728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 21 September 2013

විනිසුරු ආර්. අමල් රණරාජා විසින් පදුමන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය.

පදුමන් නිදහස්‌ කර ඇත්තේය. නිදොස්‌ කොට නිදහස්‌ කර ඇත්තේය. ඒ අවුරුදු දෙකක නඩු විභාගයකින් අනතුරුවය. පදුමන්ට එරෙහිව ඔහුගේ පාපොච්චාරණය හැරෙන්නට ඔහුට එරෙහි වූ වෙනත් සාක්‌ෂි නොමැති බව සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ආර්. අමල් රණරාජා විසින් පදුමන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය. ත්‍රස්‌ත විමර්ශන ඒකකය පදුමන්ට එරෙහිව ත්‍රී කුණාමලය අධිකරණයේ නඩුවක්‌ ගොනු කරන්නේ මේ පාපොච්චරණය ලබා ගැනීමෙන් අනතුරුවය. පුරා අවුරුදු දෙකක්‌ මහාධිකරණ විනිසුරුවරු තුන්දෙනෙක්‌ විසින් විභාග කරනු ලැබුවේ මේ නඩුවය. දැන් නඩුව හමාරය. පදුමන් සියලූ වරදින් නිදොස්‌ වී නිදහස්‌ය. පදුමන්ගේ නිදොස්‌ වී නිදහස්‌ වීම දැන් මේ රටේ මිනිස්‌සු පුදුම කරන්නට අසමත්ය. ඒ අනුව අපි පදුමන්ට දොස්‌ තබා ඇත්තේ බොරුවටය. පදුමන් වරදකාරයෙක්‌ කර ඇත්තේත් බොරුවටය. එක අතකට කුමාරන් පද්මනාදන්ට නැති නඩු, කරුණා අම්මාන්ට නැති නඩු පදුමන්ට පමණක්‌ තිබීමේ අර්ථයක්‌ නැත.
නිදොස්‌ කොට නිදහස්‌ කරන ලද  නිදහස්‌ පදුමන් මාධ්‍යවේදීන් උසාවිය ඉදිරිපිට බලා සිටිද්දී උසාවියේ වෙනත් දොරකින් පිටව යන්නට ගොස්‌ තිබුණේය. එබැවින් මේ චිත්තාකර්ෂණීය ප්‍රවෘත්තිය බරක්‌ සහිතව වාර්තා කරන්නට තිබූ ස්‌වර්ණමය අවස්‌ථාව මාධ්‍යයට අහිමි වී ගියේය.

මිනිස්‌සු ඕනෑ තරම් නිදොස්‌ වී නිදහස්‌ වෙති. එහෙත් පදුමන්ගේ නිදොස්‌ වී නිදහස්‌ වීම තුළ කතාවක්‌ තිබේ. පදුමන් හිරේ ගියේ අල්ලපු වත්තේ මඤ්ඤොක්‌කා හොරකම් කරන්නට ගොස්‌ නොවේ. බරපතල මිනීමැරුම් හා නින්දාසහගත ත්‍රස්‌තවාදී ක්‍රියා සැලසුම් කිරීම මෙහෙයවීම නිසාය. කාලයක්‌ ත්‍රී කුණාමලය සල්ලං කරගෙන හිටි ත්‍රස්‌තවාදී නායකයා පදුමන්ය. එදා ඔහු කොටි සංවිධානයේ නැගෙනහිර, කරුණාට පමණක්‌ දෙවෙනි වන කර්නල් පදුමන්ය. ශිව සුබ්‍රමනියම් වර්ධනාදන් හෙවත් පදුමන් ත්‍රී කුණාමලයේ සන්නද්ධ නායකයා ලෙසත් එවකට නැගෙනහිර විශේෂ නායක කරුණා ගේ දෙවැනියා ලෙසත් කිළිනොච්චියෙන් පත්කර එවන්නේ වර්ෂ 2002 දීය.

