ජේ.ආර්. රජය රූපවාහිනී මාධ්‍යය හඳුන්වාදීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ එම රජය විසින් හඳුන්වාදෙන ලද නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියෙන් බිහිවෙන ප්‍රාග්ධන වෙළෙඳපොළින් සමලංකෘත පරිභෝජන රටාව ශ්‍රී ලාංකික ජනතාව අතරට ගෙනයාමයි. මෙම වෙළෙඳපොළේ දී සියලුම දේ වෙළෙඳ භාණ්ඩ වේ.
කාන්තා ශරීරයේ සිට සෑම කලා නිර්මාණයක් දක්වාම විකිණෙන වෙළෙඳ භාණ්ඩයක් ලෙසට සිතන්න යයි මෙම අර්ථ ක්‍රමය අපට බලකර සිටියි. රූපවාහිනී මාධ්‍යය ස්ථාපිත වූ කාල වකවානුවේ දී බිහි වූ රූපවාහිනී නිර්මාණ සඳහා ද වෙළෙඳපොළ බලපෑමක් තිබුණත් එම නිර්මාණයන්හි ස්වාධීන ප්‍රකාශනයට එයින් බලපෑමක් එල්ල නොවීය. එහෙත් එයින් දශකයක කාලයක් පමණ ගෙවීගිය තැන මෙම ස්වායත්ත බවට නව ලිබරල් ආර්ථික ගතිකත්වයෙන් බලපෑම් එල්ලවන්නට පටන්ගැනෙන්නේ එම ආර්ථික රටාවට අනන්‍ය වූ ගති ලක්ෂණ විදහා දක්වමිනි. රූපවාහිනී මාධ්‍යය ජනතාව අතරට වඩාත් තීව්‍ර ලෙස සමීප කරන ලද ටෙලි නාට්‍ය නිර්මාණයන්, රූපවාහිනී ඉතිහාසයේ මුල් දශක දෙකේ දී ඉතා ප්‍රශස්ත මට්ටමකට තිබුණත් අද වනවිට එහි හැඩතල ශීඝ්‍ර ලෙස වෙනස් වෙමින් තිබේ. ගුණාත්මක බවින් පිරිහුණ අවරගණයේ ටෙලි නාට්‍ය අද දවසේ වැඩි වැඩියෙන් බිහිවීමේ ප්‍රවණතාවය අප වටහාගත යුත්තේ මෙම කටුක යථාර්ථය අධ්‍යයනය කිරීමෙන් පසුවය. රූපවාහිනී මාධ්‍ය හරහා ස්ථායී වූ වෙළෙඳපොළට ගැළපෙන ක්‍රමවේදයක් අනුව බිහිවෙන ටෙලි නාට්‍යයන්ට පමණක් ස්ථීරසාර පැවැත්මක් සහ එයට දායකවන ටෙලි නාට්‍යකරුවන්ට පමණක් තම ජීවිත පෝෂණය කර ගැනීමට හැකි වී තිබෙන ඉඩකඩ ගැන අප පළමුවෙන්ම තේරුම් බේරුම් කරගත යුතුවේ.
මෙම තත්ත්වය ඕපපාතිකව ඇති වූ තත්ත්වයක් නොවේ. මෙය වත්මන් නිෂ්පාදන බලවේග හසුරුවන අධිපති ප්‍රාග්ධනයෙන් නිර්මිත උපරිව්‍යුහය ශක්තිමත් කරනු ලබන නිහීන සංස්කෘතික ක්‍රියාදාමයක අනිසි ප්‍රතිඵලයකි. රජය මගින් හසුරුවන ලද රූපවාහිනිය හෝ ගුවන් විදුලිය නව ආර්ථික රටාවෙන් පෝෂණය වූ මෙම ගන්ධබ්බ කුලයේ වෙළෙඳ පන්තියෙහි සංස්කෘතික ක්‍රියාදාමයට අනුරූප නොවූ බැවින්, එම පන්තියේ ප්‍රාග්ධනය විසින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවන්, එෆ් එම් නාලිකාවන් වැළ නොකැඩී ආරම්භ කරන ලදී. ජනතා කාර්යභාරයෙන් වියෝවී පැවැති රජයන් ද නව සමාජ ආර්ථික රටාව තුළ ඔළුව ගසාගෙන සිටිමින් කොන්දේසි විරහිතව මෙම නාලිකාවන් ස්ථාපිත කිරීම සඳහා බලපත්‍ර නිකුත් කළේය.
