මොරිස් දහනායක මිය ගොස් සතියක් ඉක්මවා ගොසිනි. පසුගිය වකවානුවේ ඔහු අලුතින් ගිතයක් ගායනා කළ වගක් අසන්නට ලැබුණේ නැත.පසුගිය වෙසක් සමයේ දී ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් පවත් වන ලද වෙසක් බැති ගී සරණියට පැමිණි මොරිස් ගී ගැයුවේ නැත.වෙසක් මහ එළැඹෙන විට ඇසෙන මොරිස්ගේ ගීතය ‘මෙත් මල් පිබිදේවා‘ එදින ඔහුගේ මිනිබිරියක විසින් ගායනා කරන ලදී.එහෙත් මොරිස් දහනායක එක්තරා යුගයක අතිශය ජනප්‍රිය ගායකයෙක්ව සිටියේය.ඒ අපටත් කලින් පරම්පරාවේ වුවත් ඔහු පිළිබඳ සටහනක් ලියන්නට මා කැමැතිය.එය අතීත කතාවක් ගැන ලියන්නට හොඳ අවස්ථාවක් බැවිනි.එමෙන්ම මොරිස් යනු එක් පරම්පරාවක අවසන් පුරුකකි.
මොරිස් දහනායක අයත් වන්නේ මේ රටේ සංගීත පැලැන්තියක එක් විශේෂිත කොට්ඨාශයකටය.ඒ පිරිස මරදාන ආශ්‍රිතව බිහි වූ පරම්පරාවකි. සමහර විට මේ පරම්පරාව බිහි වන්නට හේතු වන්නට ඇත්තේ ටවර් රඟහල මරදානේ පිහිටා තිබීමයි. ටවර් රඟහල යනු නූතන කලා සම්භාවිතාවේ එක් සන්ධිස්ථානයකි.මොරිස් නියෝජනය කරන්නේ ටවර් රඟහල ආශ්‍රිත පරම්පරාවේ එක් පරම්පරාවකි. ඔහු කලා ලොවට පිවිසෙන්නේ ටවර් රඟහලේ අතීත ස්වර්ණමය යුගය අවසන් වෙද්දීය.එහෙත් ඒ හා ආශ්‍රිතව බිහි වූ අලුත් පරම්පරාවක් මරදාන හා ඒ අවට ගොඩ නැඟිණ.ඔවුන් ගුවන් විදුලියේ හෝ වෙළෙඳ තැටි ආශ්‍රිතව ගොඩ නැගෙන සංගීත පැලැන්තියක් විය.
මේ ඇතැමුන්ගේ ගායනා හැකියාවට ඉඩ ලැබුණේ වේදිකාවෙන් නොව සිනමාව හරහාය. ඔවුන් ගීතයට පෙම් බැන්ද රසවතුන් බව ද ඔවුන්ට ගෞරවයක් ලෙස ලියන්නට කැමැත්තෙමි.ආර්.එම්.චන්ද්‍රසේන,සිසිර සේනාරත්න,එච්.ආර්.ජෝතිපාල,ධර්මසිරි ගමගේ,මොහමඩ් සාලි,සිරිල් ඒ.සීලවිමල,මොහිදින් බෙග්,හරුන් ලන්ත්‍රා,මෙන්ම මොරිස් දහනායක ද අයත් වූයේ ඒ පරම්පරාවටය.කොටින්ම ප්‍රේමසිරි කේමදාසයන් සිය සංගීත මංජරිය ඇරඹුවේ ද මේ මරදාන පෙදෙසින්මය.ඔවුහු පුරා දශක දෙකක් පමණ කාලයක් ඒ පෙදෙසෙහි ජීවත්ව නැතහොත් ඉපිද හෝ හැදී වැඩී පසු කලෙක විවිධ ආකාරයෙන් මෙරට සංගීත ලෝකය රසවත් කළහ.ඔවුන් ගෙන් ඇතැමෙක් සංගීතය නැතහොත් ගායනය තමන්ගේ ජීවන වෘත්තිය බවට පත් කර ගත් අතර ඒ සියල්ලම පාහේ එයින් උපයන මුදලට වඩා ජීවිතය විඳීන්නට ප්‍රිය කළ බැව් ඔවුන්ගේ අතීතාවර්ජනවලින් පෙනී යයි. ඔවුන්ගේ ජීවන වෘත්තිය මෙන්ම විනෝදාංශයද සංගීතය විය.
