728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 12 September 2013

ප්‍රංශයේ ලාංකිකයන් දන්නා හඳුනන ලංකාවේ අය නොදත් චංචලා ලංකාවෙදී සීතා වූ බවයි ....

සීතාවක්‌ වීම හැම ගැහැණියකගේම බලාපොරොත්තුවක්‌...
  චංචලා වර්ණසූරිය...


  ඇතැම් පත්තර කාරයෝ සමහරු පුම්බති ...කරටියටම නග්ගති ...අපේ ඇත්තොත් ඒවා රිසිසේ  ගෙඩි පිටින් පිළිගනිති ....එක්තරා තට්ට හිසක් ඇති වලත්ත අවලමෙකු  ප්‍රංශයේ නෝටි වී සිය භාර්යාව පවා අතහැර සිය දියණිය ටද වඩා ලාබාල වූ  තරුණියක්  ලංකාවේදී විවාහ කරගන්නේ   පත්තර කාරයන් හට කන්න බොන්න දී ,මුදල් හදල් දී ඒ  පිහිටෙනි ...ඔහු ගේ ගී ගැයීමේ දක්ෂතාවය ගැන අප අගය කරන්නෙමු ..එමෙන්ම මෙම සීතාට ද රංගනයේ ඇති දක්ෂතාවයක් ඇත්නම් එයටද අප සුබ පතමු නමුත් පට්ට කෙබර ගසමින් ජනතාව මුලා  කිරීමට නම් ඉඩ නොදෙම්හ ...





 
මෙයද එවන් වූ කථාවෙකි ....මනරම්ය රසවත්ය ,ඇය දැන් රඟන්නේ සීතා චරිතයකි ,කන්‍යාවියකි ...මෙහි වෙසෙන ප්‍රංශයේ අය නම් බොහෝ විස්තර පවසති ..අප දන්නා අයුරු නම් Killing Me Softly with His සෝන්ග්  යන ගීතය ගයන්නේ Roberta Flack  යන ගායිකාව විසිනි ..

http://en.wikipedia.org/wiki/Killing_Me_Softly_with_His_Song
ඒ බවවත් නොදන්නා මෙම ගැහැණිය එම ගීතයේ අයිතිය පවා තමාට ලැබුණු බව පවසනු පළකොට තිබෙයි ...එමෙන්ම  එඩුවා සෙවෙල්  නම් ගායකයෙක් ගැන කිසිවෙක් දන්නේ නැති බව ද සැළයි..එයද අමු පට්ට කෙබරයකි ....මේ අලුතින් පහලවූ සීතා කියන හැම පට්ට කෙබරයක්ම එලෙසින්ම  සිය ලිපියට ලේඛකයා  ඇතුලත් කර ඇත්තේ  ඔහුගේද  දැනුම  මොනවට  කාටත්  පෙන්වමිනි ....
අප මෙම අප නොදන්න බබා සීතාගේ  පුවත්පත් සාකච්චාව එලෙසින්ම පළකරන්නේ  ප්‍රංශයේ වෙසෙන මැය ගැන දත්  සියල්ලන්ටම  සිය අදහස් දැක්වීමට ඉඩ හරිමිනි ..... අද  පාර්ලිමේන්තුවට පවා  පැමිණ ඇති  මහන්සි නොවී හාන්සි වීමේ  න්‍යායය  පමණක් දන්නා මෙවන් ගැහැණුන් ගැන අපගේ ඇතැම් බත් බුදින ගවයන්ද   කතිරය එවුන්ට ගසති .පසුව දුක්වෙති .. .ඒ  දැනුවත් නොවීම   නිසාය .
මෙම ලිපියට අදහස් දැක්වීමට ඔබ සැමට  ආරාධනා කරනෙමු ..බොරුවෙන් ප්‍රෝඩාවෙන් අපේ ජන සමාජය රැවටීමට උත්සහ ගන්නා වුන්  අප මෙහිදී  හෙළිදරව් කරන්නෙමු ...
.