නව වෙළෙඳ කුලයේ විඥානයට සරිලන පරිදි වැඩසටහන් නිෂ්පාදනයේ යෙදෙන මෙම නාලිකා විසින් සිරස මගින් නකුට නටවන ප්‍රතිපත්තිය පසෙකලා නකුට මගින් සිරස නටවන ප්‍රතිපත්තිය බලාත්මක කර ඇත. 70-80 දශකවල ප්‍රශස්ත මට්ටමක පැවැතියා වූ කලා රසවින්දනය පහල තලයකට ගෙන ඒම සඳහා මෙම නාලිකාවන්ගෙන් බහුතරය මගින් පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ කැසකවන ලද ආකාරය උදාහරණ ලෙස පෙන්වාදිය හැකිය. ජාතික දායාද ලෙස ඉතිහාසයේ ලියවී ඇති ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කිරීමට අවස්ථාව සලසා දෙමින් සුපිරි තරු බිහි කිරීමේ රියැලිටි වැඩසටහන් අද වෙළෙඳපොළ නියාමනය අනුව සිදුවන වෙළෙඳ පටලැවිල්ලක් බවට පත් වී ඇත.
තවත් එක් වෙළෙඳ භාණ්ඩයක් නිෂ්පාදනය වෙනවා හැර ස්වෛරී ලක්ෂණ විදහා දක්වන ගායකයෙක් හෝ ගායිකාවක් මෙම රියැලිටි වැඩසටහන් තුළින් ගායනා ක්‍ෂේ
ත්‍රයට එක්වෙයිනම් එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අවම අවස්ථාවක් වේ. එහි ඛිෙදජනක තත්ත්වය නම් පෞද්ගලික නාලිකා මගින් හඳුන්වා දෙන ලද මෙවැනි වැඩසටහන්වල කාබන් කොපි රාජ්‍ය මාධ්‍ය සඳහාද පූර්වාදර්ශයන් සැපයීම වේ.
මේ අතර රූපවාහිනිය ඔස්සේ හඳුන්වා දෙන මෙගා ටෙලි නාට්‍ය රැල්ල අද දවසේ ටෙලි නාට්‍යයේ ගතිකත්වය නිර්ණය කරනු ලබන ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය බවට පත්ව තිබේ. මෙම ටෙලි නාට්‍ය රැල්ලෙන් ගුණාත්මක බවින් දුප්පත් වූ ටෙලි නාට්‍ය ගොන්නක් ප්‍රේක්ෂක ජනතාව ඉදිරියේ දිගේලි වූවාසේම, එය ටෙලි නාට්‍ය කර්මාන්තයේ සමතුලිත බව ආරක්ෂා කරගැනීමට ප්‍රතිවිරුද්ධව පාත් වූ හෙණයක් බවටද අද දවසේ පත්ව ඇත.
තිරනාටක රචකායගේ සිට නළුනිළියන් සියලු කාර්මික ශිල්පීන් හරහා අධ්‍යක්ෂවරයා දක්වාම අදාළ ටෙලිනාට්‍යයට මුදල් යොදවන නිෂ්පාදකවරයාගේ කුලීකාරයින් බවට පත් කිරීම මෙම ටෙලි නාට්‍ය රැල්ල විසින් ජනිත කර ඇති පාදඩ වෙළෙඳ සංස්කෘතියක අවසාන ප්‍රතිඵලය වේ. වැඩි ප්‍රතිලාභයක් උපයා ගැනීමේ පරම ආධ්‍යාශය මෙවැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනයේ දී නිෂ්පාදකවරයා බලාපාරොත්තුවන මූලික සහ එකම අභිප්‍රාය වේ. එවැනි තත්ත්වයක් තුළ දී ක්ෂේත්‍රයේ වෘත්තීය නිපුණත්වය හා ගුණාත්මක ප්‍රමිතිය නිෂ්පාදකවරයාට වැදගත් සාධකයකි. නළු නිළි රංග ප්‍රතිභාව, අධ්‍යක්ෂවරයාගේ ප්‍රවීණත්වය නිෂ්පාදනය සඳහා අදාළ වන්නේ නැත. වෙළෙඳ භාණ්ඩය කෙසේ විය යුතුද යන්න නිර්ණය කරන්නේ නිෂ්පාදකවරයාගේ සහ එම වෙළෙඳ භාණ්ඩය මිලදී ගන්නා මාධ්‍ය ආයතනයේ බලධාරීන්ගේ එකඟතාව මත පමණි.
