වෛද්‍ය නිලධාරි සංගමය හැටියට අපට
උසාවියේ පොලිසියේ ඩියුටිය කරන්න බෑ
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ, කිරිපිටි ගෙන්වන සමාගම්වලට එරෙහිව සිය විරෝධතාවන් නගන බොහෝ පිරිසක් දැකිය හැකිය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයද ඒ අතර වේ. දොස්‌තර අනුරුද්ධ පාදෙණිය එහි සභාපතිවරයා ලෙස සිය සාධනීය හා තර්කානුකූල අදහස් පමණක් සංවාදයට එක් වූයේ මේ අයුරිනි.
ප්‍රශ්නය - ආනයනික කිරි පිටි ගැන මේ වැනි අර්බුදයක් මුලින්ම මතුවෙන්නේ "මෙලමයින්" කියන විෂ රසායනිකය ඇතැයි කියන තොරතුරත් සමගයි. වර්තමාන තත්ත්වය සමග මේ අතීත සිද්ධියේ සම්බන්ධතාවක් තියෙනවද?
පිළිතුර - ඇත්තටම, මේ ගැන මීට කලිනුත් කතාබහට ලක් වුණා. ඒ ඔබ කිව්ව වගේ "මෙලමයින්" කියන විෂ රසායනිකය සම්බන්ධයෙනුයි. අපිට මතකයි ඒ සිදුවීමේදී චීනයෙත් පිරිසක් මියගිහින් දරුවනට ආබාධ වැළඳුනා කියලා. දැන් ඩී.සී.ඩී. විෂ රසායනිකය මේ කිරිපිටිවල අඩංගුයි කියලා කතාවක් ඇතිවෙනවා. ඉතිං ඇත්තටම මේ කාරණා දෙක අතරේම තියෙන්නේ පුළුල් සබඳතාවක්. මේ කිසිවක් අහම්බයක් හෝ අසත්‍ය දේ නොවෙයි.
ප්‍රශ්නය - නමුත් "කතා" වශයෙන් තිබුණා මිස සාධනීය ලෙස මෙය ඔප්පු කර තිබුණේ නෑ නේද?
පිළිතුර - හරි... ඇත්තටම මෙවර තමයි මෙය සාධනීය ලෙස එය ගෙනහැර දැක්‌වූවේ. පසුගිය සතියේ අපිට විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශයේ අමාත්‍ය චම්පික රණවක මහතා එවලා තිබුණා අයි. ටී. අයි. රසායනාගාරයේ පරීක්‍ෂණ වාර්තා. ඒ සඳහා සාම්පල් බාරදී තිබුණෙත් සෞඛ්‍ය අමාත්‍යංශයමයි. ඒ වාර්තාවේ තිබුණේ පැහැදිළිවම ආනයනික පිටි කිsරිවල ඩී.සී.ඩී. කියන රසායනිකය අඩංගුය කියන එකයි. ඒත් අපි දැක්‌කා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිසි පියවරක් නොගන්නා බවක්. ඒ නිසා අපි කිව්වා මේ ගැන හොයලා බලන්න කියලා. මේ රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියන්නේ ආහාර පනතෙත් අධිකාරිවරයා. ඒ යටතේ ඔහුට මේ ගැන ඉක්‌මනින් පියවර ගත හැකියි. අපි ඒත් එහෙම කරන බවක් දැක්‌කේ නෑ. අපි පුවත්පත් සාකච්ඡාව තිබ්බේ ඊට පස්‌සෙයි.
ප්‍රශ්නය - හැබැයි අපි දැක්‌කා වගකිවයුතු නිලධාරියෙක් තායිලන්ත වාර්තාවක් ගැන කතා වෙනවා.