අද සිට තිරගතවීම ඇරැඹෙන ඓතිහාසික කතා වස්‌තුවක්‌ වූ 'රාමායණය' අනුසාරයෙන් නිමැවුණු 'සීතා මං ආවා' සිනමා සිත්තමේ ප්‍රධාන චරිතය වන 'සීතා' කුමාරිය ට ජීවය මුසු කරන ඇය, ප්‍රවීණ කලා ශිල්පීන්ගේ නිර්මාණයන්ට රංගන දායකත්වය දක්‌වමින් ඔවුනගේ ප්‍රසාදයට සහ ගෞරවයන්ට නතුව දැක්‌වූ දක්‍ෂතාවන් සහ ලැබූ උණුසුම් ප්‍රේක්‌ෂක ප්‍රතිචාර නිසාවෙන්ම උක්‌ත චරිතයට වාසනාව ලද්දියකි. බොහෝදේ කියවිය හැකි දිගු දීප්තිමත් නෙතු සඟලත්, උසට සරිලන මනා රූ සපුවත්, ඇගේ සොඳුරු පෙනුමට එක්‌කරනු ලබනුයේ අමතර ආකර්ෂණයකි. දකුණු ලකේ මාතර නම් වූ සුන්දර ගම් පියසෙන් කලා ලොවට දායාදවූ මේ දක්‍ෂ රංගන ශිල්පිනිය, සිය මව් රටේදී සහ ප්‍රංශ දේශයේදී ද අධ්‍යාපනය හදාරමින්, නර්තනයට සහ ගීත ගායනයටද දක්‍ෂතා එළි දැක්‌වූවියකි. කලාවට තිබූ කැමැත්ත නිසාවෙන්ම නිරූපිකාවක ලෙස එක්‌ව දෙරටේදීම දක්‍ෂතා දක්‌වන්නටද ඇය සමත්වන්නී ය. අනතුරුව පුංචි තිරයටත්, රිදී තිරයටත් සිය නිසඟ රංගන හැකියාවන් රැගෙන ආ ඇය, එමගින් ප්‍රේක්‍ෂක සිත් සොරා ගත් ජනප්‍රිය කලා ශිල්පිනියක වූවාය. ඕ, නමින් චංචලා වර්ණසූරිය ය. මතු දැක්‌වෙන්නේ 'දිවයින සිනමා කලා' වෙත ඇරයුම් ලබමින් අප සමඟ පැවසූ ඇගේ කලා දිවියේ තොරතුරු බිඳකි.

රංගන ශිල්පිනියක ලෙස ඔබ අද ජනප්‍රිය චරිතයක්‌. කොතැනද එහි ආරම්භය..?

2000 දී 'ටී.වී. ටයිම්ස්‌' නම් වූ සඟරාවේ මුල් පිටුවේ මගේ ඡායාරූපයක්‌ පළවුණා. ඒක ගත්තේ ලක්‍ෂ්මන් ගුණතිලක මහතා. පසුව ඒ පින්තූරය දැකලා වෙළෙඳ දැන්වීම් රැසකට ආරාධනා ලැබුවා. ඔය අතරතුර ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ මොහාන් නියාස්‌ මහතා හඳුනා ගැනීමට ලැබුණා. ඔහුගේ 'සීතාම්බර සළු' ටෙලි නාට්‍ය නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන්නට ලැබුණු අවස්‌ථාව තමයි මගේ රංගන දිවියේ ආරම්භය. ඒත්....මම නිතරම අපේ රටේ සිටියේ නෑ. නිවාඩුවකට ආ හැමවෙලාවකම වගේ තමයි රංගනයට එකතු වුණේ. හැබැයි, එහෙම කරපු හුඟක්‌ චරිතවලට මට ඉහළ පිළිගැනීමක්‌ ලැබුණා. දැනට මම ටෙලි නාට්‍ය නිර්මාණ 15 කට ආසන්න සංඛ්‍යාවක දී හොඳ චරිත නිරූපණයක්‌ කළා. මේ දිනවල විකාශයවන 'දිය මත ලියමි' ටෙලි නාට්‍යයේත් මගේ රඟපෑම් තියෙනවා.

මුල් කාලයේ විවේකයක්‌ ලැබුණු අවස්‌ථාවලදී පමණක්‌ රංගනයට එකතු වූ බවක්‌ කීවේ, ඔබ පූර්ණකාලීනව රංගන ශිල්පිනියක්‌ නොවනු බවද..?

නැහැ. මගේ අධ්‍යාපන කටයුතු සහ විදෙස්‌ ගතවීම් නිසයි එහෙම වුණේ. නමුත් 2011 සිට අද දක්‌වාම මා පූර්ණකාලීනව කලාව සමඟ ජීවත් වෙනවා.