පදුමන් ගැන බුද්ධි අංශ කී කතා

සන්නද්ධ බුද්ධි අංශ වාර්තාවලට අනුව අසූව දශකයේ මැද භාගයේ සිට නැගෙනහිර සිදුවන ප්‍රධාන සන්නද්ධ මෙහෙයුම් සිදුවන්නේ පදුමන්ගේ සහභාගිත්වය සහිතවය. නැතහොත් ඔහුගේ සැලසුමක්‌ අනුවය. කොටින්ගේ ප්‍රධානම සන්නද්ධ මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ වන පේරාරු බේස්‌ සෑහෙන කලක්‌ පැවතුනේ පදුමන් යටතේය.

බුද්ධි අංශ එවකට වාර්තා කළ අන්දමට 1985.04.1 දින කුච්ච්වේලි පොලිසියට එල්ල කළ ප්‍රහාරයට පදුමන් සම්බන්ධය. එහිදී නාවික හමුදා භටයෝ නවදෙනෙක්‌ මිය ගියහ. 1986 දී කුච්චවේලිවල මුස්‌ලිම් ජාතිකයන් 57 දෙනෙක්‌ පැහැරගෙන ගොස්‌ මරා දැම්මේය. එම ඝාතනයටත් පදුමන් සම්බන්ධ බව කීවේය. 1989 දී කොටි සාගරපුර ධීවර ගමට පහර දී සිවිල් වැසියන් 28 ක්‌ මරා දැමූහ. ධීවරයින් 35 දෙනෙක්‌ ඝාතනය විය.

එහෙත් ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් පදුමන්ට විරුද්ධව මීට දෙවසරකට පෙර නඩු පවරන්නේ වර්ෂ 2001 වසරේ අවසන් මාස 6 තුළ ත්‍රී කුණාමලය පාලම්පාර් කොටි ක`දවුරේ සිට යුද හමුදා ක`දවුරු වලට ප්‍රහාර එල්ල කිරීම හා සෙබළුන් මරා දැමීම යන චෝදනා යටතේය. බුද්ධි වාර්තා එදා කී ආකාරයට 2001 දී මොරවැව ආරක්‌ෂක ක`දවුරට පහර දී එහි සිටි සෙබළුන් පස්‌ දෙනාම ඝාතනය කර ක`දවුර සමතලා කරන්නේ පදුමන් ගේ කණ්‌ඩායමකි. පහළ තෝපුර් යුද හමුදා ක`දවුරට පහර දී එහි සෙබළුන් සමූල ඝාතනය කරන්නේ පදුමන්ගේ කණ්‌ඩායමකි. ත්‍රී කුණාමලය, තොප්පිගල, කිතුල්උතුව, අංගොඩවිල්ලූව, තිරියාය, තඹලගමුව හා පාලම් පටාර් ප්‍රදේශ වල ජන ඝාතන කරමින් ආරක්‌ෂක නිලධාරීන් මරමින් භීෂණය වැපිරවූ ත්‍රස්‌තවාදී නායකයා පදුමන්ය. එහෙව් පදුමන් සාක්‌ෂි නැති නිසා දැන් නිදොස්‌කොට නිදහස්‌ වී තිබේ. එනම් බුද්ධි අංශවල සාක්‌ෂි පෙළගැස්‌වීම අශාස්‌ත්‍රීය අවිද්‍යාත්මක එකක්‌ වී තිබේ. කෙසේ වෙතත් දැන් පදුමන් නිදහස්‌ය. නිදහස්‌ පදුමන් ගේ අතීතය මෙසේය.

පදුමන්ගේ අතීතය

පදුමන් ඉපදෙන්නේ 1968 අවුරුද්දේ දෙදසැම්බර් මස 23 වැනිදාය. සාමාන්‍ය පෙළ දක්‌වා ත්‍රී කුණාමලය කෝනේෂ්වරම් හින්දු විµdලයෙන් ඉගෙන ගත්තේය. සාමාන්‍ය පෙළ සමත් වූ පසු වර්ෂ 1980 දී ශාන්ත ජෝන් කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක්‌ හැදැරුවේය. එම පාඨමාලාව හදාරා තිබුණේ මාස 4ක්‌ පමණි. සන්තෝසම් මාස්‌ටර් නැමැති කොටි නායකයාගේ මෙහෙයවීමෙන් හෙතෙම 1983 දී කොටි සංවිධානයට බැ`දුනේය.

