ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාවක් පරිද්දෙන් ඉකුත් සතියේ සිදු වූ ගම්පහ කෝටි දෙකේ මුදල් කොල්ලයේ සුලමුල සොයා ගැනීම සඳහා පොලිසිය මේ වන විටත් සිටිනුයේ අපමණ වෙහෙසක් දරමිනි.
ආයතනයේ කැමරා පද්ධතියේ සටහන්ව තිබූ කොල්ලකරුවන්ගේ ඡායාරූප
එහි පූර්ණ වගකීම පැවරී ඇත්තේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට සහ ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින්ටය. ඒ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ සෘජු නියෝග අනුවය.
මේ අනුව පසුගිය දිනවල ලැබෙමින් තිබූ තොරතුරු ඔස්සේ ගම්පහ කොල්ලයේ මහ මොළකරුවන් සොයා පොලිසිය රට පුරා ප්‍රදේශ රැසක් පීරමින් විශේෂ මෙහෙයුම් කිහිපයක්ද සිදු කර තිබිණ. නමුත් මේ මොහොතේත් එකී අපරාධකරුවෝ සැඟව සිටිති.
දෙනෝ දාහක් ගැවසුන නගරයක මුල්‍ය ආයතනයක් තුළදී මහ දවල් මිනිසුන් දණ ගස්සවා සිදු කෙරුණු මෙම කොල්ලයේදී කොල්ලකරුවන් මැනවින් හඳුනාගත හැකි වන පරිද්දෙන් එම මුල්‍ය ආයතනයේ සීසීටීවී කැමරා පද්ධතියේ සටහන්ව තිබූ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට පොලිසිය පියවර ගෙන තිබියදී සහ කොල්ලයට සම්බන්ධ සැකරුවන් දෙදෙනකුම අත්අඩංගුවට ගෙන තිබියදීත් එය මෙහෙයවූවන් මෙසේ සැඟවී සිටිනුයේ කෙසේදැයි යනුවෙන් යමෙකුට මෙහිදී ගැටලුවක්ද මතුවිය හැකිය.
එහෙත් මුල්‍ය ආයතනයේ කැමරා පද්ධතියේ සටහන්ව තිබූ කොල්ලකරුවන්ගේ ඡායාරූප ජනතා සහාය බලාපොරොත්තුවෙන් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට පොලිසිය පියවර ගත්තද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවීම සහ දැනට අත්අඩංගුවට ගෙන සිටින මෙම කොල්ලයට සෘජුවම සම්බන්ධයෑයි සැකකරන නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ සමෘද්ධි නිලධාරියා සෙසු කොල්ලකරුවන් පිළිබඳ කිසිත් නොදත් "අපතයකු" වීමත් දෙවනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ පිළිබඳ මෙලෝ හසරක් නොදත් "හාල් කෑල්ලක්" වීමත් එයට හේතු වී ඇත.
අවම තරමේ දැනට අත්අඩංගුවට ගෙන සිටින සමෘද්ධි නිලධාරියා කොල්ලකෑ මුදල් සහ ස්වර්ණාභරණවලට සිදු වූයේ කුමක්ද ඒවා තිබෙන්නේ කොහේද යන්න පවා නොදන්නා බව දැඩි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේත් ප්‍රකාශ කර ඇත්තේය.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් මෙම කොල්ලය පිළිබඳ වැදගත් යමක් අනාවරණය කර ගැනීමට පොලිසිය ප්‍රබල උත්සාහයක් ගත්තද ඒ උත්සාහය නිරර්ථක එකක්ම වී තිබෙන්නකි. පොලිසියට ඔවුන්ගෙන් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙන්නේ "කොල්ලය සඳහා අට දෙනකු පැමිණියා.. තිදෙනකු ඔත්තු බැලුවා.. වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු ඒ අතර සිටියා" යනුවෙන් වූ මෙම ගැටලුව විස¹ ගැනීමට එතරම් වැදගත් නොවන්නා වූ කරුණු කිහිපයක් පමණි.
