- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ
හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා
ත්‍රස්‌තවාදී ප්‍රචණ්‌ඩත්වය රටින් තුරන් වෙලා ගියත් දේශපාලන ප්‍රචණ්‌ඩත්වය රට පුරා සීග්‍රයෙන් හිස ඔසවමින් එන බව පෙනෙනවා - එහෙම වෙන්නේ ඇයි...?
දේශපාලනය කියන්නෙ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ විද්‍යාව. අතීතයේ සිටම දේශපාලන විද්‍යාව හැඳින්වූවේ මාස්‌ටර් ඔෆ් සයන්ස් නමින්. සියලුම විද්‍යාවන් අතර ඉහළම විද්‍යාව දේශපාලන විද්‍යාවයි. මෙය අවබෝධ කරගැනීමට හොඳ බුද්ධියක් අවශ්‍ය බව ප්ලේටෝ ඔහුගේ ද රිපබ්ලික් නම් ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා. රාජ්‍ය කළමනාකරණය ක්‍රියාවට නැංවිය යුත්තේ රටක බුද්ධිමතුන් විසින්. එයට අමතරව දේශපාලනයේ නියෑලෙන මිනිසුන්ට සදාචාරාත්මක භාවයක් තිබෙන්නටත් ඕන. බුද්ධිය හා ස්‌වයං පාලනයක් නැති කෙනෙකුට හොඳ දේශපාලනඥයෙක් වෙන්න බෑ.
නීතිය සහ සදාචාරයේ බිඳවැටීම
අපේ රටේ 1948 සිට බණ්‌ඩාරනායක යුගය දක්‌වා දේශපාලනය මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස පැවතුනා. 1956 සිට එය හෙමින් හෙමින් රටේ පාදඩ පන්තිය අතට පත්වුණා. පාදඩ පන්තියේ ඉන්නෙ උගත්කමක් නැති හික්‌මීමක් නැති පිරිසක්. ඕනෑම කෙනෙක්‌ගෙ ජීවිතය පාලනය වන කරුණු 2 ක් තියෙනව. එකක් නීතිය. අනෙක සදාචාරය. තමුන්ට මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියල පෙන්නල දෙන්නෙ නීතිය. කරන්න හොඳ මොකක්‌ද නරක මොකක්‌ද කියල පෙන්නල දෙන්නෙ සදාචාරය. නීතියෙන් කියන දේත් සදාචාරයෙන් කියන දේත් බුද්ධියක් නැති කෙනෙකුට තේරුම් ගන්න බෑ. තමන් සතු බුද්ධියෙන් එය තේරුම්ගෙන හික්‌මීමෙන් හැඩගැසුනොත් තමයි හොඳ දේශපාලකයෙක් වෙන්නෙ. අද අපේ රටේ දේශපාලනයේ නියුතු වැඩි දෙනෙකුට බුද්ධියකුත් නෑ, හික්‌මීමකුත් නෑ.
ප්‍රාදේශීය දේශපාලනයේ ම්ලේච්ඡත්වය
අද අපේ රටේ දේශපාලකයො වැඩි දෙනෙක් රටේ නීතියෙන් පාලනය වෙන්නෙත් නෑ, සදාචාරයෙන් පාලනය වෙන්නෙත් නෑ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් ආයතන කඩා වැටිලා. ඇතැම් ඒවා අක්‍රීයයි.
අද මුළු රටේම අවධානයට ලක්‌වූ සිදුවීමක් නූරිවත්තේ දේශපාලන ප්‍රචණ්‌ඩත්වය - මේ සිදුවීම පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්‌ද?
අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අක්‍රියභාවයට මෑත කාලයේ හොඳම උදාහරණය තමයි නූරිවත්ත. නූරිවත්තේ සිදුවී ඇති සිදුවීම් තුළින් පැහැදිළි වෙන්නෙ යම් ප්‍රදේශයක නීතිය බිඳ වැටුනහම ඇතිවන තිරිසන් ම්ලේච්ඡත්වයයි. ප්‍රාදේශීය දේශපාලකයගෙ සිට ඉහළ සිටින බොහෝ දේශපාලකයො අද අමුතු මහන්තත්වයක් ආරූඪ කරගෙන ඉන්නව. මේ නිසා මේ අය නීතිය හෝ සදාචාරය තුට්‌ටුවකට මායිම් නොකරන අමුතු බලයක් ඇති පිරිසක් බවට පත්වෙමින් ඉන්නව. නීතිය හා සදාචාරය පිළිනොගන්නා අය සමාජයේ කටයුතු කරන්නේ ඒ ඒ අයට ඕන විදිහට. දේශපාලනය කියන්නෙ මහත්වරුන් කළයුතු ක්‍රීඩාවක්. ඒක පාදඩයන් අතට ගියහම මෙබඳු ම්ලේච්ඡ සිදුවීම් වළක්‌වන්න බෑ. රටක දේශපාලන බලය කියන්නෙ රාජ්‍ය බලය හැසිරවීමේ හැකියාව. රාජ්‍ය බලය හැසිරවීම කියන්නෙ තුවක්‌කුව හැසිරවීමට තිබෙන බලය. ඒ බලය බුද්ධිමතුන් අත තිබිය යුතු බලයක්. අං ආපු අශ්වයො වගේ හරකුන්ට ඒ බලය ගියාම රටක දේශපාලන ප්‍රචණ්‌ඩත්වය වැඩිවීම පුදුමයක් නෙමෙයි.
ඉහළින් දෙන උඩගෙඩි
අපේ රටේ ප්‍රාදේශීය දේශපාලකයන් බොහෝ දෙනකුට අද රටේ නීතිය ඉක්‌මවා යන බලයක් ලැබිල තියෙන්නෙ කොහොමද?
මේ අය, අයත් පක්‍ෂවලින් මේ අයට දැඩි විනයානුකූල පියවර නොගැනීම නිසයි. මේ අයට ඉහළින් ඉන්න පක්‍ෂයේ නායකයො මේ අයගෙ මේ නීති විරෝධී වැඩවලට විශාල ආවරණයක් ලබාදෙන බවයි මට නම් පේන්නෙ. පසුගියදා ගුරුවරියක් දණගැස්‌වූ සිද්ධිය ඊට උදාහරණයක්. ඔහු සමස්‌ත ගුරු සංහතියටම අවමන් කළ පුද්ගලයකු ලෙසත් රට ජාත්‍යන්තරව අපකීර්තියට පත්කළ පුද්ගලයකු ලෙසත් හඳුන්වා ඔහු දේශපාලන භූමියෙන් ඉවත් කළ යුතුව තිබුණා. එබඳු විනය පියවරක් නැතිවිට මෙබඳු නීති විරෝධී කටයුතු කරන දේශපාලකයෝ පාලනය වෙන්නෙ කොහොමද? යමෙක් නීතියෙන් සහ සදාචාරයෙන් පාලනය වෙන්නෙත් නැත්නම් නීතිය හා සදාචාරය දන්නා අය ඔහුව පාලනය කරන්නෙත් නැත්නම් මෙවැනි දේ සිදුවීම වළක්‌වන්න බෑ.
තිස් වසරක් පුරා සමාජය තුළ ඉහ වහාගිය ප්‍රචණ්‌ඩත්වය මුලිනුපුටා දැමීමේ ගෞරවය හා ජනතා ප්‍රසාදය හිමිවෙන්නෙ මේ ආණ්‌ඩුවටයි. අද පැතිර යන මේ දේශපාලන ප්‍රචණ්‌ඩත්වය ඒ ගෞරවයට ජනතා ප්‍රසාදයට විශාල හානියක් නෙමෙයිද?
මේ ආණ්‌ඩුව ගොඩනගාගෙන තිබෙන ජනතා ප්‍රසාදයේ කඩාවැටීමක් අද තියෙනවා. අද මේ රටේ මධ්‍යම පාංතික ජනතාව ජීවන වියදමෙනුත් මේ දේශපාලන ප්‍රචණ්‌ඩත්වයෙනුත් පීඩනයට ලක්‌වෙලා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කඩාවැටිලා. ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම කඩාවැටිල. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කඩා වැටිලා. මේ තත්ත්වය මත සමාජයේ විවිධ කණ්‌ඩායම් නොයෙක් ආකාරයට අපහසුතාවට ලක්‌වෙනවා. එය ආණ්‌ඩුවක ජනතා ප්‍රසාදය බිඳ වැටීමට හේතුවක්.