එකම අච්චුවක නිපැදවෙන මෙවැනි වෙළෙඳ භාණ්ඩ සඳහා දෙපාර්ශ්වයේ ඇතිවන වෙළෙඳ ගිවිසුම වසර තුන හතරක් තිස්සේ කොටස් සියගණනක් පුරා ඇදී යාමෙන් ටෙලි නාට්‍ය කර්මාන්තය තුළ සිටින සෙසු නිර්මාණකරුවන් බලවත් අසාධාරණයකට පාත්‍රවෙන බව අතදරුවෙකුට වුවද ප්‍රත්‍යක්ෂ කරුණකි. රාජ්‍ය මාධ්‍ය හරහා ගෙන ගිය මෙම වෙළෙඳ ඒකාධිකාරයට විරුද්ධව ටෙලි නිර්මාණකරුවන්ගේ සංසදය (ටෙලිනිස) නැගූ හඬෙහි ප්‍රතිඵලයක් වශයෙන් ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය සඳහා කරනු ලබන මෙගා ටෙලිනාට්‍ය කොටස් 100 කට සීමා කිරීමට හැකියාව ලැබුණත් ඒ තුළ අන්තර්ගත අත්‍යුදාර පරමාර්ථ සාක්ෂාත් කරගෙන එහි ප්‍රතිලාභ ටෙලිනාට්‍ය කේෂ්
ත්‍රයේ සියලු වෘත්තිකයින් අතරේ සාධාරණව බෙදාහදා ගැනීමට අප සැම තවම අපොහොසත් වී ඇත. එයට හේතු වී ඇත්තේ වත්මන් අර්ථක්‍රමය තුළින්ම සමාජගත වී ඇති ආත්මාර්ථකාමී සහ මුදලට ගිජු වූ නිලධාරී පැලැන්තියක් හා දේශපාලන බලාධිකාරයක් මෙම වෙළෙඳ හුවමාරුවේ දී ස්ථායී චරිත බවට පත්ව තිබිම වේ.
රජයට අයත් විද්‍යුත් නාලිකා දෙක තුළ පවා ටෙලි නාට්‍ය විකාශය කිරීම සඳහා පාරදෘශ්‍ය ක්‍රියාපටිපාටියක් තවමත් නොපෙනෙන තත්ත්වයක් හමුවේ එයට සමාන්තරව පෞද්ගලික විද්‍යුත් නාලිකා ඔස්සේ ටෙලිනාට්‍ය විකාශය කිරීමේ ඒකාධිකාරයක්ද තිබිම සහේතුකය. මෙහි දී පෞද්ගලික විද්‍යුත් නාලිකාවල බලධාරීන්ට ඇඟිල්ල දිගුකිරීමට පෙර එම විද්‍යුත් නාලිකා සමග දැනටමත් ගනුදෙනු කරන අපගේ සහෝදර ටෙලි නාට්‍යකරුවන්ට පළමුවෙන්ම ඇඟිල්ල දිගු කිරීමට සිදුවේ. තමන්ගේ උදර පෝෂණය ගැන පමණක් සිතා කටයුතු කරන මෙම කලාකරුවන් පිරිස පෞද්ගලික නාලිකා හමුවට ගොස් එකිනෙකා පාවා දෙමින්, ටෙලිනාට්‍ය සතුව පවත්නා වූ පරිපූර්ණ ගුණාංග පිළිබඳව සත පහකටවත් මායිම් නොකර ඉතා අඩු මිල ගණන්වලට ටෙලි නාට්‍ය වෙළෙඳාමෙහි යෙදෙන අයුරු හිරිකිතය.