පිළිතුර - ඔව්... අපි ක්‍රියාත්මක වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශයෙ ප්‍රකාශකයෙක් කියන කෙනෙක් ඉදිරිපත් වෙලා පුවත්පත්වලට ප්‍රකාශ ලබා දුන්නා. තායිලන්ත වාර්තාවක් තියෙනවා මේ කිරි පිටි වල මුකුත් නෑ කියලා. ඒ නිසා අපේ රටේ වාර්තාව පිළිගත යුතු නෑ කියලා. ඊට පස්‌සෙයි අපි මෙහි බැරෑරුම් තත්ත්වය පැහැදිළි කළේ. අපේ රටේ වාර්තාව බැහැර කරලා වෙන රටක වාර්තාවක් හරි කියන එකෙන්ම මේ ගැන ඇත්ත මොකක්‌ද කියලා හිතාගන්න පුළුවන්. දැන් ඔය කිරි පිටි සමාගම් පවා කිව්වා වෙනත් රටවල මේ කිරිපිටි සඳහා යම් කිසි ආරක්‍ෂක සීමාවක් පනවනවා කියලා. දැන් අපේ ප්‍රශ්නය තමයි, එහෙම වරදක් නැති කිරිපිටිවලට ආරක්‍ෂක සීමාවන් පනවන්නේ ඇයි කියන එකයි. ඒකෙන්ම පේනවා යම්කිසි ප්‍රශ්නයක් තියෙන බව. යුරෝපා රටවලට මේ වගේ සීමාවක් තියෙනවද කියලා අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇහුවම ඒ අය "ඔව්" කිව්වා.
ප්‍රශ්නය - ඩී.සී.ඩී. පිළිබඳව අන්තර්ජලයේ සඳහන්ව තිබෙන්නේ "විෂ අවදානමක්" තිබිය හැකිය කියන තත්ත්වයේ, මේක කොහොමද විග්‍රහ කරන්නේ.
පිළිතුර - ඔව්.... ටොක්‌සික් එහෙමත් නැතිනම් විෂ කියන තත්ත්වයක් ලෙස නොවෙයි ඩී.සී.ඩී. තියෙන්නේ. විෂ අවදානමක් තිබිය හැකිය කියන තත්ත්වයේ. ඒකට හේතුව මේක දීර්ඝ කාලීනව කාට හරි කෑමට දීලා එයින් විෂ සහිත තත්ත්වය මැනපු පර්යේෂණ නෑ. නිකං හිතන්න මනුස්‌සයෙකුට, දරුවෙකුට විෂ කවලා කවුරුත් පර්යේෂණ කරන්නේ නෑ. සත්ත්ව පර්යේෂණ මිස මානව පර්යේෂණ (මිනිසුන්) ලෝකෙ නෑ. නමුත් ස්‌නායු පද්ධතියේ හා වකුගඩුවලට මේ ද්‍රව්‍ය බලපානවා කියන එක සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ "විෂ අවදානමක් තියෙනවා" කියන තැන ඉඳලා තමයි යුරෝපා රටවල මේ ආරක්‍ෂණ සීමාවන් පනවලා තියෙන්නේ. ඒකෙන්ම පැහැදිළි වෙනවා මේක "විෂ නෑ" කියන කොටසට වැටෙන්නෙම නෑ කියලා. අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට කතා කළා... මම එතුමාට මේ තත්ත්වය පැහැදිළි කළා.
මෙහි විශේෂම කාරණය තමයි පසුගිය ඉරිදා වෙනකොට අපි වෙබ් අඩවිවල දැක්‌කා නවසීලන්ත රජයම අනතුරු අඟවලා තිබ්බා. මේ කිsරිපිටිවල තවත් විෂ ද්‍රව්‍යයක් තියෙනවා. ඒ නිසා කිරිපිටි බොන එක නවත්තන්න කියලා. සඳුදා වෙනකොට රුසියාව සහ චීනය කිරිපිටි තහනම් කළා. ඒ අය එහෙම කළේ නිවේදන නිකුත් කරලා පැය ගානක් ඇතුළතයි. නමුත් අපේ රටේ සති ගණන් ගිහිල්ලත් කිසි දෙයක් වුණේ නෑ. ඒ නිසයි අපි දැඩි විරෝධයක් පළකළේ. ඊට පස්‌සෙයි සෞඛ්‍ය අමාත්‍යංශය කිරිපිටි තහනම් කළේ. දැන්වීම් පවා තහනම් කළේ ඊට පස්‌සෙයි. අනිත් එක මේ අය දැන්වීම්වලත් කිව්වා මේවායේ අඩංගු දේ විෂ ද්‍රව්‍ය නොවෙයි කියලා. ඊට පස්‌සේ කිව්වා ආරක්‍ෂක සීමාවන් පනවලා තියෙන්නේ කියලා. දැන් මේ අය කියන විදිහට මේවා ආහාරයක තිබෙන ස්‌වාභාවික සංඝටක නොවෙයි. ආහාරයකට එකතු කරන ලද සංඝටක. එතකොට ආහාර නිතීය අනුව අපි මොනවා හරි සංඝටකයක් ආහාරයකට එකතු කළානම්, ඒක පාරිභෝගිකයාට හා අදාළ වගකිව යුතු අංශවලට දැනගන්න සැලැස්‌විය යුතුයි. අපි අහන ප්‍රශ්නය ඇයි එහෙම නොකළේ කියන එක. සැක සහිත අවස්‌ථා මතුවෙන්න මේ ටිකම ප්‍රමාණවත්.
