උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා සඳහා නියෝජිතයන් 142 දෙනකු තෝරා ගැනීමට දේශපාලන පක්‍ෂ 20 කින් හා ස්‌වාධීන කණ්‌ඩායම් 75 කින් අපේක්‍ෂකයෝ 3785 දෙනෙක් තරග වදිති. මේ පළාත් සභා තුනේම මන්ත්‍රී පදවි ගණන 142 කි.
පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස්‌වරයා නිවේදනය කළ අතර නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඊයේ (01 වැනිදා) මධ්‍යහ්න 12.00 ට අවසන් විය.
මධ්‍යම පළාත් සභාව සඳහා නියෝජිතයන් 56 දෙනෙකු තෝරා ගැනීමට අපේක්‍ෂකයෝ 1517 දෙනෙක්‌ද වයඹ පළාත් සභාවට නියෝජිතයන් 50 දෙනකු තෝරා ගැනීමට අපේක්‍ෂකයෝ 1362 දෙනෙක් ද උතුරු පළාත් සභාවට නියෝජිතයන් 36 දෙනකු තෝරා ගැනීමට අපේක්‍ෂකයන් 906 දෙනෙක්‌ද තරග කරති.
මෙවර පළාත් සභා මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයෝ හතළිස් තුන්ලක්‍ෂ පනස් අට දහස් දෙසිය හැට තුන් දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ජනසෙත පෙරමුණ සියලුම දිස්‌ත්‍රික්‌කවලට තරග කරයි. මෙයට අමතරව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, එක්‌සත් ලංකා මහා සභාව, ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂය, ඊළවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, අපේ ජාතික පෙරමුණ, එක්‌සත් සමාජවාදී පක්‍ෂය, දේශප්‍රේමී ජාතික පෙරමුණ, ජාතීන්ගේ සමගි සන්ධානය, සමාජවාදී සමානතා පක්‍ෂය, කඳුරට ජනතා පෙරමුණ, එක්‌සත් ලංකා පොදුජන පක්‍ෂය, රුහුණු ජනතා පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් සන්ධානය හා ලංකා කම්කරු කොංග්‍රසය මෙවර දිස්‌ත්‍රික්‌ක ගණනාවකට තරග කරයි. ඉලංකෙයි තමිල් අරසුකච්චි (දෙ. ජා. සං.) උතුරු පළාතේ සියලු දිස්‌ත්‍රික්‌ක වලට තරග කරයි.
නාම යෝජනා පත්‍ර භාර ගැනීම අවසන් අවස්‌ථාවට සහභාගි වීමට දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයන් හා අපේක්‍ෂකයන් එක්‌ව සිටි අතර දහවල් 12.00 ට නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව එම පත්‍රිකා පරීක්‍ෂා කර බැලූ මැතිවරණ නිලධාරීහු පිළිගත් හා ප්‍රතික්‍ෂේප කළ නාම යෝජනා පත්‍ර ප්‍රකාශයට පත් කළහ.
ඒ අනුව මධ්‍යම පළාතේ මහනුවර දිස්‌ත්‍රික්‌කයට පිළිගත් පක්‍ෂ 17 ක් හා ස්‌වාධීන කණ්‌ඩායම් 8 ක්‌ද මාතලේ දිස්‌ත්‍රික්‌කයට පක්‍ෂ 13 හා ස්‌වාධීන කණ්‌ඩායම් 07 ක්‌ද නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට පක්‍ෂ 14 ක් හා ස්‌වාධීන කණ්‌ඩායම් 9 ක් තරග කරයි. වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට පක්‍ෂ 13 ක් හා ස්‌වාධීන කණ්‌ඩායම් 12 ක් තරග කරයි. පුත්තලමට පක්‍ෂ 12 ක් හා ස්‌වාධීන 11 ක් තරග කරන අතර ජාතික සංවර්ධන පෙරමුණේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප විය. කුරුණෑගලින්ද ජාතික සංවර්ධන පෙරමුණ හා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ පත්‍රිකා ප්‍රතික්‍ෂේප විය.
උතුරු පළාතේ යාපනය දිස්‌ත්‍රික්‌කයට පක්‍ෂ 11 ක් හා ස්‌වාධීන 9 ක්‌ද කිළිනොච්චියට පක්‍ෂ 11 හා ස්‌වාධීන කණ්‌ඩායම් 2 ක්‌ද මන්නාරමට පක්‍ෂ 12 ක් හා ස්‌වාධීන කණ්‌ඩායම් 8 ක්‌ද මුලතිව් දිස්‌ත්‍රික්‌කයට පක්‍ෂ 11 ක් හා ස්‌වාධීන කණ්‌ඩායම් 02 ක්‌ද වව්නියාවට පක්‍ෂ 12 ක් හා ස්‌වාධීන කණ්‌ඩායම් 07 ක්‌ද තරග කරයි. යාපනයට නාම යෝජනා පත්‍ර 3 ක් ජාතික සංවර්ධන පෙරමුණේ හා අපේ ජාතික පෙරමුණේ පත්‍රිකා ප්‍රතික්‍ෂේප විය.
නාමයෝජනා භාරගත් පළාත් තුනේ දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලවල දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබූ අතර ඒ නිසා එම ප්‍රදේශවල සාමකාමී වාතාවරණයක් පැවැති බව වාර්තා වෙයි.
රනිල් ධර්මසේන

0 comments:
Post a Comment