වෙලා. මෙහෙම තත්ත්වයක් ඇති කළේ මේ කුප්‍රකට ගුරුවරුන් සහ ඇතැම් විද්‍යුත් මාධ්‍යයයි. කනගාටුවට කරුණ අද රජයේ විද්‍යුත් මාධ්‍ය පවා මේවා අනුගමනය කරන තැනට ඇවිත් තිබිමයි. රටේ සංස්කෘතිය ආරක්ෂා කරන්න ඉන්න අය හැමෝම මේවා ඉදිරියේ මුනිවත රැකගෙන , නිරුත්තරව, ගල් ගිලල වගේ බලා ඉන්නවා..
සමන් ප්‍රියංකර නම්මුනිගේ   
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අපේ යුවතියන් අඩනිරුවත් කස්තිරම්වලට පුහුණු කරලිංගිකත්වය විකුණන හැටි.... Rating: 5 Reviewed By: Unknown