ප්‍රශ්නය - අපි කුඩා රටක් වුණාට කිරිපිටි ආනයනය කරන රටවල් අතරින් අපි ඉහළ තැනක් ගන්නවා. ඒකට හේතුව මොකක්‌ද?
පිළිතුර - ඒකට හේතුව අපි ගත්තොත් එංගලන්තය, ඔස්‌ටේ්‍රලියාව, ඇමරිකාව වගේ රටවලට අපි ගියොත් එහෙම, ඒ රටවල කිරි පිටි සොයා ගන්න නෑ. සුපර්මාර්කට්‌වල ඒ අය භාවිත කරන්නේ දියර කිරි. ඇයි අපි දියර කිරි ප්‍රවර්ධනය නොකරන්නේ. පැහැදිළිවම සෞඛ්‍ය අමාත්‍යංශය දියර කිරි ප්‍රවර්ධනය සඳහා මූලිකත්වය ගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකයෙන් කිහිප වතාවක්‌ම රෙකමදාරු කරලා තිබ්බා දියර කිරිවලට යන්න ඕන කියලා. එතකොට ලංකාවේ දියර කිරි ප්‍රවර්ධනය කරන්න මීට වඩා අපි උනන්දු විය යුතුයි.
කුඩා අවධියේ මවු කිsරිවලටත් ඉන් පසුව දියර කිරිවලටත් අප හුරුවිය යුතුයි. දැන් අපි විග්‍රහ කරගන්න ඕන බෝ නොවන රෝග මෙපමණ ඉහළ යන්නේ ඇයි කියලා. අපි මීට අවුරුදු 10 කට කලින් දියවැඩියා රෝගය හැදුණු දරුවන් දැකලා නෑ. අද තියෙන තත්ත්වය අනුව සීනිවලට ඔරොත්තු නොදීමේ හැකියාව, ප්‍රවණතාව මේ රටේ දරුවන්ගේ විතරක් සියයට එකොළහක්. සියයට බින්දුවේ තිබ්බ එක සියයට එකොළහ වීමේ හා පිළිකා තත්ත්වයන් වැඩිවීමට අපි හේතු සෙවිය යුතුයි. කවුරුත් ඒක හොයලා නෑ. විවිධ හේතු දක්‌වනවා. සමහර අය කියනවා ජාන වෙනස්‌කම් කියලා. මෙච්චර ඉක්‌මනට ජාන වෙනස්‌කම් කරන්න පුළුවන්, පරිසරය තුළ හෝ අපේ ආහාරවල යම්කිසි වසක් විසක් තියෙනව නම් තමයි. ඒ නිසා අපි කන කෑම බීම ගැන මීට වඩා අවධානය යොමුකළ යුතුයි.
අපි ආනයනය කරන කෑම බීමවල විෂ අඩංගුයි කිව්වට පත්තරවල පළවුණාට අපිට තවමත් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව දියුණු පහසුකම් සහිත රසායනාගාර පහසුකම් නෑ, මේවා හරිහැටි තහවුරු කරන්න. ඒ නිසා එවැනි පහසුකම් තියෙන අයි.ටී.අයි. වැනි ආයතන සමග අපි පොදු වැඩපිළිවෙළකට යා යුතුයි කියලා අපි යෝජනා කරනවා.
ප්‍රශ්නය - මේ කිsරිපිටි ප්‍රශ්නයේදී අපි අහපු දෙයක් තමයි "ලුණු", ඩී.සී.ඩී. වලට වඩා විසයි කියන එක. මොකක්‌ද ඇත්ත තත්ත්වය.
පිළිතුර - මම අහගෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ කොම්පැණිවලින් සල්ලි ගත්ත ප්‍රකාශකයෙක් ඔය කතාවම කිව්වා. අපි දැඩි විරෝධය පළකරනවා ඒ කතාවට. ලුණු කියන එක සෞඛ්‍ය අමාත්‍යංශය මිලියන ගණනක් වැය කරලා, ගර්භනී මාතාවන්ට හා දරුවන්ට ලබාදෙන්න කියලා විශාල ප්‍රමාණයක් ගෙන ගියා. ඒක වෙනම ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒකට එරෙහිව වැඩ කරන මේ නිලධාරියා කවුද කියලා හොයලා ඔහුට නිසි දඬුවම් පැමිණවිය යුතුයි. මේක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදීලා මේ පුද්ගලයාගේ අවුරුදු පහළොවක් ආපස්‌සට ගිණුම් සහ වත්කම් පරීක්‍ෂා කළ යුතුයි. ඔහු ගිය රටවල් මොනවද කියලා හොයලා බලන්න ඕන. අපි ඇමැතිතුමාටත් මේ ගැන කිව්වා.