රිදී තිරයට ඔබේ රංගන දක්‌ෂතා රැගෙන ආ ප්‍රථම අවස්‌ථාව පිළිබඳ තිබෙන මතකය මොන විදිහද..?

ප්‍රවීණ කලා ශිල්පි රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ යුවළ තමයි මට ඒ අවස්‌ථාව ලබා දුන්නේ. සුමනා මහත්මිය එංගලන්තයේ සිටි අවස්‌ථාවක 'faෂන් ටී.වී.' වැඩසටහනකදී මාව දැකලා තිබුණා. එක්‌ අවස්‌ථාවක දී අපි මුණ ගැසුණා. ඒ වනවිටත් මම ඔවුන්ගේ සිතේ සිටි චරිතයක්‌. ඉතිං මට 'සර් ලාස්‌ට්‌ චාන්ස්‌' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබුණා. ඊට පසුව උදයකාන්ත වර්ණසූරියගේ 'පායා එන්න හිරුසේ', ලාල් ප්‍රියදේශගේ 'කිව්වද නහී නොකීවද නහී', කුසුම් ශාන්තසිරිගේ 'මුතු සළඹ', හී ද්විත්ව චරිතයක්‌, චන්ද්‍රරත්න මාපිටිගමගේ 'සිහිනය දිගේ එන්න' චිත්‍රපටවලදී ඉතාමත් හොඳ චරිතයන්ට ජීවය මැව්වා. ප්‍රධාන චරිතයට ජීවය මැවූ අවස්‌ථාත් මේ අතරට අන්තර්ගතයි.

'සීතා මං ආවා' චිත්‍රපටයට පසු ඔබේ රංගනයන් රැගෙන ගියේ කොහේටද..?

ප්‍රවීණ සහ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ 'සමනල සංධවනිය', මොහාන් නියාස්‌ගේ 'අපි මැරෙන්නේ නෑ', තිස්‌ස ඩයස්‌ගේ 'රොබා සහ ඔබා', අර්ජුන කමලනාත්ගේ 'ආසාවේ මායා' මා රඟ පෑ ඉදිරියට තිරගත වීමට නියමිත සිනමා සිත්තම්. 'දෙවැනි මවු', 'ජීවිතය සුවඳයි', 'සීත හිම වර්ෂා', 'දේදුන්නෙන් එහා' ඇතුළු මා රඟ පෑ තවත් ටෙලි නාට්‍ය නිර්මාණ 15 ක්‌ පමණ විකාශයට නියමිතයි. ඊට අමතරව රන්මිනිතැන්නේ දී රූප ගත කරන 'රන්මිනිතැන්න' ටෙලි නාටකයේ සුදු හාමිනේ චරිතය මගේ රංගන දිවියේ සුවිශේෂි චරිතයක්‌ ලෙස ගෙනහැර දැක්‌වීමට පුළුවන්. මෙයත් ඇතුළුව තවත් ටෙලි නාට්‍ය නිර්මාණ කීපයක රූපගත කිරීම් සමඟ තමයි මේ දිනවල කාලය ගෙවන්නේ.

'සීතා මං ආවා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන 'සීතා දේවිය' ඉතිහාස ගත චරිතයක්‌. කොහොමද ඔබ මේ චරිතයට අභියෝගයකින් තොරව සාධාරණය කළ බව කියන්නේ..?