පදුමන්ගේ තාත්තා වී. සුබ්‍රමනියම්ය. අම්මා සුබ්‍රමනියම් ගෞරීය. ඔවුන් පදිංචිව සිටියේ ත්‍රී කුණාමලය පාසල් පාරෙ අංක 20 දරන නිවසේය. ඔහුට සහෝදරයන් දෙදෙනෙකි. එක්‌ සහෝදරියකි. සෝයුරෝ මේ වනවිට රටෙහි නොවෙති. සෝයුරිය ගුරුවරියකි. පදුමන්ගේ තාත්තා නාවික හමුදාවේ සිවිල් සේවකයෙක්‌ වී සිටියේය. ඒ වනවිට ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ජාතිවාදී දේශපාලන රැල්ලට පදුමන් හසුවී සිටියේය. 1976 ජාතිවාදී කලබලයක්‌ ත්‍රිකුණාමලයේදී ඇති වුනේය. චෙල්වනායගම් ගේ අළු රැගත් පෙරහරක්‌ ත්‍රී කුණාමලය ශිවම් කෝවිල අසලට ගමන් කරමින් සිටියදී එල්ලවන ප්‍රහාරයක්‌ නිසා මේ ගැටුම ඇවිලී ගියේය. පදුමන් එල්.ටී.ටී.ඊ යට බැෙ`දන්නේ මේ පරිසරයේදීය.

පදුමන් ඇතුලු කණ්‌ඩායම අවි පුහුණුව ලබන්නේ ඉන්දියාවේදීය. ඉන්දියානු හමුදාව යටතේය. මේ කණ්‌ඩායමේ කරුණා අම්මාන්, සුසෙයි, රෙජී, අයින්කරන්, සුරේන්ද්‍රන් වැනි පසුකාලීන කොටි නායකයෝ උන්හ. මේ පුහුණුව අවසානයේ ඔහුට අංකයක්‌ ලැබෙන්නේය. ඒ අංකය අංක 1ය. ශිවසුබ්‍රමනියම් වර්ධනාදන් , පදුමන් බවට පත්වන්නේ එදාය.

පදුමන් ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌ නායකයා වන්නේ 1987 දීය. ඒ පත්වීම ලැබෙන්නේ පදුමන්ගේ ගුරුවරයා වන සන්තෝෂම් මාස්‌ටර් ඉන්දීය සාම හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් මිය ගිය පසුවය. 1990 දී ප්‍රභාකරන් විසින් යාපනයට කැ`දවන පදුමන් නැවත නැගෙනහිරට එන්නේ 2001 වසරේදීය.

පදුමන් එල්.ටී.ටී.ඊ යේ සිටි මරණයට බිය නැති යුද සෙබළෙක්‌ බව කියෑවිණි. එල්.ටී.ටී.ඊ යේ බොහෝ ප්‍රහාර දියත් කළේ නැගෙනහිර සන්නද්ධ කොටි සෙබළුන්ය. ඒ සටන්වලදී හෙතෙම සටන් බිමේ සිටි බවත් කියෑවිණි. මේ නිර්භීතකම හා කැපවීම ප්‍රභාකරන්ගේ විශේෂ ඇගැයීමට හේතු වූයේය. මෙහෙයුම් කරන අතරම හෙතෙම අවුරුදු 11 ක්‌ ප්‍රභාකාරන්ගේ කාර්ය මණ්‌ඩලයේ සේවය කළේය. යුද්ධ කාලයේදීම විවාහ වුණේය. දරුවන් තිදෙනෙකුගේ පියෙක්‌ වූයේය.

