සුනිලා අබේසේකරයන් ගේ අභාවය සමග බොහෝ දෙනා බොහෝ දේ ලීවද ඒ අතර මංජුල වෙඩිවර්ධන කවියාගේ ශෝක කවිය අති විශිෂ්ඨ නිර්මාණයකි.
හෙමින් සැරේ පියාවිදා...
සුමුදු සයනේ සිනිඳු
ඇතිරිල්ලේ...
ධර්මසිරි බණ්ඩාරනායකගේ 'හංස විලක්' චිත්‍රපටයේ එන එම ගීතයේ දෙවැනි පද පෙළත් සමග සවනත මුසුවන ඒ ලයාන්විත හඩම ලාංකේය සිනමාවේ පසුබිම් ගායනයට අපූර්වතම සංවේදිතාවක් මුසු කෙළේය.
ඒ හ~ම ධර්මසේන පතිරාජගේ 'බඹරු ඇවිත්' චිත්‍රපටයේ 'උදුම්බරා හිනැහෙනවා..' ගීතයේ දෙවැනි කොටසෙහි වදන් පෙළ ඔස්සේ යළි ප්රතිරාව නැගුණේය.
ආදරයේ... ඔබ ඔබමයි...
මා ඔබ නොව... ඔබ මා නොව...
දවසක්දා...
හඳුනාගත්තොත් ඔබ මා...
කෙතරම් අපූර්ව හඩක්ද? ඒ හඩට සමාන වූ හඩක් එදා මෙදා තුර සිංහල ගීයකින් අප සවනත වැකුණේ නැත. ඒ හඩ අප රැගෙන යන්නේ අනන්ත වූ හැඟම් දහරාවකටය. ඒ හැඟම් කෙසේ නම් වචනයට නඟන්නද? සුනිලා අබේසේකර නම් වූ ඒ අපූර්ව ගැහැනියගේ ඒ ලයාන්විත හෙඩහි වර්ණ සහ හැඩ තල මංජුල වෙඩිවර්ධන කවියා හඳුනා ගන්නට උත්සාහ ගෙන ඇත්තේ මෙසේය.
කැවුඩියන් කරව් නගනා, පිළිරාව ...
යුග සවන් පෙළයි, පවසන්නද කාට ....
ඔය හ`ඩින් ගලන් එතකොට අනුරාග ....
ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව...
ඇගේ ඒ හ~ සහ ගායනා ශෛලියේ අපූර්වත්වය හඳුනා ගත් සහෘදයන් ඒ හ~ට අසීමිත ලෙස පෙම් බැන්දාහ. එහෙත් ඒ බවක් ඇය හඳුනා නොගත්තාද? හඳුනා ගත්තාට සැකයක් නැත. එහෙත් ඇය ඒ ගායන පෞරුෂය වර්ධනය කරගන්නට නොවෙහෙසුණාය. එය වර්ධනය කරගනිමින් ගීත කෝකිලාවක වන්නට නොපැතුවාය.
ගායනය පමණක්ද? ඇය රංගනයට අත්පොත් තබන්නට වූයේ ඇගේ මල්වර වියේදීය. ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස්ගේ 'ගොළු හදවත' චිත්‍රපටයේ මේනකාගේ කටකාර නැඟණිය ලෙසද, 'දෙලොවක් අතර' චිත්‍රපටයේ දඟකාර දැරියක ලෙසද, ඇය කළ රංගනය සුවිශේෂී විය. හෙන්රි ජයසේනගේ 'මකරා' නාට්‍යයේ 'මකරා'ට බිලිවන්නට ගිය එලීසාගේ රංගනය එදා නාට්‍ය ලෝලීන්ට රසඳුනක්ම විය. ධර්මසේන පතිරාජගේ 'පාරදිගේ' චිත්‍රපටයේ ස්වර්ණාගේ යෙහෙළියක ලෙස ඇය කළ රංගනයද මතකයෙන් ඈත් නොවනසුලූය. එහෙත් මේ අසාමාන්‍ය ගැහැනියට ගීත කෝකිලාවක වන්නට වුවමනාවක් නොවූවා සේම රංගන ශිල්පිනියක වන්නට වුවමනාවක් තිබුණේද නැත.
චාල්ස් අබේසේකර නමැති නිදහස් මතධාරියාගේ, බුද්ධිමතාගේ දයාබර දියණිය වූ සුනිලා කුඩා කල සිටම ජීවිතය දෙසත් සමාජය දෙසත් වෙනස්වත් විවෘතවත් බලන්නට තරම් මනසක් අවදි කරන්නට පියාගේ ඇසුර ඉවහල් වූවාට සැකයක් නැත.
සුනිලා ලාංකේය සමාජ දේහය කුණු වී සැරව ගලන සැටි දුටුවේ සිය භද්‍ර යෞවනය නොඉක්ම වූ වයසේ සිටය. එවක් පටන් ඇය මේ මජර සමාජ ක්‍රමය වෙනස් කරන විකල්ප සමාජ ව්‍යාපාර සහ දේශපාලන ව්‍යාපාර සමග අත්වැල් බැඳගත්තාය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි සම්ප්රාප්තියත් සමග සුනිලා සිය හඩ මුසු කරන්නේ 'විමුක්ති ගී' වෙනුවෙනි. අනතුරුව 'කාලයේ රාවය' ප්‍රසංගය උදෙසාද ස්වකීය හ~ මුසු කළාය.