ප්‍රශ්නය - ඔබ ඔහොම කිව්වට සමහර වෛද්‍යවරුන්ම මේ කිරිපිටි වර්ග හොඳයි කියලා නිර්දේශ කරනවනේ. ඇයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හැටියට මේකට එරෙහිව පියවරක් ගන්න බැරි....
පිළිතුර - මට කියන්න තියෙන්නේ ඒක ඉතාම හොඳ යෝජනාවක් කියන එකයි. වැඩේ තියෙන්නේ ඔබ කියනවා වගේ කිරිපිටි සමාගම් විසින් වෛද්‍යවරුනට පෞද්ගලිකව විතරක් නොවෙයි, විවිධ වෛද්‍ය සංගම් හා පෝෂණවේදී සංගම්වලට පවා අනුග්‍රහය දක්‌වනවා, වරප්‍රසාද ලබා දෙනවා. අපි පැහැදිළිවම කියනවා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ආ යුතුයි යම් කිසි නීති රීති පද්ධතියක්. රජයේ ප්‍රතිපත්තිවලට පරිභාහිරව යම්කිසි ප්‍රවර්ධනයක් කරනවා නම් ඊට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. අපිත් කළ හැකි සෑම දෙයක්‌ම කරනවා. ලෝකයේ වෙන රටවල වෛද්‍යවරුන්ට එහෙම කරන්න බෑ. අපි වෛද්‍ය නිලධාරි සංගමය හැටියට අපිට උසාවියේ පොලිසියේ ඩියුටිය කරන්න බෑ.
ප්‍රශ්නය - අපි දන්නවා, මේ වෙනකොට මවුවරුන් සඳහා දරුවන් සඳහා විවිධ කිරිපිටි වර්ග වෙළෙඳපොළේ තියෙනවා. ඊට අමතරව කැල්සියම් ඌනතා සඳහාත් කිරිපිටි වර්ග ප්‍රවර්ධනය කරනවා. ඒවායෙත් මේ කියන විෂ රසායනිකයන් අඩංගුද පාරිභෝගිකයාට නුසුදුසුද?
පිළිතුර - මට කියන්න තියෙන්නේ... දැනට අහුවෙලා තියෙන්නේ එච්චරයි. අනෙක් කිරිපිටි ගැනත් කතාව ඒකම තමයි. අනික් ඒවාත් ඉක්‌මනින්ම පරීක්‍ෂා කළ යුතුයි. චම්පික රණවක ඇමැතිවරයා ආවට පස්‌සේ රසායනාගාරවල යම් යම් දේ වැඩිදියුණු කළාට පස්‌සෙයි ඕකත් අහුවුණේ. කිරිපිටි ගැනම සොයන්නේ ඇයි? ඇයි අපිට දියර කිරිවලට යන්න බැරි. අහුවෙච්ච නරක එකෙන් අදහස් වෙන්නේ නෑ අහු නොවෙච්ච ඒවා හොඳයි කියලා. අපි මේ කොම්පැණි එක්‌ක රටවල් එක්‌ක වාද විවාද කරනවාට වඩා දියර කිරිවලට හුරුවුණා නම් ඔය ප්‍රශ්නය ඉවරයි. එතකොට අපි දන්නවා කිරි බෝතලය ආවේ කොහොමද, කොහෙන්ද කියලා.
කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ, කිරිපිටි ගෙන්වන සමාගම්වලට එරෙහිව සිය විරෝධතාවන් නගන බොහෝ පිරිසක් දැකිය හැකිය.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයද ඒ අතර වේ. දොස්‌තර අනුරුද්ධ පාදෙණිය එහි සභාපතිවරයා ලෙස සිය සාධනීය හා තර්කානුකූල අදහස් පමණක් සංවාදයට එක් වූයේ මේ අයුරිනි.
සාකච්ඡා කළේ -
උදේශ සංජීව ගමගේ

0 comments:
Post a Comment