ඕනෑම ආණ්‌ඩුවක් ජනතා අප්‍රසාදයට ලක්‌වන විට එය වළක්‌වා ගැනීමට නොයෙක් ක්‍රියාමාර්ග අනුගමනය කරනව. විදේශීය තර්ජන ගැන, බටහිර බලවේග ගැන කියනවා. විපක්‍ෂයේ ජනප්‍රිය පුද්ගලයො ආණ්‌ඩු පක්‍ෂයට සම්බන්ධ කරගෙන ජනමතය වෙනස් කරන්න බලනව. මේ ආණ්‌ඩුවත් දයාසිරි ජයසේකර ආණ්‌ඩු පක්‍ෂයට පැමිණීම ජනතාවට පෙන්වන්න හදන්නෙ ආණ්‌ඩුවේ වැඩ ගැන පැහැදිලා ආණ්‌ඩුවේ ජනප්‍රියත්වය දැකල ආපු ගමනක් විදිහටයි. ආණ්‌ඩුව මෙයින් උත්සාහ කරන්නෙ ජීවන වියදම, දේශපාලන ප්‍රචණ්‌ඩත්වය වැනි දේ නිසා ආණ්‌ඩුව කෙරෙහි බිඳවැටෙන ජනතා අප්‍රසාදය වළක්‌වා ගැනීමටයි. අද රටේ දේශපාලන සදාචාරය බිඳවැටීම ගැන මෙය හොඳ උදාහරණයක්. මෙවැනි සිදුවීම් තුළින් වන්නේ ජනතා අප්‍රසාදය තව තවත් වැඩිවීමයි. මෙවැනි දේ තුළින් පක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන් පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙනව. දේශපාලනය අප්‍රිය, දූෂිත දෙයක් විදිහට. රටේ වැදගත් අය මේ දේශපාලනය පිළිකුල් කරනව. එවිට අපේ රටේ දේශපාලනය තුළ ඉතිරිවෙන්නෙ පාදඩ පන්තිය විතරයි. අද ක්‍රම ක්‍රමයෙන් අපේ රටේ දේශපාලනය ගමන් කරන්නෙ ඒ දෙසටයි.
ආණ්‌ඩු පක්‍ෂය නිවැරැදි කිරීම රටක විපක්‍ෂයේ ප්‍රධාන කාර්යභාරයයි. අපේ රටේ විපක්‍ෂයෙන් ඒ වගකීම ඉටුවෙනවා නම් ආණ්‌ඩුවකට අත්තනෝමතිකව කටයුතු කරන්න පුළුවන්ද?
ආණ්‌ඩුව වැරැදි ගමනක් යනව නම් එය වැළැක්‌වීම විපක්‍ෂයේ කාර්යභාරය තමයි. ඔවුන්ට එය කළ හැක්‌කේ ආණ්‌ඩුවේ වැරැදි ගමන ගැන ජනතාවට කරුණු කියල ජනතා මතයක් ඇති කිරීමෙන්. ඒ කටයුත්ත කරන්න නම් විපක්‍ෂය දැඩි කැපවීමකින් හා අවබෝධයකින් කටයුතු කරන්න ඕන. අපේ විපක්‍ෂයට අද ඕන එවැනි දෙයක් නෙවෙයි. විපක්‍ෂය අද බලන්නෙ තමුන්ගෙ මන්ත්‍රීකම දේශපාලන මාර්කට් එකේ විකුණ ගන්නෙ කොහොමද කියලයි.