පදුමන් හැමදාම සිටියේ කරුණාට හිතවත්වය. මේ වකවානුවේ එල්.ටී.ටී.ඊ ය දෙදරා යැමේ ලකුණු පහළ වූයේය. නැගෙනහිර කොටි නායකයෝ මුලතිව් නායකත්වයට එරෙහිව විරෝධය ප්‍රකාශ කළහ. 2004.03.03 දින වනවිට මේ තත්ත්වය තීරණාත්මකව වර්ධනය විනි. මේ තත්ත්වය විමසීම ස`දහා පොට්‌ටුඅම්මාන් හා තමිල් සෙල්වම් වන්නියේ සිට නැගෙනහිරට පැමිණියහ. එහිදී කරුණා සහ පදුමන් සිය විරෝධය Riජුවම ප්‍රභාකරන් වෙත දන්වා යෑවුවේය.

මේ වනවිට පදුමන්ගේ දරුවන් හා බිරි`ද සිටියේ කිළිනොච්චියේය. මොවුන් කිළිනොච්චියේ එල්.ටී.ටී.ඊ භාරයට ගනු ලැබිණි. එවකට ප්‍රභාකරන් රටේ නොනිල බලවතාය. ඔහුගේ උපදෙස්‌ පිට කරුණා හා පදුමන් කිළිනොච්චියේ විශේෂ සාකච්ඡාවක්‌ ස`දහා කැ`දවනු ලැබිණි. ඔවුන් වන්නියට රැගෙන යැමට එවා තිබුණේ ගුවන් හමුදා හෙළිකොප්ටරයකි. දරුවන් නිසා මේ හෙළිකොප්ටරයට නගින්නට පදුමන්ට සිදුවුණේය. කරුණා එදා ඒ ගමන ගියේ නැත.

කිලිනොච්චියට යන පදුමන්ට එරෙහිව විනය පරීක්‌ෂණයක්‌ තැබෙන්නේය. එම විනය පරීක්‌ෂණය ප්‍රකාරව තම සංවිධානයට ෙද්‍රdaහි වීම නිසා හේ වරදකරු වන්නේය. එහෙත් ප්‍රභාකරන්ගේ විශේෂ ඇල්ම නිසා හේ නොමැරී බේරෙන්නේය.

අවසන් මහා යුද්ධයෙන් අනතුරුව පදුමන් කිලිනොච්චියේ සිටි සිවිල් වැසියන් හා මුහුවන්නේය. මුහුව හමුදා පාලන ප්‍රදේශයට පැමිණෙන්නේය. මේ පැමිණිම ගැන කරුණාටත් සැල වන්නේය. ඒ හැ`දුනුම්කම් සමගම පදුමන් හමුදාවට භාර වී සිය අනන්‍යතාවය හෙළිකර පාපොච්චාරණයක්‌ ද කරන්නේය. එම පාපොච්චාරණයේදී 1985 අප්‍රේල් කුච්චවේලි ප්‍රහාරය, ඒ අවට සිදුකළ බිහිසුණු පහරදීම් වල ස්‌වරූපය, උප්පුවේලි පොලිසියට පහර දී පොලිස්‌ භටයන් 15 මරා දැමූ අන්දම, 2001 වසරේ සිදුකළ පච්චනූර් පොලිසියට පහරදී 15 දෙනෙක්‌ මරා දැමීම, කල්ලාර් හමුදා ක`දවුරට පහර දීම, පන්කුලම ගුවන් හමුදා කදවුරට පහර දීම ගැන කියන්නේය. 


 මඩුවලිගයක්‌ රැගෙන තලාගත යුත්තේ මිනිස්‌සු ගැන වැරදියට හිතනා අපටය.

හේමන්ත රන්දුණු, සමන් මල්ලවආරච්චි

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: විනිසුරු ආර්. අමල් රණරාජා විසින් පදුමන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය. Rating: 5 Reviewed By: Unknown