වත්මනෙහි පවත්නා වූ ආර්ථික පීඩනය හමුවේදී සියලුම භාණ්ඩවල මිල ඉහළ යන තත්ත්වය තුළදී ටෙලිනාට්‍යවලද එක් කොටසකට රූපවාහිනී නාලිකාවකින් ගෙවිය යුතු මුදලද ඉහළ යායුතු වුවත්, වෙළෙඳ ඒකාධිකාරයන් පවත්වාගෙන යමින් ටෙලි නාට්‍ය නිෂ්පාදනයේ යෙදෙන මෙම කලා නිහීනයෝ රූපවාහිනී නාලිකා ඉදිරියේ දීනයන් බවට පත්වෙමින් එම අවස්ථාවද අහිමි කරගනිති. ඒ කෙසේද යත් ටෙලිනාට්‍ය කොටසකට මෙම නාලිකා ගෙවීමට සූදානම් මුදලටත් වඩා අඩුවෙන් තමන්ට ටෙලිනාට්‍ය සාදා දියහැකි බව එම නාලිකාවලට පොරොන්දු දෙමිනි. ටෙලිනාට්‍ය කලාවේ ගෞරවය හා ප්‍රමිතිය කෙලෙසා දැමීමට මොවුන් මොනතරම් නිවටයන් බවට පත්ව ඇත්ද යන්න එයින්ම පැහැදිලි නොවන්නේද?
ටෙලිනාට්‍ය නිෂ්පාදනයේ යෙදෙන මෙම පාදඩ සංස්කෘතියට ඇතැම් ප්‍රවීණ නළු නිළියන් සහ අධ්‍යක්ෂවරුන් ද උර දී තිබිම ඛිෙදජනකය. මෙම පාදඩ ටෙලි නාට්‍ය නිෂ්පාදන සංස්කෘතියේදී කලින් නිමා වූ තිරපිටපතක් අධ්‍යක්ෂවරයාගේ අතට බොහෝ විට පත්වන්නේ නැත. තමන් සමග රඟපාන නළුවා හෝ නිළිය නොදැක තමන්ට අයත් දෙබස් පමණක් කැමරාව ඉදිරියේ කියාගෙන යන තත්ත්වයට පත්වීමට ප්‍රවීණයැයි කියාගන්නා ඇතැම් නළු නිළියන් පවා සූදානම්ය. නළු නිළි රඟපෑම වෙළෙඳ භාණ්ඩයක ගති ලක්ෂණ පෙන්නුම් කරයි. නළු නිළියන්ට අදාළ සියලු වස්ත්‍රාභරණ රංගභාණ්ඩ තීන්දු කරනු ලබන්නේද
නිෂ්පාදකවරයා විසින්ය. මෙම ටෙලි නාට්‍ය (වෙළෙඳ භාණ්ඩ) නිෂ්පාදනයේදී අධ්‍යක්ෂවරයාගේ සිට අවශේෂ සියලුම කාර්මික ශිල්පීහු මාසික වේතනයක් ලබන කම්කරුවෝය. වැඩියෙන් යමක් කවුරුහරි ඉල්ලා සිටියහොත් ඔහු හෝ ඇය තවදුරටත් අදාළ ටෙලිනාට්‍ය නිෂ්පාදනය සඳහා රඳවා තබාගන්නවාද යන්න නිර්ණය කරනු ලබන්නේ නිෂ්පාදකවරයාය. ඔහුගේ සිත දිනාගැනීම සඳහා තිරනාටක රචකයාගේ පෑන නිතරම සූදානම්ය. රූපගත කරන ඉසව්වේ සිටින්නේ කිනම් රංගන ශිල්පියාද ශිල්පිනියද යන්න දුරකතනයෙන් විමසා බලා අදාළ දර්ශනයන් දුරකතනයෙන්ම කියාදෙන තිරරචකයෝ මෙම පාදඩ සංස්කෘතියේ නිර්මාපකයෝ වූහ. මෙවැනි ජුගුප්සාජනක ක්‍රියාවලියකින් නිපැදවෙන ටෙලි නාට්‍ය වෙළෙඳ භාණ්ඩ විකුණාගැනීමෙන් පොහොසත් වූවෝ අද මේ ටෙලි නාට්‍ය නිෂ්පාදනයේ ඒකාධිකාරය පවත්වාගෙන යන්නෝ වෙති. මෙම සංස්කෘතියට විරුද්ධව මතුපිටින් බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් අදහස් ප්‍රකාශ කළත් උපවිඥානව මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙනයාම පිණිස ඔවුන්ගේ ආශිර්වාදය නිතැතින්ම හිමිව ඇත.