ඉන් පෙනී යන පැහැදිලිම කරුණ වන්නේ ගම්පහ කොල්ලය මෙහෙයවූ මහ මොළකරුවන් සියල්ල ඉතාම සූක්ෂම අයුරින් කර තිබෙන බවය. මුල්‍ය ආයතනයේ කැමරා පද්ධතියේ තිබූ ඡායාරූප ප්‍රදර්ශනය කර තිබියදී ඔවුන් පිළිබඳ පොලිසියට මෙතෙක් නිශ්චිත තොරතුරක් නොලැබීමෙන්ද පැහැදිලි වන්නේ ඒ කතාවමය.
එසේ නම් මේ මොහොතේත් එකී අපරාධකරුවන් කොල්ලය සිදුවන අවස්ථාවේ සිටි ස්වරූපය යම් වෙනසකට ලක් කර ගනිමින් මේ සමාජය තුළ ගැවසෙන්නේය. එම තත්ත්වය හමුවේ පොලිසියට මේ වන විට ඉතිරිව තිබෙන්නේ අපරාධකරුවන් සොයා ගැනීම සඳහා සැක සහිත සාධක ඔස්සේ ගමන් කිරීමය.
ගම්පහ මූල්‍ය ආයතනය කොල්ල කෑමේදී ඊට සහභාගි වූ කොල්ලකරුවන් ක්‍රියාත්මක වූ ආකාරය විශේෂිත එකක් බවට බැලූ බැල්මට පෙනී යන්නේය. එහිදී මුලින්ම කිවයුත්තේ එය මෙහෙයවූවන් කිසිසේත්ම එවන් දේ සඳහා කෝඩුකාරයන් නොවන බවය.
මුලින්ම මුල්‍ය ආයතනය තුළට ලීසිං පහසුකමක් ලබා ගැනීමට මෙන් පැමිණි එකෙකු එහි කළමනාකරුවකු ග්‍රහණයට ගැනීමත් සමග අනෙකුත් පිරිස කඩා වැදීමත්, අවසානයේ මුදල් හා රන් අබරණ සියල්ල පැහැර ගැනීමෙන් පසු එහි සිටියවුන් සිරකොට පලා යැමත් දෙස විමසීමෙන් බැලීමේදී ඔවුන් සතුවූ පළපුරුද්ද හොඳින් පැහැදිලි වන්නේය.
නමුත් එවන් පළපුරුද්දක් තිබූ බවට හැඟී යන ගම්පහ කොල්ලයේ කොල්ලකරුවෝ සියල්ල අවසානයේ මුල්‍ය ආයතනයේ වූ සීසීටීවී කැමරා පද්ධතියට නිරාවරණය වූහ.
වර්තමානයේ සීසීටීවී කැමරා තාක්ෂණය පිළිබඳ කතාබහට ලක්වන සහ එකී තාක්ෂණය ප්‍රචලිත වී තිබෙන අන්දම මෙන්ම පසුගිය කාලයේ එවන් කැමරා පද්ධති නිසා අපරාධකරුවන් නීතියට කොටුවූ ආකාරය වැනි දේ ගැන පළපුරුද්දකින් යුතු වූ ගම්පහ කොල්ලයට පැමිණියවුන් නොදැන සිටියා විය නොහැකිය.
නමුත් ඔවුහු එහි සවිකර තිබූ කැමරා පද්ධතියට කොටු විය. එසේ වූයේ කොල්ලකරුවන්ට මුල්‍ය ආයතනය ඇතුළතින් සහාය ලබා දුන්නකු තමන්ට පැවරුණු කාර්යය හරිහැටි ඉටු නොකිරීම නිසා විය නොහැකිද? කොල්ලයට එක් වූවන් සියල්ල අවසානයේ පැහැරගත් ධනයද සමගින් මුල්‍ය ආයතනයෙන් පිටතට පැමිණෙන්නේ ගමේ යන්නාක් පරිදිය.