'විමුක්ති ගී' ගැයීමෙන් පමණක් ජනතා විමුක්තිය උදා නොවන බව සුනිලා වටහා ගත්තේ වයසින් මුහුකුරා යෑමත් සමගය. එතැන් පටන් ඇය ස්වකීය අවධානය යොමු කරන්නේ ස්ත්‍රිය වෙතය. මේ ධනේශ්වර ක්‍රමය තුළ ස්ත්‍රීන් කොටු කර තබන සංස්කෘතික බැඳීම් පිළිබඳ මෙන්ම ස්ත්‍රිය හුදෙක් වෙළෙඳ භාණ්ඩයක් ලෙස යොදා ගැනීම වෙනුවට ඇය සමාජ සංවර්ධන කාර්යයෙහි ලා, අර්ථවත් ලෙස යොදා ගැනීම පිළිබඳව කල්පනා කළාය. ලොව පුරා ස්ත්‍රී විමුක්ති සංවිධාන සමග අත්වැල් බැඳ ගන්නා ඇය ඒ වෙනුවෙන් සිය ජීවිතයම කැප කළාය.
ලාංකේය සමාජය තුළ හුදෙක් කුටුම්බයට කොටු කළ ස්ත්‍රියට ඔවුන්ගේ ශක්තීන් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නටත් ඔවුන් සමාජ ක්‍රියාකාරිනියන් ලෙස ඔසවා තබන්නටත් ඇය කළ කැපවීම අසීමාන්තිකය.
ලාංකේය සමාජ දේහය තුළ වර්ගවාදී උවදුර පැතිර යෑමත් සමග සුනිලා තම සමාජ භාවිතයේ ධාරිතාව තවත් පුළුල් කරමින් වර්ගවාදයට එරෙහිව යමින් මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්ද ජීවිතය කැප කරන්නට වූවාය. ස්ත්‍රී අයිතීන් සහ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇය කළ අසීමිත කැපවීම වෙනුවෙන් ඇය අන්තර්ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.
යථෝක්ත සමාජ මෙහෙවර හමුවේ සුනිලා අබේසේකර සතු වූ අපූර්ව හඩද රංගන හැකියාවද යටපත් වූයේය. එහෙත් සුනිලා ඒ පිළිබඳ තැකීමක් නොකළාය. ඇගේ සමස්ත සමාජ භාවිතයම අසම්මතයකි. ලිංගික නිදහස සහ කුටුම්බ ගත ස්ත්‍රීන් පිළිබඳ කතිකාව තුළ ඇය ස්වකීය භාවිතාවෙන්ම සිය අනන්‍යතාව සනිටුහන් කළාය. සම්මත විවාහය වෙනුවට ස්ත්‍රියක ලෙස අනන්‍යතාවද රැකගනිමින් සමාජ ක්‍රියාකාරිනියකට මවකගේ භූමිකාවද නොඅඩුව ඉටු කළ හැකි බව සිය භාවිතයෙන්ම සනාථ කළාය.
රතු කුර්තාවක් හැඳ, ඊටම ගැළපෙන මල් වැටුණු ලූංගියක්ද හැඳ සුනිලා අබේසේකර නම් වූ ඒ සුන්දර ගැහැනිය අපෙන් සමුගත්තේද සම්මතයට පයින් ගසමිනි. ඇයගේ අත් පාවල සුදු මේස් නොතිබිණි. පෙට්ටිය මත බහා සිටියේ ජීවමාන සුනිලාමය. ඇගේ සිරුරේ පැහැය මඳකුදු වෙනස් වී නොතිබිණි. ගිටාර් වැයුමත් සමග ගැයුණු ගීතිකා මැද ඇගේ අවසන් සමුගැනීම ඇයට ආදරය කළ සියල්ලන්ටම ඉකි ගැසුණු අතිශය හැඟම්බර මොහොතක් විය.
එහෙත්
උදුම්බරා...
කඳුළු නොසලාම නික්ම ගියාය.
-ගුණසිරි සිල්වා විසිනි-
සුනිලා..!
-----------
කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද
හදවතේ අඳුර විතරක් රැඳුණාද
මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද
නිදහසේ තනිව ඉන්නට හිතුණාද
කැවුඩියන් කරව් නඟනා පිළිරාව
යුග සවන් පෙලයි, පවසන්නද කාට
ඔය හඬින් ගලන් එනකොට අනුරාග
ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව
දෑස් හීන් කර කොපුළත සුලි එක්කා
රහස් ලිහන මනුසත්කම අපි දැක්කා
රාත්‍රිය දිගයි, එළඹෙද උදනැක්කා
කාන්සිය ඇවිත් හීනෙට තනි රැක්කා
නෙතු පියන් වැසී නෑ, ඔය තවම ඇරී
යන ගමන් මඳක් බලනට හැකිද හැරී
කඳුළකින් හුස්ම ගන්නට මොකද බැරී
පෙනහලූත් ඛෙදා දුන් විට සහෝදරී
'මරා' ගන්න කොට ගණඳුරු වනන්තරේ
දරා ඉන්න බැරි අතකය සඳුන් හරේ
කතා කරනකොට සටනට නිරන්තරේ
පියා විදාගෙන එනවද හෙමින් සැරේ
නිදන් නැති නදිය නිදි අපි ගං තීරේ
පැතුම් දරා හිටියද හදවත පෑරේ
ඉතින් කොහේ යන්නෙද දැන් නොම තේරේ
උදුම්බරා හිනැහෙන්නැති සංසාරේ
(ලංකා ඊ නිව්ස් -2013.සැප්.13, ප.ව.4.30)

-මංජුල වෙඩිවර්ධන විසිනි-
(ලංකා ඊ නිව්ස් -2013.සැප්.13, ප.ව.4.30)
0 comments:
Post a Comment