කිසියම් සාධාරණ ඉල්ලීමක් හේතු කොටගෙන රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියක කිසියම් හෝ ටෙලිනාට්‍ය
නිෂ්පාදනයකින් ඉවත්වුවහොත්, ඒ අඩුව පුරවාලීමට වෙනත් රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියක ඉදිරිපත්වන්නේ දශක දෙක තුනක් පුරා මෙම සමාජ ආර්ථිකය තුළින් සෑදූ ප්‍රතිපත්ති විරහිත මිනිසාගේ ගති ලක්ෂයන් මොනවට පෙන්නුම් කරමිනි. මෙය ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට අදාළ සෙසු වෘත්තීන්ටද පොදු ධර්මතාවකි. ටෙලිනාට්‍ය ඉතිහාසයේ හරවත් ටෙලිනාට්‍ය නිර්මාණය කරන ලද බොහෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන් ටෙලිනාට්‍ය නිර්මාණකරණයෙන් බැහැර වී ඇත්තේත් ඉදිරියේ දී එවැනි ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් ටෙලිනාට්‍ය නිෂ්පාදනයෙන් බැහැර වනු ඇත්තේත් මෙම මජර සංස්කෘතියට අනුගතවීමට නොහැකි නිසාවෙනි.
2005 වර්ෂයේදී පැවැත්වූ ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහාත් ඉන්පසු පැවැත්වූ මැතිවරණවලදීත් කලාකරුවන් එකතුවී තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් වර්තමාන රජයේ ජය තහවුරු කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් සපයන ලද්දේ පොදුවේ කලා ක්‍ෂේත්‍රය බිලිගෙන තිබෙන මෙම පාදඩ වෙළෙඳ පංතියෙන් එය මුදවා ගැනීමේ පරම ආධ්‍යාශයෙනි. අවසාන මොහොතේදී කෝච්චියේ එල්ලී, නැති ඉතිහාසයක් මවා පාමින් කෑමොරදෙන ඇක්ෂන් කලාකාරයන්ට නම් කලාවේ දැන් පවතින්නා වූ මේ තත්ත්වය සනීපය. හිතට සුවදායකය. ඒ මන්දයත් රජයේ බොහෝ ව්‍යාපෘතිවලින් ඔවුනට කෝටි ගණන් මුදල් ගලාගෙන එන නිසාවෙනි.
කෙසේ වෙතත් කලාක්‍ෂේත්‍රය තුළ ඔඩුදුවා ඇති තුවාල සදහටම සුවකිරීම සඳහා ඖෂධයක් මෙම ක්‍රමය තුළින්ම සොයාගැනීමට පුළුවන් වේද යන්න අප අභිමුවෙහි ඇති බරපතළ ප්‍රශ්නයක් වී ඇත. එහෙත් එයට විසඳුම් සොයායෑමට අද දවසේ පාලක පංතිය සූදානම් නොවුවහොත් සිදුවන්නේ අපේ ජනතාවට වසවිස කවන බහු ජාතික සමාගම් වසර ගණනාවක් අහිංසක ජනතාවගේ ජීවිතත් සමග සෙල්ලම් කරමින් අවසානයේදී ලද ප්‍රතිඵලවලට වඩා බරපතළ ප්‍රතිඵල භුක්තිවිඳීමට සිදුවීම බව ස්ථීරය. එය ප්‍රත්‍යක්ෂයය. තිරසරය. එබැවින් මෙම සෙල්ලම දැන්වත් නැවැත්විය යුතුය යන්න මෙම පාදඩ වෙළෙඳ සංස්කෘතියට හසුනොවූ කලාකරුවන්ගේ ඒකායන ප්‍රාර්ථනාව වේ.

අනුර මාධව ජයසේකර
0 comments:
Post a Comment