එහිදී ඔවුනට ආයතනයේ කැමරා පද්ධතියක් ක්‍රියාත්මක නොවන බවට දැඩි විශ්වාසයක් තිබූ බව එකී ගමන් විලාශයෙන් පැහැදිලි වන්නේය. නිශ්චිත ලෙසම ආරක්ෂිත කැමරා පිළිබඳ අවබෝධයක් හා පළපුරුද්දක් තිබෙන බව හැඟී යන මෙම කොල්ලකරුවන්ට එවන් විශ්වාසයක් ඇති විය යුත්තේ කොල්ලය සඳහා මුල්‍ය ආයතනයෙන් සහායක් ලැබීම නිසාම විය යුතුය.
ඇතැම්විට ආයතනයේ කැමරා පද්ධතිය අක්‍රීය කිරීමේ කාර්යය එසේ ඇතුළතින් සහාය දැක්වූ පුද්ගලයාට පැවරී තිබුණා විය හැකිය. සියල්ල වැරදී යැමට හේතු වූයේ එසේ ඇතුළතින් සහාය දැක්වූ අයට සිය කාර්යය හරි හැටි කරගත නොහැකි වීම නිසා විය හැකිය. මුල සිට සියල්ල සිදු කොට අවසානයට වරද්දා ගත් ගම්පහ කොල්ලයේ ඇති විශේෂත්වයද එයය.
මෙවන් ආන්දොaලනාත්මක කොල්ලකෑමක් සිදු වූ විට කොල්ලය සිදුවූ ආකාරය සහ කොල්ලකරුවන්ගේ හැසිරීමේ ස්වභාවය ගෙන කරුණු කාරණා සහිතව අනාවැකි කියන්නට සැබෑ හැකියාවක් ඇති සමාජ ස්ථරයක්ද මෙරට තුළ ඇත. ඒ අපරාධ ලෝකයේය. ඇතැම්විට ඔවුන් එසේ හෙළි කරන කරුණු බොහෝ දුරට නිවැරදිය. ඒ තමන්ගේ ගොඩේ සිටින්නවුන්ගෙන් ලැබෙන තොරතුරුද සමගින් ඔවුන් නිගමනයන්ට පැමිණෙන බැවිනි.
මෙකී අපරාධ ලෝකයද කොටස් කිහිපයකට බෙදී යන්නකි. පාතාල අපරාධකරුවන්, කුලී මිනිස් ඝාතකයන්, මිනිස් ඝාතන සිදු කරමින් කොල්ලකෑම් සිදු කරන්නන්, ඝාතන නොකර කොල්ලකන්නන්, සූක්ෂම ලෙස සොරකම් කරන්නන් ආදී ලෙසින් ඒ බෙදීම සිදුව ඇත්තේය.
බොහෝ විට තමන්ගේ කණ්ඩායම නියෝජනය වන ආකාරයේ අපරාධයක් රට තුළ සිදුවූ විගස අපරාධකරුවන් පිළිබඳ නිවැරදිම අනාවරණයන් සිදු වන්නේ ඒ ඒ ස්ථරයන්ට අයත් අපරාධ කණ්ඩායම් අතරය.
මේ අනුව ගම්පහ මුල්‍ය සමාගමේ කොල්ලය පිළිබඳ මෙරට සිටින ඝාතනයෙන් තොර කොල්ලකෑම්වලට යොමුවූ ස්ථරය තුළ අද දවසේ කුමක් කථා බහට ලක් වෙමින් තිබෙන්නේද? "මේකට සමාගම ඇතුළේ එකෙක් සම්බන්ධයි" එය අද ඉහත කී සමාජ ස්ථර තුළ ප්රබලවම කියෑවෙන කතාවකි.
එසේම ගම්පහ කොල්ලයේදී ගිනි අවි අතදරා සිටි ආකාරයෙන්ද එය සිදු කළේ කවරෙක්දැයි ඔවුහු නිශ්චිතවම කියති. කොල්ලකෑම නිමා කර කොල්ලකරුවන් පිටව ගිය ආකාරයෙන්ද ඔවුන් ඒ බව තහවුරු කරති. එමෙන්ම කොල්ලය සිදු කිරීමට ගත වූ කාලය සැලකිල්ලට ගනිමින්ද ඔවුන් කියන කතා රැසකි.