මොරිස් දහනායක මරදානේ උපන්න ද දකුණු ලක ගාල්ල ආශ්‍රිත පරපුරකින් පැවත ආවෙකු විය. ඔහු ගේ පියා සැම්සන් දහනායක හිටපු අගමැති ගාල්ලේ විජයානන්ද දහනායක පවුලේ සාමාජිකයකු වූ අතර මව සැලිනා වීරමන් විය. මේ යුවළට දරුවන් පස් දෙනෙකි. එයින් මොරිස් වැඩිමලා විය.දෙවැන්නිය සුප්‍රකට නර්තනවේදිනී පත්මිණි දහනායකයි.තාත්තා කලාකරුවෙක් නොවූව ද බොහෝ කලාකරුවන් ඔහුගේ හිතවතුන් විය. පත්මිණි ‘සැඩ සුළං‘ චිත්‍රපටයේ ‘ජීවන මේ ගමන සංසාරේ‘ ගීතයට රඟපාන්නට ඉන්දියාවට යන විට ඇයට වයස අවුරුදු නවයක් වන්නට ඇත.මොරිස් පසු කලෙක මා සමඟ හෙළි කළ අන්දම ට ඔහු ළමා වියේ දඟකාර දරුවකු ව සිටියේය. ඔහුගේ මුල් පාසල ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලයි. පසුව ඔහු කොළඹ ආනන්දයට ඇතුළත් කෙරිණ.ඔහුගේ මුල්ම සංගීත ගුරුවරයා වන සූර්ය ශංකර් මොල්ලිගොඩ එවකට ආනන්දයේ සංගීත ගුරුවරයාය. එහෙත් ආනන්දයේ දී මොරිස් හදා ගන්නට බැරි වෙතැයි සැක කළ තාත්තා අනතුරුව ඔහු ඇතුළු කරන්නේ යාපනයේ ශාන්ත පැට්‍රික් විදුහලටය.
එයින් පසු ඔහු යළි ආනන්දයේ මෙන්ම කොළඹ වෙස්ලි සහ ශාන්ත ජෝශප් යන විදුහල්වල ද ඉගෙනුම ලැබුවේය.ශාන්ත ජෝශප් විදුහලේ ඔහුට වැඩිමහල් පංති සගයෙකු වූයේ සුසිල් ප්‍රේමරත්නය.සමකාලීන සගයන් වූයේ උපාලි අත්තනායක සහ ගායක සිඩ්නි ආටිගලය.එවකට ගුවන් විදුලිය ආරම්භ කළ ආධුනික පැයට ගීතයක් ගයනන්ට ලැබීම මොරිස්ගේ සංගීත දිවියේ ආරම්භක අවස්ථාව විය.බ්‍රසල්ස් කෝපි ආධුනික පැය නම් එකී වැඩ සටහන එකල ගුවන් විදුලියේ අතිශය ජනප්‍රිය වැඩ සටහනක් වූ අතර එමගින් පසු කලෙක කීර්තිමත් ගායකයෝ රැසක් ම දොරට වැඩියහ.පසු කලෙක එනම් වර්තමානයේ සුපිරි තරු සොයන වැඩ සටහන් අතර පුරෝගාමි වූයේ මේ ‘බ්‍රසල්ස් කෝපි‘ ආධුනික පැය විය යුතුය.
එය මෙහෙය වන ලද්දේ පසුකලෙක නාඳුනන තුවක්කුකරුවකු අතින් ඉරණම් ගමන් ගිය ප්‍රවීණ මාධ්‍යවේදි තේවිස් ගුරුගේ මහතාය.වැඩ සටහන පටිගත කරන ලද්දේ නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි පරාක්‍රම සිනමාහලේ ශ්‍රවණාගාරයේය.‘කඩවුණ පොරොන්දුව‘ පවා තිරගත කළ මේ ශාලාව එහි හිමිකරුවන් විසින් ශබ්දාගාරයක් ලෙස පරිවර්තනය කරන ලද අතර එයින් පසු තවත් වසර ගණනාවකට පසු එය සිලෝන් ස්ටුඩියෝ ආයතනය විය.1983 ජුලි කලබල සමය වනවිට බස් රථ අංගනයක්වූ එම ශබ්දාගාරය ජෝතිපාලයන් අවසන් වරට ගී ගැයූ ශබ්දාගාරය ද විය.එයින් පසු අද ද ඒ ගොඩනැඟිල්ල නාරාහේන්පිට චිත්‍රා පටුමගත්, කිරුළ පාරත් හමුවන හන්දියේ ඇත්තේ වෙනත් මුහුණුවරක් ගනිමිනි.