ඇත්තටම මේ චරිතය මගේ රංගන දිවියට ආශිර්වාදයක්‌. ඒ වගේම මේ චරිතයට ජීවය මුසුකිරීමට ලැබීමත් මගේ වාසනාවක්‌. බොහෝ තේරීම් අතරින් සුදුස්‌සිය වන්නට ලැබීමත් තවත් වාසනාවක්‌. මේ අප දන්න රාමායණය නැවත ප්‍රතිනිර්මාණය කිරීමක්‌ම නෙවෙයි. අදට ගැලපෙන ලෙස කළ සිනමා සිතුවමක්‌ පමණයි. නූතන 'සීතා දේවිය' නැවත ඉපදී සිටින්නේ මේ රටේ ජනප්‍රියම නිළිය විදිහට. 'රාමායණය' කියන විශිෂ්ට කෘතිය හොඳින් පරිශීලනය කරලා තමයි මෙහි අධ්‍යක්‍ෂ ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපෝන්සු මට 'සීතා' ට ජීවය මැවීම බාර කළේ. ඒක මට අභියෝගයක්‌ වුණත්, ඔහු ඉතාමත් දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු විදිහට ඉතාමත් සුහදව සහ ආදර ගෞරවයෙන් යුතුව මේ චරිතයන් තුළදී මාව හැසිරවූ බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. 'රාමා' චරිතයට ජීවය මැවූ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාත් මෙතනදී අප දැකපු සහ දන්න බන්දු සමරසිංහට වැඩිය වෙනස්‌ම වූ චරිතයක්‌ වුණා. ඇත්තෙන්ම මේ චිත්‍රපටය වෙනුවෙන් එක්‌වූ ප්‍රවීණ කලා ශිල්පීන් සැමගෙන්ම ලැබුණු සහාය කිසි දිනක අමතක කරන්නට බැහැ. 'සීතා' කියන්නේ පවුල් ජීවිතය උපරිමයෙන් ආරක්‍ෂා කළ කෙනෙකුට. ඇයට සැමියා තරම් වටිනා තවත් වස්‌තුවක්‌ තිබුණේ නෑ. ඒ වගේම තමයි 'රාමා'. ඔහු සිය බිරිඳ ගැන පූර්ණ විශ්වාසය තැබුවා. ඔහුගේ ලෝකය 'සීතා' වගේම සීතාගේ ලෝකය වුණේ 'රාමා'. ඇත්තටම මේ චරිතය මගේ ජීවන චරිතය වගේම සංවේදී චරිතයක්‌. මෙහි හැඬුම් එන දර්ශනවලදී මට කොයි මොහොතකවත් 'ග්ලිසරින්' දමන්න සිදුවූණේ නැහැ. මමත් ඇත්තටම තුන්වැනි ලෝකයේ ගැහැනියක විදිහට සීතා චරිතයට ගරු කරනවා. ආදරය කරනවා. මම සිතන විදිහට හැම ගැහැනියකම පෙරුම් පුරන්නේ සීතා වගේ වෙන්න. ඒකයි මම කියන්නේ මේ චරිතය මා ජීවිතයේ ලැබූ ලොකුම භාග්‍යයක්‌ කියලා.

ඒ කියන්නේ ඔබ දැන් රංගනයෙන් උපරිම තලයකට පැමිණ අවසන් කියලද..?

මම මෙතනදී රංගන ශිල්පිනියක ලෙස උපරිමය ලබා දුන්නත් මගේ රංගන දිවියේදී මම තාමත් උපරිම තෘප්තිමත් කලා ශිල්පිනයක්‌ නොවෙයි. හැබැයි 'සීතා' කියන්නේ මා හොඳ අධ්‍යයනයකින් පසු රඟ පෑ චරිතයක්‌. 'සීතා මං ආවා' චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ, අපොන්සු කලා ශිල්පියා ගැන තවදුරටත් සඳහන් කරනවා නම්, ඔහු අති දක්‍ෂ තමන්ගේ කාර්යය කැපවීමෙන් කරන, සුන්දර නිහතමානී අධ්‍යක්‍ෂවරයකු බවත් කිව යුතුයි. ඔහුගේ කාරුණිකත්වය යටතේ අපි රැයත් දවාලත් නොබලා මේ චිත්‍රපටයේ දී රංග ගත වුණා. මෙතනදී නිෂ්පාදකවරයා වූ චමින්ද රණසිංහත් විශේෂයෙන් සිහිපත් කරන්නට කැමතියි. 'සීතා මං ආවා' චිත්‍රපටය හැමෝම එකමුතුව කළ පවුලේ කතාවක්‌ වගේ. ඉතිං අපි හැමෝම කැමරාව ඉදිරියේ මැවූ මේ සොඳුරු රංගන අත්දැකීම නුදුරේදීම හැමෝටම බලන්න පුළුවන්a. එතකොට තව කතා කරන්න හුඟාක්‌ දේවල් තියෙයි.

ලෝක ප්‍රකට ඉංග්‍රීසි ගීතයක්‌ නව ආරකින් ගැයුමට ඔබ ලද අවස්‌ථාව අපේ රටට ගෞරවයක්‌. කොහොමද...ඔබට ඒ ආරාධනාව ලැබුණේ...?