මුල්‍ය ආයතනයේ ආරක්ෂිත කැමරාවල සටහන් වූ කොල්ලකරුවන්ගේ ඡායාරූපද දැකීමෙන් පසු නිගමනවලට එළඹ සිටින පෙර කී කොල්ලකරුවන්ගෙන් සැදුම්ලත් සමාජ ස්ථරයට අනුව ගම්පහ කොල්ලය සැළසුම් කෙරී ඇත්තේ දකුණේදීය.
ඒ සැළසුම සකස් කරන්නේ දෙදෙනෙකි. එකී මහ මොළකරුවන් දෙදෙනා මීට පෙර කොල්ලකෑම් හමුවේ සිරගතව සිට නිදහස්ව ගියවුන්ය. ඔවුන්ගේ රැකියාව කොල්ලකෑමය.
මහ මොළකරුවන් දෙදෙනා මෙකී සැළසුම කර ඇත්තේ දැනට පොලිස් අත්අඩංගුවේ සිටින එකෙකුගේ පෞද්ගලික ප්‍රශ්නයකට මැදිහත්වීම සඳහා දකුණු ප්‍රදේශයට ගොස් සිටියදීය.
මෙකී මහ මොළකරුවන් දෙදෙනාගෙන් එකෙක් දකුණේ අයෙකි. අනෙකා මිණිපුරයට ආසන්න ප්‍රදේශයක එකෙකි. ඔවුන්ට අනුව නම් දැනට පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනාගෙන් එකෙක් කොල්ලකෑම්වලට කෝඩු කාරයෙකි. අනෙකා සිදුවූ කිසිත් නොදන්නා අයෙකි. එසේම ගම්පහ කොල්ලය සඳහා කොල්ලකරුවන් පැමිණ ඇත්තේද දකුණේ සිටය. ඔවුන් පැමිණි රථයට අතර මගදී ගොඩවූ කිහිපදෙ නෙක්ද සිටිති.
කාලයක සිට මේ ලියුම්කරු අමතා තමන් සිටින සමාජ ස්ථරය තුළ වන විවිධ තොරතුරු සපයන දෙතුන් දෙනකු ගම්පහ කොල්ලයෙන් පසු ඉහත ආකාරයෙන් සඳහන් කළ තවත් දේ බොහෝමයකි. එහෙත් පොලිසියේ රාජකාරිය අපට අයත් නොවන නිසා ඒ කතා මෙහි ලිවීමට නොහැකිව තිබේ.
කෙසේ වෙතත් එසේ කිරීමට අපට නොහැකි වුවද නුදුරේදීම ගම්පහ කොල්ලයේ සුලමුල පොලිසිය සොයා ගනු ඇත. ඒ නිශ්චිත තොරතුරු නැතත් මතුවෙමින් තිබෙන අංශූමාත්ර සැකයන් ඔස්සේ පවා මේ වන විට පොලිසිය පුළුල් ගමනක යෙදී සිටින බැවිනි.
ඇතැම් විට එකී ගමනට අනුව මේ ලිපිය පළ වන මොහොත වන විට පොලිසිය ජය කණුව වෙත ළඟාවී සිටින්නටද පුළුවන. එවිට ගම්පහ කොල්ලයේදී සිදු වූ සියල්ල අකුරක් නෑර දැන ගැනීමට අපටද හැකිවනු ඇත.
සැබවින්ම ගම්පහදී එය කෙසේ සිදු වූවා විය හැකිද? එය සොයන්නට පොලිසිය කුමක් කරනු ඇතිද? දෙනෝ දාහක් ගැවසුන නගරයකදී මේ මහා කොල්ලය සිදු කළෝ කවරහුද? ඊට පොලිසියෙන් පිළිතුරක් ලැබෙන තුරු රටම බලා සිටින බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව ඇත.
සමන් ගමගේ

0 comments:
Post a Comment