මොරිස් ගුවන් විදුලියට ගයන මුල්ම ගීතය ‘සුදෝ පොඩ්ඩක් අඬන්න‘ ගීතයයි. මේ ගීතය අතිශය ජනප්‍රිය වූයේය. ඒ සමඟ ඔහුට එච්.එම්.වී තැටියකට ද ගී ගයන්නට අවස්ථාව උදා විය.එය යුග ගීතයක් විය.එය ගයන්නට පැමිණියේ ලෙස්ලින් මැතිව් නම් ගායිකාවකි. එහෙත් ඇගේ නම පුෂ්පරාණි ආරියරත්න නමින් වෙනස් විය. එලෙස ගැයුවේ ‘බැදිලා ප්‍රේම බැම්මේ නොබලා කෙසේද ඉන්නේ‘ ගීතයයි.එය ද ජනප්‍රියත්වයේ කිරුළ පලන් ගීතයක් බැව් අමුතුවෙන් සහතික කළ යුතු නැත.
මෙරට ගුවන් විදුලියේ මුල්ම ජනප්‍රිය ගීත දර්ශකය වනුයේ 1958 වසරේ ඇරැඹි ගීත ධාරාය. ගීත ධාරා අසන්නන්ගේ කැමැත්තෙන් සතිපතා ජනප්‍රිය ගීත තෝරා ගත්තේය. එදා මුල් වරට එහි ජනප්‍රිය ගීතය වූයේ ‘ඔන්න ඕලු මලක් නිල් දිය මත පීදිලා‘ ගීතයයි.මොරිස් චිත්‍රපට ගීත ගායනයට එක්වනුයේ ‘සුනිලා‘ චිත්‍රපටයට ‘රස මියුරු කතා සිඟිති සිනා සුදාගේ මුහුණේ‘ ගීතය ගයමිනි.
මොරිස් යෞවන වියේ දි කඩවසම් තරුණයකු විය. එහෙයින්ම ඔහුට සිනමා රංගනයේ ද දොර ඇරිණ. පසු කලෙක ඔහු පවසන අන්දමට එය ඔහුට ලැබෙනුයේ මහනුවර සංගීත සංදර්ශනයක් අතරතුරදීය. ඒ අවදියේ චිත්‍රපට නිෂ්පාදක සයිමන් මරවනාගොඩ සිය මුල්ම නිෂ්පාදනය වන ‘පාරා වළලු‘ නිපදවන්නට සැලසුම් කරන කාලයයි. සංගීත සංදර්ශනයේදී මොරිස් මුණ ගැසෙන මරවනාගොඩ ඔහුව සිය චිත්‍රපටයේ නළුවකු බවට පත් කර ගත්තේය.එහි ඔහු රඟපෑවේ පොලිස් නිලධාරියකුගේ චරිතයයි.පසුව ‘ප්‍රවේසම්වන්න,ආදරේ හිතෙනව දැක්කම,හොඳම වෙලාව,හොඳයි නරකයි,ඔන්න මාමෙ කෙල්ල පැනපි,ඔන්න බබෝ බිල්ලෝ එනවා.ලස්සන කෙල්ල,උන්නත් දාහයි මලත් දාහයි‘ ඇතුළු චිත්‍රපට රැසක රඟපෑවේය.මේ චිත්‍රපට බහුතරයක ඔහු රඟපෑවේ දුෂ්ට චරිතයන්ය.