ප්‍රංශ ගායන ශිල්පියකු වන එඩුවා සෙවෙල් ගයන ගීතයක්‌ වූ 'කිලිං මී සොෆ්ට්‌ලි' ජනප්‍රිය ගීතය නව ආරයකින් ගයන්නට මට ආරාධනා ලැබුණා. ඔහු ලොවපුරාම ජනප්‍රිය ගායන ශිල්පියෙක්‌. ඔහුගේ ගීත ඇල්බමයකට මට ආරාධිත ගායන ශිල්පිනියක ලෙස එක්‌වීමට ලැබීමත් වාසනාවක්‌. මේ ගීතය මම රැප් කළේ සිංහල භාෂාවෙන්. දැන් ගීතයේ අයිතියත් මා සතුයි. මේ හරහා මගේ රටට ගෞරවයක්‌ ගෙන දීමට සහ සිංහල භාෂාව ලෝකයට ගෙනයන්න ලැබුණු අවස්‌ථාව පිළිබඳ ඇත්තටම සතුටුයි. මීට අමතරව තවත් සිංහල ගීතයක්‌ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ආදරය කියන්නේ අපේ ජීවිතය ජීවත් කරවන සොඳුරු බලාපොරොත්තුවකට. කොහොමද....ඔබේ ජීවිතයට මෙය දැනී තිබෙන්නේ...?

මම ආදරය කරලා නෑ කියලා බොරු කියන්නේ නැහැ. ඔව්... මට ආදරය පිළිබඳ අත්දැකීම් තියෙනවා. දැන් මම පෙරුම්පුරනවා ජීවිතය පුරාවටම එක්‌ අයකු සමඟ ජීවත් වීමට. විශ්වාසය, ගරු කිරීම, අගය කිරීම, ආරක්‍ෂාව සහ මඟ පෙන්වීම තුළින් මම ඒ ආදරය දකිනවා. ඉතිං මම බලාපොරොත්තු වෙන්නෙත්, හොයන්නෙත් එපමණයි. ඇත්තෙන්ම මම අද කාර්යබහුල කලා ශිල්පිනියක්‌. නමුත් මම ඒකෙන් උදම්වී ආඩම්බරකාරියක ලෙස හැසිරෙන්නේ නෑ. මේ මොහොත වන විට මගේ රටේ සුවහසක්‌ වූ රසික ජනතාව මට ආදරය කරනවා. ඒ වගේම එක දිගට රංගනයට අවස්‌ථාත් ලැබී තිබෙනවා. එය සිත සතුටින් පුරවාලන්නක්‌ සහ ජීවිතය ජීවත් කරවන්නක්‌ ලෙස මට හැඟී තිබෙන බව කලාකාරිනියක විදිහට නිහතමානීව පැවැසිය හැකියි.

නිරූපණ වේදිකාවෙන් කලා ලොව දොරගුළු විවර කොටගත් ඇය, ඒ හරහා රංගනයට ද පිවිස, අද පුංචි තිරයත්, රිදී තිරයත් ජයගනිමින් මෙරට ප්‍රේක්‍ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත්ව සිටින්නීය. අද සිට ප්‍රේක්‍ෂක ඔබ දකින 'සීතා මං ආවා' සිනමා සිත්තම ඇගේ රංගන දිවියේ සුවිශේෂී පැතිකඩයන් ගෙන හැර දක්‌වනු ඇති බව නිසැකය. ඒ රංගනයන් දිනක සම්මානනීය වනු දැකීමේ ඇගේ අහිංසක බලාපොරොත්තුව සැබෑවක්‌ම වනු දැකීම අප සැමගේත් පැතුමය. එතෙක්‌ ඇය ලැබූ ප්‍රේක්‍ෂක ආදරය සහ ගෞරවය රැගෙන ඇය හෙට දිනයේත් ඔබ, අප ඉදිරියේ රංගගතවනු ඇත. ඉදින්, ජනප්‍රිය නිහතමානී සොඳුරු රංගන ශිල්පිනී චංචලා වර්ණසූරියට, ඇගේ අනාගත කලා දිවියට අපි මෙලෙස සුබ පතමු.

සුජීව තත්සර
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ප්‍රංශයේ ලාංකිකයන් දන්නා හඳුනන ලංකාවේ අය නොදත් චංචලා ලංකාවෙදී සීතා වූ බවයි .... Rating: 5 Reviewed By: Unknown