හන්දි වෙද්දු
අද විපක්‍ෂයේ බොහෝ දෙනාගෙ යටි හිතේ තියෙන්නෙ මම කෝටි කීයක් අරන්ද අනිත් පැත්තට යන්නෙ කියලයි. හුඟ දෙනෙක් ආණ්‌ඩුවේ වැඩ විවේචනය කරන්නෙ එයින් ජනතා මතයක් ඇතිකරල ආණ්‌ඩුව නිවැරැදි කරන්න නෙමෙයි. ලොකු ගණනකට ආණ්‌ඩුවට යන්න පුළුවන් විදිහේ සුදුසුකමක් හදාගන්නයි. මේ කුහක හැසිරීම හිතේ තියෙන තාක්‌කල් ජනතාව විපක්‍ෂයෙන් බලාපොරොත්තු වන දේ ඉටුකරන්න විපක්‍ෂයට බෑ. අද විපක්‍ෂයේ හුඟ දෙනෙක් හන්දි වෙද්දු. ජනාධිපතිතුමාගේ දැත් ශක්‌තිමත් කරන්නයි බලා ඉන්නෙ. තෙල් බේත් ටික හරියට විකුණුගත්තු අය විඳින රජ සැප දිහා බල බලා තමනුත් කොහොම හරි මේ තෙල් බේත් බිස්‌නස් එකෙන්ම ගොඩ යන්න තමයි විපක්‌ෂයෙ වැඩි දෙනාගෙ අදහස මෙහෙම විපක්‍ෂයක් ලෝකෙ කොහෙවත් නෑ.
අද අපේ රටේ තිබෙන මේ දේශපාලන ප්‍රචණ්‌ඩත්වය පාලනය නොකළොත් රටේ ඉදිරි අනාගතය කෙබඳු මුහුණුවරක් ගනීද?
ලෝකයේ මිනිස්‌සු නීතිය හා සදාචාරය මත පිහිටා සිවිල් සමාජයකට අවතීර්ණ වීමට කලින් ජීවත් වුණේ ප්‍රකෘති සමාජයක. ප්‍රකෘති සමාජයක විනයක් නෑ. පාලනයක් නෑ. මිනිස්‌සු හැසිරුනේ බලය පදනම් කරගෙන තම තමන්ට ඕන ඕන තාලෙට. තෝමස් හොප්ස් කියන දේශපාලන දාර්ශනිකයා ඔහුගේ ලෙවියතාන් පොතේ ප්‍රකෘති සමාජයක ස්‌වභාවය ඉතාමත් පැහැදිළිව දක්‌වා තිබෙනවා.
යළිත් අරාජික රටක්
ප්‍රකෘති සමාජය කුරිරුයි. ඒ තුළ කිසිදේක ප්‍රගතියක් ඇතිවෙන්නෙ නෑ. ප්‍රකෘති සමාජය දිගින් දිගටම පරිහානිය කරා යන සමාජයක්. ප්‍රකෘති සමාජයක ජීවත් වෙන්නෙ නිතරම එකිනෙකා සමග තරගකාරීව ජීවත්වෙන මිනිස්‌සු. ඒ සමාජයේ හැම මිනිහෙක් තුළම එකිනෙකා පරදවන ආශාවකුත් මරණ පිළිබඳ දැඩි බියකුත් තිබෙන බව තෝමස් හොප්ස් කියා තිබෙනව. අපේ සමාජයත් දැන් සිවිල් තත්ත්වයෙන් ප්‍රකෘති තත්ත්වයට ගමන් කරමින් සිටිනව. ප්‍රචණ්‌ඩත්වය ප්‍රකෘති සමාජයක මූලික ලක්‍ෂණයක්. නීතිය හා සදාචාරය යළි පිහිටුවා මේ දේශපාලන ප්‍රචණ්‌ඩත්වය පාලනය නොකළොත් ප්‍රභාකරන් තුවක්‌කුවෙන් මේ රට තුළ ඇතිකර තිබූ ආඥදායකත්වයට වඩා බිහිසුණු ආඥදායකත්වයක් වෙනත් ක්‍රමයකින් මේ රට තුළ ඇතිවෙන්න පුළුවන්.
සාකච්ඡා කළේ
පාලිත සේනානායක

0 comments:
Post a Comment