ඔහු අවසන් වරට රගපෑවේ ‘කොලොම්පූර්‘ චිත්‍රපටයේය. ‘ඉන්ස්පෙක්ටර් ගීතා‘ චිත්‍රපටයට ඔහු රංගනයට අමතරව නිෂ්පාදනයෙන් ද දායක වූයේය.‘ආදරේ හිතෙනව දැක්කම‘ චිත්‍රපටයේ මොරිස් වරෙක එහි දර්ශනයේ පරිදි අලුත් ගායකයකු හදුන්වාදෙනු ලබයි.ඒ ගායකයාගේ නම පුෂ්පකුමාරය.පුෂ්පකුමාර ලෙස චරිත මවන්නේ විජය කුමාරතුංගයි.එහෙත් එහි විජය ගයන ගීතයට පසුබිම් ගායනය මොරිස් ගෙනි. විජය රඟන්නේ මොරිස් ගයන ‘මුතු මිටක් පිරී ඇත්තේ‘ ගීතයටයි.තවත් ජනප්‍රිය චිත්‍රපටයක දී මොරිස්ට අමුතු තාලයේ අත්දැකීමක් විඳීන්නට සිදු විය. ඒ ඔහුට සිය සිනමාවේ සමීපතම හිතවතා වන ටෝනි රණසිංහගෙන් කම්මුල් පාරක් කන්නට තිබිණ.අධ්‍යක්ෂවරයාට ටෝනිගේ කම්මුල් පාර සැර මදි විය.එබැවින් දර්ශනය කිහිප වරක්ම රූ ගත කෙරිණ.අන්තිමට අධ්‍යක්ෂට අවශ්‍ය පරිදි රූපය ගන්නා විට මොරිස්ගේ රතු මුහුණ ජම්බෝලයක් සේ ඉදිමී අවසන්ය.ඇත්ත නම් මුල් දර්ශනයෙන් අධ්‍යක්ෂ තමන්ට අවශ්‍ය දර්ශනය ලබාගෙන තිබිණ.ඉදිරි දර්ශන පෙළ ම අධ්‍යක්ෂවරයා රූ ගත කළේ මොරිස් සමඟ කෝන්තරයක් පිරිමහන්නටය. මොරිස් සහ ටෝනි අතර මිත්‍රත්වය මිය යනතුරුම පැවැත්වූ එකකි.
එහෙත් සිය සමකාලීන බොහෝ දෙනා මෙන් මොරිස් වෘත්තිය ගායකයකු හෝ නළුවකු නොවීය. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ඉහළ නිලධාරියකු ව උන්නේය. ඔහුගේ දයාබර බිරිය අනුලා මානෙල් අතුකෝරාළ ඔහුගෙන් සමරු අත්සන් ගත් එක් රසිකාවක වූවාය.මහනුවර දී හමුවූ රසිකාවගේ සමරු පොතේ ‘be good sweet maid‘ යැයි සඳහන් කරන විට අනාගතයේ දවසක එසේ පවසන්නේ තමන් වෙනුවෙන් යැයි මොරිස් නිකමට වත් සිතන්නට නැත.එහෙත් මේ යුවළ තම පුතුන් දෙදෙනා සහ ලේලියන් මෙන්ම මුනුපුරු, මිනිබිරියන් මැද සතුටින් සැපෙන් කල් යැවූහ.මොරිස් ගේ බිරින්දෑ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ලේකම්වරයා වන පී.බී.මැණික් දිවෙල මහතාගේ ලේකම්වරිය වූවාය.වරක් මොරිස් කොළඹ නගර සභාවට ඡන්දය ඉල්ලුවේ සිය ඥාති විජයානන්ද දහනායක මහත්තයාගේ පක්ෂයෙනි.පසුකලෙක මොරිස් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ද සාමාජිකයකු ව සිටියේය.
මොරිස් ගේ අතීත මතක අතර වඩාත් කැපී පෙනෙන සිදුවීමක් නම් ඔහු එවකට ගුවන් විදුලිය මගින් සිදු කළ රතන ජංකර් පරීක්ෂණයෙන් සමත් වුව ද ඒ සම්බන්ධව යළිත් පැවැත්වූ පරීක්ෂණය ට විරෝධය පෑමයි. එයට හේතුව එවර එම සරල ගී පරීක්ෂණය කරන ලද් දේ ඒ වනවිට ගායකයන් වීමයි. තවත් වරෙක ගුවන් විදුලි ගායකයන් ආදර ගීත වෙනුවට කෘෂිකර්මයට අදාළ ගීත පමණක් ගැයිය යුතු යැයි කළ නියමයක්ට ඔහු බලවත් විරෝධයක් පෑවේය. මේ විරෝධය කෙතරම් දුර ගියා ද කිවහොත් එය එවකට කාටුන් සඳහා මාතෘකාවක් වූවා පමණක් නොව පාර්ලිමේන්තුව දක්වාම දුර දිග ගියේය. සමහර විට එබඳු දේශපාලන සිද්ධියක් වෙනුවෙන් කාටුනයකට නැඟුණ මෙරට එකම ගායකයා මොරිස් පමණක් විය හැක. මේ කාටුනය අඳීන ලද්දේ අභාවප්‍රාප්ත කාටුන් ශිල්පි විජේසෝම විසිනි.
‘ඝරානා‘ යනු ‘සංගීත කාමරය‘ යන්නයි.නැතහොත් ‘සිංදු කාමරය‘යන්නය. එක්තරා යුගයක මේ ඝරානාවන් අපේ ජනප්‍රිය සංස්කෘතියට තෝතැන්නක් විය.සිරිල් ඒ සීලවිමලයන්ගේ මරදානේ සිංදු කාමරය එබදු ඝරානාවක් විය.එයට ගොඩ වදින ගායකයෝ එහි ඇති එකම බූරු ඇඳේ සීලවිමලයන්ට පමණක් ඉඩ තබා නිදා ගනිති. දෙදෙනෙකුටවත් හැරෙන්නට බැරි එහි උදේ වනවිට දහයක් පහළොවක් තැන් තැන්වල වැතිර සිටිති.ඔවුහු ඉතා ඉක්මනින් රස මියුරු ගායනාවන්ට පණ පොවන්නේ එහි සිටය.දැන් ඒ ඝරානාවන් නැත. එබන්දක් තිබේ නම් ඒවා ගරානාවන් විනා ඝරානාවන් නොවේ.එදා ඔවුන්ගේ ගීතවල අරමුණ වූයේ මුදල් ම නොවේ. එහි තිබුණේ ආත්ම තෘප්තියයි. ආත්ම තෘප්තිය සුදහ ගින්නට පිළියමක් නොවන වග වත්මන් පරපුර වටහා ගැනීම වෙනම එකකි.එහෙත් එදා එබඳු අවශ්‍යතාවයක් ද නොවුනෙන් ඔවුහු ජීවිතය අපූරුවට වින්දනය කළහ. එය විඳවන්නට ඉඩ තබා ගත්තේත් නැත. මොරිස් දහනායක එබදු ගායන පරපුරක ඉතිරිව සිටි දෙතුන් දෙනාගෙන් කෙනෙකි.හැරී බෙලාෆොන්ටේ කැලිප්සෝ ගීත කලාවේ අගරජු ලෙස හැඳීන්වෙයි.ජමයිකානු සම්භවයකින් යුත් ඔහු අමෙරිකාවේ වෙසෙන මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකරුවෙකි.අද 86 හැවිරිදි වියේ දීත් තවමත් ගායනයේ යෙදෙන බෙලාෆොන්ටේ ගේ අතිශය ජනප්‍රිය ගීයක් වනුයේ ජැමෙයිකා ෆෙයාර්වෙල් ගීතයයි.එහි එන එක් පදයක් මෙපරිද්දෙනි.බෙලාෆොන්ටේ ඒ ගීතය ගයනුයේ තම මව්රට හැරදා යෑමේ ශෝකයෙනි.
but i'm sad to say i'm on my way
won't be back for many a day
එය මොරිස් පෙරළා අපට ගයන අයුරු පසුගියදා යළි මට සිහි විය.ඒ වනවිට මොරිස් දහනායක අප අත හැර ගොසිනි.ගීතයේ තාලය අතරින් මට පෙනුනේ මොරිස් දහනායකගේ රූපයයි.වෙන්ව ගිය ඒ රුව මේ ගීතයට එක් කරන්නට මම කැමැත්තෙමි.
දුකිනි තනියම ඉවත යන්නේ
මාගෙ සිරි ලිය පෙම් ලියේ

0 comments:
Post a Comment